Tuesday, April 2, 2013

එන්න සහයට, අසරණ ජිවිතයක් ජිවත් කරවන්න.....

මාස ගානකට පස්සේ ඔන්න ගොඩයත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න කියලා සුජානම.  මම කොටාපු පරණ පොස්ට් කියවපු උදවිය නම් දන්නවා ගොඩයා බ්ලොග් ලෝකෙට පාත් උනේ අන්තිම පේලියෙන් විත්තිය. ඒ වගේම අන්තිම පේලියෙන්  කලඑලි බැහැලා බ්ලොග් ලෝකේ පෙරලි කරපු අපේ සදාදරණිය ඔබා මාමා අපෙන් වෙන්වෙලා දැනට අවුරුද්දකට කිට්ටු වෙනවා. මෙන්න මේ කාරණය නිමිත්තක් කරගෙන අන්තිම පේලියේ ඈයෝ දානමය පුණ්‍යකර්මයක් සුදානම් කරනවා. අන්න ඒක ගැන කියන්න තමයි මේ පොස්ට් එක වෙන් කෙරෙන්නේ.  
ඔබා මාමාව සිහිපත් කරලා අන්තිම පේලියෙන් ලේ දන් දීමේ කඳවුරක් සංවිධානය කෙරෙනවා.  ඉතින් පුළු පුළුවන් හැමෝම පුළුවන් විදිහට ඒ සඳහා සහභාගී වෙන්න.  වැල්ලවත්ත ජ්‍යාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි වැඩේ කෙරෙන්නේ. උදේ 9 ඉඳන් හවස 3 වෙනකම් අන්තිම පේලියේ කට්ටිය ජාතික ලේ බැංකුවේ නිලධාරින් එක්ක බලාගෙන ඉන්නවා ඔයාලා එනකම්.  පුළුවන් නම් දන්න කියන අයටත් කියලා එයාලවත් එක්ක එන්න.  අහල තියන විදිහට අප්‍රේල් මාසේ තමයි ලංකාවේ අඩුවෙන්ම ලේ දන් දෙන මාසේ.  ඉතින් පුළුවන් නම් ලේ බිඳක් දෙන්න අසරණ ජිවිතයක් වෙනුවෙන්. මතකයිනේ තැන. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. වෙලාව උදේ 9 ඉඳන් හවස 3 වෙනකම්. 


2 comments:

  1. . ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන් එනවා දෙනවා. ඒත් ඉතින් පි‍ටුවාහල් වෙලා ඉන්න අපි හිතින් පින් දෙමු..ඔබා වෙනුවෙන් කරන මේ සත්කාරයට සහ පින්කමට ඔබ සියලුදෙනාටම අපෙ ප්‍රණාමය..

    ReplyDelete