Sunday, July 10, 2011

ලෝකාන්තයට තව පොඩ්ඩයි - 2 කොටස ( වෙරි සමඟ ක්‍රිකට් )

2 කොටස කියලා ලියන්න පටන් ගත්තට ඇත්තටම මේක තමයි අන්තිම කොටස. තවත් කොටසක් ලියන්න තියාගන්න බලාපොරොත්තුවක් නෑ. කලින් පොස්ට් එක 1 කොටස  කියලා දාපු නිසා මේකට 2 කොටස කියලා දානවා. අනිත් කාරණය ඔය ඔබා මාමා, ඕනයා වගේ ඇල්කොහොල් ඇලජික් උපාසක මහත්තුරු ඉන්නවා නම් කරුණාකර මෙතනින් එහාට කියවන්න එපා....  ලොල්.........

කලින් පොස්ට් එක නැවතුනේ ලොරියා කරගත්ත වින්නැහිය ගැන කියලනේ... අනේ ඔන්න ඉතින් ලොරියගේ  කබරයා පාර යන අතරේ අපි නුවරඑලියට කිට්ටු කරා....  ආතල් අතරේ ලොරියාවත් බලා කියාගන්න ස්වේච්චාවෙන්ම යහපත් මානසික මට්ටමෙන් හිටපු අපේ උන් දෙන්නෙක් ඉදිරිපත්වුනා. අනිත් අයත් අතරින් පතර ඌ ගැන හොයාබලමින් නුවරඑලිය නගරයට සේන්දු උනා. මතක හැටියට ඒ වෙද්දී දවල් 12ට විතර. වාහනය නැවැත්තුවා රේස් කෝස් පිට්ටනිය කිට්ටුව පාර්ක්‌ එකෙන්. කොහේ යන්නත් කලින් ලොරියව කෙලින් කොරගන්න එපායැ.... නැතුව ඉතින් මූ කොහෙද ලොකාන්තේ යන්නේ.... කට්ටියම එතන නැවැත්තුවේ ඌට උවමනා බෙහෙත් ගන්න සහ කෑම ගන්න. උදේම දවසටම ඇති වෙන්න බීම ගත්තට කෑම ගැන වගක් තිබුනේ නෑනේ....  දැන් කන්න ගන්නේ මොනවද කියලා කට්ටිය සාකච්චාව. ඔය අතරේ අපේ කීපදෙනක් එලියට බැහැලා නුවරඑළියේ සුවය විඳිනවා. නුවරඑලිය පැත්තේ කරක් ගහපු උදවිය දන්නවා ඔය රේස් කෝස් පිට්ටනිය කිට්ටුවමයි නගර සභාවයි, නගර සභා පිට්ටනියයි තියෙන්නේ. අර එලියට බැහැලා නුවරඑලි හුලං වැදි වැදී හිටපු අපේ අයගේ ඇහැ ගියා ඔය නගර සභා පිට්ටනියට.  අපේ ගුරයි අපියි කන්න ගන්න දේවල් ගැන කතා කර කර ඉන්න අතරේ අරුන් ටික ආවා. " අයියේ මේ ග්‍රවුන්ඩ් එක පට්ට. මෙතන ගහමු ක්‍රිකට්. මොන ලොකාන්තේද ? මෙහෙම ආතල් එකක් ගන්න වෙන්න නෑ. ගිහින් බලන්නකෝ ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා ? "  අපේ ගුරත් ක්‍රිකට් පිස්සෙක්. ආයේ මොනවත් කතා නෑ " එහෙනම් ක්‍රිකට් ගහමු.  මල්ලි කෑම ගන්න දැන් යන්න ඕනේ නෑනේ. තව බෝතල් දෙකකුත් තියනවා, වෙරි පිටම ක්‍රිකට් ගහමු. ඒකත් පට්ටම ආතල්නේ". ඔන්න දැන් සෙට් එක තීරණය කරලා ඉවරයි ක්‍රිකට් ගහන්න. ඔන්න දැන් ලොරියාගේ ප්‍රතිකර්ම ගැන මතක නෑ...  අනික ලොරියත් වීරයා වගේ කිවා අවුලක් නෑ, ලොකාන්තේ යන්නේ නැත්නම් ඌත් ක්‍රිකට් ගහන්න එනවයි කියලා... උගේ ආසාවනේ.. අපිත් මුකුත් කිවේ නෑ.

එතන හිටපු උන් ගොඩදෙනෙක් මාත් ඇතුළුව ලොකාන්තේ කීප පාරක්ම ගිහින් තියනවා. ඉතින් ආයෙත් ඔතනට ගියා කියලා අමුතු ආතල් එකක් අපිට නෑ... ඒ නිසා අපි ඔක්කොම ක්‍රිකට් ගැහිල්ලට මනාපෙ දැම්මා. ඒ අස්සේ දෙන්නෙක් නහයෙන් අඬනවා " අඩේ මොකක්ද බං.. ලොකාන්තෙට තව පොඩ්ඩයි...  ඒ ටිකත් යමංකො... අපි දෙන්නා ගිහින් නෑ බං". ඒත් දෙන්නා තේරුම් ගත්තා කියලා තේරුමක් නෑ කියලා. අනිත් සෙට් එකම ක්‍රිකට් ගහන්න ලැහැස්තිය... ලොරියා විතරක් කිසි සද්ද බද්දයක් නැතිව පාඩුවේ.....   අපේ පුරුද්ද තමයි කොයි ලෝකේ ගියත් බැට් දෙකකුයි, විකට් කණු 3යි දාගෙන යන එක.. බෝලයක් නම් මගින් ඕනේ වෙලාවක ගන්න බැරියෑ...  ඔන්න දැන් කස්ටියම ක්‍රිකට් ගහන්න සූදානම. කෑම ගන්න එක පැත්තකින් තියලා තුන් හතර දෙනෙක් ගියා බෝලයක් ගේන්න. අපි කට්ටිය  අවශ්‍ය අඩුම කුඩුම අරන් ග්‍රවුන්ඩ් එකට ගියා. ලොරියත් ක්‍රිකට් ගහන්න එනවා කියපු ලැජ්ජාව නිසා අමාරුවෙන් අමාරුවෙන්  අපේ පස්සෙන් ග්‍රවුන්ඩ් එකට ආවා. ඔන්න විකට් කණු හිටවලා කට්ටියම බොලේ එනකම් බලාගෙන ඉන්නවා. ඒ අස්සේ නගර සභාවේ මනුස්සයෙක් ඇවිත් කොක්කක් දැම්මා... බුක් කරන්නේ නැතුව ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න බෑ කියලා. පස්සේ අපේ ගුරු අයියා ගිහින් ගානක් ගෙවලා හවස 5.30 වෙනකම් පිට්ටනිය අපිට අයිතිකරගෙන ආවා.  ඔය අස්සේ ඈත තියන ඉවුරකට හේත්තු වෙලා මොකක්ද එකෙක් අත උස්සගෙන ඉන්නවා.... අර පන්තියේ නම් ලකුණු කරන කොට අත උස්සනවා වගේ. ටිකක් අපේ ලොරියා වගේ.. ඌත් අමාරුවෙන් අපි පස්සෙන් ආවනේ.. බැලින්නම් ඌ තමයි... වෙරි මරගාතේ කොහේහරි යන්න ගිහින් යන එන මං නැතුව මිනිහා ඉන්නවා. අතක්  වනන්නවත් පණ නැතුවද කොහෙද අත උස්සගෙන. අපේ හදිසි විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වා මිනිහට මොනවාහරි කරන්න කියලා. මොනවාද ඉතින් දෙන්නා ගිහින් ඌව බස් එකේ හොඳ වමනේ දාන්න එහෙම පහසු තැනක් බලලා සතපවලා ඇවිල්ලා. ලොරියාගේ ජවනිකාව එතැනින් නිමි....   
මෙන්න මේකයි ඔය කියපු ග්‍රවුන්ඩ් එක 

ඔන්න දැන් බෝලත් ගෙනාවා. කට්ටිය පිල් දෙකකටත් බෙදුනා. ක්‍රිකටුත් ගසා ඇත. ඒත් එදා තමයි නියම ක්‍රිකට් ගැහුවේ..  පන්දු යවන අන්තයේ කඩුල්ල ගාව බෝතලෙයි, කොකාකෝලා එකයි, බයිටුයි. මොකද ඕවර් එකක් දාපු ගමන් කට්ටියට වෙරි බහිනවා. ඉතින් ඕවර් එකක් දාපු එකා එතනින් යනකොට එකක් අරගෙන ඕවර් එක දාන්න කලින් හිටපු තත්වයට ඇවිල්ලා තමයි යන්නේ... අප්පා අන්න ක්‍රිකට්....  එකෙක් දෙනෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොම වෙරි පිට. අර සිහියෙන් හිටපු උන්ගේ මොලේ අවුල් වෙලා වෙරි උන් කරන වැඩ දැකලා. ඒත් වෙරි පිට සෙල්ලම් කරපු උන් තමයි හොඳම ආතල් ගත්තේ...  එකෙක් ආවා බෝල් කරන්න. ඇවිල්ලා බෝල් කරන පැත්තේ විකට් එක ලඟට වෙලා කල්පනාව. ඉවසලා බැරිම තැන ඇහුවා මොකද කියලා. " අඩේ විකට් එකට කණු තුනයි නේද බං ? ඒත් මේ විකට් එක වැටක් වගේ පෙන්නේ මොකද ??? " ඔන්න ඌට තිබ්බ ප්‍රශ්නේ. තව එකෙක් බොලේ අරගෙන  " අඩේ මම කොයි කනුවටද බොලේ දාන්න ඕනේ " එක එකාට එක එක ප්‍රශ්න. අනිත් එක බුල් ලෝකයයි. ගහන උනුත් බුල් කෙලිනවා. බෝල් කරන එවුනුත් බුල ගහනවා, රකින උන් ඒ දෙගොල්ලන්ටම එහා...  හය හතර එහෙම යන්නේ හැකියාවට නෙවෙයි. වයිඩ්, නො බෝල් එක ඕවර් එකකට හයට වැඩියි. අපි ගහපු ක්‍රිකට් දිහා සිහියෙන් බලාගෙන හිටියනම් මොකක් හරි ආයේ ජීවිතේට ක්‍රිකට් බලන්නේ නෑ ෂුවර් එකටම.  රකින උන් වැනි වැනි බොලේ පස්සේ දුවද්දී අපිට පෙරලි පෙරලි හිනා... උන් අපිට හිනා වෙනවා, අපි උන්ට හිනා වෙනවා. කොහොම හරි උඩ පන්දු එහෙම ඔහේ අත අරිනවා... අපේ එකෙක් බැරිම තැන උඩින් එන බොලේ අල්ලන්න බැරි නිසා හතර යන එක නවත්තන්න හිතාගෙන බොලේ එන දිහා බලාගෙන බිම වාඩි උනා. මොකද උඩින් ආවට ඕක බම්ප් වෙලා බිම දිගේ යද්දී නවත්ත ගන්න පුළුවන්නේ...  අනේ උගේ කරුමෙට බොලේ ඌ හිටියට වඩා ගොඩාක් ඉස්සරහින් නැවතුනා. බොලේ එනකම් බලාහිටියට වැඩක්යැ... අයෙත් අමාරුවෙන් නැගිටලා බෝලෙට බැන බැන වැනි වැනි බොලේ ගන්න යද්දී අරුන් දෙන්නා හතරක් දුවලා ඉවරයි....  අම්මෝ එදා ඇඟම රිදුනේ ක්‍රිකට් ගැහුව අමාරුවට වඩා හිනා වෙච්ච අමාරුව නිසා... මිට කලින් වෙරි ක්‍රිකට් ගහලා නැත්නම් ට්‍රයි කොරලා බලන්න.... පට්ටම ආතල්.....  ඔන්න මම බොන්න කියලා එහෙම කියනවා නෙවෙයි...  ඔය අමද්‍යප මහත්තුරු එහෙම කොරන්න ඕනේ නෑ..  බොන උන් ඉන්නවා නම් බීලා ක්‍රිකට් ගහලා බලපල්ලා.....  අනිත් උන් බීපු උන් ක්‍රිකට් ගහනවා බලපල්ලා.... දෙකම ආතල්.......   වෙරි පිට ගහපු උන් දන්නවා රගේ...   කට්ටිය ක්‍රිකට් ගහල කනකොට හවස 6යි...  එතකොටත් ලොරියා කෙඳිරිගානවා. හැබැයි  ඒ බීම තමයි ලොරියාගේ පලවෙනි හා අන්තිම බීම... ඊට පස්සේ නම් ඌට " බො " ඇහෙද්දීත් මල පනිනවා....  අන්තිමට ඉතින් සියල්ලෝම සතුටින්  නුවරඑළියෙන් ශේප් එකේ පල්ලම් බැස්සා...

10 comments:

  1. පිස්සු හැදෙන ක්‍රිකට් ගහිල්ලක් නේ. නුවරෑළියේ ඔය පිට්ටනිය තියෙන එක මරු. අපිත් දවසක් හවස ඔහොම සෙල්ලම් කළා. බෝල් දාන්න පුලුවන්. හයක් ගැහුවම බෝලේ කොහාට්ටද ගියේ කියලා හොයන්න බෑ. ඒ තරමටම මීදුම !!!!

    ඒ උනාට පට්ටම ආතල් වැඩ තමයි. මට කියපු කතා වලින් හිතාගන්න පුලුවන් කෝම ආතල් එකක් ගන්න ඇද්ද කියලා. :)

    ReplyDelete
  2. පේරාදෙනිය කැම්පස් එකේ තියනව මැච් එකක් "ටොඩිය" කියල. අනිත් කැම්පස් වල තියනවද කියල දන්නෙ නෑ . . . දන්න එකෙක් ගෙං විස්තර විමසපං . . . .උඹ කියපු මැච් එකට වඩා ඒක ඇඩ්වාන්ස් වෙන්නෙ . . . . මුලු දවසම බැට් කරන්නෙ සින්නො නිසා. උං අවුට් උනොත් ඒක නෝ බෝල්. . . . හවස් වෙද්දි කෂිය කලවං රා ගහල කට්ටියම හාන්සියි.

    ReplyDelete
  3. @ඕනයා :
    ඔය ටොඩියට දවසක් මාත් ගියා. මට මතකයි එක අවුරුද්දක් සයන්ස් එකයි අපියි කෙලගත්තා. ඒකත් ඔය රා කට්ටක් හින්දා. අම්මෝ ඒකෙන් පස්සේ තාම තරහයි සයනොත් එක්ක !!!!!

    ReplyDelete
  4. ඔන්න ඔහොමයි ක්‍රිකට් ගහන්න ඕනේ. දිනුවත් එකයි පැරදුනත් එකයි ජොලියේ ඉන්න.. මන් මේ බීම අනුමත කරනවා එහෙම නෙවෙයි ඔන්න..
    බීම නම් නරකයි එකේ දෙකක් නැහැ.. ටිකක් ගත්තත් ගොඩක් ගත්තත්..කාටවත් වරදක් නොවෙන තමුන්ටත් වරදක් නොවෙන වෙලාවට එහෙම තැනදී ලඟම මිත්රයොත් එක්ක මාත් ටිකක් අනුමත වෙනවා.. බොරු කියන්නේ මොකටද ? හැබැයි ඉතින් කල්පයකට එක වතාවක්.. ඒ මොකද මට ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු මිත්‍රයෝ සන්ක්යාවක්නේ ..

    ReplyDelete
  5. ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන්න ඇති.

    ReplyDelete
  6. @ මධුරංග - අනිවා..... ඒ තැන නිසා තමයි ආතල් එක උපරිම වුනේ.... ඒ වෙච්චි ඒවා වචන වලට පෙරලලා ලියන්න තේරෙන්නේ නෑ බොලව්..... හේ හේ හේ....

    @ ඕනයා -මම කැම්පස් එකේ ටෝඩියකට නම් සෙට් වුනා. හැබැයි මැච් එකක් නෙවෙයි.... පැදුරක්... මගේ පන්තියේ හිටපු උන් හම්බ වෙන්න කැම්පස් එකට ගිය වෙලාවේ සෙට්වුනේ... එතන වෙච්ච දේවල් හැටියට හිතාගන්න පුළුවන්..... හාස්‍යජනක සටන් සමඟ ඉල ඇදෙන ත්‍රාසජනක විහිළු...... හේ හේ හේ හේ....

    ReplyDelete
  7. @ ලංකාප්‍රිය අයියා - ඒක නම් ඇත්ත... මමත් කැමති නෑ යාළුවො එක්ක සෙල්ලම් කරද්දී සීරියස් අරගෙන මරාගෙන සෙල්ලම් කරන්න. ඒකෙ කිසිම ආතල් එකක් නෑ.... සැහැල්ලුවෙන් සෙල්ලම් කරද්දී මාර ෆන්.... අනික මෙහෙම සෙල්ලම් කරද්දී එක එකා කරන ඒවා බැලුවහම ඊටත් වඩා ෆන්.... අපිත් ඉතින් අපේ ෆිට් එකක් එක්ක ට්‍රිපක් එහෙම ගියහම තමයි ඉතින් මොනවා හරි කරන්නේ ??? හික්ස්


    @ පිණිබිඳු - මොන ප්‍රේක්ෂකයෝද අනේ අපි ගහන ක්‍රිකට් වලට ???

    ReplyDelete
  8. අම්මෝ....මේකනේ කතාව.
    බි.පේ.සි//.........
    මටත් දවසක් කෝල් එකක් ආවා ගාල්ලේ සමනල පිට්ටනියට වරෙන් කියල සෙල්ලම් කරන්න.උදේ 9.00ට විතර යනකොට කට්ටිය සෙල්ලම් කර කර ඉන්නවා.
    ගහන ගහන එක කැච්.
    පස්සෙ 11.00ට විතර කට්ටිය හලා ගත්තා.ඔන්න පුතේ ක්‍රිකට්.ගහන ගහන ඒවා කොටු තාප්පෙත් වැදිලා ත්මයි නැවතුණේ.තෙලේ බලේ.(සැ.යු-සමනලේ ගහද්දි කොටු තාප්පෙට වදින්න ගහනව කියන එක හෙන ලොකු වැඩක් හරිය..)

    ReplyDelete
  9. @ පිසාචයා - මල්ලි උඹ එතන ඉන්න තිබ්බේ. බි.පෙ.සි නෙවෙයි හිනා කාලා මැරෙනවා.... මොකද සිහියෙන් හිටපු උන්ට ආතල් ඩබල්... තෙලේ බලේ ගැන නම් ආයේ කතා ඕනේ නෑ......

    ReplyDelete
  10. කියවල මෙච්චර ආතල් නම් එතන කොච්චර ආතල් තියෙන්න ඇද්ද

    ReplyDelete