ඔන්න දවසක් දර්ශන විද්‍යාව උගන්නන මහාචාර්යවරයෙක් ආවා පන්තියට ජිවිතය ගැන දේශනයක් දෙන්න. මහාචාර්යවරයාගේ මේසේ උඩ ලොකු හිස් භාජනයක් තියලා තියනවා. මහාචාර්යවරයා කිසිම කතා බහක් නැතුව ලොකු ටෙනිස් බෝල පෙට්ටියක් හැලුවා අර ලොකු භාජනේට. දැන් අර ලොකු භාජනය පිරෙන්න ටෙනිස් බෝල. ඊට පස්සේ තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් ඇහුවා " මේ හිස්ව තිබ්බ භාජනය පිරිලද නැද්ද ?? " කියලා. ශිෂ්‍යයෝ සියලුම දෙනාම භාජනය පිරිලා තියෙන්නේ කියලා කිවා.... " හොඳයි " කෙටි පිළිතුරක් දුන්න මහාචාර්යවරයා නැවත තවත් පෙට්ටියක් ගත්තා. ඒ පෙට්ටිය පිරිලා තිබ්බේ පබළු වලින්. මහාචාර්යවරයා නිහඩවම ඒ පබළු පෙට්ටියත් අර ලොකු භාජනයට හැලුවා.... ලොකු ටෙනිස් බෝල අතරේ තිබ්බ හිදැස් අතරින් ඉඩ කඩ හොයාගෙන ඒ පබළු ඔක්කොමත් අර භාජනයට පිරුනා. නැවතත් මහාචාර්යවරයා අර පළමු ප්‍රශ්නයම ශිෂ්‍යයන්ගෙන් ඇහුවා. ඒ පාරත් ශිෂ්‍යයන් මහාචාර්යතුමා සමඟ එකඟවුනා. ඒ භාජනය පිරිලා තියෙන්නේ කියලා. නැවතත් නිහඬවුන මහාචාර්යවරයා තවත් පෙට්ටියක් ගත්තා. මේ වතාවේ ඒ පෙට්ටිය පිරිලා තිබුනේ වැලි වලින්. එතුමා නිහඬවම වැලි ටිකත් භාජනයට හැලුවා. අර ටෙනිස් බෝල, ලොකු පබළු අතර තිබුන පුංචි ඉඩ කඩ හොයාගෙන ඒ වැලි ටිකත් රිංගුවා. වැලි ටික හලලා ඇහුවා " දැන් මේ භාජනය පිරිලද? " කියලා. ශිෂ්‍යයන් සියලුම දෙනා මේ වතාවෙත් ඒකමතිකව එකඟවුනා භාජනය පිරිලා කියලා. හීන් හිනාවක් මුණේ රදවා ගත්තා මහාචාර්යවරයා මේසේ යට තිබ්බ වයින් විදුරු දෙකක් අරන් ඒ විදුරු දෙකත් හැලුවා අර ලොකු භාජනයට. කොච්චර පිරුනා කිවත් කිසිම කරදරයක් නැතුව අර වයින් විදුරු දෙකත් භාජනයට රිංගුවා..... මහාචාර්යතුමාගේ පුරුදු ප්රශ්නය ඇහුවා ආයෙත්. " දැන් මොකද කියන්නේ ? මේ භාජනය පිරිලද නැද්ද ?" මුහුණේ සිනා රදවාගත්ත ශිෂ්‍යයන්ගේ පිළිතුර වුනේ "ඔව්. භාජනය පිරිලා" කියලා...........
මේ වතාවේ මහාචාර්යතුමා තමන්ගේ කටහඩ අවදිකලා. " මේ ලොකු භාජනය කියන්නේ අපේ ජිවිතේ කියලා හිතන්න. මේක මුලින්ම හිස්. හැබැයි ඒකට පිරුන ටෙනිස් බෝල කියන්නේ අපේ ජිවිතේ වඩාත් වැදගත් දේවල්. අපේ පවුල, දරුවෝ, සෞඛ්‍යය වගේ දේවල්. අනිත් මොනවා නැති උනත් අපේ ජිවිතේ ඉතුරුවෙන දේවල්. ඒ දේවල් නැතිව ජ්විතේ අරමුණක් නැතුව යනවා. ඒ නිසයි ඒවා වඩාත් වැදගත් වෙන්නේ. දෙවනියට දාපු පබළු වලින් කියන්නේ ජිවිතේ හම්බවෙන අනිත් ප්‍රශ්න.. රස්සාව, ගෙවල් දොරවල්, යාන වාහන. මේවට ලැබෙන්න අපේ ජිවිතේ දෙවැනි තැන.... වැලි වලින් කියන්නේ ඔය දේවල් වලට අමතරව අපේ ජිවිතේ හම්බවෙන සියලුම දේවල්..... ඉතින් අපි මුලින්ම වැලි පිරෙව්වා නම් අපේ ජීවිතේට අපට ටෙනිස් බෝලවත් පබළුවත් දාන්න ඉඩක් ලැබෙන්නේ නෑ.... ඒ දේම සමාන වෙනවා අපේ ජිවිත වලටත්.ජිවිතේ අපිට ලැබෙන පොඩි පොඩි දේවල් මත්තේ අපේ ශක්තිය, කාලය, ධනය වැය කරන්න ගියොත් අපේ ජිවිතේ වැදගත් වෙන දේවල් වලට ඉඩක් නැතිවෙනවා. සමහරවිට අපිට ඒක තේරෙනකොට අපි ගොඩක් පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා ජිවිතේ වැදගත් දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න... දෙමව්පියෝ ගැන, පවුල ගැන, ළමයි ගැන බලන්න, සෞඛ්‍යය ගැන බලන්න, ඒ වෙනුවෙන් කාලය වැය කරන්න ලෝබ වෙන්න එපා. මොකද ජිවිතේ වැදගත්ම දේවල් වලට ඉඩ තියනවා කියන්නේ දෙවැනියට තුන් වෙනියට වැදගත් වෙන දේවල් වලටත් අනිවාර්යයෙන් ජීවිතෙන් ඉඩක් ලැබෙනවා කියන එකයි. හරියට ටෙනිස් බෝල පුරවපු භාජනයට පබළු, වැලි පුරවන්න ඉඩ තිබ්බා වගේ... " මුළු විස්තරේම කියලා ඉවර වුන මහාචාර්යතුමා නිහඬ වුනා......
ඒත් එක ශිෂ්‍යයෙක් අත උස්සගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්න බලාගෙන. මහාචාර්යවරයා තම ශිෂ්‍යයාට අවස්ථාව ලබා දුන්නා. " ඔබතුමා සියලුම දේවල් ගැන පැහැදිලි කළා. ඒත් අර අන්තිමට භාජනට හලපු වයින් විදුරු දෙක ගැන සඳහන් කලේ නෑ... මොකක්ද ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ ? ". බොහොම හයියෙන් හිනාවුන මහාචාර්යවරයා " බොහොම සතුටුයි ඒ ප්‍රශ්නේ අහපු එක ගැන. අනිත් අයට ඒක මඟ අරුනා. ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ මේ හැමදේකින්ම අපේ ජිවිතේ පිරිලා තිබ්බත්, අපට මොනතරම් ප්‍රශ්න තිබ්බත් ඕනෙම වෙලාවක යාලුවොත් එක්ක වයින් විදුරු දෙකක් බොන්න ඉඩ අපේ ජිවිත වල තියනවා කියන එකයි." කියලා දේශනය හමාර කලා. මේක කියෙව්වහම මටත් හිතුනා සමහර වෙලාවට වැදගත් නොවන දේවල් වලින් අපි ජිවිතේ පුරවාගෙන කරදර වෙනවා කියලා.... හොඳයි කියලා හිතුන නිසා ලීවා. අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න....