Monday, November 14, 2011

මඟුල් ගෙවල්........


ඕනේ මඟුලක් කියලා ඔන්න කියන්න හදන්නේ මඟුල් ගැන. මම ලියපු අයියා අපේ නෑදෑයෙක්ද? පෝස්ට් එකෙත් මම කීවනේ උසස් පෙල ඉවර වෙලා මම එක එක ජාතියේ රස්සා කරපු විත්තිය. ඔය රස්සා අතරේ හරිහමන් ගානක් අතට ලැබෙන වැඩකට කලේ විවිධ උත්සව අවස්ථා රූ ගත කරන එක. වැඩියෙන්ම ලැබුනේ විවාහ මංගල්‍ය රූගත කිරීම් තමයි. ඒ දවස්වල ඉතින් නිතරම මඟුල්. මඟුල් දැකලම එපා වෙලා හිටියේ. ඔය වැඩ වලට ගියහම හරි හරි වැඩ වෙනවා. මතක් වෙද්දි හිනා කාලා මැරෙන ඒවා වගේම දුක හිතෙන සිද්ධිත් තියනවා. ඒ වගේ සිද්ධි දෙක තුනක් ලියන්න හිතුනා අද. මීට කලින් මම සිද්ධි දෙකක් අන්තිම පේලියට ලීවා.
1. මාර මඟුල්
2.කෙල්ලොද කොල්ලොද ???
වෙලා තියන සිද්ධි නම් අනන්තයි අප්‍රමාණයි. මතක් වෙන වෙලාවට ලියන්න වෙලාවක් නෑ. ලියන්න වෙලාවක් තියනකොට  මතක් වෙන්නේ නෑ. අද ඔය දෙකම එකට පත්තු වුන නිසා ලියනවා.

ඔන්න දවසක් මමයි ගැමුණු අයියයි ( ගැමුණු අයියා තමයි මට ඉස්සෙල්ලාම කැමරාවක් අතට දීලා වැඩ ඉගෙන ගනින් කියපු මනුස්සයා. මිනිහත් එක්ක තමයි වැඩ කරේ. ) ගියා වෙඩිමකට. උදේ අන්දන ඒවා, නෑදෑයින්ට කතා කරන ඒවා, ඕවා මේවා ඉවර වෙලා ආවා  මඟුල් ගෙදර වැදගත්ම අවස්ථාවට. පෝරුවේ චාරිත්‍ර කියන්නේ වැදගත්ම අවස්ථාවනේ. ඔන්න දැන් මනමාලියි, මනමාලයයි දෙන්නා පෝරුව දෙපැත්තට වෙලා නැකත් වෙලාව එනකම් බලාගෙන ඉන්නවා පෝරුවට ගොඩවෙන්න. අපි දෙන්නට පොඩි ප්‍රශ්නයක් ඒ වුනාට. මොකද සාමාන්‍යයෙන්  අපි පෝරුවේ ඉස්සරහ ඉඳන් බලනකොට මනමාලි පෝරුවට ගොඩ වෙන්නේ දකුණු පැත්තෙන්, මනමාලයා වම් පැත්තෙන්. ඔය කරුණු කාරණා කියලා දෙන්න ඕනේ අර පෝරුවේ චාරිත්‍ර කරන්න එන මනුස්සයා. එහෙම මනුස්සයෙක් ඇවිල්ලත් ඉන්නවා. අපි ඔය පෝරුවේ වැඩ කරන්න එන ඈයොත් එක්ක ගනු දෙනු කරන්නේ හරිම පරිස්සමින්. මොකද ඒ අය අපිත් එක්ක හරහටමයි. විඩියෝ කරන්න දෙන්න නැතුව එහෙට මෙහෙට වෙනවා. කොහොම හරි පොඩ්ඩක් හරි අපේ වැඩේට බාධා කරනවා. ඒ වෙලාවට ඉතින් එයානේ ලොක්කා.  ඒත් අපි දෙන්නට හරිම ප්‍රශ්නේ? මේ මනුස්සයා ඇයි මේ වැරැද්ද හදන්නේ නැත්තේ කියලා. කොකටත් ජායාරූප ශිල්පියාගෙනුත් ඇහුවහම මිනිහා කීවෙත් දෙන්නා මාරු වෙන්න ඕනේ කියලා.

මොනවා වුනත් හරි නෑනේ. ඒ නිසා මම ළඟට ගිහින් " මහත්තයා, පෝරුවට නගිද්දි මනමාල මහත්තයයි මනාල මහත්මියයි නගින්න ඕනේ අනිත් පැත්තෙන් නේද ?" කියලා බොහොම ගරු සරු ඇතුව ඇහුවා. මේ මනුස්සයා මගේ දිහා බලලා " ආ එහෙමද මල්ලි? හරි හරි එහෙනම් එහෙම කරමු" කියලා " ඔය මනාල මහත්තයා මේ පැත්තට ඇවිල්ලා මනාල මහත්මිය අනිත් පැත්තට යන්න. ගොඩ වෙන්න ඕනේ අනිත් පැත්තෙන්" කියලා අර ජෝඩුවේ ටැපලිල්ල හරි ගැස්සුවා. ඔන්න දැන් කට්ටිය අර මනුස්සයාට වෙලාව මතක් කරද්දි ඒ මනුස්සයත් ඕනේවට එපාවට වැඩේ කරගෙන යනවා. අපිට කිසිම සද්දයක් දැම්මේත් නෑ. අපේ වැඩේට කිසිම කරදරයකුත් නෑ. ඔහොම  ගිහින් ස්ත්‍රෝත්‍ර කියන තැනට ආවා. ඔය ස්ත්‍රෝත්‍ර කියන වැඩේ බොහොම ගරු සරුවට සද්දේට කියන දෙයක්නේ. ඔන්න මේ මනුස්සයා කලිසම් සාක්කුවෙන් දෙකට තුනට නවපු කෑලි ගිය පොතක් ඇදලා ගත්තා. අර හෝල් එකේ තිබ්බ ක්‍රොන්ක්‍රීට් කණුවකට හේත්තු වුනා. දැන් අර පොත දිග ඇරගෙන ඔහේ කියාගෙන යනවා. අපිට හොල්මන්. මගේ ජිවිතේටම එහෙම  සිද්ධියක් දැක්කමයි. මඟුල් ගෙදර ආපු හැමෝගෙම මූණු දෙක වුනා. මනමාලිගේ සහ මනමාලයාගේ මූණුත් හතරැස් වෙලා. ඇත්තටම ඒ දෙන්නගේ ජිවිතේ වැදගත්ම දවසේ ඒ දෙන්නට ආශිර්වාද කිරීමේ අරමුණෙන් කරන්න ඕනේ දේ උඹලට ඕනේ නම් අහගනින්, නැත්නම් පලයන්  වගේ හැඟීමක් එන්න කීවහම ඒ මිනිස්සු දෙන්නට මොනවා හිතෙන්න  ඇත්ද? කොහොම හරි මේ කෝලම ටිකක් වෙලා බලාහිටපු නෑදෑයෝ අර මනුස්සයට කොක්ක ඇදලා වැඩේ නවත්තලා දැම්මා. මොකද ඒ කියාගෙන ගිය විදිහ බලා ඉන්න බැරි තරම් අශෝභනයි.  කොහොමහරි පෝරුවෙන් බහින තැනට එද්දි හැමෝගෙම සතුටු මූණු මැල වෙලා.

තව දවසක් මඟුල් ගෙදරක ගියා. උදේම ගියාට අර මල් පොකුරු මාරු කරගන්න සිද්ධි එහෙම වීඩියෝ කරගන්න වෙලාවක් උදේ තිබුනේ  නෑ. ඒ නිසා ඒ අවස්ථා ටික දවල් කෑමෙන් පස්සේ ගන්න කතා කරගත්තා. ඔය මඟුල් ගෙවල්වල නැකැත් ප්‍රශ්නේ නිසා අපි නිතරම ඔය වැඩේ කරනවා. මොකද ඔය නැකත් කලබල අස්සේ ඕවා කරන්න ගියහම අපිට බැනුම් කෝටියයි. සමහර වෙලාවට පස්සේ ඔය සිද්ධි ගන්න ගියහමත් හරියට ලෙඩ. අර මල් කුමාරියන්ට කුමාරයන්ට ඉන්න උන්ට දවල් වෙද්දි එපා උනහම සුකුරුත්තන් ඇඳුම් ගලවලා හතර අතේ දුවනවා. සමහරවෙලාවට දෙවනි මනමාලයෝ හොයාගන්න නෑ. එදා තිබ්බ මඟුල් ගෙදර අමද්‍යප එකක්. ඒ නිසා වැඩි අවුලක් නෑ කියලා හිතාගත්ත. කෝකටත් අපි දෙවනි මනමාලයෝ දෙන්නට කීවා දවල් කෑමෙන් පස්සෙ ඒ දෙන්නව වීඩියෝ වැඩේට ඕනේ කියලා. ඔන්න ඉතින් කලබල අස්සේ දවල් කෑම වෙලාවටත් ආවා. ඒ සිද්ධියත් ඉවර වෙලා ඔන්න දැන් ජෝඩුවයි, අර පොඩි පැන්චොයි, පැන්චියොයි, දෙවන මනමාලියොයි, ඔක්කොමත් එක්ක ගියා කාමරේකට අවශ්‍ය දර්ශන ටික රූ ගත කරන්න. ඒත් මනමාලිට මල් පොකුර දෙන්නවත් දෙවනි මනමාලයෝ නෑ. උන් දෙන්නම අතුරුදහන්. කට්ටියම මඟුල් ගේ පෙරලගෙන මුන් දෙන්නව හොයනවා. කිසිම හෝඩුවාවක් නෑ. අපිටත් ඉතින් එන්න එන්නම මල උපරිම වෙනවා. ඔහොම පැය භාගයක් විතර යද්දි දෙන්නා වෑන් එකකින් ආවා තව සෙට් එකක් එක්ක. ටයි නෑ. කෝට් නෑ. කොටින්ම කීවොත් ඇඩ්‍රස් නෑ. දෙන්නා කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් කන සාක්කුවට වැටෙනකම්ම ගහලා. දෙන්නගෙන් එකෙක්ටවත් කෙලින් ඉන්න පණ නෑ. වෙරි එකෙත් හොඳම එක. මුන් දෙන්නට පොල් පෙති දෙකක් ගැට ගහලවත් කෙලින් කරගන්න බෑ. මොනව කරන්නද ඉතින්? මනමාලිගේ දුක් සෝ සුසුම් මැද ඒ ජවනිකාව අවලංගු කරන්න වුනා.

මම මේ සිද්ධි දෙකම කීවේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ ජිවිත වල වැදගත්ම අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරද්දි පොඩ්ඩක් දෙතුන් පාරක් හිතලා වැඩක් භාර දෙන්න පුළුවන්, වගකීමක් ගන්න පුලුවන් අයට ඒ වගේ වගකීම් භාර දෙනවා නම් හොඳයි. එහෙම නැතුව ආවට ගියාට තව කෙනෙක් කීවට කිසිම වැඩක්  භාර දෙන්න එපා. ඔය අන්දන කරන වැඩ, පෝරුවේ වැඩ, සැරසිලි, එතකොට ඔය දෙවනි මනමාල මහත්තුරු, නෝනලා. ඡායාරූප කටයුතු, ඔය මෙකී නොකී හැම පොඩි වැඩක්ම  භාර දෙනකොට හොඳට හිතලා මතලා පුද්ගලයෝ තෝරගන්න ඕනේ. මොකද අන්තිමට පොඩි අවුලක් ගියත් ඒකෙන් ලොකු මානසික පීඩනයක් ඒ වෙලාවට ඇති වෙනවා. ඒ වගේම අන්ත අසරණ වෙනවා. ජිවිතේ ලස්සනම දවසක් ඒ විදිහට ගත කරන්න කවුරුත් කැමති නෑනේ. ඒ නිසා ඔය පොඩි පොඩි දේවල් පවා හොඳට පිලිවෙලකට සැලසුම් කරන එක තමයි හොඳ. සමහර වෙලාවට ජෝඩුව පෝරුවට නග්ගලා තමයි සමහරු අවශ්‍ය කරන දේවල් හොයන්නේ. ඔය වගේ පොඩි පොඩි අඩු පාඩු අනන්තයි .ඒ නිසා කවුරුහරි තමන්ගේ ජිවිතේ ලස්සන දවසකට ලැහැස්ති වෙනවා නම්  ඒ දවස සහ ඒ කටයුතු හොඳ සැලසුමකට පිලියෙල කරන්න. හැම දෙයක් ගැනම දෙතුන් පාරක් හොයලා බලන්න. වගකීමක් ගන්න පුලුවන් අය ඒ කටයුතුවලට යොදාගන්න. එහෙම කරොත් ඒ ලස්සන දවස බොහෝම සතුටින් ගත කරන්න පුලුවන් වේවි.


35 comments:

  1. "මතක් වෙන වෙලාවට ලියන්න වෙලාවක් නෑ. ලියන්න වෙලාවක් තියනකොට මතක් වෙන්නේ නෑ"
    මට ඔය දෙකම කවදා එක වහලක් යටට ඒවිද දන්නේ නෑ අප්පා :(

    මොනවා උනත් කතාව ඇත්ත... මගුලක් කියන්නේ හැමදාම කොරන දෙයක් නෙමෙයි නේ....

    ReplyDelete
  2. බොහොම වටින කතාවක්. බඳින්න ඉන්න එව්වො අඩු ගානට හරි ලේසියට හරි කියල ඔය වැඩ පැකේජ් පිටින් දුන්නම තමයි මෙව්ව වෙන්නෙ. මොකද සමහර මැයි මාසෙ දවස්වලට ඉතින් ඉල්ලුමට අශ්ඨක කාරයො නෑනෙ!

    ReplyDelete
  3. අම්මෝ මතක් වෙද්දිනුත් පොළව පළාගෙන යන්න හිතෙන මාතෘකාවක් මේක. අපෙත් අදුරණ අයියා කෙනෙක් වෙඩින් එකට ෆොටෝ ගහන්න කියල මට කිව්වා. මිනිහට ඕන උනේ ගාන අඩු කරගන්න. මම ගහපුවාම ප්‍රින්ටින් කොස්ට් එක විත‍රනේ. මම ඉතින් මගුල් ෆොටෝ තියා මොන එකක් වත් ගහල තියෙන එකක්යැ. කොහොම හරි කැමරාවක් හොයාන බිම පෙරලි පෙරලි උඩ නැග නැග ෆොටෝ ගැහුවා. ෆොටෝ ටිකත් හොදම කොලිටියට වැදිලා. මමත් ඉතින් දෙයියනේ කියලා කැමරාවේ තිබ්බ ෆොටෝ ටික මැෂින් එකට දාලා කැමරාවේ තිබ්බ ටිකත් මකල කැමරාවත් ගිහින් දුන්නා.
    පහවුදා උදේ ෆොටෝ ටික පොඩ්ඩක් එඩිට් කරන්න කියලා මැෂින් එක ඔන් කළා මළ කෙයියෙත් හොදම මැසේජ් එකක් එනවා මෙහෙ bad sector on sector 25464 එතනින් පස්සේ තත්වය ගැන හිතා ගන්න එකයි තියෙන්නේ.
    ඒකටත් වඩා හොදම සීන් එක තමා මම ඕක කියන්න යද්දි වුනේ යද්දි මනමාලි ඉන්නවා මූණ පුල් අප්සට් කරන් බලද්දි මනමාලිගේ පැත්‍තේ ‍ෆොටෝ ගහපු පොරගේ කැමරාවේ චිප් එක ගිහින්. අවසානේ ඉතුරු වුනේ ස්ටූඩියෝ එකෙන් ගහපු එකම එක ෆොටෝ එක විතරයි

    ReplyDelete
  4. අර පලවෙනි එකේ අයියේ මාර වැඩක් නේ..එහෙම මනුස්සයෙක්ට එවගේ වගකිමක් තියෙන දෙයක් හොයලා බලලා නෙමේද දිලා තියෙන්නෙ..අර තිබ්බ සතුට නැති උනාම ආයේ බලෙන් ගන්නද එක..

    අප්පා මට නම් හිතා ගන්න බැ..එ වගේ හැමදාටම මතක තියෙන දවසක් චෝර උනොත් නම් කියලා වැඩක් නැ..

    ReplyDelete
  5. මගුල් ගෙවල් වල ඔහොම උනහම නම් සාටර්ම තමයි !

    ReplyDelete
  6. maru katha tika! aththatama hugak welawata wade kelawenne deveni manamalayoo athin thamai! :D

    ReplyDelete
  7. මගෙ වෙඩිමෙ වැඩ ටික නං . . . කිරි කිරි ටොයියට කෙරුනා . . . පොටෝ අයියල වද දුන්නෙත් නෑ, අශ්ඨක මාම කරදර කලෙත් නෑ . . . බීපු එවුං බරේ දැම්මෙත් නෑ . . .
    හොඳම එක . . ."ස්තූති කතා" එකක්වත් නෑ . . .

    ReplyDelete
  8. @ ගුලියා - ඔව් මචං, ඔය දෙක එකට ගැලපෙන්නේ බොහොම කලාතුරකින්. දුක තමයි ඉතින්. මයේ හිතේ මාස ගාණකින් උඹේ බ්ලොග් එකේ පෝස්ට් නෑ නේද???

    @ ඉන්දික උපශාන්ත - ඔව් ඉන්දික අයියා, සුළු ලාභයක් බැලුවා වගේ නෙවෙයි. ඒ වෙලාවට වැඩේ ගැස්සුනහම තමයි තරු පේන්නේ. එතකොට පරක්කු වැඩියි.

    ReplyDelete
  9. @ සුසන්ත - මචං පිනට ඔහොම වැඩක් කරලා ගැස්සුනත් පොඩි හරි ගැලවීමක් තියනවා. අපි ගාණක් අරන් ඔය වැඩේ කරද්දි තියන අවධානම කොහොමද? ඉස්සර මම වීඩියෝ එඩිටින් කරද්දි බැකප් තුනක් විතර තැන් තැන් වල තියනවා. ඒ කරලා වැඩේ ඉවර වෙලත් මාස 3ක් විතර යනකම් බැකප් එකක් තියාගන්නවා. ඔච්චර දේවල් කරලත් පොඩි පොඩි කාර්මික දෝෂ නිසා කාපු පරිප්පු එමටයි. තවත් දවසක ලියන්නම්කෝ ඒ වගේ සිද්ධියක් දෙකක්.....

    ReplyDelete
  10. @ නිමශා - ඒක තමයි මම කීවේ ඒ වගේ වැඩ භාර දෙනකොට හොඳට හොයලා බලන්න ඕනේ. සමහරවිට කවුරු හරි කියන්න ඇති මිනිහට පුළුවන් කියලා. අනික ඔය වැඩේට සමහඩෘ එන්නේ සල්ලි බලාගෙනම මිසක් ඒ වැඩෙන් අර ජෝඩුවට ආශිර්වාදයක්. යහපතක් සිද්ධවෙන එක ගැන හිතලා නෙවෙයිනේ.

    ReplyDelete
  11. @ වෙනි - වෙනි අයියේ සාටර් නෙවෙයි, ආයේ අර ජොඩුව හිතන්නේ උන්ගේ ජිවිතේම ඉවරයි කියලා. පව්... හොඳට හිතලා ඕවා ප්ලැන් නොකරහම ඔහොම වෙනවා.

    මාධව - ඔව් මචං. දෙවනි මනමාලයෝ වැඩ කාපු තැන් ඕනේ තරම් දැකලා තියනවා. ඒ වැඩේට සුදුසු මිනිහෙක්ව ගන්න ඕනේ...

    ReplyDelete
  12. @ ඕනයා - මම හිතුවා ඕනේ අයියා ඔහොම ඔක්කොම නෑ කියල කියාගෙන කියාගෙන ගිහින් මගේ මඟුලක් ගත්තෙත් නෑ කියලා කියයිද කියලා...... හික්ස්..... මොනව උනත් මොනවා වුනත් එහෙම වුනේ නෑ කියන එක ලොකු සැනසීමක්. ඔය ස්තූති කතා ගැන කීවහම මතක් වුනා තවත් මරු කතාවක්. මට පේන විදිහට මඟුල් ගෙවල් දෙවනි කොටසකුත් දාන්න වෙයි වගේ...... :D

    ReplyDelete
  13. අර මිනිහ අශ්ඨක කියල මොන කුනුහබ්බ කිව්වද දන්නෙ නෑ නේද. මල් පූජා කරන ගාතාව වත් කිව්වද?

    ReplyDelete
  14. හප්පා.. මටත් ඔකේ හොදම අත්දැකීම උනා.. ගිය අවුරුද්දේ.. අවුරුද්දක් තිස්සේ නටල නටල කොහොමහරි.. වෙඩිම ශේප් එකේ හොදට කරගත්තා.. කාට හරි උපදෙසක් ඕනි නම්.. දෙන්නම් බොක්කෙන්ම.. හොදම හොද අත්දැකීම් තියෙනවා මට.. විශේෂයෙන්.. ඔය අන්දන.. සැරසිලි කරන අය ගැන.. ඒ ගොල්ලත් එක්ක ගනුදෙනු කරන්න ගිහින් පුදුම කට්ටක් මං කෑවේ.. වෙඩින් එක ප්ලෑන් කරන එක නෙමෙයි කෙස් එක.. උන්ගේ බොරු වලට අහු නොවී සිටීම.. ඔය අෂ්ටක කියන එක කිව්වාම මතක් උනේ..හරිම පරිස්සමෙන් තෝරාගන්න ඕනි වැඩක්.. මේ ලගඳී මං ගියා වෙඩින් එකකට.. අෂ්ටක කියපු එකා පිස්සු නටන්නේ.. එකක් වත් හරියට කිව්වේ නැ.. බොරු කතන්දර කියා කියා.. කාලය යැව්වා.. චාරිත්‍ර සේරම මාරු කරලා කරේ..

    ReplyDelete
  15. අම්මෝ.. මගේ මගුල් ගෙදරනම් කිසිම කරදර බාද වලින් තොරව ඉවර උනා.. හැමෝගෙම කැපවීම එක්ක වැඩ ටික ලස්සනට කෙරුණා.

    ReplyDelete
  16. කතාව කියෝල මං හිතාගත්ත දේ.....'ආයේ ජීවිතේට කසාද නං බඳින්නෙ නෑ'

    ReplyDelete
  17. @ඔබ්සර්වර්:
    අනේ ** නන්නානේ . . . .

    ReplyDelete
  18. @ Ranjith -නෑ නෑ රන්ජා මාමා. පොර කියපු අෂ්ඨක ටික හරි. මොකද පොත බලාගෙනනේ කීවේ. හැබැයි බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ තමයි. ඒ වැඩෙන් සත පහක වැඩක් නෑ.

    ReplyDelete
  19. @ වසුන්දරා - ඔයාට කියන්න වසූ අක්කේ ඔය වගේ සීන් කෝන් අනන්ත තියනවා. ඔය හැම වැඩක්ම භාර ගන්න අය පොඩ්ඩක් අතින් දාලා කියනවා. ඒවා ඉතින් බිස්නස්නේ. අපි උනත් ඉස්සර අපේ වැඩ පොඩ්ඩක් වෙන්න වර්ණනා කරලා තමයි වැඩේ භාර ගන්නේ. හැබැයි එක වැඩක්වත් අනාගත්තේ නෑ. මොකද ඇනුවනම් ආයේ සොරිම තමයි. කටක් ඇරලා කියන්න බෑනේ වීඩියෝ එක නෑ කියලා. මොන කට්ටක් කාලා හරි වෙඩිම ශේප් එකේ හොඳට කෙරුනනේ. එච්චරනේ වෙන්න ඕනේ.

    ReplyDelete
  20. @ ක්සැන්ඩර් - ඔව් අයියේ, ඒවගේ උත්සවයක් සංවිධානය කරන්න ගොඩ දෙනෙක්ගේ උදව් සහ කැපවීම ඕන කරනවා. එහෙම වුනහම අන්තිමට හැමෝටම සතුටු වෙන්න පුලුවන්.

    @ Observer - ඔබා මාමට උත්තරයක් දෙන්නත් හදලා ඇන්ඩයියගේ කොමෙන්ට් එක දැක්කහම ඕනේ නෑ කියලා හිතුනා. අනේ ඕං මම මුකුත් කියන්නේ නෑ.

    ReplyDelete
  21. මොනා උනත් වෙඩින් එකක අන්තිමට ඉතුරු වෙන්නෙ ෆොටෝ ටිකයි වීඩියෝ එකයි විතරයි.

    ReplyDelete
  22. වර්ණනානම් කලාට කමක් නැ ගොඩයෝ.. ඊට වඩා දේවල් නේ වෙන්නේ.. මට වුන එක සිද්දියක් කියන්නද.. මං වෙඩින් එකට ගවුමක් මහන්න කියල.. ඔන්න එක්කෙනෙකුට බාර දුන්න.. ඒ වෙනකොට.. මගේ සාරිය සහ මගේ යෙහෙලියෝන්ගේ ඇදුම් මහන්න දුන්නේ වෙන කෙනෙකුට.. ඉතින් අර ගවුම මහන්න දීපු කෙනාගෙන් පොරේ.. අරවත් එයාටම ගෙනල්ල දෙන්න කියල.. මං ඉතින් මුලින් එක එක ඒවා කියා කියා හිටිය.. අරය රටේ ලෝකේ නැති කතන්දර කියනවා මට.. ලස්සනට කරන්න ඕනි .. අරහෙම කරන්න ඕනි මෙහෙම කරන්න ඕනි.. එක හින්ද ගෙනල්ල දෙන්න කියල.. කොහොමහරි වෙඩින් එකට මාසයක් විතර තියලත් මෙයා ගවුම මහන්නේ නැතුව බයිලා කියා කියා ඉන්නවා.. මං අන්තිමට කිව්වා.. එහෙම මට එක ඔයාට දෙන්න බැහැ.. මට අන්දන කෙනා එකට කැමති නැ කියල.. පස්සේ මෙයා කියනවා.. එහෙනම් මට ගවුම මහන්න බැහයිලු.. මොකද එයාගේ ඇදුම මං අදින්නේ දෙවෙනියට නේ.. පළවෙනියට අදින්නේ වෙන කෙනෙක්ගේ ඇදුමක් නේ .. ඉතින් එකට එයා කැමති නහයිලු.. ෆැෂන් ෂෝ එකක් වගේ.. අන්තිමට මං ඇඩ්වාන්ස් ගෙවල තියෙද්දිත් මෙයා ගවුම මහන එක ප්‍රතික්ෂේප කළා.. ඔය එක සිද්දියක් විතරයි..

    ReplyDelete
  23. පස්සෙ වසුන්දරා ගවුමක් නැතුවලු දෙවෙනි ගමන ගියෙ

    ReplyDelete
  24. @පිණිබිඳ - එතකොට කසාදේ?

    ReplyDelete
  25. මේක කියවනකොට මට අපෙ කොල්ලෙකුට ව්ච්ච දෙයක් මතක් උනා.. ඌ ලඟ කැමරාවක් තිබ්බ හින්දා ඌට එක මගුලක පින්තුර ගන්න සිද්ද උනා.. ඒ කාලෙ කැමරාවට ‍ෆිල්ම් රෝල දාන්න එපාය. ඒ මදිවට ෆ්ලෑශ් ගන් එකත් වෙනමයි තිබ්බේ.. ඕකට බැටරි දාන්නත් ඕනෑ.
    මේ යකා මනමාලයාගෙ පැත්තෙ හින්දා ඒ පැත්තෙ ඔක්කොම ගත්තා.. අනිත් පැත්තට ගියාම ඒ පැත්තෙන් ලැස්ති කරල තිබ්බ කැමරා කාරයා ඇවිත් නැහැ ! ඒකත් මුටම කරන්න උනා. ඒත් මේ වෙනකොට රෝල් ඉවරයි.. ඒක කියනවා වෙනුවට මු කලේ පින්තුර ගන්නවා වගේ ෆ්ලැශ් එක ප්‍රෙස් කර කර ශේප් වෙච්ච එකයි.. වැඩේ ඉවර වෙලා බැලුවම ඉතින් පොරුවෙ වැඩ කිඩ මොකවත් නැහැ ! ඒකෙන් ඌට උගෙ යාලුවත් නැති උනා.

    ReplyDelete
  26. @ පිණිබිඳු - අර සුසන්ත අහන ප්‍රශ්න මටත් තියනවා. අන්තිමට ෆොටොයි, වීඩියෝ එකයි ඉතුරු වෙලා මොනවා කරන්නද කසාදේ නැතුව. ගොඩක් අය ඔහොම හිතනවා. ඒත් ඔහොම හිතලා වැඩකරන කොට සමහරවෙලාවට ඒ අවස්ථාවේ නෑදෑයන්ට, යාළුමිත්‍රාදීන්ට කතා බහ කරන එක මඟ ඇරෙන අවස්ථාත් මම දැකලා තියනවා.

    ReplyDelete
  27. @ වසුන්දරා - අප්පෝ ඔය තරඟේ ගැන නම් කතා කරන්න එපා වසූ අක්කේ. ඔයාට කියන්න සමහර ෆොටෝ ගහන උන් එනවා. තව කාටවත් වැඩක් කරන්න දෙන්න නෑ. උන් කියන විදිහට ඔක්කොම ඉන්න ඕනේ. වෙන මුකුත් නෙවෙයි. තරඟේ. සමහරවිට මිනිහගේ වීඩියෝ කරන කෙනෙක් ඉඳිද්දී පොරට නොදී වැඩේ අපට දුන්නොත් ඒ පලිය ගන්න හදන්නේ අපෙන්. ඒත් ඇත්තටම උන් පලි ගන්නේ අර කසාද බඳින උන් දෙන්නගෙන්. ඔය වගේ මෝඩ තරඟ නිසා වැඩ අනාගත්ත උන් ඕනේ තරම්. අර මම අන්තිම පේලියේ ලීව මාර මඟුල් සීන් එකත් එවගේ එකක්.

    ReplyDelete
  28. ඔබා මාමටයි සුසන්තටයි අදාල පුද්ගලයෝ උත්තර දෙයිනේ.

    @ ලංකාප්‍රිය - අපෝ සරත් අයියේ, ඔවා මහ ලෙඩ වැඩ. මටත් ඔය පොඩි පොඩි අතුරු ආන්තරා වෙලා තියනවා. එත් අතක් පයක් නොකැඩි බේරෙන්න පුලුවන් සිද්ධි. ඊළඟ පෝස්ට් එකෙන් එහෙම ඒවත් එකක් දෙකක් ලියන්නම්කෝ............

    ReplyDelete
  29. මල මගුලයි නේ......
    කුමන අරමුණක් ඉ‍ටු වුවත් පෝරුවේ චාරිත්‍ර වලින් මනමාල දෙපලගේ හිත් හැදෙන නිසා ඒක හොඳටම තියෙන්න ඕන....
    අර ඩෝප් වැඩේ රෑට තියා ගත්තනං ගතියට හැමෝගෙම වැඩ වෙනවා නේ..
    අර හුළං පාරක් වැදි වැදි වෙනවනං පට්ට ෆන් ලු නේ...
    අපි නං දන්නේ නෑ ඕං.....
    ගොඩයා වීඩියෝ වැඩ කොරා නං හොඳ පොටෝ කාරයෙන් වෙන්ට ත් ඇති නේ...

    ReplyDelete
  30. @ ගලයා -ඇත්තටම කීවොත් මචෝ.... මඟුලක් වුනහම හැමදේම හොඳට තියෙන්න ඕනේ. ඔය හැම පොඩි දේකින්ම මනාල මනාලි හිත් විතරක් නෙවෙයි ඒ දෙපාර්ශවයේ අයත් අවුල් යනවා. ඒ නිසා හැම පොඩිදේම හොඳට සැලසුම් කරනවා නම් තමයි හොඳ. අනේ මම වීඩියෝ කරාට පොටෝ කාරයෙක් නෙවෙයි. මොකද ඔය දෙක අතර ලොකු පරතරයක් තියනවා. වීඩියෝ වැඩේට අවශ්‍යකරන තාක්ෂණික දැනුම අවබෝධය වගේ නෙවෙයි පෝටෝ වැඩේට. ඒක ආවට ගියාට ඉගෙන ගන්න පුලුවන් ක්ෂේත්‍රයක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන කිසිම දැනුමක් නැති මම පොටෝ කාරයෙක් නෙවෙයි. වීඩියෝ වැඩෙත් අහුලන් කරලා අවුල් වෙන්න ගිය තැන් තිබේ. යාන්තම් මොලේ පාවිච්චි කරලා එහෙ මෙහෙ කරගෙන දිවි ගලවාගෙන තියනවා. එහෙම ඒවත් එකක් දෙකක් ලියන්නම්.......

    ReplyDelete
  31. ගොඩක් වටින ලිපියක් මල්ලී . ..

    ඉස්සරහට කසාද බඳින්න ඉන්න අයට මේ ලිපි හරිම වැදගත්

    අර මම මගේ ඇනිවසරි එක දා ලියපු වීඩියෝ වල දාන්න ඕන කරන සිංදු ගැන ලිපියත් ගොඩක් අයට ප්‍රයෝජනවත් උනා . .

    මගේ හොඳම යාලුවෙකුත් ගිය ඔක්තෝම්බර් 13 බැන්දා . .

    ඌත් සින්දු සිලෙක්ට් කලේ ඒකෙන්

    ReplyDelete
  32. දුකා අයියා - ස්තූතියි අයියා.... ඔව් ඔව්... මේ වගේ සිද්ධි දැක්කහම අයියෝ කියලා හිතෙනවා. ගොඩක් දේවල් වලට හේතුව ලාභය සහ වගකීමක් නැති අයව විශ්වාස කිරීම. සිංදු ගැන කියනවා නම් ඒකත් හරිම වැදගත්. වීඩියෝ එකට දාන සින්දු වගේම එදාට වාදනය කරන සින්දුත්. මම එඩිට් කරද්දි නම් පොඩ්ඩක් හොයලා බලලා අලුත් සින්දුවක් දෙකක් ඔබන්න අමතක කරේ නෑ ඒ කාලේ. අළුත් කීවේ අලුත් රැල්ල නෙවෙයි.

    ReplyDelete
  33. මඟුල් ගෙවල්, මළ ගෙවල්වල ප්‍රමාදයක්, අත් වැරැද්දක් වුණොත් කරන්න දෙයක් නැහැ. විශේෂයෙන් මඟුල් ගෙවල්වල, මම දන්න කෙනෙක් කිව්වේ දයාන් විතාරණ දවසක් මඟුල් ගේක ෆොටෝස් ගන්න ගිහින් අන්තිමට ඒ ෆොටෝස් එකක්වත් රීල් එකට ප්‍රින්ට් වෙලා නැතිව පස්සේ දයාන් විතාරණ ගානේ ඔක්කොම වියදම් කරලා ආයි මඟුල් ගේ කළා කියලා

    ReplyDelete
  34. මං දාල ගිය කමෙන්ට් එකට මොකෝ වුණේ...

    ReplyDelete