Wednesday, February 1, 2012

ත්‍රී විල් පටලැවිල්ල

මේ කවිය මීට කලින් අන්තිම පේලියට මම ලියපු කවියක්. මගේ කවි ලියපු බ්ලොග් එකේ පළකරපු කවියක්. ඒත් තියන කාර්යබහුලකම නිසා ඉදිරියට බ්ලොග් දෙකක් තියා එකක්වත් ලියාගන්න බැරිවේවි වගේ. ඒ නිසා මේකේම කවිත් ලියනවා කියලා හිතුනා. ඒකට පොඩි ආරම්භයක් ගන්න හිතාගෙන ඔන්න මේ කවිය දානවා මේ පිටුවට.....






සිදුවූ සිද්ධියකි මෙය මගේ                මිතුරෙකුට
හැඩ වැඩ දමා ගොතනෙමි එය           කවියකට
ඔහුගේ රෝද තුන යොමුකර                මාවතට
සෙව්වා මුදල් ගොස් ගමනක්             කුලියකට


ත්‍රී විල් රියදුරෙකි ඔහු පෙර කී               ලෙසට
හිත හොඳ නිසා නිතරම ගමනේ              යසට
හිතවත් කෙනෙක් ඇවිදින් දවසක්            ඔහුට
ඇසුවා යන්න දුර ඇති                  අවමඟුලකට


රෑ බෝවෙලයි වෙන්නෙ අපහට              යන්ට
අවුලක් නෑ නේද මල්ලියේ එය               උඹට
හිතවත් මිතුර කීවා පහදා                     මොහුට
නෑ බෑ බසක් කවදත් නැතිවිය                 ඔහුට


දෙදෙනා ගියා රෑ බෝවී                     මළගමට
මහා රෑ යාමේ පිටවුනි ආපසු                   එන්ට
ආවත් දෙදෙනා මහා රෑ වීරයෝ            ලෙසට
පාලුයි පාර ඇත ජරමර මඟ                     දිගට


හදවත දෙගිඩියාවෙන් පිරුණත්              බයට
අතහැර දමා බිය දෙදෙනා එන               කලට
දුටුවා ලියක් ඉන්නා බැස මහ                 මඟට
සිහිවුනි දෙවියෝ අසුවූ විට මෙය            ඇසට


මෝහිනි නමැති හොල්මන සිහිවිය         මුන්ට
දෙදෙනා බියවෙලා සැරසෙයි පැන         යන්ට
මොනවා වුනත් හරි නෑ දෙදෙනාගේ       හිතට
කෙල්ලෙක් නිසා හිත නෑ මඟහැර          යන්ට


මහා රෑ ලෙඩක් හෝ කරදරයක්               කාට
විය හැක මිතුර හොඳ නෑ කර ඇර           යන්ට
හිතුවා දෙදෙන රිය නවතා                  විමසන්ට
හනිකට බ්රේක් ගැසුවා මිතුරා                  තදට


ඔහුගේ රථය නවතන ඒ                    ඇසිල්ලට
දිවවිත් කෙල්ල නැවතූ මේ රිය               දෙසට
ගොඩවූවාලු  සමඟින් මල්ලක්                 බරට
බිය වී ඩා බිඳුත් නැගුනලු                  දෙදෙනාට


ත්‍රී විල් මිතුරා සමගින් ගිය                    අනිකාට
ආවේ නැතිලු වචනත් එවෙලේ              හොඳට
වෙහෙසක් දරා දිරි ගෙන දෙදෙනා            හිතට
හිතුවලු මොකක්දෝ මේ වෙන්නේ           අපට


දිව ආ අඟන තබලා මල්ලත්                    හැඩට
උස්සා ඔලුව වටපිට බලනා                      කලට
බියවුන දෙදෙන සැනෙකින් නෙත     ගැටුනවිට
බෙරිහන් දෙමින් පැන්නලු රථයෙන්         බිමට


බය දෙදෙනාගේ දෙපිටින් ගියේ මර         හඬට
දමලා ඇගේ බෑගය විගසින්                      බිමට
ආවලු පාගලා අපේ මිතුරා                       හැටට
නැවතුනේ ආව පසුවලු දෙදෙනම            ගමට


අවදිව ඊට පසු දින උදයම                     මොහුට
ඕනෑ වුනා සිදුවුන දේ දැන                       ගන්ට
ගත්තා ඇමතුමක් ඔහුගේ                   මිතුරෙකුට
මිතුරා සිටියේ කිට්ටුව ඒ                        මාවතට


හලෝ මචං කොහොමද කොල්ලෝ          උඹට
මාර වැඩක් සිදුවුනි ඊයේ                         මෙමට
එනවිට උඹේ ගේ අසලින් රෑ                   දෙකට
දුටුවෙමි ගෑනියක් හිටියා බැස                    මගට


නැවතූ විටදි ඇය කවුදැයි                     විමසන්ට
දුවගෙන ඇවිත් ඈ ගොඩ විය මගේ             රියට
බයවුනු අපිත් ඇරලා ආවා                        හැටට
සිදුවුනු දෙයක් ඇත්නම් කියපන්               මෙමට


සිනහා නගා මිතුරගේ මිතුරා                       තදට
උණු උණුවේම ලැබුනා පුවතක්                   අපට 
නෑ කිසි දෙයක් උඹලට නම් බය               වෙන්ට
කීවා පහදලා වුන දේ රෑ                           දෙකට


අපගේ අසල්වැසි ඇසිලින්                     අක්කාට
හිටියා දුවක් තරමක් පෙනුමයි                   ඇහැට
ඊයේ රැයේ ඈ පැන ගොස් ඇති                   බවට
පැතිරී ගියා රාවය ගම හැම                        තැනට


උඹලා එද්දී ඊයේ ඈ දුටු                              බවට
මට සහතිකයි බිය වන්නේ තොපි               කුමට
ඈ දිව ඇවිත් නැග්ගේ උඹගේ                     රියට
ඈගේ පෙම්වතා යැයි වැරදිලා                    ඇයට

12 comments:

  1. අයියෝ එදා ගොඩයනේ රිය එලවුවේ
    ඒකයි කෙල්ල බයවීලා පැන දීවේ

    ReplyDelete
  2. එකනේ මාමේ ගොඩයා නැ කියන්නේ
    මිතුරා පාවා දිලයි කවි ලියන්නේ

    ReplyDelete
  3. නියමයි ගොඩයො, නියමයි උඹෙ කවිය
    නියමයි ගොඩයො, නියමයි උඹෙ කවිය
    නියමයි ගොඩයො, නියමයි උඹෙ කවිය
    නියමයි ගොඩයො, නියමයි උඹෙ කවිය

    කයි ලියන්ඩ බැරි වුනාට 'අංගන්ගල සුමන' හාමුදුරුවන්ගෙ හිටිවන කයිය මතක් වුනා.

    ReplyDelete
  4. කලින් කතාව කියවල තිබ්බට අදනේ කතාව කවියෙන් ඇහුවේ. පට්ට කවි ටික සහෝ.. උඹට හොඳ ටැලන්ට් එකක් තියනවනේ කවි කියන්න .

    ReplyDelete
  5. මොකද්ද ඔබා.... ඒකත් තාලෙට කියවන්න බැරි එකක්නෙ

    ReplyDelete
  6. ලංකාප්‍රිය අයියා-ජයියා අයියා නොදන්නවදෝ මේ මගේ හැටී
    බය සැක නොමැත ඒ මම නම් කියන්නේමී

    මාල්යා - මේ ගොඩයගේ පණ සිරුරේ තියන තුරු
    නෑ නංගියේ පාවා දෙන්නේ මිතුරු

    ReplyDelete
  7. ඔබා මාමාට කියන කවි -

    තැන්ක්යූ ඔබා මාමේ තැන්ක්යූ වේවා
    තැන්ක්යූ ඔබා මාමේ තැන්ක්යූ වේවා
    තැන්ක්යූ ඔබා මාමේ තැන්ක්යූ වේවා
    තැන්ක්යූ ඔබා මාමේ තැන්ක්යූ වේවා

    ඒකත් නරකම නෑ බොලේ.....

    ReplyDelete
  8. ක්සැන්ඩර් - බොහොම ස්තූතියි සහෝදරයා. අනේ එහෙමටයි කියලා ටැලෙනට් එකක් නෑ. ඔහේ ලියනවා. කවි ටික වෙනම බ්ලොග් එකක ලීවේ. ඒත් දැන් දෙකක් ලියන්න වෙලාව නෑ. ඒ නිසා කවිත් මේකෙම ලියනවා.

    ReplyDelete
  9. නරකායා - අනේ බං ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීපන්. හික්ස්.....

    ලොකු පුතා - බොහෝම ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  10. ගොඩයා ලියා ඇත කතාව හරි යසට
    හිතක් ආවා කමෙන්ටු කවියෙන් දෙන්ට
    මෙලෙස කතා කවියෙන් පද බදින්නට
    සක්තිය ලැබෙවා ගොඩයෝ තව උඹට......

    [ ගොඩයා අයියේ උඹ කිවුවට තරහා වෙනට එපා හරිය.... :)}

    ReplyDelete
  11. බොහෝම ස්තූතියි මලයා. ඇයි යකෝ උඹ හිතන්නේ උඹ කියන්නේ කුණුහබ්බයක් කියලද ඕකට තරහ වෙන්න. පිස්සු කෙලින්නෙ නැතුව හිටහන් බං. අයියා කියනවට වඩා උඹ, බං. බොලං, මචන්, කියනවට කැමතියි. එතකොට වයස ගාණක් නෑනේ........ :D :D :D :D

    ReplyDelete