Tuesday, June 21, 2011

පශ්චාත්තාපය නොහොත් පසුතැවිල්ල



ටික දවසක් සද්ද නැතුව ඉඳලා ඔන්න අද මොකක් හරි ලියන්න ඕනේ කියලා හිතුනා....   අද ලියන්න යන්නේ නම් මට සිද්ධවෙච්ච ඇබැද්දියක් නෙවෙයි.  ඊමේල් කඩදහියකින් ලැබුන එකක්. මේ ඇබැද්දිය කාට සිද්ධ වුනත් මේ වගේ සිද්ධි අපිටත් ඉඳලා හිටලා සිද්ධ නොවෙනවාමත් නෙවෙයි නිසා ලියන්න හිතුනා. මොකද මේකෙන් කාට කාටත් යමක් ඉගෙන ගන්න තියනවා. මෙතන ඉඳං කතාව ලූ වලින් තමයි කියන්න වෙන්නේ. මේ කතාවේ කතා නායිකාව සුදු නෝනා කෙනෙක්. මේ නෝනා ඔන්න දවසක් තමන්ගේ රටේ ඉඳං වෙන රටකට පියාඹනවලු. අතරමඟ ගුවන්තොටුපලකින් නෝනාට වෙනත් ගුවන් යානයකට මාරුවෙන්නත් තියනවලු. ඒ කිවේ ට්‍රාන්සිට් කේස් එකක්.. ඔය ට්‍රාන්සිට් ගැන කට්ට කාපු උදවිය දන්නවා. කොහොමහරි ඔය ගුවන්යානා මාරුව තිබ්බ ගුවන් තොටුපලට ඇවිල්ලා බැලුවහම ඊළඟ ගමනට පැය 6ක් විතර බලාගෙන ඉන්න වෙනවලු. මොනවා කියල කරන්නද ? නෝනාත් ඉතින් මේ පැය 6 කොහොමහරි ගෙවාගන්න හිතාගෙන පොතකුයි, බඩගින්නට ඉස්සතරම්ම වර්ගයේ කුකීස්  පැකට් එකකුයි අරන් හොඳ සැප පුටුවක වාඩි වුනාලු. දන්නවනේ සුදු නෝනලා හොයන්නේ ඉස්තරම්ම දේවල්නේ.......

ඔන්න ටික වෙලාවක් යද්දී කොහේදෝ යන මහත්තයෙක්  ඇවිල්ලා මේ නෝනා වාඩිවෙලා හිටිය පුටු පේලියේම වාඩිවුනාලු. දෙන්නා අතරේ එක හිස් පුටුවක් තියනවා. මහත්තයත් ඔන්න පොතක් දිග ඇරගෙන කියවන්න ගත්තලු. ඔය අතරේ නෝනට මතක් උනාලු ගත්ත කුකීස් පැකට් එක. බලද්දී මේ නෝනායි මහත්තයයි අතර තියන හිස් පුටුව උඩලු කූකීස් පැකට් එක. ඒ විතරක් නම් මදෑ.... අර මහත්තයා පොත කියවන ගමන් ඒකෙන් එකක් අරගෙන කනවලු. දැන් මේකට නෝනට ඌරු ජුවල්. ඇයි යකඩෝ පැය 6ක් තිස්සේ කන්න ගෙනාපු එක වෙන එකක් කද්දී යකා නගිනවනේ.... අනික කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව. මොනවා උනත් මේ සමාජයේ තියනවනේ ආචාර ධර්ම. දැන් නෝනට පොත කියවන්න තරම් ඉස්පාසුවක් නෑලු. හිතින් අර මහත්තයාගේ පරම්පරාවටම පින් අනුමෝදන් කර කර ඉන්නවලු. අනික ඉතින් ඔය කුකීස් එකක් ගැන කට ඇරලා අහන්නත් ලැජ්ජයිනේ. ඔන්න ඔහේ ඕනේ එකක් කියලා නෝනත් ගත්තලු කුකියක්‌ අතට. තරහින් පැලෙන ගමන් නෝනත් කුකීස් කනවලු. නෝනා පුපුර පුපුරා ඉන්න අතරේ අර මහත්තයා නිවිහැනහිල්ලේ පොත කියවනලු. ඒක දකිනකොට නෝනට මල් පොකුරු පිටින් පනිනවලු. ඔය විදිහට වෙලාව යද්දී දෙන්නගෙම පිහිටෙන් කුකීස් පැකට් එකේ අවසානෙට ආවලු. දැන් තියෙන්නේ කුකීස් එකයි. නෝනා මෙහෙම කල්පනා කරනවලු " බලමුකෝ දැන් මේ යකා මොකද කරන්නේ කියලා. කිසිම හැදියාවක් නැති එකෙක්නෙ.  අනිතිම එකත් උගේ වගේ පැනලා ගනී." ඔය විදිහට හිතින් බැන බැන ඉන්නකොට අර මනුස්සයා ඉතුරු වෙච්ච කුකීස් එක දෙකට කඩලා කෑල්ලක් නෝනට තියලා ඉතුරු බාගේ කෑවලු...  හිතාගන්න පුළුවන්නේ නෝනට මොකක් හිතෙන්න ඇතිද කියලා. තමන්ගේ කුකීස් පැකට් එකම  අහන්නෙවත් නැතුව කාලා ඒ මදිවට ඉතුරු වෙච්ච එකත් තමන්ගේ වගේ දෙකට කඩලා කෑවහම කොහොමද?

ඔය සිද්ධි පේලිය අවසාන වෙද්දී නෝනට ඊළඟ ගුවන් යානයට යන්න වෙලාවත් හරි. කඩිමුඩියේ ලට්ට පට්ටත් අරගෙන නැග්ගලු ඊළඟ ගුවන් යානයට.නැගලා හරි බරි ගැහිලා වාඩිවෙලා එහෙම ඉන්න අතරේ මොකක්දෝ වුවමනාවකට නෝනගේ අත් බෑග් එක විවෘත කරාලු. මෙන්න බොලේ අර කාපු කුකීස් පැකට් එක බෑග් එක ඇතුලෙලු....  නෝනට තරු පොකුරු පොකුරු විසිවුනාලු.  ඒ මදිවට අසීමිතව  ලැජ්ජා හිතුනලු තමන් ගැන. මොකද මෙච්චර වෙලා අර මනුස්සට බැන බැන කාලා තියෙන්නේ ඒ මනුස්සයා ගෙනාපු කුකීස් පැකට් එක.. අනික තමන්ගේ එකෙන් අහන්නේ නැතුව කනවා කියලා මේ නෝනා මොනතරම් නම් විස්සෝප වුනාද? එහෙම එකේ අර මනුස්සයා කිසිම වචනයක් නොකියා සද්ද නොකර ඒ මහත්තයාගේ කුකීස් පැකට් එක බෙදාගෙන කාපු ලස්සන.... ඒ මදිවට අන්තිමට ඉතුරු වෙච්ච එකෙන් බාගයක් මේ නෝනාට දෙන්න තරම් කාරුණික වුනා. එච්චර කාරුණික වුන මනුස්සයට ස්තුතියි නොකියා හිතින් කොච්චර නම් බැන්නද?  දුවගෙන ගිහින් අර මනුස්සයාගෙන්   සමාව අරගෙන ස්තුතියි කියලා එන්න හිතුනත් දැන් ප්‍රමාදයි.... දැන් ඉතින් කොහේන් කියලා හොයන්නද ඒ මනුස්සයව. නොනාමහත්තයාට සිද්ධවුනේ තමන් කරපු ජරා වැඩේ ගැන හිතින් දුක් වෙන්න. අඩු ගානේ අර මනුස්සයට ඒ ගැන කියලා හිත සැහැල්ලු කරගන්නවත් අවස්ථාවක් නැතිවුනා.

මේ සිද්ධිය හරි සරල සිද්ධියක්. ඒත් ඉගෙන ගන්න දෙයක් තියනවා කියලා හිතුන නිසයි ලිවේ. අපිටත් ඔහොම දේවල් මේ ජිවිත කාලේ ඇතුලත සිද්ධවෙලා තියනවනේ. සමහර වෙලාවට සමහර දේවල් අපිට තේරුම් යද්දී අපි ගොඩක් ප්‍රමාදයි. සමහර වෙලාවට අම්මලා තාත්තලා, එතකොට වැඩිහිටියෝ, එවගේම යාළුවො කරන වැඩ ගැන අපිට කේන්ති යනවා. ඒත් ටික දවසකින් තේරෙනවා ඇයි ඒ අය එහෙම කලේ කියලා.  තේරෙන කාලේ වෙද්දී වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. අන්තිමේදී ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි. අපි ජිවත් වෙන්නේ කෙටි කාලයයිනේ...  ඔය කාලයේ අපි අතින් වැරදි වෙනවා. සමහර ඒවා හදාගන්න පුළුවන්. සමහර ඒවා ඉක්මන් වුනොත් බේරගන්න පුළුවන්. ඒත් සමහර දේවල් මොනවා කරලවත් ආයේ යථා තත්වයට ගන්න බෑ...   බොහෝවිට එහෙම වෙන්නේ කාලය කියන දේ පස්සට ගන්න බැරි නිසා.......  ඒ නිසා අපිට හිතෙනවා නම් කරපු දේ වැරදියි කියලා, එහෙම නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් වැරදියට වටහාගත්තා කියලා අදම ඒ ගැන හිතලා අදම ඒ ගැන කතා කරලා සමාව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ විතරක් නෙවෙයි, සමහරවිට කෙනෙක් ගැන සැකයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තරහක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ කෙනෙක් ගැන හිතේ තිබ්බ ලෙන්ගතු කමක්,  එහෙමත් නැත්නම් ආදරයක් වෙන්න පුළුවන්..... මොන දේ හිතුනත් ඒ දේ අදම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සමහරවිට පසුතැවීම් අඩු වෙන්නත් පුළුවන්. මොකද ඒ දේ හෙට කියන්න හිටියොත්, හෙට කියන දවස ගොඩක් ප්‍රමාද වෙන්න පුළුවන්....

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ...........
(ඒත් ඉතින් ප්‍රමාද වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ. ඊට පස්සේ ඒ දේ නොකරන ඉන්න උත්සහ ගන්න එකයි වැදගත්.)

16 comments:

  1. ඇත්ත ඇත්ත....ඔහොම වැරදි අනන්තවත් වෙනවා....දැන් බලමුකෝ මේ කතාව කියවන් යද්දි සුදු නෝනේ එක කුකියක් වත් කාපු බවක් කොතනකවත් කියවුනේ නැහැනෙ, ඒ වුනාට අර මහත්තය අන්තිම කුකිය දෙකට කඩල භාගයක් නෝනට තිබ්බම ඌට පිස්සුද කියල හිතුන. වැරදීම දේව ගතිය, සමාව දීම අපේ ගතිය....

    ReplyDelete
  2. කතාව කියවන ගමන් අවසානය ගැන හිතාගන්න හෙන ගේමක් දුන්න.... ඒත් අවසානයේ හිතන්න ලොකු යමක් ඉතුරු කරලා තිබ්බා... දිගටම ලියපන් ගොඩයෝ...

    ReplyDelete
  3. @ ඔබා මාමා - හුටා.... සොලී සොලී.... මමං නෝනා කෑවා කියලා ලියලා නෑ නේන්නම්.. අනේ ඔන්න බලන්නකෝ මාමා නිදිමතේ ලියාගෙන ගියාට ආයේ බලන්න අමතක වෙලානේ... පොතේ හැටියට නෝනත් කනවා... පොඩ්ඩක් ඉන්ට මම සංශෝදන පාරක් දාන්න..... තැන්ක් යූ වැරැද්ද පෙන්නුවට.... :)

    @ ගුලියා - ඇත්තටම මචං ඔය ඊමේල් එක කියවද්දීත් මෙලෝ රහක් තිබුනේ නෑ අන්තිමට එනකම්ම.... හොඳයි කියලා හිතුන නිසා ලීවා... එල එල.....

    ReplyDelete
  4. නියම කතාව. ඇත්තටම ඒ වගේ මිනිස්සු ලෝකයේ හැමතැනම ඉන්නවනම් මේ ලෝකය ගොඩක් සුන්දර තැනක් වෙයි. බදාගෙන කන්නේ නැතිව බෙදාගෙන කන පුරුද්ද පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන්න ඕනේ.

    ගොඩයටත් මාරම මේල් නේ ලැබෙන්නේ. ආපු එකේ ෆලෝ කරලම යන්නම් නේ. ඔන්න ලස්සන කතාවක් කියෙව්වා. කමෙන්ට් කලා. ෆලෝ කලා.

    ආයෙත් දවසක එන්නම්. !!!!

    ප.ලි. - ලිපියක් ලිව්වම ගෲප් එකේ ලින්ක් එක දාන්න. ඒකෙන් තමයි මෙහාට්ට එන්න පාර කැපුවේ.

    ReplyDelete
  5. හ්ම්ම්ම් අපිටත් අනන්තවත් වෙන්නේ ඔය වගේ සිද්ධි. සමහර වෙලාවට කාට හරි අම්බානෙකට බැනලා. අන්තිමට බලනකොට කිසිම හේතුවක් නෑ.

    ReplyDelete
  6. ජීවිතේ හුඟක් වෙලාවට අපි කරන්නේ අනුන් හදපු කුකීස් කකා අනුන්ට බනින එකම තමයි.. මොනවා උනත් එකොළහයි හතළිස්පහට හරි බඩගිනියි.. කුකීස් දැක්කම බඩගින්න තවත් වැඩි උනා.. කටටත් කෙල ඉනුවා. දැන් මන් උඹට බනින්නේ කුකීස් ෆොටෝ එකටයි !

    ReplyDelete
  7. ගොඩයා මචන් උඹ ඩේවන්ස් කොල්ලෙක් නේද?
    මට උඹව ඉස්කෝලෙදි දැකලා පුරුදුයි පුරුදුයි වගේ.

    ReplyDelete
  8. @ මධුරංග - අප්‍රමාණ සතුටුයි. මේ පැත්තට ඔලුව දැම්මට බොහෝම ස්තූතියි මචං. මේ වගේ මිනිස්සුත් ලෝකේ හැමතැනම ඉන්නවා හැබැයි කළුනික ගානට... අනිවාර්යයෙන්... නැවත පැමිණීම සතුටක්..... මම මොනවාහරි ලීවොත් අනිවා ලින්ක් එක දානවා. නැවතත් බොහෝම ස්තූතියි උඹේ වචන ටිකකට.........

    @ පූසා - ඔව් මචං..... අන්තිමට බලද්දී බෙරේ පලුවකුත් නෑ, නටපු තොවිලෙකුත් නෑ. නිකන් පසු තැවිල්ල විතරයි ඉතුරු. මොනවා කරන්නද? එහෙම තමයි ඉතින් අපේ ජිවිතේ හැටි..... :)

    @ ජයියා අයියේ කව්ද දන්නේ ඔයා බඩගින්නේ කියලා.... ඇයි අප්පේ බඩගින්නේ ඉන්නේ ? දන්න විදිහට නම් ජයියා අයියා වැඩ කරන්නේ කාන්තාරෙක නෙවෙයි..... අවුලක් නෑ බැන්නහම අයියගේ බඩගින්න අඩු වෙනවා නම් මට බනින්න... කෙනෙක්ගේ කුස ගින්න නිවන්න මම පොඩ්ඩක් බැනුම් මොකක් වෙනවද ? බැනුම් ඇඟේ වදින්නේ නෑනේ.... :D

    @ තීර්ථ යාත්‍රිකයා - අනේ අම්මේ..... හරියටම හරි කිවා මචං... ඩේවන්ස් කොල්ලෙක් තමයි මචෝ...... කෝ ඉතින් උඹේ මූණත් තහඩුව නෑනේ... දැකලා පුරුදුද නැද්ද බලන්න....

    ReplyDelete
  9. කතාව නම් කලින් ඊ මේල් එකකින් ඇවිත් තිබුණා. ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා.

    විද්ද හී තලයත්
    මුවින් පිට කළ වදනත්
    ගෙවුණු කාලයත්
    කිසිදා ආපසු ගත නොහැක.... කියලා කතාවක් තියෙනවනේ...

    ReplyDelete
  10. වැරදුන එක වැරදුනා ඒත් ඒ වැරැද්ද තවපාරක් වෙන්න දෙන්න හොද නෑ ජීවිතේ වරදිනවා කියන්නෙත් එක අතකට හොද දෙයක් මොකද හැම වැරැද්දක්ම අලුත් අත්දැකීමක් එකපාරක් වැරදුන කෙනා ඒ වැරැද්ද ආයෙත් සිද්දවෙන්න දෙන්නෙත් නෑ (මොලේ ඇති එකෙක් නං) හැබැයි එහෙම කියලා තමන්ට කලින්ම දැන දැන වැරැද්දක් කරන්න හොද නෑ...

    ReplyDelete
  11. @ පිණිබිඳු - මට මේ මේල් එක ඇවිල්ලා ගොඩක් කල්... කතාව හරියටම මතක තිබුනෙත් නෑ. ඒත් මම හිතන්නේ අවශ්‍යම ටික මෙතන තියනවා කියලා..... කතාවනම් සහතික ඇත්ත. ඒ කොහොම උනත් අපිත් ඇනගන්නවනේ.....

    කිඩෝ - ඇත්ත ඒත් වැරදි හරිගස්සගන්න පරක්කු වුනොත් වැඩක් නෑ..... අස්සයා ගියහම ඉස්තාලේ වහලා වැඩක් නෑනේ.....

    ReplyDelete
  12. ඒ වගේ මිනිස්සු ලෝකයේ හැමතැනම ඉන්නවනම්...

    ReplyDelete
  13. මේව කියෙව්වහම නම් හිතට වදිනවා. ඒත් ජීවිතේට ඇප්ලයි කරන්න් ගියාම තමයි ටිකක් අමාරැ...
    ට්‍රයි එකක් දෙන්න ඕනෙ.

    ReplyDelete
  14. මං හිතන්නේ ගොඩයා මට වඩා ටිකක් වැඩිමල් වෙන්ඩ ඕනා. මම පළවෙනි ලැජ්ජාව 2006, දෙවනි ලැජ්ජාව 2007..
    උඹ බුකියෙ ඉන්නවද? ඉන්නවනම් මගේ බොලොග්ගෙ බුකිය ප්‍රොෆයිල් එකේ පාර කමෙන්ට් කරපන්.(මට මේකෙ කමෙන්ට් කරන්න බෑ මගෙ ප්‍රොෆයිල් එක.කමෙන්ට් මොඩරේට් කරලා නැති නිසා හැමෝටම පේනවා, මගෙ බොලොග්ගෙ කමෙන්ට් මොඩරේට් කරලයි තියෙන්නේ)

    ReplyDelete
  15. ටික දවසකින් මේ පැත්තෙ එන්න ලැබුනෙ නෑ . . . . .
    මේ කතාවයි උඹ මීට කලිං ලියපු කතාවයි දෙකම එකම තේමාවක දුවන කතා දෙකක් කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් අපි පොඩ්ඩක් හිතල බලන්නෙ නැතුව කරන කියන ගොඩක් දේවල් වලින් අපිට ඉතුරු වෙන්නෙ පසු තැවීමක් විතරමයි.

    @තීර්ථ යාත්‍රිකයා:
    ඔන්න මම උඹේ බුකියට සජෙශන් එකක් එවුව

    ReplyDelete
  16. @ කල්ප - ඉන්නවා නම් කොච්චර එකක්ද ??? ඒත් ඉතින් එහෙම මිනිස්සු හිටියත් නොඉන්න්න ගානනේ......

    @ තාරක - ඇත්ත මචං, වැඩේ ලේසි නෑ. ඒත් ඔලුවේ තියාගත්තොත් වරදින්න තියන චාන්ස් එක අඩු කරගන්න පුළුවන්. මොනවා වුනත් අපිත් මිනිස්සුනේ........

    @ ඕනයා - අපි දන්නවා ඔබතුමා බොහෝ කාර්යබහුලයි කියලා :P
    ඇත්ත ඇත්ත ඇන්ඩයියේ..... කලින් ලිවේ මට පසුතැවෙන්න වෙච්ච සීන් එකක් මේක වෙන කෙනෙක් පසුතැවුණු සීන් එකක්...
    ටැංක් යූ සජෙෂන් එකට...

    ReplyDelete