අවුරුද්දක්......
සයිබර් ලෝකෙට එකතු වෙලා නම් අවුරුද්දකට වැඩියි. ඒත් ගොඩයාගේ වංහුං ලියන්න පටන් අරන් හරියටම ඊයෙට අවුරුද්දක්. අවුරුද්දයි, පොස්ට් 56යි, පිරිවර 97දෙනයි, හිට්ස් 11050. නරකම නෑ......
ආපු ගමන ගැන හැරිලා බැලුවොත් සයිබර් ලෝකේ ගැනවත්, මේ බ්ලොග් ගැනවත් මෙලෝ හසරක් නොදැන හිටපු මට සයිබර් ලෝකේට එන්න පාර පෙන්නුවේ අන්තිම පේලියේ ඇඩ්මින්තුමා. අන්තිම පේලියට ලියන්න පටන් ගත්තට පස්සේ තමයි මගේම බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ. ඒ දවස් වල අන්තිම පේලිය විවෘතවුනේ හාස්‍යයට විතරයි. ඒ නිසයි මගේම බ්ලොග් එකක් පටන් ගත්තේ. පාලුවට, තනිකමට, ලියන්න පටන් ගත්තට මොකද මේ බ්ලොග් එකෙන් ලැබුන දේවල් බොහොමයි. නොදැක්කට, මුණ නොගැහුනාට තනිකම, දුක, සැප බෙදාගන්න සහෝදර සහෝදරියෝ පිරිසක් ලැබුනා. ඒ අතර අහිමිවුන දේකුත් තියනවා. ගොඩක් වටිනාකරන දෙයක්. හිමි වීම, අහිමි වීම ඉතින් ලෝක ස්වාභාවයනේ...... ඔන්න ඔය විදිහට අවුරුද්දක් තිස්සේ මේක ලියාගෙන එනවා. විවේකය තියන විදිහට ඉදිරියටත් දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.......
මෙන්න මගේ බ්ලොග් එකේ දාපු පලවෙනි පොස්ට් එක. ඒකට කොමෙන්ට් කරලා තිබ්බ ගොඩ දෙනෙක් මගේ පෞද්ගලික යාළුවො. සයිබර් ලෝකේ යාලුවන්ගෙන් නිම්ශා, බුද්ධි, සොඳුරු සිත, මල් සුවඳක් කොමෙන්ට් කරලා තිබ්බා. ඊට පස්සේ ඉතින් සයිබර් ලෝකේ ගොඩාක් යාළුවො එකතුවුනා.ඊට පස්සේ මගේ පෞද්ගලික යාලුවන්ට වඩා අදහස් දැක්වුවේ සයිබර් යාළුවෝ. බ්ලොග් එකේ අදහස් නොදක්වුවාට මගේ යාලුවොත් නිතරම හොඳ නරක, අඩුපාඩු පෙන්නලා දුන්නා. මගේ යාළුවෝ අරුනාහම පෞද්ගලිකව කතා කරලා මාව ධෛර්යයමත් කරන සයිබර් යාළුවෝ කීපදෙනෙකුත් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කරන්නේ නැත්තේ මට පොඩි හරි අතපසු වීමක් වෙලා එක නමක් හරි සඳහන් නොවුනොත් ඒක ලොකු අසාධාරණයක් නිසා. මගේ යාලුවන්ගේත්, මගේ සයිබර් යාළුවන්ගෙත් තල්ලුව නිසයි මෙච්චර දුරක් මම ආවේ. මේ අවුරුද්ද පුරාවටම මාව දිරිමත් කරපු, මගේ දුක සැප බෙදාගත්තු, අදහස්, දැනුම බෙදාගත්තු සියලුම දෙනාට මගේ ගෞර්වපුරක ස්තුතිය.....
ඒ වගේම ඉස්සරහටත් ඒ තල්ලු ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා........
තමන්ගේ වටිනා කාලය වියදම් කරගෙන අවුරුද්දක් පුරා ගොඩයාගේ වංහුං කියවපු, කියවන ඔබ සියලු දෙනාටයි මාගේ මේ ආචාරය...........
hahaha u did it.. congratulations and best of luck boy..
ReplyDeleteමම නම් ළඟදි එකතු වුනේ....තව චිරාත් කාලයක් ලියන්න වාසනාව ලැබෙන්න කියල සුභ පතනව....ජය හෝ....!!!
ReplyDeleteඔහොම යන්!!!!
ReplyDeleteසුභපැතුම්..
ReplyDeleteජය වේවා....!!
ReplyDeleteසුභ පැතුම් මල්ලී . . .
ReplyDeleteතියෙන කාල වේලාව එක්ක ලිපියක් දාන පරක්කුවෙන් කියවන්නත් බැරි වෙනවා . .
ඒ අතරේ කියෙව්වත් කොමෙන්ටුවක් දාන්නෙත් නැතුව කියවලා යන වෙලාවලුත් තියෙනවා . .
කොමෙන්ට්ස් හිට්ස් මොනව වුනත් හිතේ තියෙන දේ පිට කරලා ආතතිය නැති කර ගන්න පුලුවන් හොඳම මාද්යක් මේ බ්ලොග් . . .
දිගටම ලියන්න . . .
ජය
හිතට දැනෙන දේ අතින් ලියන්න දිරි තියන තුරා ලියන්නට සුභපැතුම්..
ReplyDeleteඑල මචං දිගටම ලියපන්
ReplyDeleteමගේ සුබපැතුම්... බැලුවම අපි දෙන්නටම පාර කියල තියෙන්නේ අන්තිම පේලියනේ.. මගේ බ්ලොග් එකේ පලවෙනි සටහන 20-02-2011. තව ටික දිනකින් අවුරුද්දයි.. උන්න හැටියට මලා මදැයි කිවුවලු !!
ReplyDeleteසුභ පතනවා හදවතින්ම.
ReplyDeleteමම ගොඩයගේ පෝස්ට් කියවල සද්ද නැතුව ගිහින්නේ. අයියෝ. එක නම් ලොකු අතපසු වීමක්. ඔන්න මම 98 වුනා.
තව ගොඩක් කල් ලියන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...සුභපැතුම්....!!!
ReplyDeleteසුභ පැතුම් මචං.. තව කාලයක් ලියන්න ඇගිලි තුඩු වලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteMalya Cruise - Thank you very much Girl.....
ReplyDeleteහිත හොඳ පිස්සා - බොහෝම ස්තුතියි සහෝ.... පටන්ගත්තේ ලඟදි උනාට අවුලක් නෑ. හැබැයි පටන් ගත්ත එක නවත්තන්න එපා. ඒ නිසා සහෝදරයාටත් දිගටම චිරාත් කාලයක් ලියන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.....
ම - ඔයාලා දෙන තල්ලුවෙන් තමයි ඉතින් මෙහෙම යන්නේ.. බොහෝම ස්තුතියි !!!
ReplyDeleteපිණිබිඳු - බොහෝම ස්තුතියි සහෝදරි !!!
සොරෝ - බොහෝම ස්තුතියි මචන්, ජය වේවා !!!
දුකා අයියා - බොහෝම ස්තුතියි දුකා අයියේ. හැමෝම කාර්යබහුලයි කියලා මම දන්නවා අයියා. එහෙම එකෙත් කොමෙන්ට් නැතත් වටිනා කාලය වියදම් කරලා කියවලා යන එකත් ලොකු දෙයක්. මමත් ගොඩක් වෙලාවට කමෙන්ට් නොදා කියවලා යන වෙලාවල් තියනවා.
ReplyDeleteඅනේ මම හිට්ස්, කොමෙන්ට්, බලාගෙන ලියනවා නෙවෙයි. තනියට, පාලුවට, මගේ හිතේ සතුටට තමයි ලියන්නේ. හැබැයි ඉතින් කොමෙන්ට් එකක් වැටුනහම, යාලු පිරිවර ඇතිවෙද්දී අහිංසක සතුටක් හිතට දැනෙනවා...
කොහොම උනත් පුළුවන් හැමවෙලේම ලියනවා. ජය වේවා!!!
ක්සැන්ඩර් - බොහෝම ස්තුතියි සහෝ.... මේ ලැබෙන තල්ලුවෙන් තමයි මෙච්චර දුර ආවේ...
ReplyDeleteකිරිපුතා - බොහෝම ස්තුතියි මචෝ......
'Happy Birthday & Many Happy Returns'
ReplyDeleteමාත් පටන් ගත්තෙ අන්තිම පේලියෙන්...හෙහ්..හෙහ්..
සරත් ලංකාප්‍රිය - බොහෝම ස්තුතියි අයියා... අපි දෙන්නම ගඟට බැහැලා තියෙන්නේ එකම තොටුපළෙන්. අයියගෙනුත් ලොකු තල්ලුවක් නිතරම මට ලැබුනා. බොහෝම ස්තුතියි අයියා!!!!!
ReplyDeleteබට්ටි - බොහෝම ස්තුතියි බට්ටියේ. අනේ සද්ද නොකර ගියාට කමක් නෑ. කියවපු එකටත් මේ පැත්තට ආපු එකටත් බොහෝම ස්තුතියි... බොහෝම සතුටුයි මගේ හිතවත් පිරිවරට එකතු උනාට..
ReplyDeleteසිතුවිලි නිහඬයි - බොහෝම ස්තුතියි..... ඔයාලගේ වචනයෙන් තමයි ඒ ශක්තිය ලැබෙන්නේ....
දිනේෂ් - බොහෝම ස්තුතියි මචන්. ඔය වචන ටික තමයි මගේ ශක්තිය....
Observer - Thank You Very Much ඔබා මාමා, ඔබාතුමත් ඉතින් එදා ඉඳං අන්තිම පේලියේත්, මගේ බ්ලොග් එකෙත් මට මඩ ගහ ගහා මාව හප කර කර දුන්න තල්ලුව අමතක නෑ.... බොහෝම ස්තුතියි ඔබා මාමා......
ReplyDeleteමගේ සුභ පැතුම් අයියේ...... දිගටම ලියමු, ජය.....!
ReplyDeleteදිගටම ලියන්න මෙන්න මගෙනුත් සැලියුට් එකක්.
ReplyDeleteබීටා - බොහෝම ස්තුතියි මල්ලියා..... ඔයාලගේ තල්ලුවට පිහිටෙන්.... ජය....!!!
ReplyDeleteරාජ් - බොහෝම ස්තුතියි රාජ්....... නිවාඩු වෙලාවට මොන මොනවා හරි ලියනවා..........
ප්රවීනත්වයට පත් වෙලානේ
ReplyDeleteඑල එල ගොඩයා අයියේ
තව අව්රුදු තිහ හතලිහක්වත් ලියමු අපි ඉන්න වනේ කියවන්න
සුභ පැතුම් මචෝ! දිගටම ලියහං!
ReplyDeleteසුභ පැතුම් ගොඩයා! ජයෙන් ජය!
ReplyDeleteජිංජිබිරිස් - අනේ මලේ මොන ප්රවිනත්වයක්ද ? බොහෝම කියන එකෙන් වෙන්නේ ප්‍රවීණයන්ට ලොකු අපහාසයක්....... ඔයාලගේ බැකප් එක, මගේ පිකප් එක.... බොහෝම ස්තුතියි මල්ලි....
ReplyDeleteසබිත් - බොහෝම ස්තුතියි මචෝ..... ඔය වචනෙන් දෙන තල්ලුවත් එක්ක කොහොම නවත්තන්නද ????
විසිතුරු - බොහෝම ස්තුතියි.... ජය වේවා !!!!
අඩේ . . . එලනෙ . . . මගෙනුත් සුභ පැතුම් . . . .!!!
ReplyDeleteජයවේවා...! අවුරුද්දක් කියන්නෙ සෙල්ලන්ද නේද කොල්ලො?
ReplyDeleteමාත් පටන් ගත්තෙ අන්තිම පේලියෙන්.
ReplyDeleteජයවේවා!
henryblogwalker the Dude
සුභ පැතුම්!
ReplyDeleteහැපි බර්ත් ඩේ කිව්වා... මරු වැඩේ මේකත් !!
ReplyDeleteඕනයා - බොහොම ස්තුතියි ඇන්ඩයියේ, උඹත් එක හේතුවක් අන්තිම පේලියෙන් සෙට් වෙලා අන්තිමට මගේම බ්ලොග් එකක් පටන් ගන්න. දුන්න තල්ලුවට අනේක වාරයක් ස්තුතියි.....
ReplyDeleteඉන්දික - නැතුව අයියේ, අවුරුද්දක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි... හැබැයි ඒක ගෙවුනේ දැනුනෙවත් නැතුව. අපි නාකිවෙනවා කියලා අපිටවත් දැන්නේනේ නෑ අප්පා..... බොහෝම ස්තුතියි අයියේ...
Dude - බොහෝම ස්තුතියි... මට පෙන්නේ අන්තිම පේලිය ගොඩක් අයට පාර පෙන්නලා වගේ......
ReplyDeleteපුසා - බොහෝම ස්තුතියි මචන්....
ගුලියා - බොහෝම ස්තුතියි මචන්..... උඹත් ඉතින් අන්තිම පෙලියෙනේ.....
මගෙනුත් ගොඩයාට සුබ පැතුම් !!!
ReplyDeleteදිගටම ලියමු !!!!
උණුසුම්ම උණුසුම් සුභ පැතුම් ගොඩයා අයියේ :) තවත් අවුරුදු ගනානාවක් හරවත් මාර්තෘකා ඔස්සේ පොස්ට් දාන්නට ලැබේවා කියලා ත් ප්‍රාර්ථනා.... මන් හැම පොස්ට් එකටම කමෙට් කලේ නැතත් හැම පොස්ට් එකක් ම කියවනවා.. ඊමේල් ඒකට ගෙන්න ගෙන... නමුත් කමෙන්ට් කරන්න දෙයක් තුබුනොත් කමෙන්ට් නොකර ඉන්නෙත් නෑ
ReplyDeleteමමත් පොඩියට හරි මොනවා හරි ලියලා පබ්ලිශ් කරේ අන්තිම පේලියෙන්ම තමයි. ඉතින් මගෙත් උණුසුම් සුබ පැතුම් ! ලියන්න දිගටම අපි ඇවිත් කියවන්නම් !
ReplyDeleteමධුරංග - බොහොම ස්තුතියි සහෝදරයා....
ReplyDeleteඅඹයා - බොහොමත්ම ස්තුතියි මල්ලි....... අන්තිම පේලියේ ඔයාලා නිසා තමයි මෙච්චර දුර ආවේ. හේ හේ හේ හේ.... කොමෙන්ට් නෑ කියලා කිසිම ප්‍රශ්නයක් නෑ මල්ලි. කොමෙන්ට් බලාගෙන ලියනවා නම් ලියන්න දේවල් තියනවා. එහෙම අවශ්‍යතාවයක් නෑ. නිවාඩු වෙලාවකට ඇවිල්ලා කියවලා යනවා නම් ඒ ඇති....
Weni - ඔව් වෙනි අයියේ. බලාගෙන යද්දී අපි ගොඩදෙනෙක් අන්තිම පේලියෙන් ආපු අය. බොහොම ස්තුතියි අයියේ......
ReplyDelete