Saturday, March 19, 2011

රට වටේට දුවන්නේ රෝද තුනේ වාහනේ..............

හදිස්සියේම රෝද තුනේ වාහනය ගැන මතක් වුනා. රෝද තුන ගැන මතක්වුනේ මට වෙච්ච වැඩක් නිසා. රෝද තුන එහෙම නැත්නම් ත්‍රීවීල් එක, වීල් එක, ට්‍රයිෂෝ එක, තවත් නානාප්‍රකාරා නම් වලින් හඳුන්වන ත්‍රීරෝද රිය වෙනුවෙන් මේ පෝස්ට් එක. ඊළඟ පෝස්ට් එක වෙච්ච වැඩේ ගැන.

ඔය ත්‍රීවීල් එක මුලින්ම ලංකාවේ තිබිලා තියෙන්නේ 1893. ඔය උඩ තියෙන්නේ ඒ කාලේ ට්‍රයිෂෝ එකේ පින්තූරයක්. ඊට අවුරුදු 90කට විතර පස්සේ තමයි අපේ රටේ ත්‍රී වීල් එක ප්‍රසිද්ධ වුනේ. බජාජ් සමාගමෙන් ත්‍රීවීල් හදන්න පටන් අරන් තියෙන්නේ 1959. ඒත් ඇංජිම පිටිපස්සට ඇවිල්ල තියෙන්නේ 1977. ඔය වාහනේ කොළඹට ඇවිල්ලා ඒ කාලේ කොළඹ ටැක්සි විදිහට පාවිච්චි කරපු මොරිස් මයිනර් එකට බඩේ පහර ගහන්න පටන් අරන් තියෙන්නේ 1980න් පස්සේ. 1980 අග වෙද්දි ත්‍රී වීල් එක ලංකාවේ සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. මොන දේ වුනත් මුල මතක තියෙන්න ඕනෙනේ. ඒ නිසයි මුලින්ම මුල මතක් කලේ.දැන් නම් ඉතින් ත්‍රී වීල් එක ලංකාවේ අපිට එදිනෙදා ජිවිතේට නැතිවම බැරි දෙයක් වෙලා.

රෝද තුනේ වාහනය ගැන කතන්දර නම් අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඉතින් ඔය ත්‍රී වීල් පාර්ක වල ඉන්න සමහරු ලොකු චණ්ඩිනේ. මේ සිද්ධියත් එහෙම චණ්ඩින්ට වෙච්ච දෙයක්. තැනනම් කියන්නේ නෑ. එක්තරා හංදියක තියන කඩමණ්ඩියකට ගියා මම දවසක් හවසක බඩු ගන්න. ඒ හංදියෙත් ත්‍රී වීල් 15ක් 20ක් තියනවා. මම බඩු ගන්න අතරේ එක පාරටම ආවා සුදු වෑන් එකක්. ඇවිල්ලා පාර මැද්දේම නැවැත්තුවා. වෑන් එකෙන් කොහොමහරි 15ක් විතර බැස්සා. බැස්සේ කඩු, පොලු, චේන් එහෙම අරගෙන. ඒ කීවේ බොහොම හොඳට සන්නද්ධ වෙච්ච ගැන්සියක්. බැහැලා එකෙක් නම් 4ක් 5ක් කිය කිය කෑ ගහනවා. " අඩෝ ----, ------, ------, ------   උඹලා හෙන චන්ඩිද? කෝ තොපි? කොහෙද හැංඟුනේ, බැහැපියව් එලියට. කපනවා කෑලි කෑලි....බ්ලා බ්ලා බ්ලා........" බොරු කියන්න ඕනේ නෑනේ. මමත් පොඩ්ඩක් ගැස්සුනා. ඔය අස්සේ මම කඩේට ගොඩ වෙනකොට ත්‍රී වීල් එකකට වෙලා හිටපු එකෙක් කඩේ අයිනට වෙලා පත්තරේ බලනවා. මට හොඳටම විශ්වාසයි ඒ යකා ඊට විනාඩියකට කලින් ත්‍රීවීල් එක ඇතුලේ හිටියේ කියලා. තව එකෙක් කඩේ මුදලාලිගෙන් බඩු ගන්නවා. අනිත් එකා කෙලින්ම කඩේ ඇතුලේ. මේ කට්ටියම හැබැයි ත්‍රී වීල් එලවන අය. කඩේ මුදලාලිටත් හිනා. කඩේ හිටපු අපිටත් හිනා.  මහා ලොකු චන්ඩි සෙට් එක සී සීකඩ. පස්සේ හොයලා බැලුවහම මේ අය 3, 4 දෙනෙක් එහා ගමක කොල්ලො දෙන්නෙක් පාර්ක් එකට ආවහම මොකක් හරි එකකට හොඳටම ගහලා. එකේ රීටන් එක තමයි ඒ ඇවිල්ලා තිබ්බේ.  අනේ ඉතින් මම කල්පනා කලේ ගමට ආපු උන් දෙන්නෙක්ට ගහන්න හයිය තිබ්බ උන් ගමට 15ක් විතර ආවහම හැංඟිලා.  කියන්න ඕන වුනේ ඔය රෝද තුනත් එක්කම අපේ රටේ අමුතුම සංස්කෘතියක් බිහිවුනා. පාර්ක් සංස්කෘතිය. හැබැයි හැරිලා බැලුවහම ලැබුන හොඳ දේවල් වලට වඩා නරක දේවල් වැඩියි වගේ.

මම අර චන්ඩි සිද්ධිය ලීවේ ත්‍රීවිල් පාර්ක් වල ඉන්න සමහර උදවිය චණ්ඩි කියලා පෙන්නන්න ආසයි. එහෙම පෙන්නපු එක තමයි කලින් සිද්ධියටත් හේතුව. මම කියන්නේ නෑ ත්‍රීවීලර් එලවන හැම මිනිහම චන්ඩියෙක් වෙන්න හදනවා කියලා. මම දන්න සමහර අය ඉන්නවා බොහොම හොඳ මිනිස්සු. රෝද තුනේ රස්සාවට රස්සාවක් විදිහට සලකන, ගරු කරන, වගකීමෙන් ඒ රස්සාව කරන මිනිස්සු. ඒ වගේ රියැදුරන් හොඳට දියුණු වෙලා ඉන්නවා. හැබැයි මෑතකදී මම දැකපු දෙයක් තමයි මේ රස්සාව විනෝදෙට කරන කොට්ඨාශයකුත් ඉන්නවා. ලංකාවට ගිය වෙලාවක මම ත්‍රීවීල් එකක් ගත්තා. ත්‍රී විල් එකක් ගත්තා කීවේ මම ත්‍රීවිල් එකක් ගත්තා නෙවෙයි. ත්‍රීවීල් එකක හයර් එකක් ගියා. අම්මෝ ඒ ගිය යෑම මතක් වෙනකොටත් ඇඟේ මයිල් කෙලින් වෙනවා. කොච්චර කීවත් මනුස්සයාට හිමින් යන්න අමතක වෙනවා. හයියෙන් ගියත් කමක් නෑ පාරේ හරියට. යන්නෙත් පාරේ නෙවෙයි. ත්‍රීවීල් එක ඉතින් හයිය වහනයක් නෙවෙයිනේ. මොකේක වැදුනත් කුඩු තමයි.


අපේ ගමේ මුලින්ම ත්‍රී වීල් පාර්ක් එකේ ත්‍රීවිල් තියාගෙන හිටියේ 2ක් හෝ 3ක්. ඒ අයත් මැදිවියේ එහෙම නැත්නම් වයසක උදවිය. ඉතින් ඒ කාලේ බය නැතුව ගමනක් ගියා. හැබැයි දැන්නම් පාර්ක් එකේ ත්‍රීවීලර් 40ක් 50ක් තියනවා. ඒත් ගමනක් යන්න සුදුසු මනුස්සයෙක් හොයන්න නම් ඉතින් සෑහෙන වෙලාවක් යනවා. හේතුව සමහර අය ඉන්නේ බීලා, සමහරුන්ට ලයිසන් නෑ. සමහරු එලවන්නේ ත්‍රීවීල් නෙවෙයි ජෙට්. ඒ අයත් එක්ක යද්දි වෙනම ජිවිත රක්ෂණයක් අරන් යන්න ඕනේ. සමහර අය තැනකට ගිහින් ඉන්න දන්නේ නෑ. ඔය වගේ ප්‍රශ්න ගොඩයි.
 තව දෙයක් මම දැක්කා ඔය ත්‍රීවිල් පාර්ක් සංස්කෘතියේ. ගමේ හරියට O\L, A\L පාස් වෙන්න වාසනාව නොලැබුන  හැමෝම ත්‍රීවිල් එකක් අරන් පාරට එනවා.එහෙම එන ගොඩක් අයට හොයලා බැලුවහම ලයිසන් නෑ. ඉතින් උදේ ඉදන් පාරට වෙලා ඉඳලා හවසට ගෙදර යනවා. ඔය තරම් ඉතින් මිනිස්සු ත්‍රීවිල් වල ගමන් යනවද කියලත් සැකයි. මොකද දැන් ලංකාවේ තියන ආර්ථිකයට පිං සිද්ධ වෙන්න මම හිතන්නේ නෑ මිනිස්සුන්ට නිතරම ත්‍රී විල් වල යන්න හයියක් තියනවා කියලා. ඔය වැඩෙන්  වෙන්නේ අර රටේ අනිත් ක්ෂේත්‍ර වලට උවමනා වෙන තරුණ ශ්‍රමය නැතිවෙන එක. ඉස්සරනම් බොහොමයක් දෙනා O\L, A\L වලින් පස්සේ වෘත්තීය පුහුණු ගැන උනන්දු වුනා. ඒ නිසා රටේ හැම ක්ෂේත්‍රයටම තරුණ ජවය ගලාගෙන ගියා. ඒත් මේ රෝද තුන නිසා රටේ තරුණ පරම්පරාව කම්මැලි වෙලා කියලා ගොඩයට හිතෙනවා. ඒ විතරක් නෙවෙයි. හයර් ලැබෙන්නේ නැතිවුනහම මේ අය කොහොමහරි සල්ලි හොයන්න බලනවා. පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ ප්‍රවෘත්ති ගැන. මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා ජාවාරම්, මැරකම්, වංචා, දූෂණ, මේ හැම දෙයක් පස්සෙම ඔය රෝද තුන ගෑවුන අවස්ථා ඕනතරම් තියනවා.

මේ දේවල් මතක් වුන නිසා සහ කල්පනා වුන නිසා ලීවා. ඇත්තටම රෝද තුන නිසා වෙච්ච රසබර සිද්ධි ගොඩක් ගොඩයා ළඟ තියනවා. බලමු ඉස්සරහට වෙලාවක් ලැබුනහම ලියන්න. ඇත්තටම ත්‍රීරෝද රථය ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා. විශේෂයෙන් දුප්පත් මනුස්සයෙක්ට. පෝසත් මිනිස්සුන්ටනම් ඉතින් වාහන තියනවා. ඒත් දුප්පත් මිනිහෙක්ට අසනීපයකට, හද්ස්සියකට පිහිටට එන්නේ රෝද තුන තමයි. ඔය ඉතින් පෝසත් මිනිස්සුන්ටත් අසරණ වුන වෙලාවට පටස් ගාලා රෝද තුන මතක් වෙනවා. ඒතරම් අපිට සමීප මේ සේවය ඇයි බැරි මීට වඩා ක්‍රමවත් සහ ආරක්ෂාකාරී සේවයක් කරන්න. අපිට පුළුවන් උනොත් මේ රියදුරු මහත්වරුන්ගේ සහ වාහනයේ තත්වය පරීක්ෂා කරන්න සහ මේ සේවයට ප්‍රමිතියක් දෙන්න මට හිතෙනවා මේ සේවයේ වටිනාකම වැඩිවෙයි කියලා. අවසාන වශයෙන් අව්වේ, වැස්සේ, දහවලේ, මහ රැයේ රෝද තුන උඩ ජීවිතේ ගත කරන, අවංකව තමන්ගේ සේවය ආරක්ෂාකාරීව මහජනයාට සපයන තමන්ගේ රැකියාව සේවයක් විදිහට හිතන අපේ ට්‍රයිෂෝ මහත්වරුන්ට එහෙම නැත්නම් අපේ ත්‍රීවිල් අයියලාට සහ මල්ලිලාට ගොඩයාගේ කෘතඥතාවය.

7 comments:

  1. ooya kattiyegen venna nam sevayak tama et bashava..hasirima gattama e sevaya natat hondai kiyala hitenava velavakata nam..

    ReplyDelete
  2. ඒක තමයි මල්ලී කියන්න ඕනේ උනේ මටත්. ප්‍රමිතියක් තියනවනම් සේවයක් විදිහට ඔය තත්වය ගොඩක් වෙනස් වෙයි කියලා හිතෙනවා. එහෙම නැති උනොත් සේවයකට වඩා වෙන හානිය වැඩියි රටට.......

    ReplyDelete
  3. අපේ රටේ උඩම උඩ ඉඳල පහලට තියෙන විනයක් නැති තමුන්ගේ බඩ ඉස්සරහින් තියාගෙන,කාව හරි මරාගෙන තමුන් රජවීමේ ජරා තරඟය ත්‍රී වීල් වල‍ටත් පොදුයි.... කවදාහරි ඉහලින් පටන් අරන් මිනිස්සු හැදෙනතුරු පුංචි මිනිස්සුන්ගෙන් විනයක් සංයමයක් අවංක සේවයක් බලාපොරොත්තු වීමේ සාධාරණත්වයක් නෑ මල්ලි..

    ReplyDelete
  4. ඇත්ත අයියා, බඩ නිසා තමයි ගොඩක් ප්‍රශ්න. හැබැයි අයියා පුංචි මිනිස්සුන්ගේ විනය මොනවා වුනත් ලොකු මිනිස්සුන්ට වඩා දහස් වාරයක් හොඳයි. මොකද පොඩි මිනිස්සුන්ගේ බහුතරය ඔය ලොකු ලොකු මිනිස්සු වගේ සෝබනේට හැසිරෙන්න දන්නේ නැති වුනාට ඒ මිනිස්සුන්ගේ අභ්‍යන්තර විනය ලොකු මිනිස්සුන්ට වඩා හොඳයි. අනික මම ඒ මිනිස්සුන්ගෙන් විනයක් බලාපොරොත්තු උනා නෙවෙයි, ප්‍රමිතියක් තිබ්බ නම් හොඳයි කීවේ ඒ මිනිස්සුන්ගෙන් අනිත් මිනිස්සුන්ට වෙන කරදර, හිරිහැර අඩුකරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. මොකද ඒ අයගේ විනය කෙලින්ම බලපාන්නේ පොඩි මිනිහට නිසා. හැබැයි අයියා කීවා වගේ විනයක් නැතිව ඔය රස්සාව කරන බහුතරේකට විනයක් නැති වෙලා තියෙන්නේ ලොකු මිනිස්සු නිසා. ඒත් අයියා ඔය විදිහට අපි උඩ ඉඳන් හැදෙනකම් බලාගෙන හිටියොත් කවදා අපිට ගොඩ යන්න පුළුවන් වෙයිද???

    ReplyDelete
  5. අද තමයි මේ බ්ලොග් එක දැක්කේ... දිගටම කියවන්න හිතුන නිසා රීඩර් එකටත් දාගත්තා..... දිගටම ලියමු .... ජයවේවා....

    word verification අයින් කලොත් කමෙන්ට් කරන අපිට ලේසිවෙයි නේද ටිකක්....

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි අභීත අයියා. මම මේ බ්ලොග් කෙරුවාවට අළුත්. මට ඔය වගේ අදහස් පුදුමාකාර විදිහට වටිනවා. ඔන්න එහෙනම් word verification කතන්දරේ අයින් කලා. බොහොමත්ම ස්තූතියි අදහසට සහ දිරියට.

    ReplyDelete
  7. මචං, වැඩේ නැගලා යනවා. දිගටම ලියපන්.

    ReplyDelete