මම ලංකාවට ගියේ මාස 9ට පස්සේ. යනවා කියලා හරියට තීරණය කරගෙනත් නෙවෙයි හිටියේ. ඒත් හදිස්සියේම වගේ යැවුනා. ඒ ගැන විස්තර පස්සේ පෝස්ට් එකක දාන්නම්. මේ පාර හදිස්සියේ ගිය නිසාත්, වැඩිය නිවාඩු නැති නිසාත් මගේ යාළු මිත්‍රයන්ට නොකියා හොරෙන්ම තමයි ගියේ. කොහොම ගියත් කස්ටියට ආරංචි වෙනවා. ඊට පස්සේ බැනුම් එහෙමත් අහගත්තා. මොනවා කරන්නද? කාලය සීමිත නිසයි එහෙම කරේ. එහෙම නැතුව යාළු මිත්‍රකම් අමතක කරලා නෙවෙයි. අනික මම නිවාඩුවට ආවට යාළුවන්ට නිවාඩු නෑනේ. ඒ නිසා ඒ අයටත් මාව මුණගැහෙන්න අමාරුයි. සමාවෙන්න ඕනේ කස්ටිය නොකියම ඇවිත්, නොකියම ගියාට. ඒ හිටපු දවස් 15 ගෙවුනේ හරියට දවස් දෙකක් වගේ. නිවාඩුවට ගියාට මොකද කිසිම නිවාඩුවක් නම් තිබුනේ නෑ. නිවාඩු ගත්ත නම් ගොඩක් දේවල් මඟ ඇරෙනවා. මාස ගාණකින් ගිය නිසාද මන්ද ලොකු වෙනසක් නම් දැනුනේ නෑ. හැබැයි මඟ තොට එහෙ මෙහෙ යද්දි ලංකාවට එන විදේශීය සංචාරකයෝ ප්‍රමාණය නම් ගොඩක් වැඩිවෙලා කියලා හිතුනා. බොරු කියන්නේ මොකටද ආසියාවේ ආශ්චර්යය නම් දැක්කේ නෑ ඕං... කවදා දකින්න වෙයිද දන්නෙ නෑ ඒක නම්.
මම ලංකාවට එනකම් මඟ බලාගෙන හිටපු අපේ කසුන් අයියගෙ පොඩි උන් ටිකට හැම පාරම වගේ මේ පාරත් බලාගෙන හිටියේ මාත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න. පොඩි උන්ට ඉතින් ඔය ස්වාභාවික සෞන්දර්යය, පෞරාණික නටබුන්, ඓතිහාසික සිද්ධස්ථාන බලන්න නෙවෙයිනෙ ඕනේ. උන්ට ඕනේ කොහේ හරි ගිහින් ඇති වෙනකම් දඟලන්න. ඒ නිසා සෙට් එකත් එක්ක ගියා පේරාදෙණිය උද්‍යානයට. ( අවුලෙන් වගෙ බලන්න දෙයක් නෑ. පොඩි උන් එක්ක යන්න පුලුවන් තත්වයක් තිබ්බා ) ලංකාවට ගියත් හරි විශේෂයෙන් කොහෙ හරි ගියා කියලා ගියේ ඔය පොඩිඋන් එක්ක ගිය ගමන විතරයි. ඔය පල්ලෙහා ඉන්නේ කස්ටිය තමයි.
ආපු දවසට පහුවදාම අපේ ඕනේ අයියා නොහොත් ඇන්ඩයියාට දන්වලා යැව්වා. කොහොම කොහොම හරි බ්ලොග් යාලුවොත් කීප දෙනෙක් සෙට්වුනා. ඇන්ඩයියලගේ ගෙදර තමයි සෙට්වුනේ. ඒකත් බොහොම වැදගත් ඉවෙන්ට් එකක්. බ්ලොග් වලින් හම්බවෙලා දුක සැප බෙදාගත්ත කස්ටිය සයිබර් අවකාශයෙන් එලියේ ඇත්තටම දැකලා හම්බවෙලා කතා කරන්න ලැබුන එක ගැන නම් අප්‍රමාණ සංතෝෂයි... ඇන්ඩයියට බොහොමත්ම ස්තූතියි ඒ වගේ අවස්ථාවක් සැලසීම සම්බන්ධයෙන්. අපේ මේ සුහද හමුව ගැනත් වෙනම පොස්ට් එකක් ලියන්න ඕනේ. කොහොමහරි ඔය නිසා පහුගිය මාසෙම මුකුත් ලියාගන්න බැරිවුනා. මේ ලිවේ නම් පෝස්ට් එකක්ම නෙවෙයි. පහුගිය කාලේ බ්ලොග් එක පැත්තට එන්න බැරි වුන එකට නිදහසට කරුණු. කොම්පීතරෙත් ගොඩ නිසා ගොඩයා නැවතත් කරලියට....
සෑහෙන කාලෙකින් කතා ගොඩකුත් අරන් ඇවිත් වගේ. එහෙනම් කතා රෝල දිග අරින්නකො හිමීට.
ReplyDeleteඅනේ චුටි පෑටව් ටික හුරතල් අප්පා....
ReplyDeleteපොඩි උන් ටික නම් දෑතට අරගෙන ගෙදර අරණ යන්න හිතෙනවා .. හිත ලෙඩ වෙනවා. ඊට පස්සේ හිතේ ලෙඩ හොඳ වෙනකොට කොම්පීතරේ ලෙඩ වෙනවා. ඇඳගෙ ගෙදර ගිය එක ගැන නම් ඉරිසියයි.. මන යන කාලෙට අන්දා ගෙදර ඉඳීද දුපත් සමුහයේ ඉඳීද මන්දා පොටෝ එකට වැටුනේ නැති වෙන අයත් ඔය පේරාදෙණි ගමන ගියාද මන්දා. අනුන්ගේ පැණිහඳවල් අනුන්ගේය. තමුන්ගේ ඒවා කවදාද දන්නේ නැත,
ReplyDeleteඅනේ කියූට් බබ්බු ටික
ReplyDeleteමාව බේරල ලියන්න අයියේ...
ReplyDeleteඅපි අහිංසකයි...රටක් වටියි.....!!!
ඊරිසියාවෙන් ලියමි....
ReplyDeleteඔය හදිස්සියෙම ලංකාවට ආවයි කියන්නෙ මක්කටද..?
ReplyDeleteමාස 9කට පස්සෙ අහවල් දෙයක් කරන්නද හදිස්සියෙන් සති 2කට ආවෙ...?
හිකිස්...
@මල් සුවඳක්- අන්න ඒක නම් වැදගත් ප්‍රශ්නයක්......හික්ස්...!!!
ReplyDeleteයකෝ ලංකාවට එන එක අඩුම මාසෙකටවත් එන්ඩ එපෑ.
ReplyDelete@ පිණිබිඳු - ගොඩ කාලෙකින් නම් තමයි ආවේ. තියන කතා රෝලම දිග ඇරියොත් පටි රෝල් වෙන්න ඉඩ තියනවා. තොරලා බලලා දිග අරින්නම්.
ReplyDelete@ suddi - හ්ම්ම් හ්ම්ම්ම්....... හුරතල් බලන්න තිබ්බා කස්ස්ටියට පොඩ්ඩක් තරහ ගිය වෙලාවක.....
@ ලංකාප්‍රිය - එහෙම තමයි ලංකාප්‍රිය අයියා, ඔය ලෙඩ කියන ඒවා කිය කිය එන්නේ නෑනේ..... ඊරිසියා කරන්න දෙයක් නෑ, ඇන්ඩායියා දිගටම ඉඳීවී. නෑ නෑ වෙන කා එක්කවත් එහෙම ගමනක් ගියේ නෑ....
ReplyDelete@ නදී - නදීට කියන්න තියෙන්නේත් සුද්දිට කියපු දේම තමයි.....
@ පිසාචයා - අනේ මල්ලියේ උඹව බේරුවොත් අර ඇන්ඩයියලගේ ගෙදර සෙට්වීම ගැන ලියන්න වෙන්නේ නෑනේ.....
@ Observer - ඔබා මාමා මොකට ඊරිසියා කොරනවද ? අපි වගේ නෙවෙයිනේ ඔයා යන්නේ දිග නිවාඩුවලටනේ....
ReplyDelete@ මල් සුවඳක් - හරි හරි අයියා....... ඔය ප්‍රශ්නේට සාධාරණ උත්තරයක් ඊළඟ පෝස්ට් එකක් දෙන්න බලන්නම්කෝ....
@ 107815896203979688356 -අඩු ගානේ මාසෙකටවත් එන්න ඕනේ වුනාට නිවාඩු දෙන්නෙ නෑනේ බං......
අවංකෙන්ම කියනවා නම් අවංක පැට්ටෝ, ගුණසිංහපුර අමතක කරලා ඇන්ඩයියගේ ගෙදර ගියපු සිද්ධිය ලියන්න වෙන්නේ නෑ.... :D
ReplyDeleteSeminole Hard Rock Hotel & Casino Tulsa - MapYRO
ReplyDeleteFind your way 충주 출장마사지 around the casino, find where everything is located with the closest stations, 광명 출장샵 and learn about the 경산 출장마사지 area's 김제 출장안마 casinos. 김포 출장안마