Saturday, March 24, 2012

එදාට වඩා ඔබ අපට අවැසි අදයි මැතිදුනි........................

සැහෙන දවසකින් ,මුකුත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ. ලියන්න දේවල් නැතුවමත් නෙවෙයි. ඒත් වෙලාව තමයි හොයාගන්න අමාරු. මේ දවස් වල ලංකාවේ වැඩිපුරම කතා වෙන මාතෘකාවනේ ජිනීවා. අනේ මන්දා ලංකාවේ ප්‍රධානා නගර ටිකවත් නොදන්නා ගමේ ගොඩේ සිදාදියේ ඈයෝ හැමෝම දන්නවා ජිනීවා ගැන. හැබැයි තියන්නේ කොයි ලෝකෙද කියලවත් දන්නේ නැතුව ඇති. ගිරව් වගේ කට්ටියම ජිනීවා, ජිනීවා, ජිනීවා...... කිය කියා ඉන්නවා. ජිනිවා යන්න කලින් කට්ටියක් ඇමරිකාව වර්ජනය කරා. දැන් ගිහින් ආවට පස්සේ ඉන්දියාව වර්ජනය කරනවා. මුණු පොතේ වීර වැකි, සටන් පාඨ පිරිලා.......  අනේ මන්දා........  
මම සාමාන්‍යයෙන් දේශපාලනය ගැන ලියන කතා කරන මිනිහෙක් නෙවෙයි. ඒත් කතා කරන්න ඕනේ තැනදී කටවහගෙන ඉඳලා වැඩකුත් නෑනේ. හැබැයි මේ ලියන්න යන්නේ ජිනීවා ගැන නෙවෙයි. ඒ සිද්ධිය එක්ක මට මතක් වුන සහ හිතුන දේවල්........

මේ කතන්දරේ එක්ක මට මතක් වුනේ අපේ රටට අහිමිවුන වචනයේ පරිසමාප්තයෙන්ම  අමිල මෙහෙවරක් කල ශ්‍රේෂ්ඨ නායකයෙක්.......   එතුමා තමයි දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා.  කටක්  ඇරලා කිසිම හිරිකිතක් නැතුව මැතිතුමා කියලා ආමාත්‍රණය කරන්න පුළුවන් නායකයෝ අපේ රටේ හිටියා නම් ඒ අතේ ඇඟිලි ගානටත් අඩු බව මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.  කාලකණ්නි යුද්ධය නිසා අපිට අහිමිවුන වටිනාකම නිමක් නැති ජනතා නායකයෙක්.  මේ ජිනීවා අලකලංචිය වෙලාවේ මගේ සිහියට ආවේ මෙතුමා. වෙන එකක් නිසා නොවෙයි 1994 වර්ෂය වෙනකම් කොටි විසින් ලෝකේ බලවත් රටවල් අතර ප්‍රචාරය කෙරුන අසත්‍ය වීඩියෝ සහ කරුණු හේතුවන් අපේ රට ගැන ලබා දී තිබු  වැරදි ප්‍රතිරූපය  තරමක හෝ වෙනසකට ලක්කලා නම් ඒ ක්‍රියාව සිද්ධ කලේ මෙතුමා නිසා.  ජිනීවා ගැටලුවේදීත් අපිට අවාසිවුනේ මියගිය කොටියා විසින් ගොඩනගපු ඒ ප්‍රතිරූපය නොවෙයිද ? කොටියා මියගියත් ඒ ප්‍රතිරූපය මරාදැමීමට නොහැකි තරම් ශක්තිමත්ද ???  මට නම් හිතෙන්නේ ඒ ප්‍රතිරූපය කඩා දැමීමට තරම් ශක්තිමත් මිනිසෙක් අද අපි අතර නැති බවයි. ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමනි, ඔබ මගේ මව්රට හැර ගියේ අපේ සහ අපේ රටේ අවසානාවටයි. ඔබ වැනි මිනිසෙක් රටට අවැසිම මොහොතකි....  ඔබ ඒ කල අමිල අමරණිය සේවය අති විශිෂ්ඨයි. අවාසනාවත්නම කාරණය නම්  අද වන තුරුත් ඒ සේවයට කිට්ටු සේවයක් සැපයීමට තරම්වත් මිනිසෙක් අප සතුව නැත....   අගාම්,ජාති භේදයකින් තොරව රට ගැන හිතන ඔබ වැනි නායකයින් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යයි මැතිතුමනි. ඒත් අපේ අසරණකමට අද සිටින නායකයින් යැයි කියාගන්නා බහුතරය ඔබතුමාගේ පයට පෑගුන දුවිල්ලක් තරම්වත් නොවටී. 2005 අගෝසතු මස 12 දිනයි සහාසික කොටි ත්‍රස්තවාදීන් විසින් ඔබතුමාව අපෙන් සහ දැයෙන්  උදුරාගත්තේ. අවුරුදු 7ක් ආසන්න කාලයක් ගතවුනත් ඒ උන් ලැබුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක්‌ බව අදටත් මට සිතේ. අපි එදා ලැබූ පරාජය අදත් එලසින්මයි... 
මැතිදුනි, ඔබේ සේවයට ආදේශකයක් තවමත් අපට නැත. ඒ සේවය එතරම් ඉහලයි, විශිෂ්ඨයි, අමිලයි, අමරණීයයි.....  ඔබ අප හැරගියත් ඒ මතකය කෙදිනකවත් අපව අතහැර නොයයි. මන්ද ඒ හිඩැස පිරවීමට තවකෙකුට නොහැකි හෙයිනි. ඔබතුමාට නිවන් සුව ලැබේවා !!! 

මේ ජිනීවා සමුළුව සම්බන්ධව අපේ රටේ කිසිම නායකයෙක් ජනතාව හරිහැටි දැනුවත් කලාද කියා නම් මට සැකයි. ජනතාව දැනුවත් කිරීමට ප්‍රථම ඔය කියන නායකයින් ඒ ගැන දැනුවත්දැයි කියා ප්‍රශ්නයක් මගේ හිතට නැගේ. ජනතාව කුලප්පු කරමින් ඇමරිකාව වර්ජනය කරන්නට කෙනෙක් කෑගැසුවේය. අනිත අයත් උඩින් පල්ලෙන් මොනවා හරි කියනවා විනා හරිහමන් දෙයක් කීමට කෙනක් නොමැත. හැබැයි ඔය කාගේ කාගේත් කෑගැසිලි රට ඇතුලට සිමාවෙලා. එක අතකට එහෙම වෙලා තියන එකත් ලොකු දෙයක්. එහෙම නොවේ නම් ඔය වගේ ගොන් කතා අන්තර්ජාතිකව ප්‍රකාශ කිරීමෙන් වෙන්න අපිට කබලෙන් ලිපට වැටෙන්නයි. මට නම් එක දෙයක් පැහැදිලියි. රටකට ගිහින් කට ඇරලා අනිත් රටවල මිනිස්සුන්ට තෙරෙන විදිහට ඇත්ත කියා ගන්න තරම් කොන්ද පණ ඇති එකෙක් අද අපේ රටේ නැත. මානව හිමිකම් ප්‍රශ්නයේදීත් මට හිතෙන්නේ ඒ අඩුව අපිට ගොඩක් බලපෑවා.  කොහොමන් කොහොම හරි දැන් ඉතින් ඒ නාඩගමත් ඉවරයි. දැන් ඉතින් ඉන්දියාවයි, අර රටයි, මේ රටයි වර්ජනය කරන්න කතා කර කර කාලේ කන්නේ නැතුව මේ වැටිලා තියන වලෙන් ගොඩ එන්නට උත්සහ කරොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.  රටවල් වලට පාඩම් උගන්නන්න කලින් වෙච්ච වැඩෙන් අපි පාඩමක් ඉගෙන ගෙනඉමු. 
ජනාධිපතිතුමනි, තව දුරටත් ඔබතුමාගේ හෙන්චයියලාට සියලුම තනතුරු පුජා කරනු මැනවි. මෙලෝ හසරක් බැරි ඔබතුමාට ගොට්ට අල්ලපු සියලුම ඈයන්ව තානාපතිවරු කර රට රටවල් වලට යවන්න. ඔබතුමා වෙනුවෙන් ජන්දෙට කඩේ ගිය,  කුඩු විකුණන අඩු ගානේ සාමාන්‍ය පෙළවත් සමත් නැති ඔල මොට්ටල මැරයන්ට අමාත්‍යංශ භාර දෙන්න. සුදුසුකම් එහෙම තියන වෙන අය ඉන්නවද කියලා හොයන්නවත් එපා. ඔබතුමා බලයට ආපු ගමන් ඒ කොරපු ගොන් පත්වීම් වල ප්‍රතිපල අපිට නම් දැන් හොඳට පේනවා. ඒත් ජනාධිපතිතුමනි මොනවත් වෙනස් කරන්න එපා. ඔය විදිහටම ඔය ගොන් හැත්ත එක්ක මේ වල කපන්න . මොකද ඔය වලට වැටෙන්නේ ඔබතුමාවත් ඔබතුමා වටේ ඉන්න ඔය ගොන් රැලවත් නෙවෙයි. අහිංසක අපියි.......... 

මේවා ලීවා කියලා ජනාධිපතිතුමාට පෙන්නේ නෑ කියලා දැන දැනත් ලියන්නේ හිතේ අමාරුවටයි........

24 comments:

  1. විදේශ අමාත්‍යවරයා ලෙස රටේ සල්ලි කාබාසිනියා කරමින් ලෝකේ පුරා රවුම් නොගැසූ, දියණියන්ගේ උපන් දින පාටි ඇමරිකාවේ නොසැමරූ සැබවින්ම දේශමාමක දේශපාලනඥයෙක්.

    මෙතුමාව වරක් අගමැති තනතුරට යෝජනා වුවත් බලලෝභී සහ ජාතිවාදී දේශපාලනඥයන් නිසා ඒ අවස්ථාව වැළකුණා. ඒ නැත්නම් තවමත් මෙතුමා ජීවතුන් අතර

    ReplyDelete
  2. ඔක්කොමල දවල් මිගෙල් රෑ දනියෙල් ලා බං... මටත් තේරුම් ගිය විදිහට කිසිම පැහැදිලි අවබෝධයක් නැතුව අපේ මිනිස්සුත් ඔහේ කෑ ගහනවා... එක අතකට ඒක සාධාරණයි... මහ උන්ට තේරෙන්නේ නැති ඒවා සාමාන්‍ය මිනිස්සුට කොහොම තේරෙන්න ද... උඹට වගේම හිතේ කොච්චර කේන්තියක් තරහක් තිබ්බත් අපිට කරන්න පුළුවන් දේ සීමා සහිතයි...

    තවමත් අපි ජීවත් වෙන වටපිටාව හුදු තාවකාලික දේශපාලන වාසි වලට යටවෙලා කොටු වෙලා අපි කැපුවත් නිල්, කොළ, රතු පාට වලට බෙදිලා දේශපාලුවන් ගේ ඇස් වලින් කන් වලින් ප්‍රශ්ණ දකින අහන සමාජයක....

    ආයේ කදිර්ගාමර් මැතිතුමා වගේ කෙනෙක් ලබන්න මිනිස්සු ඔය පටු රාමු වලින් මිදිලා දේශපාලනය කරන දවසක් උදාවේවිද ???

    ReplyDelete
  3. Ela machan... 100% agreed. Ada ape rate konda kelin tiyagena kata arala katha karanna puluwan kauruwath ne... Nikan laba prayojana balagena, kiyanne monawada kiyalawath danne nathiwa udu burana ralak apita inne... e gana hithana kota attatama kanagatui...

    ReplyDelete
  4. වැඩේ කියන්නේ දේශාභිමානි ටෝක් බුකියේ දාන උන් ඒවා දාන්නේ සිංහලෙන්
    සුද්දට සිංහල තේරෙන එකක් යෑ

    ReplyDelete
  5. sampurna aththa aiye,ayeth koti holman karanna patanganna eka wadi aathaka newei wage...

    ReplyDelete
  6. //මේවා ලීවා කියලා ජනාධිපතිතුමාට පෙන්නේ නෑ කියලා දැන දැනත් ලියන්නේ හිතේ අමාරුවටයි........//

    හැම රෙද්දටම දේශපාලනේ ගාව ගන්න පුරුද්දෙන් මිදිලා එක පොදු කතිකාවකට එන්න අපේ මිනිස්සුන්ට පුළුවන් නම් අපිව වට්ටන්න ඇමෙරිකාවට වත් බෑ. ඒත් කරුමෙට අපේ එවුන්ව එක තැනකට ගන්නවා කියන්නේ... කියලා වැඩක් නැත !!!

    ReplyDelete
  7. ලංකාව වෙනුවෙන් සැබෑම සේවාවක් ඉටු කරපු විදේශ ඇමති වරයෙක් තමයි මෙතුමා.. අපේ අවාසනාවට තමයි එතුමා රටට අහිමි උනේ..

    ReplyDelete
  8. ඕන කරන එවුන් විජහට නැති වෙනවා. එපාම කරපු එවුන් චිරාත් කාලයක් ජීවත් වෙනවා !!!

    සංසාරේ !!! සංසාරේ !!!

    ReplyDelete
  9. නිස්සො සුදුස්සෝ යටකොට පුස්සො වැඩදෙනව යමරෙට
    සෙතක් වෙයිද එහෙව් රටකට ඕයි.......

    ReplyDelete
  10. ගොඩක් අය එනකොට නං කදිරගාමර් වගේ තමයි එන්නෙ . . එකම අවුල ඇවිත් ටික කාලෙකින් අවුල් වෙන එකනෙ

    ReplyDelete
  11. කාලෝචිත ලියවිල්ලක්, අපිට අමතක වුන මණුස්සයෙක්.


    [Godaya,මේ පල් පාට් දාන්න එපා හරිද ? අපි දන්නව ජිනීවා තියෙන්නෙ කොහෙද කියල හරිද? ජිනීවා කියන්නෙ මාලදිවයින් වලින් එකක් කියල ඕනය වුනත් දන්නව]

    ReplyDelete
  12. ඇත්ත ගොඩයා.... සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ මචන්... නැත්නම් තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ වගේ...

    ReplyDelete
  13. මේ සුදුසුම කාලය උනත් මේ වගේ නායකයෝ අද දකින්න නෑ. ඉන්නේ පඹයෝ රෑනක් විතරයි.

    ReplyDelete
  14. දේශපාලන මඩ ගොහොරුවේ සුපිපුනු නෙලුමක්!

    ReplyDelete
  15. එතුමා ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක්.. එත් සමකාලීනව එතුමාට විපක්ෂ පක්ෂ දෙපැත්තෙන්ම ලැබුනේ ගැරහුම් විතරයි.. එක අපේ රටේ සාමාන්‍ය තත්වේ.. මැණික් යට ගිහින් ගොමරිටි උඩට එන මේ කාලේ අපිට ඉතිරිවෙලා ඉන්නේ පඹයෝ ටිකක් විතරයි..

    ReplyDelete
  16. Hasitha - ඇත්ත හසිත. වැඩක් කරන මිනිස්සුන්ගේ කකුලෙන් අදින්නනේ නිකමෝ පුරුදු වෙලා ඉන්නේ. කොහොමෙන් හරි රටට ඕනේ මිනිස්සු රටට නැතිවෙනවා.

    ගුලියා - අනේ මන්දා බන්. එහෙම කාලයක් උදාකරගන්න ඕනේ. නැත්නම් රටක් ඉතුරුවෙන්න නෑ.....

    ReplyDelete
  17. Sanjeewa Kodikara - ඔව් බං. බලාගෙන ඉන්න දුකයි. අනේ මන්ද ????

    ජින්ජිබිරිස් - අනේ ජින්ජියෝ ඔය දේශාභිමානය නෙවෙයි. එකෙක් කොරන නිසා ඔහේ කෙරිල්ලක් තියන්නේ. සිංහලෙන් නෙවෙයි මොන බාසාවෙන් ලීවත් අදාළ මිනිස්සු ඕවා බලයිද ???

    ReplyDelete
  18. ලක්නාත් හල්වල - ආණ්ඩුව පාණ්ඩු වැඩ කරද්දී ආයෙත් උන්ට ඔලුව උස්සගන්න ඉඩ කඩ වැඩිවෙනවා.

    චතුරංග පෙරේරා - මම ඔය යටින් ලියලා තියන එක ලිවේ ඔයිට කලින් "මේවා ලිවට ජනාධිපතිට පෙන්නේ නෑ බං" කියලා අදහසක් පළවුණ නිසයි. සමහරු හිතනවානේ මේවා බලන්න ඕනේ ජනාධිපති විතරයි කියලා. ඒකයි. හැබැයි දේශපාලනයේ වැරදි තියනකොට ඒක ගාවාගන්නේ නැතුව කතා කරන්න අමාරුයි නේද සහෝ ?????

    ReplyDelete
  19. දිනේෂ් සහ මධුරංග - අනේද කියන්නේ. ඉතිරි වෙන්නේ ජරා ගොඩවල් තමයි.

    ReplyDelete
  20. කිරිපුතා - හරියටම හරි..... ගොඩ ඒමක් නෑ ඉතින්.....

    ඕනයා - ඔව් ඔව්. එන්නේ නම් 10 ගැනගන්න බැරිව. ටික කාලෙකින් ගොඩ ගහන්න පටන් ගන්නේ කෝටි ගණන්....

    ReplyDelete
  21. ඔබ්සවර් - මෙහෙම මිනිස්සු අමතක කරලා කොහොමද ඔබා මාමා????

    ( මම කිවේ ඔබා මාමා ගැන නෙවෙයි. අහක යන තොප්පි වලටනේ ඔයත් ඔලුව අල්ලන්නේ )

    අභීත - ඒක තමයි අභි අයියේ ප්‍රශ්නේ... රට ගොඩයයිද ඉතින් ?

    ReplyDelete
  22. ක්සැන්ඩර් - ඕනේ කාලේදී ඕනේ මිනිස්සු නෑ. රටේ අවාසනාව.

    සබීත - ඉඳලා හිටලා පිපෙන නෙලුමත් රැකගන්න බැරි වෙන එක නම් දුකට කාරණයක්.

    ReplyDelete
  23. සරත් ලංකාප්‍රිය - ඇත්ත අයියා. කවදටත් වැඩ කරන එකාගේ කකුලෙන් ඇදිල්ලනේ අපේ මිනිස්සු කරන්නේ.....

    ReplyDelete
  24. //ඔබේ සේවයට ආදේශකයක් තවමත් අපට නැත.//
    තවම නෙවෙයි හම්බෙන්නෙම නෑ....

    ReplyDelete