Tuesday, February 15, 2011

ලියෙනෙමි මකා ගන්නට අටියෙන් තනිය

ගත කල දිවිය විහඟ ලෙසින් පෙර   දිනක
සිහිවන විටදි නැගුණා දුක හිත    කොනක
පෙරකල පවක් මට පටිසන් දුන්     ලෙසක
දැනුණා නිතර තනි වූ විට           පිටරටක

ලැබුණත් සුවය නොඅඩුව අපගේ     ගතට
සැප මොටද නැත්නම් සහනය     සිතට
වැටුනෙමි මමත් පිට මිනිසුන් ගොඩ මැදට
එන්නට ඇඟිලි ගනිනෙමි මම මගේ  රටට

මා කවියෙකු නොවෙයි රස කවි පබඳින්න
ගන්නේමි වෑයමක් අදහස්        අමුණන්න
දැක්කොත් අනේ අඩු පාඩුව      පවසන්න
එය වෙයි සවිය තව තව මට    රසවෙන්න

අපහට ලැබෙන  ගල් සහ මල්   අපමණය
රසමුසු වෙමින් දැණුනේ සැපදුක   දෙකය
බාධක මැදින් ගලනා දිවියේ            රසය
ලියෙනෙමි මකා ගන්නට අටියෙන් තනිය

17 comments:

  1. hey,this z really a nice thing ayya...simple and nice...

    ReplyDelete
  2. Simply amazing..... Waruna really didn't knw that u r a good poet.... Bravo....! Keep it up man....

    ReplyDelete
  3. හැමෝටම බොහෝම ස්තූතියි. මේ තල්ලුව දිගටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා !!!!

    ReplyDelete
  4. නියමයි නියමයි මල්ලි..... ඔහොම යමු.... අපි දෙන්නම් තල්ලුව...

    ReplyDelete
  5. ela ela godayoo menna dunna thalluva luyamu digatama!!!!!!!!11

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි අයියාටයි මල්ලිටයි දෙන්නටම.උඹලගෙන් ඔය තල්ලුව මට හැමදාමත් ලැබුනා. මම දන්නවා ඉදිරියටත් ලැබේවි. ජය වේවා !!!

    ReplyDelete
  7. i never knew that you could write like this....keep it up bro. when you write, just put it in a simple and cool manner, like what you have done here. hence, anybody can understand :) good job!

    ReplyDelete
  8. excellent fantastic. amazing...fatta

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි හැමෝටම..........
    අපි හැමෝම අපි ගැන දන්නේ බොහොම ටිකයි මචං. මම මහා ලොකු කවියෙක්වත් ලේඛකයෙක්වත් නෙවෙයි. ඒත් මම ගොඩල් දේවල් ලීවා. හැබැයි ලියන එක නැවැත්තුවේ දැනට අවුරුදු 10 කට 11 කට කලින්. ඒ දේවල් එහෙම්මම ජීවිතෙන් ඈත් වුනා. මේ වැඩේ පටන්ගත්තෙත් මගේ යාළුවන්ගේ තල්ලුව නිසා. පුළුපුලුවන් වෙලාවට පුළුවන් විදිහට ලියනවා. නැවත වතාවක් හැමෝටම ස්තූතියි.

    ReplyDelete
  10. maara Creative wedak......
    good luck ayya..!!!!
    We always with U...!!!

    ReplyDelete
  11. ලස්සනයි අයියා.. දිගටම ලියන්න සුබ පැතුම්...

    ReplyDelete
  12. බොහෝම ස්තූතියි හැමදෙනාටම

    ReplyDelete
  13. බොරු නං කියන්ඩ එපා! ඔය අගේට ලියවිලා තියෙන්නෙ කවි ටික.

    ReplyDelete
  14. මල් පමණක් නොවෙයි ගල් මුල් ලැබෙන
    නුඹ පමණක් නොවෙයි තව බොහො අය රැදෙන
    බ්ලොග් අවකාශෙ සොඳුරුයි ඒතරමට මඩය
    පිලිගන්නෙමි නුඹත් මල් කළඹක් සමඟ

    ReplyDelete