Thursday, March 31, 2011

ඇහින්දාස් ගමන.........(දෙවෙනි කොටස)

ඕං ඉතින් අර පලවෙනි කොටසේ කීවා වගේ දැන් ගමනට කට්ටිය අහුලලා අහුලලා 12ක් හොයාගත්තා. දැන් ඉතින් ප්‍රශ්න ගොඩයි.     " අඩේ වරුණ අයියේ, දැන් කොහොමද සල්ලි හොයාගන්නේ? අපි ළඟ නම් මහ ලොකු සල්ලියක් නෑ". ඒ එකෙක්.          " මේ අපි එක දවසක රවුමක් ගහලා ආපහු යමුද? " තව එකෙක්.                                                              
   "පිස්සු නම් කෙලින්න එපා. දවස් දෙකකට එලියට බැස්සේ. එක දවසකින් ගියොත් ගෙවල් වලටත් නෝන්ඩියි. අනික එනවා කියලා ආපු නැති උන්ටත් පේන්න එක්ක මේ ගමන දවස් දෙකක් කොහොම හරි යන්න ඕනේ. ෆුල්ම ෆුල් ආතල් එකකුත් ගන්න ඕනේ."  ඒ තමයි බහුතරයකගේ හඬ. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වෙසෙන වීරෝධාර පුරවැසියන් හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කල යුතුයි. ඔන්න ඒ නිසා අපිත් බහුතර මතයට ඉඩ දුන්නා. ඕන කෙංගෙඩියක් වෙද්දෙන් කියලා අපි එලියට බැස්ස ගමන යන්න තීන්දු වුනා. මහ ලොකු සල්ලියකුත් නෑ කට්ටිය අතේ. පොඩි හරි සහනයකට තිබ්බේ බස් එකේ අයියා අපේ ෆිට් එකක්. ඌ අපිත් එක්ක හිතවත් වුනෙත් ට්‍රිප් ගිහිල්ලමයි. අපි යනවා කීවහම පොර ගෝලයෝ එක්ක ගෙන එන්නේ නෑ. ගෝලයෝ අපිම තමයි. අනිත් එක සල්ලි පස්සේ වෙලාවක හරි දෙන්න පුළුවන්. ඒත් අපිට එහෙම කරන්නත් හිතට හරි නෑ. දැන් කරන්න පුළුවන් මොනවාද කියලා කල්පනා කරනවා කට්ටියම.

 එක එකා නානාප්‍රකාර ප්ලෑන් දෙනවා. මොනවා කරන්නත් කට්ටිය ළඟ කීයක් තියනවද කියලා බලන්න ඕනෙනේ. ඊට පස්සේ අතේ තියන ගානට ප්ලෑන් එක ගහන්න පුලුවන්නේ. කලින් වුනේ ප්ලෑන් එකේ හැටියට වියදම් කරන්න. දැන් කරන්නේ වියදමේ හැටියට ප්ලෑන් කරන එක. " හරි උඹලා ළඟ කීයක් තියනවද?? ඇත්තම කියපල්ලා බලන්න" . ඔන්න කට්ටිය වත්කම් හෙලිකොරන්න ගත්තා. ඒ වෙලාවේ හැටියට  සල්ලි විතරක් නෙවෙයි, ගෙදරින් ගෙනාපු බත් එක, පාන් කෑල්ල, වතුර බෝතලේ පවා අපි ළඟ තිබුන වත්කම් වලට අයිතියි. ඔන්න වත්කම් හෙලි වුනා. යාන්තමට පහලොස්දාහක් විතර කට්ටිය ළඟ තියනවා දැන්. ඒ ඇරුනාහම කට්ටිය උදේට කන්න ගෙනාපු බත් පාර්සල් 8ක් විතර තිබුනා. පාන් කන්න ගෙනාපු සීනි සම්බොලයක් තිබුනා.ඉන්න කීයක් යයිද කියන්න කවුරුත් දන්නේ නෑ. අනිත් උන් වගේ ඉන්න තැන් හොයාගෙන බුක් කරගෙන ගමන් යන පුරුද්දක් අපිට තිබුනේ නෑ. ඒ නිසා ඉඳුම් හිටුම් වලටත් ටිකක් බර ගාණක් ඉතුරු කරගන්න ඕනේ. මෙන්න පලවෙනි සැලැස්ම. උදේට කන්න ගෙනාපු බත් පාර්සල් ටික දවල්ට කන්න තියාගන්නවා. එකෙන් දවල් කෑමට යන වියදම ගොඩ. ඊළඟට උදේට අර සීනි සම්බෝලෙත් එක්ක පාන් කනවා. උදේටත් පොඩි ගාණකින් කෑම ගොඩ. දැන් බොන එක ගැන නෝ කතා. හරියකට කන්නවත් බැරි එකේ බොන්න වෙන්නේ ඉතින් වහ තමයි. කට්ටියම බොන එක අමතක කරලා කෑමවේල ගැට ගහගන්න විදිහයි කල්පනා කරන්නේ.

රෑ කෑම ප්‍රශ්නේ පැත්තකට දාලා කට්ටියම කඩුගන්නාවේ නවත්තලා උදේට කෑවා. ඊළඟට පුළුවන් උපරිම ෆන් ( මේවා වතුර විතරක් බීලා ගත්ත ෆන් ) එකත් අරගෙන ඔන්න බදුල්ල පැත්තට කිට්ටු කරා. දුන්හිඳ බලන්න යන්න කලින් අපි ළඟ තිබ්බ එක බත් එකක් බස් එකේ අයියට දීලා ඉතුරු ටික අපි 12 දෙනාම බෙදාගෙන කෑවා. කිසිම අවුලක් නෑ. කොහොමහරි දුන්හිඳටත් කිට්ටු කරා. අපේ ගමනේ වැදගත්ම තැනක්නේ. කට්ටිය ඉතින් පල්ලෙහාට බැහැලා අර ලිස්සන ගල් උඩ එහෙට පනිනවා, මෙහෙට පනිනවා. පින්තූර ගන්නවා. එකම වැඩයි. ගන්න ආපු ආතල් එක උපරිම ගන්නවා.හැබැයි පින්තූර ගන්නේ නම් ආපු නැති උන්ට පෙන්නන්න. මොකද පින්තුරෙට කෑවේ මොනවද කියලා වැටෙන එකක්යෑ. නොකා නොබී හිටියා කියලා පින්තූරෙන් හොයන්න කියලද?  කොහොමහරි දුන්හිඳෙන් විසිවෙන දූවිලි වගේ වතුර බින්දු වලින් කූල් වෙච්ච සෙට් එක හවස් වෙද්දි බදුල්ලට කිට්ටු කරා.
                                    





කට්ටිය දුන්හිඳ ඇල්ල ළඟ..............
දැන් ඉතින් රෑට ලඟින්න තැනක් හොයන්න ඕනේනෙ. අනේ අපේ බස් එකේ අයියා බස් එක මුතියංගනේ පන්සල කිට්ටුව නැවත්තුවා. අපේ උන්ට බස් එක බලාගන්න කියලා පොර පයින් බස් එකේ අපි දෙතුන් දෙනෙක් එක්ක බදුල්ල ටවුම වටේ කැරකෙනවා අඩුවට තැනක් හොයන්න. පොර මුලින්ම අපිව එක්කන් ගියේ ගෙදරකට. වයසක අන්කල් කෙනෙක් තමයි ගෙදර ඉන්නේ.ඒ ගෙදර එක කෑල්ලක් එන මිනිස්සුන්ට ඉන්න දෙනවා. 10කට ඉන්න පුළුවන්. ගාන 1500යි. හොඳටම ගාණ වැඩියි. අපේ අතේ සතේ නෑනේ. විශ්‍රාම ශාලාවල් බැලුවා. ඒවට කිට්ටු වෙන්න බෑ. හෝටල් කාමර ගිනි ගනන්. ඇත්තම කීවොත් මහ ගාණක් නෑ. ඒත් වෙලාවේ හැටියට අපිට ඒවත් ගිනි ගණන්.

අපේ බස් අයියා කීවා " මල්ලි ආයෙත් ගිහින් අර අන්කල්ව හම්බ වෙමු. පොර හවසට ෂොට් එකක් දාගන්නවා. ඊට පස්සේ අනිවා අඩුවට ගන්න පුළුවන් එතන".  "කොහොමද ෂුවර් එකටම කියන්නේ? දෙන්න බෑ කීවොත් මොකද කරන්නේ ??" ඒ මම.  "නෑ නෑ මල්ලි , මම ඉතින් මාසෙට දෙතුන් පාරක් ට්‍රිප් එනවානේ. මම දන්නවා මෑන් ගැන තව පාරක් ට්‍රයි එකක් දෙමු. නැත්නම් බස් එක පාර අයිනක නවත්තලා බස් එකේ නිදාගමු."  අයියා කීවත් වගේ බස් එකේ පෙරලි පෙරලි නිදා ගන්න ඉඩ තියනවා. ඒත් ඉතින් උදේට අහවල් රාජකාරි කරගන්නේ කොහොමද? ඒකනේ ගැටලුව.ආයෙත් ගියා ඕං අර පොට් එකට. අපිට සද්ද වහලා ඉන්න කියලා බස් එකේ අයියා ටෝක් දෙනවා. " උදව්වක් දෙන්න අන්කල්. අපිත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවනේ" ඒ අයියා. " පුතා 1000ට දෙන්නම් ඊට අඩුව නම් බෑ. " ඔන්න අන්කල්ගේ උත්තරේ. මූ කීව කතාව ඇත්තනේ. 1500 කීව එක දැන් දාහයි. " එහෙම නෙවෙයි අන්කල් 750ට දෙන්න. රෑ හිටියා, උදේම ගියා. ස්පොර්ට් එකක් දෙන්නකො අන්කල්." මේ යකා තවත් ගාණ බස්සවන්න ට්‍රයි එක. "මොකක්ද පුතා, 1000 කියන්නේ 10 දෙනාට අයිස් ක්‍රීම් කන්න යන සල්ලිනේ. ඊටත් වඩා මොනවා අඩු කරන්නද? " අන්කල් අයිස් ක්‍රීම් කන්න කතා කරනවා. අපිට මේ වතුරවත් පෙවෙන්නේ නැති ගාන. " බස් එක කැඩිලා මඟදී දහදාහක් විතර ගියා අන්කල් ගොඩ දාගන්න. දැන් කරගන්න දෙයක් නැතිව ඉන්නේ. උදව්වක් දෙන්න අන්කල්" අපේ බස් එකේ අයියා ටෝක් කරලා කරලා ඔන්න ගාන 800ට බැස්සුවා.

කට්ටියම ඔන්න එතනට සෙට් වුනා. දවස් දෙකක් උනාට එකෙක් ඇරෙන්න අනිත් උන් කවුරුවත් බෙඩ් ශීට් එකක්, ටෝච් එකක් එහෙම ගෙන්නල්ලා තිබුනේ නෑ. හැමදාම වගේ ගොඩාක් දුර දිග කල්පනා කරන අපේ හලා නම් ටෝච් එකක්, පිහියක්, ඉටිපන්දම්, බෙඩ් ශීට් එහෙම ගෙනල්ලා තිබ්බා. තැන දහ දෙනෙක්ට උනාට එක බාත් රූම් එකයි. බාත් රූම් කීවට එකෙත් ටැප් එකක් විතරයි තිබ්බේ. දැන් අපේ උන්ට ඇඟ හොදගන්න ඕනේ. බාල්දියක්, කෝප්පයක් වගේ කිසිම දෙයක් තිබුනේ නෑ. පටස් ගාලා මතක් උනා සීනි සම්බෝල දාගෙන ආපු භාජනේ. අර එලිෆන්ට් හවුස් ලීටර් 2 හිස් ටබ් එකක්. ගත්තා ඒක හෝදලා. එකා එකා එකෙන් ඇඟ හොදනවා. එකෙක්ට පැය කාලක්වත් අඩුම යනවා. ටැප් එකෙන් වතුර අර භාජනේට පුරවනවා, ඇඟට හලා ගන්නවා.ඔය ක්‍රමේට ඉතින් ඇඟ තෙමෙනවා විතරයි.

" අඩෝ වරුණ අයියේ, දැන් කොහොමද රෑට කෑම ප්‍රශ්නේ? " ඔන්න මුලින්ම ඇඟ හෝදගෙන ආපු උන් දෙතුන් දෙනාගේ පලවෙනි ප්‍රශ්නේ. " පාන්ම තමයි මල්ලි, නැතුව ඉතින් මේ තියන ගාණට ෆයිඩ් රයිස් කන්නද?" මගේ උත්තරේ. "හරි බං පාන් කන්නත් මොනවා හරි තියෙන්න ඕනෙනේ. මොනවත් එක්කද කන්නේ? දහ දෙනාටම හොඳි ගෙන්නත් සෑහෙන ගාණක් යනවා." ඔන්න එතන හිටිය උන් ගනන් හදලා බලලා අඩුවෙන්ම කන්න පුලුවන් පානුයි ලූණු සම්බෝලයකුයි කියලා තීරණය කලා. හලාගේ පිහිය තියන නිසා සම්බෝලයක් හදන එක අවුලක් නෑ. කට්ටිය පිටත් කරලා පානුයි ලූණුයි ගේන්න මමත් ගියා පොඩ්ඩක් ඇඟ තෙමාගන්න.

කට්ටිය ලොකු බොබ්බයි ලූණු ගෙඩි දෙක තුනකුයි, මිරිස් කුඩු, ලුණු, අමු මිරිස් කරල් ටිකකුයි පානුයි අරන් ආවා. මුන් මිරිස් කුඩු එහෙම කොහෙන් ගෙනාවද මන්ද? " මචං දැන් මොකෙද අපි මේ ලූණු සම්බෝලේ හදන්නේ? මේක ෂෝපින් කවරෙකට දාල හදන්නද? භාජනයක් නැතිව මොකේ හදන්නද? " අර කීවත් වගේ කාටවත් පත්තු නොවිච්ච ප්‍රශ්නයක් තමයි උට පත්තු වුනේ. " අයියෝ භාජනේ ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් හිටපල්ලා මම භාජනයක් ගේන්නම්." එහෙම කීවේ අන්තිමටම ඇඟ හෝදගෙන ආපු එකා. ඌ පටාස් ගාලා ගිහින් අපි ඇඟ හෝදපු අයිසි ක්‍රීම් භාජනේ ගෙනාවා. " වෙන භාජනයක් නෑ නාපු එකම තමයි කෑමටත් ගන්න වෙන්නේ. මේකේ සම්බෝල හදලා කන්න අකමැති එකෙක් ඉන්නවා නම් බඩගින්නේම බුදියගනින්." එහෙම කියලා අරූ භාජනේ විසි කලා අපි ඉන්න පැත්තට. ඌරන්ට මොන සෞඛ්‍යද? අගේට සෙට් එකම ලූණු සම්බෝලයි පානුයි කෑවා. කාලා ටවුම පැත්තේ ගිහින් අර කාසි දාලා කතාකොරන කනු වලින් ආපු නැති උන් දෙතුන් දෙනෙක්ට මහ රෑ කෝල් ගත්තා. කේන්තියටත් එක්ක උන්ව ඇහැරවලා, බයිට් එහෙම කරලා කට්ටියම ඇවිත් වැටුන වැටුන  තැන්වල නිදා ගත්තා. අන්තිම දවසේ විස්තරේ ඊළඟ පොස්ට් එකෙන්....





                          


                                   බදුල්ලට යන අතර මඟ.........






මතු සම්බන්ධයි.....

8 comments:

  1. හෙහ්...හෙහ්...හෙහ්....

    ReplyDelete
  2. ඒ ටිකත් කියවලාම කොමෙන්ට් කෑල්ලක් දාමු . . . .

    ReplyDelete
  3. මුල්නම කට්ටිය පරිස්සම‍ට ගෙවල් බලා එන්නකෝ

    ReplyDelete
  4. @ සොඳුරු සිත - මොනවා අහනවාද අයියා. යමු යමු දිගටම යමු.

    @ ඔබා අයියා - අප්පේ ඔබා අයියත් මේ පැත්තට ඇවිල්ලා. හරිම සන්තෝසයි අයියා. අ.පේ නැති නිසා මේ දවස් ටිකේ දැක්කෙවත් නෑ. මෙහෙම දැක්ක එක ගැන නම් බොහෝම සන්තෝසයි.බොහෝම ස්තූතියි මේ ඉසව්වට ගොඩ වැදුනට..........

    @ ඕනයා - ඔන්න ඇන්ඩයියේ ඉතුරු කෑල්ලත් දැම්මා. දාහන්කො බලන්න උඹේ ඔය හැකර කටින් එලියට පැන්න පැණි බේරෙන කොමෙන්ට් කෑල්ලක්......

    @ තාරක - දෙයියන්ගේ පිහිටෙන් ඔන්න අපි ගම් බිම් බලා ආවා.....

    ReplyDelete
  5. එල...හෙහ්...ආයේ දෙකක් නැ මෙන්න ට්‍රිප්...

    ReplyDelete
  6. ඔය ගමන සියලු සැප ඇතුව ගියානම් අමතකයි. ඔහොම කට්ට කාගෙන යන ගමන් තම ජොලිම ජොලි...කියමු කියමු අනිත් ටිකත් බලන්න

    ReplyDelete
  7. @ නිම්ශා - ඇත්ත ඇත්ත, මේක නම් මම ගියපු ගමන් වලින් සිරාම ගමනක්. ලොවෙත් නෑ ඒ ගත්ත ආතල්.

    @ ලංකාප්‍රිය අයියා - අනිවා අනිවා....... කට්ටේ තියන ෆන් එක ගැන නම් ආයේ කියන්න වචන නෑ. අනිත් එක මේ වගේ ගමන් හැමෝම එක්ක යන්න බෑ. යන්න ඕනේ එලම කොල්ලො එක්ක. මල පනින උන් එහෙම එක්ක ගියොත් මඟදිම මරා ගන්න වෙන්නේ...... මේ ගමනෙන් ගත්ත ආතල් එක නම් ඉතින් වචන වලට හරවන්න බෑ. අනික ඔය ලියලා තියෙන්නේ ගොඩක් කෑලි හලලා. මේ ගත්ත ආතල් එක ඇවිල්ලා ආතල් එකේ හතරවෙනි බලය විතර.

    ReplyDelete