ජිවිතයේ කවදාවත් සැප දුක නෑ සමබර
සැපට වඩා දුක් කරදර බුරුතු පිටින් හමුවන
පැතූ පැතුම් සිතූ සිතුම් නිමේෂයෙන් සුන්වන
ලෝකෙක වෙනසක් පමණයි ස්තීරෙට පවතින
කවදාවත් පැතූ සියලු දේ එලසින් නොමවෙන
නොපැතු නොසිතු දුක් කරදර හැමවේලෙම දස අත
ආදරයෙන් සිත බැඳුනත් මේ දිවියේ කුමකට
ලබා ගන්න බෑ ඒ හැම අපි හිතුවට පැතුවට
අපිට අවැසි දේ ලබාන සැනෙසෙන්නට බැරිතැන
ලැබෙන දෙයින් සැනසෙන්නට වෙනවා අපි සැමටම
ආපු දාට අප සොයාන අපි අකමැති විසඳුම
අසරණවී වේදනාව හිරිවට්ටයි හදවත
අනෙකුත් විසඳුම් සමඟින් ඇති කරදර බාධක
වනසයි නම් මා හද බැඳි මට වටිනා ජීවිත
අකමැති මුත් මම ගන්නෙමි ඒ දුෂ්කර මාවත
අද හැඬුවත් ඒ සැමටම සුභ වේවා හෙටදින
දරාගනිමි වේදනාව සඟවා හිත තදකර
හිනාවෙලා හිටියත් මා හඬනවා මගෙ හදවත
අසරණකම, වේදනාව, තනිකම තව තනියට
දරාගන්නේ කෙලසද මම ගලක් නෙවෙයි හදවත
අසරණකම නිසා නිහඬ වී හඬනෙමි තනියම
මගේ හද කලුගලක් නෙවෙයි කිසිවිටෙකත් නොසැලෙන
එය කලු ගල් ලෙස පෙනිලද නුඹ ගත්තේ කුලුගල
වැරෙන් ගසන පහර දරාගන්නට විය මා හට
තැලෙන යකඩමලු තලන්නේ සමහරු උඩ පැන පැන
අමතකයිද යකඩ නෙවෙයි මගේ උණුවෙන හදවත
වැරෙන් ගසන ඔය පහරෙන් තුටුවෙයි නම් නුඹෙ සිත
ගහපන් අරගෙන වීරිය කුඩුවෙන්නට මගෙ හිත /////
ඊයේ පෙරේදා දවස් දෙකේ මහ පුදුමාකර අසරණකමක් මට දැනුනා. වේදනාව, අසරණකම ඒ මදිවට තනිකම. ඒ අසරණකම කියාගන්න කෙනෙක්, විදිහක් නැතුව තව තවත් අසරණ වුනා. අන්තිමේදී වේදනාව නිසාම කොලයක ඔහේ කුරුටු ගාපු කවි ටිකක්. ලස්සනකටවත්, තාලෙකටවත් ලියපුවා නෙවෙයි. වේදනාවට ලියපුවා. පලනොකරන්නත් හදලා වේදනාව පිටකරන්නත් එක්ක ඔන්න ඔහේ දාන්න හිතුනා. අපිට සමහරවෙලාවට අමාරු, අකමැති තීරණ ගන්න වෙනවා. ඒ අපේ තියන අසරණකමට. හැමෝටම හොඳක් වෙන බලාපොරොත්තුවෙන්. දැන දැනම එහෙම වෙලාවක තවත් කෙනෙක් අපිව අසරණකරද්දි දැනෙන වේදනාව වචන වලට ගලපන්න මට තේරෙන්නේ නෑ. කවුරු කොහොම මොනවා කොමෙන්ට් කරත් අදාළ පාර්ශ්ව යථාර්තය තේරුම් අරන් ජීවිතේට මූණදෙනකම් ඒ වේදනාව එහෙම්මම තියේවී. හැමෝටම සුභ හෙටක් ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව.
"ආදරයෙන් සිත බැඳුනත් මේ දිවියේ කුමකට
ReplyDeleteලබා ගන්න බෑ ඒ හැම අපි හිතුවට පැතුවට
අපිට අවැසි දේ ලබාන සැනෙසෙන්නට බැරිතැන
ලැබෙන දෙයින් සැනසෙන්නට වෙනවා අපි සැමටම"
ලස්සන කවි ටික ගොඩයා අයියේ.....
අසරණ වෙලා අසරණ කම කියා ගන්න බැරි උනාම තවත් අසරන වෙන එක නම් අත්දැකලා තියනවා
බීටා - ලස්සනකට ලීවා නෙවෙයි මලයා, හිතේ තෙරපෙන වේදනාවට, අසරණකමට ලීවේ. බොහෝම ස්තූතියි.......
ReplyDeleteකාත් කවුරැවත් නැති බව දැන දැන
ReplyDeleteමාත් මෙග හිතත් රාතිුයක තියලා
නුඹත් ගියා නම් ෙහටක් තියේවිද
මටත් ඉරක් නැෙගනා
ඒ වෙග් හැගීමක් ද ෙම්
කාලයයි විසඳුම.
ReplyDeleteතරුරසි - නෑ.... මට තේරෙන විදිහට ඊට වඩා වෙනස් හැඟීමක්..... සමාවෙන්න මට ඒ ගැන ලොකු විස්තරයක් කරන්න බෑ මෙතන. ඒ පිළිබඳ මගේ කණගාටුව.
ReplyDeleteඉන්දික - අයියට නම් කතාව තේරිලා. මාත් දන්නව එකම විසඳුම කාලය බව. තදකරගෙන ඉන්නවා කාලය ගෙවිලා හැමෝටම අළුත් හෙටක් ලැබෙනකම්. බොහෝම ස්තූතියි අයියා.....
මොකෝ කොල්ලො අප්සෙට් එක ?
ReplyDeleteඔබා මාමා - ඉඳලා හිටලා වෙනසකටත් එක්ක අප්සට් තියෙන්නත් එපැයි ඔබා මාමා.
ReplyDeleteසියල්ල සිද්ධ වෙන්නේ යහපතටයි.
ReplyDeleteකාලය ගොඩක් ප්‍රශ්ණ වලට හොද විසදුම් ගේනවා යාළුවා..
ReplyDeleteනරක ආරංචියක් වත්දැ ???
ReplyDeleteඅවුල් වියවුල් ලිහී ගිහින් බලාපොරොත්තුවෙන හෙට දවස එහෙම්පිටින්ම ගොඩයාටත් ලැබෙන්ඩ කියලා මම පතන්නම් ..
ReplyDeleteමිනිසාටයි හැම දේ වෙන්නේ
නොසිතු දෙයක්මයි සිදුවන්නේ //
ක්සැන්ඩර් - ඔව් සහෝදරයා. එහෙම හිතල තමයි අමාරු වුනත් මෙහෙම තීරණ ගන්න වුනේ. සියල්ල සිද්ධවෙන්නේ හැමෝගෙම යහපතට කියලා හිතලා. අද දුක් වුනාට හෙට යහපත් වෙයි කියලා හිතලා. හැමදේම වෙන්නේ හොඳට කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
ReplyDeleteදිනේශ් - ඔව් යාළුවා, මම ඒක අත්දැකීමෙන් දන්නවා.
ReplyDeleteඕනයා - නරක ආරංචි නේන්නම් වැඩිපුර ලැබෙන්නේ. හැබැයි මේක නම් එහෙම විශේෂ ආරංචියක් නෙවෙයි ඇන්ඩයියේ.......
හිස් අහස - බොහෝම ස්තූතියි සඳරු මලේ..... එහෙම බලාපොරොත්තුවක් ඇරෙන්න වෙන මුකුත් දැන් මා ළඟ නෑ. බලමුකෝ..... මිනිස්සුන්ටනේ හැමදාම වෙන්නේ නොහිතන ඒවා නම් තමයි. ඒවට කාළය හරි අපූරු උත්තර ගේන වෙලාවල් තියනවා. හැමෝටම යහපත් හෙටක් ලැබෙයි කියල කාළයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.
ReplyDeleteඅටලෝ දහම ගෙනෙනා දුක සැප දෙකම
ReplyDeleteවිඳගතයුතුය එකලෙස එහි නැත අරුම
එනමුදු දුක පැමිණිවිට එය විඳ ගැනුම
තනිවම නොහැක ඒකයි මේ කවි ලියුම
වදින තැනට වැදුනත් නම් නැති කවිය
තව අසරණ හදකි නැත එහි කිසි සවිය
අරගෙන බොදු දසුනෙ දෙන උපරිම විරිය
කාලෙට ඉඩ දෙන්න එහි විසඳුම හරිය
ලංකාප්‍රිය අයියා - ඇත්ත අයියේ, ඒක මමත් දන්නවා. ඒත් සමහර තැන්වලදි අටලෝ දහමෙන් නොසැලී ඉන්න උත්සහ කරාට අසරණ වෙද්දි ඒකට හයිය නැති වෙනවා. අසරණ වුන කාගේ උනත් හිතේ හයිය කියන එක දියවෙලා යන්නේ හරියට හිරු එළිය දැක්ක පිණිබින්දු වගේ. කාටත්ම හොරෙන් ඒ හයිය දියවෙලා යනවා. දරාගන්නම බැරි ඇත්ත පෙනුනත්, දැනුනත් නොතේරෙනවා වගේ වැඩකරන එක. එහෙම වෙද්දි අසරණකම වැඩි වෙනවා. උපරිම හයිය අරගෙන කාලයට ඉඩ දීලා ඉන්න උත්සහ කරනවා. ඒත් සමහර දේවල් ඇහෙද්දි පෙනෙද්දි සහ දැනෙද්දී ඒ හයිය නැතිවෙනවා. කාළය තමයි ඉතින් එකම විසඳුම.
ReplyDeleteඅයියා.....අවුලක්ද....?
ReplyDeleteපිසාචයා - අවුල් ඉතින් නැත්තේ කොහෙද මල්ලී.... කාලෙන් කාලට එක එක අවුල්....
ReplyDeleteගොඩයා පද ටික මගේ හිතටත් වදුනා ඕන්....
ReplyDeleteලංකාප්‍රිය ලියපු එක දැන් දැක්කේ.... උත්තරෙත් තියෙන්නේ..
ReplyDelete