Sunday, November 27, 2011

පණහයි..... පණහයි....... පණහයි.........


පණහයි. මේ බ්ලොග් අවකාශේ කරක් ගහන්න අරගෙන දැනට මාස 9යි. පෝස්ට් 50යි. සයිබර් අවකාශයට රිංගාගෙන ගත කරපු  මේ මාස 9ට මොන තරම් දේවල් සිද්ධ වුනාද? පොඩ්ඩක් ආපු ගමන ගැන හැරිලා බලන්න හිතුණා. මුලින්ම මේ බ්ලොග් අවකාශයට ඔළුව දාන්න ලැබුනේ කස්සා හින්දා. ඌ අන්තිම පේලිය පටන්ගත්ත කාලේ බුකියේ පණිවුඩයක් එවලා තිබ්බා අන්තිම පේලිය ගැන. ඒ කාලේ අන්තිම පේලියට ලීවේ ඌ විතරයි. පෝස්ට් එකක් දෙකක් කියවද්දි මටත් වැඩේ අල්ලලා ගියා. දිගටම කියෙව්වා. ඊට පස්සේ අන්තිම පේලිය කියවන අයටත් ලියන්න අවස්ථාව ලැබුණා. ඒ දවස් වල මමත් කාමරයට වෙලා රස්සාවක් හොය හොයා වේලි වේලි හිටපු කාලේ. කරන්න කියලා වැඩක් තිබුනෙත් නෑ. එලියට බහින්නවත් අතේ සතේ නැති කාලේ. ඒ නිසා කරන්න වැඩකුත් නැතිව ඉන්න එකේ මමත් මගේ පළවෙනි පෝස්ට් එක අන්තිම පේලියට ලිවා 2010.11.12. කෙටියෙන් කියනවා නම් 10.11.12 තමයි සයිබරේ පලවෙනි පෝස්ට් එක ලීවේ. ඒ පෝස්ට් එක ලීවේ හිතේ තිබුන ආසවට මිසක් හැකියාවකට නම් නෙවෙයි. මට එච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ඒක පබ්ලිශ් වෙනකම් පැයෙන් පැයට බැලුවා. මොකද ඒක පබ්ලිශ් කරයි කියලා කිසිම විශ්වාසයක් තිබුනේ නෑ. අන්තිම පේලියේ ඇඩ්මින්තුමා ඒක පබ්ලිශ් කරලා තිබ්බා. මට මතක විදිහට ඒකට ගුලියා තමයි කොමෙන්ට් කරලා තිබ්බේ. හැබැයි රේටින්ස් තිබ්බා. ඉතින් වැඩේ අත අරින්න හිතුනේ නෑ. තව එකක් ලීවා. ඒකට කලින් එකට වඩා හොඳ ප්‍රතිචාර ලැබුනා. කොමෙන්ට් 4ක් තිබුනා.  ඔය ප්‍රතිචාර නිසා මට දිගටම ලියන්න හිතුණා. ඔන්න ඔහොමලු ගොඩයා මේ සයිබරයට ගොඩ වුනේ.........

ඊට පස්සේ ඔහොම කාලයක් යද්දි අන්තිම පේලිය කියවන මගේ යාළුවෝ දැම්මා බ්ලොග් අදහස. ඒ වෙද්දී  ලියන්න බෑ කියලා  හිතාගෙන හිටපු මට මොනවාහරි කොටාගන්න පුළුවන් කියලා හිතුණා. අනිත කාරණය ගොඩක් වෙලාවට අන්තිම පේලියේ දොර ඇරුනේ විහිලුවට. ඒ නිසා නිදහසේ මට ලියන්න හිතෙන දේවල් ලියන්න බෑ අන්තිම පේලියේ. ඔය අතරේ ඇන්ඩයියගෙයි, ජයියගෙයි බ්ලොග් වලට ගොඩ වෙන්න ගත්තා. ඔය බ්ලොග් දෙක දිගේ මේ සයිබර් අවකාශේ රවුම් ගහන්න පටන් ගත්තා. ඔය විදිහට රවුම් ගහ ගහ හිටපු මස්ත දවසක මට හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න. මස්ත දවසක කීවේ මෙලෝ දෙයක් කරන්න හිතුනේ නැති මහම මහා කම්මැලි දවසක. ඉතින් හිතට ආපු නම තමයි වංහුං. දැම්මා නම ගොඩයාගේ වංහුං කියලා. ගැහුවා තඩි බෝඩ් ලෑල්ලක්. ගහලා එහෙම වැඩේ පටන්ගත්තා. මෙන්න මේකයි මගේ පළවෙනි පෝස්ට් එක. ඇත්තටම බ්ලොග් එක පටන් ගන්න හේතුව තමයි ඒ. ඒ පෝස්ට් එකට ගොඩක් කොමෙන්ට් දාලා මට තල්ලුව දුන්නේ මගේ යාළුවෝ. මොකද ඒ වෙද්දි සයිබර් යාළුවෝ මාව දන්නේ නෑ. දැනගත්තා නම් ඒ කීපම කීප දෙනයි. සයිබර් යාළුවෝ අතරින් මුළින්ම කටහඬක් හරි ඇහුනේ ඇන්ඩයියගේ. කොහොමහරි මගේ යාළුවන්ට අමතරව සයිබර් අවකාසයෙන් කියලා කොමෙන්ට් දාලා තිබ්බේ නිම්ශා, බුද්ධි, සොඳුරු සිත සහ මල් සුවඳක්. මල් සුවඳක් නැත්නම් පැතුම් අයියා කොහොමත් මගේ සහෝදරයෙක් වගේ. ඒත් ඒ වෙනකම් මම දැනගෙන හිටියේ නෑ පැතුම් අයියා සයිබර් අවකාශේ ඉන්න විත්තියක්.  මගේ යාළුවන්ගේ නම් ගම් සඳහන් කරන්න මගේ කිසිම අදහසක් නෑ. මොකද ඒ වැඩේ ලෙසි නෑ. ගොඩක් අය මට මුලදී අඩු පාඩු පෙන්නලා දුන්නා. සයිබරේ යාළුවන්ගෙත් නම් ගම් ලියන්න කල්පනාවක් නෑ. එහෙම කරලා මට පොඩි හරි වැරදීමක් උනොත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්.හැබැයි ඇන්ඩයියගේ සහ ලංකාප්‍රිය අයියාගේ බ්ලොග් එකත්, ඒ දෙන්නාගේ තල්ලුව ගැන මතක් නොකර බෑ. මොකද ඒ බ්ලොග් දෙක තමයි මට මුලින්ම සයිබරේ ඇහැගැටුනේ. ඒකත් අන්තිම පේලිය හරහා. ඊට අමතරම ඔබා මාමාත් අන්තිම පේලියේ ඉන්න කාලේ ඉඳං තල්ලුව දීපු කෙනෙක්. ඉතින් ඒ තුන් දෙනාව මතක් කලේ මට මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න දැන හෝ නොදැන ඒ දුන්න සහයෝගය නිසායි. පහුවෙද්දි නම් බ්ලොග් අවකාශයේ ගොඩක් අයගෙන් තල්ලුව ලැබුනා. මේ සයිබරේට ගොඩක් සීනියර් අයගෙන් පවා අදහස්, ගුණ දොස් ලැබුණා. ඒත් නම් වශයෙන් ඔක්කොම ලියන්නනම් අමාරුයි. අනේ නම ලීවේ නෑ කියලා හිත රිද්දගන්න එහෙම එපා කවුරුවත්.  එදා මට කොමෙන්ට් වලින් සහය දක්වපු සහ කොමෙන්ට් නොදැම්මත් කතා කරලා "වැඩේ හොඳයි ගොඩයෝ කරගෙන පලයන්, අපි දෙන්නම් තල්ලුව" කියපු හැමෝටම මගේ ගෞරවපූර්වක ස්තූතිය. එදා උඹලා දුන්න වචනයේ හයිය නිසා අද මම 50වෙනි පෝස්ට් එක ලියනවා. උඹලාට බොහොමත්ම ස්තූතියි... ( මුකුත් හිතන්න එපා උඹලා කීවේ තියන හිතවත්කමට )

 පනස්වෙනි පෝස්ට් එක මේ වෙලාව වෙද්දී මේ බ්ලොග් එකෙන් මේ සයිබර් අවකාශයෙන් මට ගොඩක් දේවල් ලැබිලා තියනවා. මුණ නොගැහුනට, නොදැක්කට, කට හඬ ඇහුනේ නැති උනාට මට අදහස් වලින් ළඟ ඉන්න මිත්‍රයෝ ලැබුනා. වැරදි මතයක්, අදහසක් නිවැරදි කරන්න, අඩු පාඩුවක් පෙන්නන පුළුවන් පිරිසක් ලැබුනා. මම දකින සිද්ධියම මට වඩා වෙනස් කෝණයකින් පෙන්නන්න පුළුවන් පිරිසක් ලැබුනා. ඒ දේවල් පොඩි වුනත් මගේ ජිවිතේ යම් යම් වෙනස්කම් ඇති කරන්න පුලුවන් වුන දේවල් තියනවා. ඉතින් මෙච්චර කල් මාත් එක්ක හිටපු මගේ සයිබර් යාළුවන්ටත් මගේ යාළුවන්ට සහ සියළුම හිත මිත්‍රාදීන්ට මාගේ ප්‍රණාමය සහ ස්තූතිය. ඉදිරියටත් හැමෝම මාත් එක්ක දිගටම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා. මා වෙනුවෙන් කාලය වැය කරලා ඒ ලබාදෙන වචනය, සහය මට ගොඩක් වටිනවා. ඒ වටිනා කාලයට බොහෝම ස්තූතියි.

 මේ බ්ලොග් අවකාශයෙන් මට සතුටක්, සැනසුමක්, අස්වැසිල්ලක් වගේම, දුක, වේදනාව, කඳුලත් හිමිවුනා. ආදරය වගේම විරහ වේදනාවත් විඳින්න මේ අවකාශය මට ඉඩ ප්‍රස්තාව හදලා දුන්නා. ජිවිතේ මෙතෙක් කල් නොවිඳපු ආදරයත් ඒ පස්සෙන්ම ආපු විරහ වේදනාවත් විඳින්න ඉඩ කඩ හදාදුන්නේ මේ බ්ලොග් පිටුව. කලින් පෝස්ට් එකක මම කීව මේ සයිබරය හරහා මගේ ආදරය මට ලැබුන හැටි. ඒත් නොසිතු විදිහට අපි දෙන්නාගේ උපන් වෙලාව අපේ ආදරයට හරහට හිටියා. මම දන්නේ නෑ ජොතිශ්‍ය විද්‍යාව ගැන. ඒත් දෙමව්පියන් ඒ ගැන හොයලා බලලා දුන්න තීන්දුව තමයි ඒ. කොතෙකුත් උත්සහ කරත් ඒ ගැන කතා කිරීමෙන් වැඩක් නොවෙන නිසාත්, දෙමාපියන් දරුවන්ට විපතක්, හානියක් වෙන්න ඉඩ නොතියන නිසාත් අන්තිමට අපි තීරණයකට ආවා. හැබැයි ඒ ආදරේ කිසිම වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ ඒ ආදරේ මාළඟ තියාගන්න බැරිවීම විතරයි. ඒ ආදරේ මා ළඟ තියාගන්න එකෙන් වෙන්නේ  මම ආදරේ කරන කෙනාට හානියක් කියලා කියනවා නම් මට හිතෙනවා දුරින් වුනත් හානියක්, උපද්‍රවයක් නැතුව ඒ කෙනා ඉන්න එක හොඳයි කියලා. ඒ ආදරේට හැමදාටමත් මම ආදරේයි. ඒ ගතවුන කාලය හැමදාටමත් සුන්දර මතකයක් වේවි. ඊට වඩා ඒ ගැන කතා කරන්න මගේ කැමැත්තක් නෑ. ඒ වගේම ජොතිශ්‍ය ඇත්තද බොරුද කියලා තර්ක කරන්න වුවමනාවකුත් නෑ. මගේ සහ මා අවට සිටි පුද්ගලයන්ගේ ජිවිත ගැන බලද්දි මට ඒ ගැන අභියෝග කරන්න ශක්තිය අඩුයි.

මේ සිද්ධි, හැල හැප්පීම්, කම්කටොලු එක්ක මට සතුට, සිනහව, සැනසුම, අස්වැසිල්ල, ආදරය, ඒ වගේම කඳුල, දුක, වේදනාව ගෙනත් දුන්න, මගේ පාළුවට, තනිකමට  මගේ ළඟ හිටිය මේ බ්ලොග් පිටුව දැන් මගේ ජිවිතයේ කොටසක් වෙලා අවසානයි.ඉතින් ඉදිරියටත් මම අත්විඳපු අත්දැකීම්, දැකපු දේවල්, අහපු හෝ කියවපු දේවල්, වල්පල් මේ හැමදෙයක්ම මේ ගොඩයාගේ වංහුං පිටුව පුරා ලියවේවි. දවසින් දවස ජීවිතයට එකතුවෙන අත්දැකීම් එක්ක ලියන්න දේවල් එකතු වේවි. ඒ දේවල් අද ඊයේ වගේම හෙටත් වෙලාව තියන විදිහට සහ මට පුලුවන් විදිහට මේ පිටුව පුරවාවි. එදාටත් අද වගේම උඹලා මාත් එක්ක ඉඳීවියි කියා හිතනවා. ඒ කතන්දර එක්ක මෙච්චර දුරක් එන්න මට හයිය දුන්න හැමෝටම මගේ ගෞරව ප්‍රණාමය සමඟ මාගේ හදපිරි ස්තූතිය !!!!!
ඒ වගේම මේ කාලය ඇතුලත මගේ පෝස්ට් එකක් හෝ කොමෙන්ට් එකක් නිසා කාගේ හරි හිත් රිදවීමක් වුනා නම් අනේක වාරයක් සමාවෙන්න මට. හිතා මතා කාගේවත් හිත් රිද්දන්න නම් ලීවේ නෑ මම.
හැමෝටම බොහෝමත්ම ස්තූතියි !!!!
ඉදිරියටත් සහය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා හැමදාටම..............
සැමට ජයෙන් ජය!!!!!

22 comments:

  1. තව තවත් ඉදිරියට පවත්වාගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා.... මගෙන් හද පිරි සුභ පැතුම්....

    ReplyDelete
  2. තවත් ඉදිරියට ලියන්න ශක්තිය ලැබෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  3. අද පනහට දානවා වගේ පන්දාස් වෙනි එකටත් කමෙන්ටුවක් දාන්න වාසනාව ලැබේවා මට

    ReplyDelete
  4. බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා සුබ පතනවා

    ReplyDelete
  5. කමෝන් ගොඩයා....කීප් ඉට් අප්.......!!!
    මටත් බ්ලොගක් පටන් ගන්න ඇන්ඩ , උඹ එහෙම දුන්න තල්ලුවත් මතකයි.
    මාත් ආවෙ අන්තිම පේලියෙන් කියල කවදාවත් අමතක කරන්නෙ නෑ;


    [මේ පෝස්ට් එකේ මගේ බ්ලොගටත් ලින්ක් එකක් දාල තියෙන නිසා මේ පැත්තෙන්, ඒ පැත්තට, නිකමට ගිහින් බැලුව, මාත් මාස හතරහමාරට පෝස්ට් විසි පහක් ලියල කියල දැක්කෙ එතකොටයි. මගේ එකක් නං බොල් එකක්, ඒ වුනාට අර 'නරියා සහ කැළෑව' ගැන ලියපු එක අයින් කල බව මතක් වුනාම 25 වැරදි නෑ කියල හිතුන හෙහ්...හෙහ්...]

    ReplyDelete
  6. සුභම සුභ අනාගතයක්...

    මීට,

    බාලා

    ReplyDelete
  7. දිගු ගමනකට සුබ පැතුම්..ජය වේවා!

    ReplyDelete
  8. සුම පැතුම් මචං නවතින්නැතුව දිගටම ලියාගෙන යන්න

    ReplyDelete
  9. සුබ පැතුම්. නොදැවී ඉක්මනින් 100 බැට් කිරීමට හැකිවේවා :)

    ReplyDelete
  10. තව ඉස්සරහට යන්... ජයවේවා...!!

    ReplyDelete
  11. සුභ පැතුම් ගොඩයා.. දිගටම ලියන්න..

    ReplyDelete
  12. අඹයා - බොහෝම ස්තූතියි මලේ!!!

    Dinesh - බොහෝම ස්තූතියි!!!

    ReplyDelete
  13. Susantha - අනේ මන්දා මල්ලී පන්දාහක් ලියන කල් නම් අල්ලගෙන ඉන්න බැරිවෙයි. කව්ද දන්නේ කවදා වෙද්දි ඒ ලෝකෙන් ටිකට් එක ඉශූ කොරයිද කියලා. කොහොම උනත් පණ කෙන්ද තියනකම් ලියනව මොනවහරි, මේ සහයෝගය පන්දාස් වෙනි එකටත් ලැබෙනවා කියන එකම ඇති මට. බොහෝම ස්තූතියි !!!!

    ReplyDelete
  14. මධුරංග - බොහෝම ස්තූතියි සහෝදරයා. ඔය හයිය නිසා තමයි මෙහෙම යන්නේ....

    Observer - තැන්ක් යූ ඔබා මාමා. කොහෙ ගියත්, කොතැන හිටියත් මුල අමතක කොරන්න හොඳ නෑනේ. ඒකනේ මේකට දාන්න තියන සමහර කතා කිසි ලෝබ කමක් නැතුව අන්තිම පේලියේ කොටන්නේ..... නරක නෑනේ ඔබා මාමේ. ඉක්මණටම ස්කොර් කරමු........

    ReplyDelete
  15. Sabith - බොහෝම ස්තූතියි

    Lasitha - අඩේ බාලා...... බොහොම ස්තූතියි මචන්, උඹත් එහෙනම් සයිබරෙ ඉන්නවා. අදනේ දැක්කේ. අර පටන් අරන් තියන එක ලියහන්කො. ඇයි යකෝ අර ඒ කාලේ කෙලපු පිස්සු ටික මදැයි ඕකේ පිටු ටික පුරවන්න. එල එල සහෝ. බොහෝම ස්තූතියි නැවතත්.

    ReplyDelete
  16. Malya Cruise - බොහොම ස්තූතියි මාල්. ජය වේවා!!!!!

    ReplyDelete
  17. Hasitha, හිස් අහස, ලොකු පුතා, පිණිබිඳු - බොහෝම ස්තූතියි හැමෝටම. ඔයාලගේ වචනය තමයි මගේ ශක්තිය......

    ReplyDelete
  18. ඈ බොල . . මට කොහොමද මේ පෝස්ට් එක මගෑරුනේ . . . ????

    උඹේ 50ට මගෙං සුභ පැතුම් . . . . .ඉක්මනටම නැතත් . . . හොඳ ගමනකිං සීය ඉක්මනටම ගහන්න ලැබේවා කියල පතනව . . .

    @ඔබ්සර්වර්:
    //මගේ එකක් නං බොල් එකක්//

    හොක්කි හික්කි හූ . . . . .!!!!

    ReplyDelete
  19. ජයවේවා.. ලියන්න දිගටම අපි ඉන්නවා පොස්ට් එනකම් මගබලාන කියවන්න..

    ReplyDelete
  20. සුභ පැතුම් මචං 50ට.....!

    ReplyDelete
  21. ජය වේවා අයියේ.....
    මේ ටිකේ එන්න බැරි වුණාට ඉස්සරහට දිගටම එනව...
    100ත් ඉක්මනට ලියමු....

    ReplyDelete