ඇති ඇති.... ඒ විස්තරේ හොඳටම ඇති. කතාවට එමුකො. ඔන්න දවසක් මගේ සර්විස් සෙන්ටර් එකේ යාලුවා කතා කළා. " වරුණ මල්ලි අද උඹට සර්විස් එක පැත්තේ එන්න පුලුවන්ද ? කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් අද එන්නේ නෑ කිවා. ඒ මදිවට ලොරියත් කොට උඩ. අනේ මල්ලි උඹ වැඩක් නැත්නම් මේ පැත්තේ වරෙන්කෝ" පණිවිඩේ කියලා ඉවර වෙන්න කලින්ම " හරි හරි අයියා මම එන්නම්. පැය බාගෙන් ඔතන".
පැය බාගයක් යන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ ගෙවල් වරකාපොල තිබ්බට මිනිහගේ ගෙවල් තියෙන්නේ යක්කල. සර්විස් එකත් යක්කල. දන්න අඳුරන එවුන් ඒ පැත්තේ නෑනේ. බය නැතුව ගිහින් ඔය වගේ ජොබක් කරන්න පුළුවන්. අපේ ගෙවල් ළඟ තැනක ඔය වගේ වැඩක් කරන එක ගැන මගේ නම් අවුලක් නෑ, ඒත් අපේ අම්මයි තාත්තයි පව්නේ. ඒ මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ගෙන් ලැබෙන ගෞරවය, ආදරය, පිළිගැනීම මම විනාස කරන්නේ මොකටද ? අද වෙනකම් මම එහෙම කරලත් නෑ. ඉදිරියට කරන්නෙත් නෑ. මගේ යාලුවා යක්කල නිසා හිතේ බයක් නැතුව ඌට සපෝර්ට් එකක් දෙන්න පුළුවන්. කොල්ලත් ගත්තා මොටෝ බයිසිකලේ ඉගිල්ලුනා යක්කලට. ගිහින් බලද්දී මිනිහගේ ලොරියේ සර්වලෝක පූට්ටුවේ ලොකු අවුලක් කියලා උගේ සර්විස් ස්ටේෂන් එකේම පැත්තක ලොරිය ගලවලා. ආ සර්වලෝක පූට්ටුව දන්නේ නැති අය ඉන්නවා නම් අහලා ඇතිනේ universal joint එක. සර්විස් එක කරන අයියගේම යාලුවෙක් තමයි ලොරිය හදන්නේ. ඉතින් මට කිවා බාස්ගේ ගෝලයා වෙයන් කියලා. මටත් ඔය වාහනයක් අස්සේ රිංගගෙන යකඩ කෑල්ලක් අත ගාන්න තියනවා නම් ඊට වඩා දෙයක් නෑ.
කොල්ලත් දාගත්තා මජං කිට් එකක්. හැමතනම මජං ගෑවිච්ච ඕවරෝල් එකක්. ඔන්න ගෝලයයි බාසුයි වැඩ. ඔය අතරේ ලොරියට වුවමනා කරපු අමතර කොටස් ටිකක් ගේන්න ටවුන් එකට යන්න කෙනෙක් ඕනේ වුනා. ලොරිය හදන්න ආපු අයියගේ තිබ්බේ ට්‍රේල් බයික් එකක්. ඒකත් 250. මිනිහා බයික් එක පෙන්නලා කිවා " මල්ලි මෙන්න යතුර මගේ බයික් එකේ යන්න. ඒ කඩේ උන් මගේ බයික් එක අඳුරනවා. උඹ එව්වේ මම කියලා දැනගත්තහම උන් උඹව අන්දන්නේ නෑ. මම කිවා කියලා බඩු ටික අරන් වරෙන්" කියල. මජං ඇඳුම පිටින් ටවුන් එකට යන්න පොඩ්ඩක් ලජ්ජා හිතුනත් 250යක ටවුම වටේ රවුමක් ගහන්න ලැබෙන චාන්ස් එක අතාරින්නෙ කොහොමද ? අනික මේ ටවුමේ මාව අඳුරන කව්ද ඉන්නේ ? කොල්ලා ගත්තා දඬු මොනරේ. ඇරියා තියලා යක්කල ටවුමට. ඔන්න දැන් බයිසිකලේ නවත්තලා මජං පිටින්ම කොල්ලා ගියා කඩේට. එතනින් ඕනේ කරන දේවල් අරගෙන බයික් එකත් එතන තියලා ඒ ළඟ වෙන කඩේකට මම පයින්ම ගියා. ඔය යන අතරේ මට මූණට මූණ හම්බවුනා අපේ දුරින් නෑදෑවෙන මල්ලි කෙනෙක්. මිනිහා මට හම්බවුනේ අවුරුදු පහකට හයකට පස්සේ. මාව දැක්ක පාර මිනිහගේ ඇස් උඩ ගිහින්, නළල රැලි වැටිලා, මූණ කළු වෙලා. ෆුල්ම අප්සට් වෙලා. මේ යකා තත්පර 30ක් විතර මා දිහා බලා ඉන්නකොට මට තේරුනා සීන් එක. උගේ ජීවිතේට ඌ බලාපොරොත්තු වෙන්නේ නෑ මේ ගොඩයා ගරාජ් එකක වැඩ කරයි කියලවත්, මජං ඇඳුමක් ගහගෙන පාරක ඇවිදියි කියලාවත්. මමත් ඇඳගෙන ඉන්නේ මජං ඇඳුමක් කියලා මට පත්තු වුනොත් ටිකක් වෙලා ගිහින්. මටත් පොඩ්ඩක් අවුල් ගියා ඇඳගෙන ඉන්න කඩමාල්ල ගැන මතක් වුනහම.
මා දිහා කන්න වගේ බලාහිටපු පොඩි එකා
" අයියේ ඔයා වගේ කෙනෙක් ඉන්නවා අපේ නෑදෑයෙක්. ඔයා වගේමයි. ඒත් ඔයා වෙන්නත් බෑ. අනේ තරහ වෙන්න එපා. මේ වරුණ අයියද ? අයියා අපේ නෑදෑයෙක්ද ? " පුදුම වෙච්ච මාර්ක් එක මූණේ තියාගෙන මූ මගෙන් එහෙම ඇහුවා. මට හිනායන්නත් ඔන්න මෙන්න .
" ඔව් මල්ලි, මම වරුණ අයියා තමයි. අනේ උඹ මාව මෙහෙම දැක්කා කියලා කාටවත් කියන්න එපා. එක්සෑම් කෙලවුනානේ බං. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ. මම ශේප් එකේ ගරාජ් එකක වැඩ ඉගෙන ගන්නවා. අනේ මල්ලි කාටවත් කියන්න එපා මාව මේ විදිහට හම්බවුනා කියලා. ගෙදර අය දන්නෙත් නෑ" මමත් ෆුල්ම ෆුල් ශෝක මූඩ් එක දාලා අඬන්න කිට්ටු ගානේ වොයිස් එකකින් මගේ දුක කීවා. මටත් ඉතින් මොකෙක් හරි අන්දන්න ලැබෙනවා කියන්නේ රෑට හොඳට නින්ද යනවා කියන එකනේ. ඇන්දුවා කොල්ලා නියමෙටම.
"අනේ ඔහොම තමයි අයියේ. කව්ද දන්නේ අපිටත් මොනවා වෙයිද කියලා. ඕවා ගණන් ගන්න එපා අයියා, මම කාටවත් කියන්නේ නෑ...... බ්ලා බ්ලා බ්ලා......." මූ මාව සනසවනවා, පොරොන්දු දෙනවා, ආයෙත් සනසවන්න හදනවා, විභාග කොමසාරිස්ට බනිනවා, ආයෙත් පොරොන්දු දෙනවා. එවෙලේ මගේ දුක් සීන් එක අහලා උගේ මොලේ කොලොප්පං වෙලා හොඳටම.
" මල්ලි දැන් මේ කොහෙද යන්නේ ? " මම ඇහුවා. " ආ මම මේ පන්ති ඉවර වෙලා ගෙදර යනවා. ආ නෑ නෑ මම පන්ති ඉවර වෙලා ගෙදර යන්න බෑ අද තව ක්ලාස් එකක් තියනවා, ඒකට යන්න කියලා. මේ මම යන්නද අයියේ?"
මගේ දුක් අඳොනාව අහලා මූට ආපු ගියපු තැනුත් අමතක වෙලා. ඒ විදිහට ඉතින් ඌ ක්ලාස් ගියානම් සත පහක වැඩක් නෑ. ඔලුවේ තියෙන්නේ මට වෙච්ච සංගදියනේ. අනික ඕකා ක්ලාස් ඇරෙනකම් බලාගෙන ඉඳීවි මේ සීන් එක ගෙදර ඇවිල්ලා කියන්න. ඉතින් සිහි කල්පනාවෙන් ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා මම ඌට ඇත්ත සීන් එක කිවා. ඊට පස්සේ තමයි උගේ කළු වෙච්ච මූණට පොඩි තරු එළියක් වැටුනේ. මට නම් කොල්ලගේ මූණ මතක් වෙද්දී තාමත් හිනා......
"ලොරියේ සර්වලෝක පූට්ටුවේ"?? ඒ මොකද්ද?
ReplyDeleteමගෙත් යාලුවෙක් ඉන්නව,එයත් කැම්පස් යන්න කලින් ගෙදර ඉන්න ටිකේ ඔය පොඩි පොඩි වැඩ කරා,දවසක් අපි අම්මත් එක්ක ටවුන් එකේ ඉද්දි මෙන්න ගඩොල් පටවපු ට්‍රක් එකක යන එකෙක් මගෙ නම කියල කෑගනව,ආ...නදී..බලද්දි මේකා.
ReplyDeleteතව දවසක් කියනව,පොසොන් එකට දන්සැලක පාන්දර වෙනකම් බටු කපල රෑපියල් 1000 ගත්තලු.
එයාත් මාර වැඩ කරන්නෙ.හරිම පුදුම චරිතයක්.
http://en.wikipedia.org/wiki/Universal_joint ඔන්න බලන්න සර්වලෝක පූට්ටුව..... හේ හේ හේ හේ.... ඔය ගැන ලිවේ සිංහල නමේ තියන අමුතු ගතිය නිසා..... universal joint කියන එක සිංහලට හැරෙව්වහම සර්වලෝක පූට්ටුව..... ඕකෙන් තමයි වාහනේ පිටිපස්සේ රෝද වලට බලය දෙන්නේ.....
ReplyDeleteමමත් ඔය යාලුවා එක්ක ගිහින් ගඩොල්, බ්ලොක් ගල්, වැලි එහෙම බාලා තියනවා. හැබැයි ඒවා ඔක්කොම උදව් මිසක් සල්ලි වලට කරපු දේවල් නෙවෙයි. මට එක එක විදිහේ අත්දැකිම් ගන්න ඕනේවුන නිසා ස්වෙච්ජාවෙන් කරපු දේවල්. ගොඩක් වෙලාවට කෑම බීම නොමිලේ ලැබෙනවා.... හික්ස්....
ඇත්ත කියපං. . . . . උඹ ඔය කොලුවට කියපු සීන් එක ඇත්තමයි නේද ????/
ReplyDeleteඇත්ත ඇත්ත ඇන්ඩයියේ..... ආයේ ඉතින් එකේ සැකයක් තියාගන්න කාරී නෑ.....
ReplyDeleteහක් හක්. හක්... කතාව පැත්තකින් තියමුකො.. උබ නම් අදහන්න වටිනවා බන්... මං කිව්වෙ උබ ආෆ්ටර් ඈලෙවල් පලදායී ලෙස ගත කරල තියෙන විදිය දැක්කම...
ReplyDelete@ සුළඟිල්ල - හේ හේ හේ හේ..... අනේද කියන්නේ ? ඇත්තටම කිවොත් නිරපරාදේ මගේ කාලේ නහස්ති කරාද කියලත් හිතෙනවා. ඒත් ඒ අහිකුන්ටික ජීවිතෙන් ලැබුන අත්දැකිම් නම් ආයේ ලොවෙත් නෑ. ලොකු ලොකු කොර්ස් කොරා කියලා සැටිපිකට් නැතිවුනාට ඒ ජිවිතෙන් මම ජිවිතේ ඉගෙන ගත්තා. හැබැයි මේ පිස්සු නටන්න පුළුවන් වුනේ කෙල්ලක් හිටියේ නැති නිසා කියලනම් මට හොඳටම ශුවර්...................
ReplyDeleteගෙදරට වෙලා බකන්නිලන් ඉන්නවට වඩා කොච්චර මරුද... පව් අර කොල්ලා..මොනා උනත් හිත හොදය් වගේ නේ ...අඩුගානේ උපදේස් දිලා ...හෙහෙ..එකට මෙයා..එ කොල්ලා පස්සේ දැනගත්තේ නැද්ද දුන්න ලණුව..
ReplyDelete@ නිම්ෂා - මම එවෙලේම ඌට විස්තර ඇතුව සිද්ධිය පහදලා දුන්නා. මොකද මටත් හෙනම දුක හිතුනා. අනිත් එක ඔය යකා ගිහින් ගෙදර මිනිස්සු එක්ක කීවහම ඒක පරම්පරා හතටම පත්තු වෙනවනේ... ඊට පස්සේ මම වසල හමාරයි......
ReplyDelete"මටත් ඉතින් මොකෙක් හරි අන්දන්න ලැබෙනවා කියන්නේ රෑට හොඳට නින්ද යනවා කියන එකනේ"
ReplyDeleteපොඩ්ඩක් ප්‍රවේසමෙන් ආශ්‍රය කරන්න ඕන පොරක් වගේ.. නැත්නම් ඇඳගෙනම තමා නිදාගන්න වෙන්නේ...
අඩේ ඒ/ල් කරන කාලෙ කොහොමද බන් බර වාහන ලයිසොන්?? හොරෙන් නේද එළෙව්වේ??
අනේ අනේ උඹටත් තියෙන සූකිරි ආසාවල්... පොඩිඋන්ව අන්දන්න... පව් බං... ඔහොම කිව්වට අපිත් ඒ බෝට්ටුවේම තමයි ඉතින්... ;)
ReplyDelete@ තාරක - නෑ නෑ.... බය වෙන්න කාරි නෑ. මම එක එකා ඇන්දුවා සේම මටත් ඉඳහිට ඇඳගැනීමේ භාග්‍යය ලැබිලා තියනවා. ඒ වාගේම අර විහිළු සහ ගුටි සිද්ධිය වගේ ඒවට පින් සිද්ධවෙන්න දැන් එහෙම වැඩ කරනවා අඩුයි. බය නැතුව හිටපන්. යකෝ ඒ.එල් ඉවර වෙලා ඕවා කලේ. ඉතින් සැහැල්ලු වාහන ලයිසමෙන් තමයි බර වාහනත් එලෙව්වේ. හැබැයි ඔය ලොරිය හින්දා 21 වෙච්ච ගමන් බර වාහන ලයිසන් ගත්තා.
ReplyDelete@ ගුලියා - ඇඳුම් දෙන්නත් කලින් ඇඳගන්න කොට කාටද බං ආස නොහිතෙන්නේ ? පව් නිසා තමයි ඇත්ත සීන් එක කීවේ.... :)
අපරාදෙ ඌට ඇත්ත සීන් එක කිව්වෙ, පොරගෙ ප්‍රතිචාරත් බලලම ඉදිරි පියවර ගන්න තිබ්බෙ....
ReplyDeleteඇත්තම කිවුවොත් ඔහොම වැඩ කරන්න පුළුවන් නම මාත් හරිම සතුටුයි.. වෙස්වලාගෙන වෙන කනක් වගේ ජීවිතේ අත්දැකීම් ලබන්න.. දැන් ඉතින් ප්‍රමාද වැඩියි..
ReplyDeleteමොනා උනත් ඕනෙම කට්ටක් කන්න පුලුවන් විදිහට ඉන්නවා නම් ජීවත් වෙන්න ලේසියි.
ReplyDeleteහි හි....ගොඩය අයියගේ වැඩ නම් එල......
ReplyDeleteඒ වෙලවේ අරූගේ මුණ අපිටත් බලන්න තිබුණනම්...
@ ඔබා මාමා - උගේ මූණ දැක්කා නම් ඔහොම කියන්නේ නෑ. දුක හිතුන නිසාමයි ඇත්ත කිවේ.....
ReplyDelete@ ලංකාප්‍රිය අයියා - ඇත්ත. දැන්නම් මටත් කරන්න බෑ. කරන්න ආසා වුනත් කවුරුත් කරන්න දෙන්නත් නෑ. ඒකාලේ ඉතින් එහෙම කරදරයක් නෑ. මට නම් ඒ පුළුවන් ටිකේ උපරිම ප්‍රයෝජන ගත්තා.
@ පිණිබිඳු - දෙයියනේ කියලා මට නම් ඕනෙම කට්ටක් කන්න පුළුවන්. මොකද ඔය කටු එකක්වත් මට කන්න වුනු ඒවා නෙවෙයි. ඉල්ලගෙන කාපුවා. එහෙම කෑවේ ඒවා පුරුදු වෙන්න ඕනේ නිසාමයි.
@ පිසාචයා - හේ හේ හේ හේ...... නියම වැඩ කරලා තියනවා. ඒත් මේකේ දාන්න බෑ.... සමහරවිට මට තර්ජන එල්ලවෙන්න ඉඩ තියනවා.
අම්මපා අපිට ඔහොම චාන්ස් සෙට් වෙන්නේ නැහැනේ :(
ReplyDelete