Tuesday, March 22, 2011

පතනෙමි ඔබට දිගුආයුෂ, සැප, සුවය

අද මගේ දයාබර මෑණියන්ගේ ජන්ම දිනය.  ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක වෙන්කලා. 

ඔබගේ ලොවේ නැත තිබුනේ ඔබට    ඉඩක්
ඒ ඉඩකඩත් අපහට වෙන් කරපු         කතක්
විඳි දුක් ගැහැට හෙලු කඳුලැලි නැතේ නිමක්
අම්මේ ඔබෙ ගුණ ගැයුමට සොයමි    මඟක්

සිරුරේ දුවපු රුධිරය කිරි කර         පෙව්වා
ඔබ කුසගින්නේ හිඳ බත් පත මට   කැව්වා
මම මේ දියත වසනා දෙවියන්        සෙව්වා
අම්මේ ඔබ තුළින් මම දෙවියන්         දුටුවා

සැරවැර කලත් දුටුවිටදී අමන            ගති
ඔබ ගුණ කඳට සීමාවක් ඉමක්          නැති
ඒ ගුණ ගයා පුද දෙන්නට ඔබට         තුති
සොයනෙමි වදන් තාමත් මා සතුව     ඇති

ඇදගෙන ඇවිත් අපි යොමුකර යහ   මඟට
අපයන ගමන දුටු ඔබෙ හද පිරි         සතුට
දුටුවා අම්මෙ නැඟි කඳුලින් ඔබේ  නෙතට
ඒ තුටු කඳුළු සැනසුම විය මගේ       හිතට

අම්මේ අදයි ඔබ ඉපදුන ඒ        දිනය
ආඩම්බරයි දුටු විට ඔබගේ        දිවිය
ලැබගෙන මගේ ආයුෂ සහ සිත සවිය
පතනෙමි ඔබට දිගුආයුෂ, සැප, සුවය 


(ප.ලි - මේක පෝස්ට් කරන වෙලාව වෙද්දි නම් උපන් දිනය අද නෙවෙයි ඊයේ. 21/03 )

3 comments:

  1. හරිම ලස්සනයි අයියේ කවි පද ..අම්මාට සුබම සුබ උපන්දිනයක් සහ දිර්ඝායුශ පතනවා....

    ReplyDelete
  2. දරුවෙකු හදන එක කාටත් කලහැකිය
    මිනිසෙකු මවන එක ඒ හැටි නොම වෙතිය
    අම්මේ ඔබට ආඩම්බර විය හැකිය
    හොඳ මිනිසකු ඔබ ලෝකෙට දී ඇතිය

    ReplyDelete
  3. බොහොමත් පිං අයියේ උඹගේ පදවලට
    එය ගෙන දේවි තුටු කඳුළැල් අම්මාට
    ඇය නැහැ මගේ ළඟ මෙය අද පෙන්නන්ට
    පෙන්වමි ගිය පසුව ඇගේ හිත තුටු වෙන්ට

    කියවා බලා අදහස පලකර ගියපු
    අයියා වගෙම නංගිත් වදනක් ලියපු
    මාගේ දයාබර මෑණිට සුභ පතපු
    තුති මල් මිටිය ඔබගේ පැතුමට පුදපු

    ReplyDelete