Tuesday, May 31, 2011

විහිළු සහ ගුටි කෑම



ඔක්කොටම කලින් මගේ "තාමත් කෙල්ලෙක් නැද්ද" පොස්ට් එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි. මේ බ්ලොග් එක ලියන්න අරගෙන දැන් මාස 4ක් විතර වෙනවා. ඔය මාස 4ට එක එක ජාති ලීවා. ඒත් ගිය සතියේ ලියපු ඔය පෝස්ට් එකට තමයි වැඩිම ප්‍රතිචාර ලැබුනේ. බලාගෙන යද්දී හොඳ කාලීන මාතෘකාවක් ගැනනේ මම ලියලා තියෙන්නේ. හික්ස්.....   දැන් දවස් තුන හතරකට කලින් අපේ ඇන්ඩයියා ලියපු " ගුටි " විස්තරේ කියවද්දී මටත් වෙච්ච සිද්ධියක් මතක් වුනා. කොමෙන්ට් එකක් විදිහට එතන දාන්න හදලත් දිග වැඩි නිසා අද ඒ විස්තරේ ලියන්න හිතුනා.

මම එතකොට 9 වසරේ. දිග කලිසමට බහින්න මාස කීපයයි. කොල්ලෙක්  දිග කලිසමට බහිනවා කියන්නේ වහු පැටියෙක්ට  අං ලැබෙනවා වගේ වැඩක්. 9 වසරේ ඉන්නකොටම කට්ටියටම ඔය රස්නේ වදිනවා. ඒ රස්නෙත් එක්කම ගැන්සි හදාගැනීම, බොක්කවල් හොයාගැනීම, වලි දාගැනීම, සෙට් වීම, ගුටි කෑම ආදී නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. මමත් ඒ වෙද්දී අනිත් උන් වගේම ඔය සංක්‍රාන්ති සමයේ හිටපු ගැටයෙක්. හැබැයි ඒ වෙද්දීත් මම ස්කොලේ ආවේ පාසල් සේවයේ පිහිටෙන්.  ඔන්න දවසක් ස්කොලේ ඉවර වෙලා අපේ ස්කුල් බස් එක එනකම් මමයි අපේ ස්කූල් බස් එකේ යන උන් සෙට් එකයි ස්කොලේ ගේට්ටුවෙන් එළියේ පාර අයිනට වෙලා ඉන්නවා. දන්නවනේ ඉතින් ස්කොල අරුනහම කට්ටියට හරියට වැඩනේ. ස්කොලේ වෙච්ච දේවල් ගැන සාකච්චා කරන්න, එක එකාට ලනු දෙන ඒවා ගැන කතා කරන්න,  ස්කුල් වෑන් වල ඉන්න කෙල්ලෝ බලන්න, එතකොට අපේ උන් ට්‍රයි කරපු කෙල්ලන් ගැන ඔත්තු බලන්න, කඩ චෝරු හොයන්න, මුද්දර, ස්ටිකර්, රූප ආදී දේවල් හුවමාරු කරන්න.....  ඔය වගේ නානාප්‍රකාර වැඩ එක එකාට තිබ්බා. 

මමත් ඔන්න ස්කොලේ ඇරිලා ගජබින්නාලන්කාරය දිග ඇරගෙන තව කොල්ලෝ දෙන්නක් එක්ක අපේ බස් එක එනකම් ඉන්නවා. ඒ අතරේ අපේ පන්තියේ කැරැව්වා  ජැන්ඩියට කැප් එකක් එහෙම දාගෙන පොරගේ මවුන්ටන් බයික් එකේ වටේ ඉන්න කෙල්ලන්ට එහෙම ඇඩ් එකක් දීගෙන එනවා. මටත් ඉතින් අතපය එක විදිහකට තියාගෙන ඉන්න බැරි අමාරුවක් තියනවනේ.  ඒ අමාරුවට කිවේ කැසිල්ල කියලා. ඉතින් ඔය කැසිල්ල නිසා මම ශේප් එකේ කැරැව්වාගේ පුටාර් එක පස්සෙන් දුවගෙන ගිහින් ඌ උජාරුවෙන් දාගෙන ගිය කැප් එක ගලවගෙන ගේට්ටුව ලඟට ආවා. කැරැව්වා ශේප් එකේ බයිසිකලේ පාරේ අයිනේ නවත්තලා මුණේ හිනා පොදක්වත් නැතුව එනවා. මොනවා වුනත් වෑන් වල යන කෙල්ලෝ එතකොට ස්කොලේ අයියලා මල්ලිලා  ඔක්කොමල්ලා ඉස්සර වෙච්ච වැඩේට පොරට පොඩ්ඩක් අවුල් වගේ. 

මමත් ඉතින් හිනාව දාගෙන ගියා ඌ එන පෙර මඟට කැප් එකත් උගේ පැත්තට දික් කරගෙන. මෙන්න ලඟට ආපු එකා කිසි කතාවක් නැතුව කැප් එක ඇදලා අරගෙන ඒ එක්කම දුන්නේ නැත්ද හොඳ කනේ පාරක්. කොහොමවත් මම බලාපොරොත්තු නොවුන පාරක් ඒක. කවුද දන්නේ මූ මල අතට වඩම්මාගෙන ආවේ කියලා. අනික එවෙලේ ගුටි කාපු අමාරුවට  වඩා වස ලැජ්ජාව. අර කෙල්ලෝ, කොල්ලෝ, අම්මලා,  තාත්තලා,  ටීචර්ලා ඔක්කොම බලාඉන්නවා. මමත් මගේ තියන කැසිල්ලට කරේ වුවමනා නැති වැඩක්නේ. ඒ නිසා පලවෙනි ප්‍රහාරය ඉවසාගෙන " මචං කැරැව් විහිළුවක් කලේ බං " කියද්දීම මූ ආයෙත් අත ඉස්සුවා. ඒ පාර මම උගේ අත් දෙකෙන් අල්ලාගෙන " විහිළුවක් බං. සිරා ගන්න දෙයක්ද ඕක. එකක් ගැහුවනෙ. ඇතිනේ. යමන් දැන්" කියද්දී මූ කකුලෙනුත් ගැහුවා. අන්න ඒ අවස්ථාවේදී නම් මගේ ඉවසීම කියන එක කොහෙන්ද මන්ද අන්තර්ධාන වුනා. ඇයි හත් දෙයියනේ මම වැරද්දක් කරාම කියමුකෝ. ඒත් අර ස්කොලේ ඇරිලා යන කෙල්ලෝ ඉස්සරහා මහ පාරේ ඔහොමත් ගුටි කන්න පුලුවන්ද ?  මගෙත් පුෂ්පය වැඩියා අතට. දීලා ඇද්දා අරූට. කොල්ලව අර තාර පාරේ බිම දාගෙන ගැහුවා. උගේ අතපය හීරිලා දණහිස පතුරු ගිහින් ලේ වැක්කෙරෙනකම් මමත් නෙළුවා. අන්තිමට ගේට්ටුවේ මුරට ඉන්න අන්කලුයි තවත් අන්කල් කෙනෙකුයි, තව අයියාලා දෙන්නෙකුයි ඇවිල්ලා තමයි ගෝරිය නවත්ත ගත්තේ. ඒ වෙද්දී ස්කූල් බස් එකත් ඇවිල්ලා මම එනකම් බලා ඉන්නවා. මම දඩබඩ ගාලා නැග්ගා බස් එකට ගෙදර ආවා.නැත්නම් ඉතින් මුර අන්කල්ටයි අහල පහල හිටපු සර්ලටයි උත්තර බඳින්න වෙනවනේ. 

ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඔන්න දැන් කොල්ලා පහුවදා ස්කොලේ යනවා. එදා අපිට විද්‍යාවටද කොහෙද ශාක පත්‍ර වින්‍යාසයේ අනුරුවක් හදාගෙන එන්න කියලා තිබ්බේ. ඉතින් ලොකු බෝඩ් එකක මම ඔය වින්‍යාසය එහෙම හදාගෙන අත්දෙකෙන්ම බෝඩ් එකත් අරගෙන පන්තියට අඩිය තිබ්බා විතරයි. කිව්වහම මොකද මට අර බෝඩ් එක කොහෙන්වත් තියාගන්නවත් ලැබුනේ නෑ. මූණ හරහා හොඳ පන්ච් එකක් ලැබුනා තරු පෝලිමක් එක්ක. ඒ එක්කම මගේ අතේ තිබ්බ බෝඩ් එක කව්දෝ එකෙක් උදුරලා අරන් පැත්තකින් තිබ්බා. ලාවට වගේ දැක්ක 10 දෙනෙක් විතර වටවෙලා ඉන්නවා. කැරැව්වා සහ උගේ ගැන්සිය. කලබලෙන් මම වටපිට බැලුවා. පන්තියේ එකෙක්වත් නෑ.  මගේ ගැන්සියේ එවුන් ඒ වෙද්දී ස්කෝලෙට ඇවිල්ලත් නෑ. අනික කැරැව්වා ස්කොලේ කිට්ටු නිසා උගේ ගැන්සිය ටිකක් ප්‍රභලයි. අයියලා එහෙමත් ඉන්නවා. කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා එදානම් හොඳටම තේරුම් ගියා. සියලුම බලාපොරොත්තු අත ඇරගෙන ඇස් දෙක වහගත්තා. දහ දෙනෙක් විතර වටවෙලා උදේම නෙලද්දී තියන ආතල් එක ගැන නම් වචනයෙන් කියන්න බෑ. එදා උදේ කෑමට ලැබුනේ ගුටි. ගුටි කීවට හොඳම එකෙන්. විනාඩි 5ක් 6ක් ගුටි කෑවට පස්සේ තමයි අපේ එකෙක් ඇවිල්ලා යාන්තම් වැඩේ නවත්ත ගත්තේ. එහෙම නොවුනානම් ගොඩයා කනවා ඇප නැතිවෙන්නම. ඇත්තටම කිවොත් ඒ විනාඩි 5ට 6ට ඇප නැතිවෙන්නම කාලා තිබ්බේ. 

ගුටි මුරය ඉවර වෙලා නැගිටලා බලදී මම හිටියේ පන්තියේ අන්තිම කෙලවරේ. හැබැයි මතක හැටියට මම පන්තියට අඩිය තිබ්බා විතරයි. කොනට විසිවුනේ කොහොමද කියලා දෙයියෝ තමයි දන්නේ... ආ... නෑ නෑ කැරැව්වාගේ ගැන්සිය තමයි දන්නේ. එවෙලේ නම් ශේප් එකේ පන්තියේ එකෙක් ගාව තිබ්බ සිද්ධාලේප එකක් උලාගෙන මුකුත් වුනේ නැති ගානට හිටියා. ඒත් තැලුම් වේදනාව දවසක් දෙකක්ම තිබ්බා.  විලි ලැජ්ජාව නිසා ගෙදරට කිවේ නෑ.වේදනාව අමතක කරලා හිටියා. මොනවා වුනත් මගේ අත පය තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා කරපු දෙයක්නේ. අනික ස්කොලේ ඇතුලේ ගුටි කෑවට කෙල්ලන්ට පේන එකක්යැ.. ඒ වගේද මම කැරැව්වට දුන්න පෝරියල් එක. කීදාහක් ඉස්සරහද මහ පාරේ ඌ මගෙන් කෑවේ. ඒ නිසා මම රිටන් දෙන්න උවමනාවක් තිබුනේ නෑ. මොකද ගුටි කෑවත් මම දුන්න පෝරියල් එක ගැන මට සැටිස්. කැරැව්වාගෙයි මගෙයි ඔය අවුල දවස් කීපයකින් සමථයකට පත්වුනා. උගේ ගැන්සියත් ඒ වගේම සාමදාන වුනා.

 ඔය වගේ සිද්ධි කීපයකට පස්සේ ලැබුනු බෙහෙත් වල පවර් එකට මගේ අර තිබ්බ අමාරුව ඒ කිවේ කැසිල්ල, අන්න ඒ කැසිල්ල පොඩ්ඩක් විතර අඩුවුනා. හැබැයි නිට්ටාවට හොඳ කරන්න බැරිද මන්ද? මොනවා කොරන්නද උවමනා නැති විහිළු කරන්න ගියහම ඔහොම තමයි. ඊට පස්සේ නම් පොඩ්ඩක් විතර පරිස්සම් වුනා කාට හරි විහිළු කරන්න යද්දී. පරිස්සම් වුනා කිවටම එහෙමමත් නැද්ද මන්දා....  මොකද ඔය සිද්ධියෙන් පස්සෙත් කීප අවස්ථාවකදීම ගොඩයට ඔය වගේ බෙහෙත් හම්බවුනා. ඒවට වෙන්න ඇති මයේ හිතේ කියන්නේ විලි ලජ්ජා නැතිකම කියලා.....  හික්ස්....     

19 comments:

  1. "පංතියට අඩිය තියපු මං අන්තිමට ඉඳියේ අන්තිම පේලියේ."
    හොඳ වෙලාවට පංතිය එතනින් ඉවර වුනේ.දිග හෝල් එකක් වගේ වුණා නම් කොහොමට තියේවිද....
    හිතනකොටත් පිස්සු හැදෙනවා....
    ගොඩයා අයියා අන්තිම පේලියේ ඩෙස්ක් එකක් යට දිවත් පැත්තට වෙන්න එලියට වැටිලා,මූණත් රතු වෙන්න වැදිලා..ඇස් දෙක උඩ ගිහින්.......
    :-) :-)

    ReplyDelete
  2. උඹේ ගුටි සීන් එක කියෙව්වම මට මූණූ පොතෙන් පෙරේදා ආපු මැසේජ් එකක් කමෙන්ටුවක් විදිහට දාන්ට හිතුනා...
    (කරුණාවෙන් සලකන්න...ශබ්ද කෝෂයේ තියෙන සුමිහිරි වචනවලට බලධාරියා විසින් තරු දමා ඇත...)
    අඩො පො***. උබට මිනිහෙක් එක්ක තනියම කෙලින් හෙප්පෙන්න බැ කැ**. උබට මතකද තෝ ලොකු පන්තියක ඉඩල උබට වඩා බාල මට ගහන්න ගැන් එකක් එක්කන් ආව. ලැජ්ජ නැතිද පො***, උබෙ ගැනිට ****ත් ඒ කොල්ලො සෙට් එක අරන් පල තනියට. මදිනම් මටත් කියපන් මාත් එන්නම්...
    ඔය සිද්ධිය වෙලා දැනට අවුරුදු හරියටම 10කටත් වැඩියි... ඒ ලෙවල් අන්තිම දවස්වල..
    සිද්ධිය වුනේ අපි සෙට් එකක් කැලෑ කොළ වගයක් පුච්චලා එද්දි ඔය මැසේජ් එක එවපු කොලු ගැටයා මුලිච්චි වුනා... ඌ එතකොට 12 පන්තියේ ප්‍රිෆෙට් කෙනෙක්... ඊට කලින් දවසක ඌ මාව මොකක් හරි එකකට විනය භාර සර්ට මාට්ටු කරලා දීලා තිබුනා...කරුමෙට මඟේ කටින් ඕක කොල්ලව ඈත තියා දකිද්දිම අපෙ එවුන් අතින් කියවුනා... අපෙ සෙට් එකටත් කොකු අංගමාරය කියන එක උපරිමෙන්ම තිවුන සෙට් එකක්... මඟෙන් මාට්ටු කරපු කතන්දරෙ කියවුන සැනින් අරුනුත් නෙලමුද ඕඑ කියලා නෙලන්ට ගත්ත... අන්තිමේ බොහොම අමාරුවෙන් කොල්ලව බේර ගත්තේ..
    අවුරුදු දහයකට පස්සෙත් මුට මේක හිතේ වැඩ කරනවා කියන්නේ කොහොම මලක් ඇතිද... ඇත්තටම මටත් දුකයි සීන් එකට... පස්සෙ ඉතින් වෙච්ච දේට සමාවෙයන් කියලා රිප්ලයි එකක් දැම්මා... ඒත් දැන් ශුවර් නෑ කොයිවෙලාවක හරි බඩු ඉෂු වෙයිද කියලා.. :) අනික දැන් ඒ බැහැපු ගැන්සි ඉන්නවය කියලයි..

    ඈ.. උඹේ පෝස්ට් එකට වඩා කමෙන්ටුව දික්වුනාවද්ද... :)

    ReplyDelete
  3. අන්න හරි මලේ උඹ හරියටම චිත්‍රය මවා ගත්තා. ඔය වගේ අත්දැකීමක් තියෙන්න ඕනේ එහෙම චිත්‍රයක් මවා ගන්න. දහයක් පහළොවක් වටකරන් නෙලද්දී තියන සැප ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....

    ReplyDelete
  4. @ පුතා - උඹේ එලම කතාව තමයි " ඒ කාලේ බැහැපු ගැන්සි ඉන්නවය කියලයි" කියලා වැඩක් නෑ ඒ ගැන නම් මචං. දැන් ඉතින් කොහෙද ගැන්සි. ගැන්සි වල හිටපු උන් ලොවෙත් නෑ. ඒ කාලේ මෝඩකමට කරපු ඒවට සමහරවිට හෙට අනිද්දට කොහේදී හරි කන්න වෙයිද දන්නෙත් නෑ. ඒ මොනවා වුනත් ඒ කාලේ කරපු ගොන්කම් මාර ආතල්. ගුටි කෑවත් මතක්වුනහම හිනා යනවා. අනික ඉතින් ඒ කාලේ මොකෙක්ට හරි ගැහුවනම් කොහෙන් හරි කෑම සෙට් වෙනවා. එහෙම ගුටි කෑවේ නෑ කියන එකා ජීවිතේට කාටවත් ගහලත් නෑ. නැත්නම් ගහලා තියෙන්නේ කොල්ලෙක්ට නෙවෙයි. :) මොනවාවුනත් පරිස්සමින් හිටපන් මචං. හික්ස්.... කොමෙන්ට් එක දික් වුනාහම මොකෝ බං ? :)


    ප.ලි කලින් කොමෙන්ට් එක පිසාචයා මල්ලිට හරිය..

    ReplyDelete
  5. හපොයි මචං... ගහපු එව්වටත් හරියන්ට නැව් පිටින් හම්බ වෙලා තියෙනවා ඒ දවස්වලම... ගහපු එව්වා සීයකුත් හරි කාපු එව්වා එකකුත් හරි... උන හොඳ උනේ ඒ දවස්වලමයි... දැන්නම් කොක්කක් සෙට් වුනොත් වන්දා ස්ටයිල් එක දාලා හරි බේරෙනවා.. (ඒත් බැරිනම් චීටා තමයි ) ඇයි නිකන් අහිංසක ශරීරේ තලාගන්නේ... :)

    ReplyDelete
  6. අනිවා අනිවා.... එක පාරක් දෙපාරක් හොඳ හෝටල් වලින් මතක හිටින්න කෑවට පස්සේ නිකම්ම උණ බහිනවා. දැන්නම් වලියක් දැක්ක ගමන් මාරු වෙන එක තමයි අපිත් කොරන්නේ...... :)

    ReplyDelete
  7. ඒ ඒ කාල වල බහින ගැන්සි තාම තියෙනවනම් දැන් බස් ස්ටෑන්ඩ් වල සෙනගට ඉන්න ඉඩක් නැති වෙනවා. අවු 50, 60 ගැන්සි පිරිල තියෙයි..

    ReplyDelete
  8. හිකිස් . . . අඩේ ඔන්න බලපං . . . ගහපුව කියනවට වඩා ආතල් නෙමේද ගුටි කාපුව කියද්දි . . . ???? උඹට කියන්න ගොඩයෝ . . . මට මේ දැං තව ගුටි කාපු සීන් එකක් මතක් උනා . . . . හිටාංකො හෙට අනිද්දම දාන්න . . . . .
    ඒක නෙමේ . . . ??? ගුටිකාල ගෙදර යද්දි ගෙදර කස්ටිය හෙම අහන්නැද්ද රූපාන්තරනෙට හේතු ???

    ReplyDelete
  9. ඕනය මුලින් පටන් ගත්තෙ ගහපුවා කියන්න, ගහපුවට වඩා කොහොමත් ඉතින් ගුටි කාපුව වැඩි නිසා, ගුටි කාපුව කියන්න පටන් ගත්ත. ගොඩයො උඹ ඕනයගේ රැල්ලට අහු වෙලා, ආයෙ එහෙම ගුටි කාපු කතා ලියන්න එපා.
    විහිලුවට එහෙම කිව්වේ, ඒ කාලේ ගුටි කනකොට හෙන ලැජ්ජ වුනාට, දැන් කියන කොට හෙන සොමි.
    තාරක ගේ කතාව "අවු 50, 60 ගැන්සි පිරිල තියෙයි බස් ස්ටෑන්ඩ් වල" කිව්ව එකටත් බකස් ගාල හිනා ගියා.

    ReplyDelete
  10. @ තාරක - හේ හේ හේ හේ...... අනේද කියන්නේ මචං. ඒ කාලේ ටවුන් එකේ යතුර භාර දීලා තිබ්බේ ඔය ගැන්සිවලටනේ. උදේම ඇවිත් ටවන් එක අරිනවා. ටවුන් එකේ ඔක්කොම ගෙවල් වලට ගියාට පස්සේ ටවුන් එක වහලා ගැන්සිය ගෙදර යනවා. මයේ හිතේ වයසේ වැරැද්ද....

    @ ඇන්ඩයියා - ආයෙත් අහලා. ඒ කාලේ ගුටි කද්දී නම් තරු පොකුරු පොකුරු පනින්නේ. දැන් මතක් වෙද්දී නම් හිනා අහුරු අහුරු.... ගුටි කනකොට ගොඩක් වෙලාවට මූණ කවර්. ඔය අත පය තැලුනට පේන එකක්යැ... මූණ කචල් වුනොත් ඉතින් කියන්නේ සෙල්ලම් කරන්න ගිහින් වැටුනා කියල තමයි... හික්ස්......

    @ ඔබා මාමා - හේ හේ හේ හේ..... ඒ රැල්ලත් නරකම නෑ. මාර ආතල් ඒ කාපු කෑම මතක් වෙද්දී..... අර කිවත් වගේ ඒ කාලේනම් පොලව පලාගෙන යන්න හිතෙනවා ගුටි කාපුවා ගැන අහද්දී එහෙම...

    ReplyDelete
  11. අම්මෝ .. මෙන්න ගුටි පුජා තරඟයක් යනෝ.. තව කී දෙනෙක් ඉන්නවද එකතුවෙන්න ?

    ReplyDelete
  12. ජයියා . . . තව අඩු උඹ විතරයි . . . . .
    ඔබා ගුටි කාපුවනං අපි දන්නවනෙ . . . .

    ReplyDelete
  13. ජය්යා අයියා තාමත් හැමදාම හවසට හවසට ගුටි කනවයි කියලා ආරංචියි...ගෙදරින්...

    ReplyDelete
  14. ජයියා අයියේ.... ඔන්න උඹ මෙච්චර කාලෙකට ගුටි කාලා නෑ එහෙම කියන්න ලැහැස්ති වෙන්න එපා. උඹ ඔලුවෙන් හිටගෙන එහෙම කීවත් මම නම් විශ්වාස කරන්නේ නෑ...... :)

    ReplyDelete
  15. අනේද කියන්නේ...
    ඇයි ඔය ටවුන් එකේ වැඩ ඔක්කොම ටික කරල වෙලාවක් තිබ්බොත් පන්ති යන කට්ටිත් ඉන්නවනේ....

    ReplyDelete
  16. අපෙ අපේ.. බොම දරුනු මාතෘකාවක්... ඔනි තරම් මයෙත් ඉතිහාස කතා ඇති අප්ප ඔය වගේ.. හක් හක්... එලැ ඈ..

    ReplyDelete
  17. @ තාරක - හේ හේ හේ හේ...... මම නම් ඕවා ගැන කතා කොරන්නේ නෑ..... :D
    \

    @ සුළඟිල්ල - දරුණුයි නම් තමයි ගුටි කද්දී.......... ඒත් මතක් වෙද්දී නම් පට්ට ෆන්.... :D

    ReplyDelete
  18. මචෝ, ඉස්කෝලෙ යන කාලෙ සිද්ධි තව ලියපන්.

    ReplyDelete
  19. ගුටි කාපු නැති කොල්ලෙක් ඉන්නවා නම් ඒ පින්තුරයක වෙන්න ඇති.. මම හොඳ කෑමක් කෑවා මගේ මචම හින්දා. එසෙම්බ්ලි එකේදී පස්සෙන් හිටි එකෙක් උගේ කකුල අතගෑවා. ඉතින් එසෙම්බ්ලි ඉවරුනාම ඌට නෙළුව.. බැලින්නම් උගේ බජාර් එක වටේ.. දහයක් විතර .. කියන්න ඕන නැහැනේ උන දේ.. හැබැයි දුක නැහැ. මොකද අරුට හොම්බෙන් යනකම් ගැහුවට පස්සෙයි උගේ උන් ආවේ.. ඕකෙන් පස්සේ අපේ උනුයි උගේ උනුයි අතරේ පුංචි යුද්දයක් ගියා.. අපේ හිටිය එළකිරි සර් කෙනෙක්.. එයා තමයි සමාදාන කලේ..
    ඔය පාර විතරයි මන් කාල තියෙන්නේ. ජීවිතේට දෙපාරයි වළි දාගෙන තියෙන්නේ. අනිත් පාර එකෙක් මට අම්මට *** කිවුව. ඌට නොගැහුවා නම් මං කොහොමද කන්නාඩිය ඉස්සරහට ගිහින් ලජ්ජා නැතුව මගේ මුණ බලන්නේ. උගේ දතක් අඩුකරලා දුන්නා..
    අපේ හාමිනේ කොහෙද බන් මට ගහන්නේ.. එයාගේ ලොකුම ආයුදේ තමයි හොස්ස එල්ලගෙන ගේ ඇතුලේ හයියෙන් එහාට මෙහාට යනඑක.. පොඩ්ඩි කියන්නේ ඔන්න ඇම්බ්යුලන්ස් එක එනවා අයින් වෙන්නෝ කියල..

    ReplyDelete