Monday, September 26, 2011

සයිබර් අවකාශේ මිතුරන් දෑසින් දුටුවෙමි

ලංකාවට නිවාඩු ආව කාලේ සිද්ධි තමයි දිගටම ලිවේ.... තවත් ලියන්න ඒවා නැතුවමත් නෙවෙයි. ඒත් දිගටම ඒ ගැනම ලියමත් බෑ...  නොලියා බැරි තවත් සිද්ධියක් තියනවා. ඒ තමයි මෙච්චර කාලයක් බ්ලොග් එකෙන් දුක සැප බෙදා ගත්තු, මඩ ගහගත්තු දෑහින් නොදැකපු කස්ටිය සෙට්වුන සිද්ධිය. ඒකත් ලියලම නිවාඩුව ගැන ලිවිල්ල නතර කරනවා කියලා හිතුවා.

මම ලංකාවට එනවා කියලා තක්කෙටම තීරණය කලාට පස්සේ අපේ ඇන්ඩයියට කීවා මම එන විත්තිය. මෙච්චර කාලයක් සයිබර් ලෝකේ දැක්ක උන්ගේ සූකිරි මූණු ඇත්තටම බලාගන්න, පොඩ්ඩක් සෙට් වෙන්න ලොකු උවමනාවක් තිබුනා. ලංකාවේ ඉන්න කස්ටිය නම් කොහොම කොහොම හරි එකතුවෙනවා. ඒත් අපිට කොහෙද එහෙම චෑන්ස්? ඔය සයිබර් සැනකෙලි පින්තූර එහෙම බලද්දි පපුව වාවන්නේ නෑ. අනේ මුන් ආතල් ගන්නවා නේදෝ අපි නැතුවට කියලා හිතෙනවා.
කොහොමෙන් කොහොමෙන් හරි ආව දවසට පහුවදාම අපේ ඇන්ඩයියා නොහොත් ඕනයාව ඇමතුවා.
 " හරි හරි ගොඩයෝ, යන්න කලින් කොහොමහරි සෙට් වෙමු. මම කස්ටියව සෙට් කරන්නම්. උඹට කවද්ද පුලුවන් ?"
ඔන්න ඉතින් මමත් තෝරලා බේරලා දවස් ටික දුන්නා කියමුකො. දාගත්ත දවස ඊළඟ සතියකට කල් ගියා. කොහොමෙන් කොහොමහරි ඔන්න ඒ දවස ආවා. ඕනයා තමයි සංවිධායක.

 " දැන් කොහෙද ඇන්ඩයියේ අපි සෙට් වෙන්නේ? " තැන් තැන් වල ගිහින් සෙට් වෙන්න ඕනේ නෑ බං. අපි සෙට් වෙමු අංගොඩ.( හික්ස්... අපිටම කියාපු පැත්ත. අනේ කවුරුත් මුකුත් හිතන්න එපා. අපි සෙට් වුනේ ඇන්ඩයියලගේ ගෙදර ) "
ඇන්ඩයියගේ උපදෙස් මාලාව අනුව  මමත් සෙට් උනා හවස් වෙද්දි පිටකොටුවට. ඌට කෝල් කරහම මොන බස් එකේද නඟින්න ඕනේ කියලා අහන්න මනුස්සයා කියපි සුචරිතය ගාවට එන්න කියලා. සුචරිතය කිට්ටුවට ගිහින් මනුස්සයත් හොයාගත්තා කියමුකො. දැන් අපි දෙන්නා ඉන්නවා පිසාචයා මල්ලි එනකම්. ඌ ගාල්ලෙන් එනවා කියපු වෙලාවට ආව නම් කොටුවට දෙපාරක් එන්න වෙලාව. පිසාට කතා කරහම
 " හරි අයියේ මේ දැන් පිටකොටුවට දැම්මා බස් එක කීවා. මූට ඉතින් සුචරිතය හොයාගන්න එක කචල් නිසා අපි කීවා ගුණසිංහපුර කුරුණෑගල බස් ගහන ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක හොයාගන්න පුලුවන් නම් හොයාගෙන වරෙන්"  කියලා.
දන්නේ නැත්නම් බස් ඩ්‍රැවාගෙන් අහපන් කියලත් ඇන්ඩයියා කියනවා ඇහුනා. එතනට ඇවිල්ලා කෝල් එකක් දීපන් කියලා අපිත් බලාගෙන හිටියා කියමුකෝ. විනාඩි 20ක් 30ක් ගියත් කොල්ලගෙන් නෙවෙයි කිසිම ආරංචියක්. කව්ද දන්නේ පොඩි එකාට මොන විපැත්තියක් වුනාද කියලා. ආයෙත් ගහලා බැලුවා කෝල් පණිවිඩයක්.
" මල්ලි කොහෙද ඉන්නේ?  "
" ඉන්නේ කොහෙද නම් හරියට දන්නේ නෑ අයියේ. හැබැයි මැනින් මාර්කට් එක නම් පේනවා "ඔන්න කොල්ලගේ උත්තරේ.
 " යකෝ දන්න එකෙක්ගෙන් ඇහුවේ නැද්ද කුරුණෑගල බස් ගහන්නේ කොහෙද කියලා? අනේ අම්මපා උඹ වගේම එකෙක්. අහපන් කාගෙන් හරි අහගෙන වරෙන්. එද්දි උඹට පෙනෙයි මිටියක් තියාගෙන ඉන්න පොරක්. ඒ හරියට ආවහම කෝල් එකක් දීපන් " කියලා උපදේස් දීලත් කොකටත් කියලා අපි දෙන්නම ගියා ගුණසිංහපුර පැත්තට. අනේ කොල්ලා අපිව දැක්ක ගමන් සතුටට ඇඹරුණා ඇඹරිල්ලක් තව නූලෙන්..... නෑ නෑ... එක්කොත් ඒ ටික ඕනේ නෑ....   ඒ ටික දන්නෝ දනිති. කොහොමෙන් හරි පිසාව ත්‍රී රෝද රථයක පටවලා මමයි ඇන්ඩයියයි ගොඩවුනා උගේ දඬු මොනරේ. ඔන්න ඉතින් ඇන්ඩයියලගේ ගෙදරට ගොඩවුනාට පස්සේ ඇන්ඩයියලගේ ගෙදර බැල්කනි කෑල්ල සුද්ධ පවිත්‍ර කොරලා ( අපිම එනකම් හිටියා ඕනයා ඔය බැල්කනි කෑල්ල සුද්ධ කොරගන්න ) ලැහැස්ති උනා රාජකාරියට. ටිකකින් ඔන්න අන්තිම පේලියේ හසා, අවංක පැට්ටා, මාමයිට් එහෙම ආවා. අභීත අයියා එනකම් තමයි සෑහෙන වෙලා බලා හිටියේ. මිනිහා ඉතින් හෙන බිසීනේ.

අමාරුවෙන් රෑ 9 විතර වෙද්දි ඔන්න අභීත අයියා ආවා. අභිත අයියා විතරක් නෙවේයි  අපේ සෝරෝ සහෝදරයා සහ තවත් කීපදෙනක් ආවා. මට සමහර නම් මතක නෑ. අනේ සොරි හොඳේ....  බෝතලේ විවෘත වෙද්දි 9ත් පහුවෙලා. කට්ටිය එක්කම ඇන්ඩයියා විවේකි සුවයෙන් පොත් කියවන බැල්කනියේ හරි බරි ගැහිලා වාඩිවුනා. බෝතලේට වග කියන ඈයෝ හිටියේ බොහොම ටිකයි. අනිත් ඈයෝ බයිට් එක සහ කෝක් එකට වග කියන අතරේ බයිට් වීමත් ඉඳ හිට සිද්ධ වුනා. අම්මෝ එදා රස කතා, කැත කතා, මඩ කතා, ඕනේ නැති කතා, ඕපා දූප, දුක කතා මෙකි නොකී කතා ගොඩක් සිද්ධවුනා.  මොනවා වුනත් ලංකාවේ ගත කරපු කාලයේ ලැබුන බොහෝ සුන්දර සැන්දෑවක්...........
 සයිබර් ලෝකේ දැක්කට කොමෙන්ට් කෑල්ලක් දැම්මට එදා තමයි ඔන්න කස්ටිය ෆේස් ටු ෆේස් සෙට් වුනේ. මොකෙක් හරි දන්නවද කියලා කාගෙන් හරි ඇහුවොත් ඇන්ඩයියා කීවේ " ඔන්න මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා හොයනවා  " කියලා. වැඩේ අහරවෙද්දි රෑ 12ට කිට්ටු වෙලා. මඩ එහෙමත් නොසෑහෙන්න වැදිලා. මොනවා උනත් රස සාගරේ. කස්ටිය කියපු කතා එහෙම ලියලා තේරුමක් නෑ. ඒවා එතන ඉඳං ඒ ඇක්ශන් එක්කම අහන්න ඕනේ. එදා වැඩේ සංවිධානය කරපු ඇන්ඩා අයියට සහ වැඩේට ලෙඩේ නොදැම්මට අක්කටයි විශේෂ ස්තූතිය. මොකද අපේ සද්දේට පොඩි ඒකිට නිදාගන පුලුවන් කියලද?  එහෙව් එකේ අංගොඩ පලාතේ සෙට් වෙන්න චෑන්ස් එකක් දුන්න එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙවෙයි තම තමන්ගේ වැඩ කටයුතු අස්සේ දුවගෙන ආපු කට්ටියටම ස්තූතියි. හසා ආවට ඌ ආවේ අන්ඩක් කඩාගෙන කොර ගහ ගහා. මාමයිටත් හෙන කට්ටක් කාගෙන ආවා.  අවංකයත් වැඩ ඇරිලා නෝම්බි එහෙම ඇරලා පිම්මේ ආවා. එතකොට ගාල්ලේ ඉඳන් ගෙදරට බොරු කියලා ආපු පිසා මල්ලී, වැඩ අස්සේ රෑ 9ට හරි ආපු අභීත අයියා, සෝරො, මෙකී නොකී හැමොටම බොහොමත්ම ස්තූතියි. අනික ඒ රෑ ජාමේ මාව කොළඹ නුවර පාරට ගෙනත් දැම්මේ අභීත අයියා. පලයන් කියලා කීවට මාව බස් එකක නග්ගලා තමයි මාමයිටා ආපහු ගියේ. ඉතින් කස්ටියටම බොහොමත්ම ස්තූතියි....   ඊළඟ වතාවේ නිවාඩුවට ආවහම ආයෙත් සෙට් වෙන්න බැරියෑ....

9 comments:

  1. එද අපේ රෑ ජාමේ උඹ කෑවා... ශිහ්.... අනිත් එකා මගේ සඳ ලියන පසන්..

    ReplyDelete
  2. හිත වාවන්නේ නෑ... මට කට්ටියව මග අරුනනේ :( දැන් ඉතින් තව අවුරුද්දක් හමාරක් ඉන්න වෙයි ඉතින් :(

    ReplyDelete
  3. @ අභිත අයියා - අහවල් එකක්යෑ මම කෑවේ??? ඔන්න බීවා කිවනම් පිලිගන්න තිබ්බා. මම ඉතින් ඩිංගිත්තක් මෙව්වා උනානේ..... ඕවට වගකියන්න ඕනේ ඇන්ඩයියා.... හික්ස්..... අඩේ පසන් තමයි... ටැන්ක් යූ වේවා !!!

    ගුලියා - කොරන්ට දෙයක් නෑ ඉතින් දැන්.... දුක තමයි......

    ReplyDelete
  4. මඩ මඩ......ඔය කිව්වට එච්චර ඇඹැරුනේ නෑ..පොඩි සැලියුට් එකක් දැම්මේ...
    පාර හොයා ගන්න බැරි වෙච්ච එක නම් ඉතින් පොඩ්ඩක් අබ්ලික් වුණා.

    ඇන්ඩයිය බැලකනිය සුද්ද කරගන්න අපි එනකම්ම ඉඳිය කියන එක නම් සිරාවට ඇත්ත.
    අක්කටත් ගොඩක් පිං අපේ එවුන්ගෙ විකාර ඉවසන් ඉඳිය...
    හිහි..හිහි,....
    ආයෙ සෙට් වෙමු අයියෙ අනිව....

    ReplyDelete
  5. අපි ගියදාට අපිව බලන්න එන්නේ කවුද ඉතින් මේ වයසක මිනිස්සු එක්ක මොන කතාද කොල්ලන්ට ? ..

    ReplyDelete
  6. @ පිසාචයා - හරි හරි මල්ලි, වැඩිය විස්තර කියන්න යන්න එපා. වැඩේ මාට්ටු වෙයි. දන්නෝ දනිති... අපි ඉතින් එහෙමවත් කියමු.
    සිරාවට මල්ලී. මම හිතුවා රෑ වෙලා කෑගහද්දි ඇන්ඩා භාර්යාව ඌවයි අපිවයි ඔක්කොමල්ලා කුදලලා එලියට දාවි කියලා. දෙන්නටම රොම්බ තෑන්ක්ස්......
    අනිවා.... කොහොමත් උඹ පේරා ආවහම උඹව සෙට් කරගන්න එක නම් දෙයක් නෑ...

    @ ලංකාප්‍රිය අයියා - ඔන්න රෝන්ග් ටෝක්. ගිහින් බලන්නකෝ එන්නේ නැද්ද කියලා. කව්ද කියන්නේ වයසක මිනිස්සු කියලා. ඔන්න බොරු නම් ඔබා මාමාගෙන් අහලා බලන්නකෝ......

    ReplyDelete
  7. අම්මේ මේ ලියල තියෙන්නෙ එදා රස සාගරේ ගැන.....
    අර පිසා ගැන නොකියපු කෑල්ල නම් මට මෙතන කියන්න ඕනි ඕනි වගේ..... ලොල්...

    ඇත්තමයි එදා නම් එළම දවසක්.. ඇන්ඩයියටයි අක්කටයි ගොඩාක් පින්... :)

    ඔන්න ඕකනේ කියන්නෙ ජයියා අයියා කොචෝක් ටෝක්ස් ඉශූ කරනව කියල.... ඔයා ලංකාවට ඇවිල්ල අපිට කෝල් එකක් නුදුන්නොත්නෙ...... ඊට පස්සෙ වෙන දේ බලාගමු.

    ReplyDelete
  8. හික් හික් . . . පිසාචය බැල්කනියෙ ග්‍රිල් වැට අස්සෙං ලිඳ දිහා හොරෙං බලල මාට්‍ටු වෙච්චි කතාව උඹ ලියල නෑ නෙව . . . .

    ReplyDelete
  9. අඩේ මට මිස් වෙච්ච පෝස්ට් එකක් ගොඩයෝ, සොරි.කොම්

    @ ඇන්ඩ/ඕනමෑන්ටලය,
    පහු ගිය දවස් ටිකේම බොට කෝල් එකක් ගන්න බැලුව, ම්හු...නෝ ආන්සර්. දැනටමත් උඹ කරෝල වාඩියේ මට ලැබිල තියෙන තොරතුරු අනුව නං. Dude /හෙන්රි ද බ්ලොග් වෝකර් (කරෝල වාඩියේ අයිතිකාරය) හම්බ වුනාද?

    ReplyDelete