Wednesday, July 6, 2011

ලෝකාන්තයට තව පොඩ්ඩයි - 1 කොටස ( ලොරියා )

මම අර කලින් ඇහින්දාස් ගමනේ  විස්තර කියද්දීත් කීවනේ ගොඩයා කියන්නේ රට වටේ රස්තියාදු ගහන්න කැමති එකෙක් කියලා. විනෝදාංශය තමයි ඇවිදීම....   ඇවිද්ද පය කෝටි ගණන් වටිනවා කියනවනේ...   මේ කියන්න යන්නෙත් අපි ගියපු ගමනක් ගැන...
උසස් පෙළ දෙවැනි පාර කරන්න ලොකුම හේතුවක් වුනා අපට උගන්නපු අයියා කෙනෙක්. ගුරුවරයෙක් වෙන්න කලින්ම අපි අයියාව දන්නවා. අපේ ගෙවල් කිට්ටුව. මිනිහා කැම්පස් යන කාලේ ළඟ පාත ගෙවල් වලට ගිහින්  පන්ති කීපයක් කළා. අපිත් ඒ විදිහට අපේ ගෙවල් ළඟ තිබ්බ පන්තියකට ගියා. අපි අදටත් ඒ ගුරුවරයාට බොහෝ සෙයින් ගරු කරනවා. ඒත් ගුරුවරයාට වඩා අපේ තිබ්බා සහෝදරකමක්, හිතවත් කමක්.  ඒ නිසාම ඉස්සර හවසට අපි කට්ටිය එකතු වෙනවා. පන්තිය වෙලාවට ගුරු අනිත් වෙලාවට බුදු බොක්ක....  නටන පිස්සුවක් මිනිහත් නැටුවේ අපිත් එක්ක. එළියේ කොච්චර පිස්සු නැටුවත් පන්තියේදී ෆුල් සීරියස්... ගුරුවරයා කියන එක කවදාවත් අමතක වුනේ නෑ... අපේ උන් ගොඩ දෙනෙක් අද මිනිස්සු වෙලා ඉන්නේ අයියා නිසා. නමුත් මේ කියන අයියගේ නම නම් කියන්නේ නෑ... හේතුව අද වෙනකොට ඒ මනුස්සයා ටියුෂන් ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය ගුරුවරයෙක්..  අදටත් ලංකාවට ගියහම දුවගෙන ගිහින් බලලා එනවා. ඒත් දැන් නම් ඉස්සර වගේ පිස්සු නටන්න නිදහස නෑ අපිට. කොහොමහරි මේ ගමන ගියේ අයියයි අයියගේ ක්ලාස් එකට ගිය අපි මල්ලිලා ටිකයි.... 

අපි ගියේ නුවරඑළියේ....  කට්ටියට ලෝකාන්තේ යන්න තමයි වුවමනා වුනේ... ඒ ගමන නම් ජීවිතේට අමතක නොවන ගමනක්... ඔන්න දැන් ගුරයි, ගෝලයෝ රොත්තයි ගමන යනවා...  ගුරු ගෝලකම් ඉතින් පන්තියේ විතරනේ......  ඉතින් පන්තියෙන් එළියේදී අර පරණ හිතවත්කම මිසක් ගුරු ගෝල සම්බන්ධකම නෑ... ඔන්න ගම්පොල කිට්ටුවට ආවහම කට්ටියට තෙල් ඕනේ වුනා.... ඔව් ඔව්.. තෙල් කිවේ නැටුම් තෙල් තමයි..... මොකද ඒ වෙද්දී උදේ 10 පහුවෙලා... ගම්පොල වටේම කැරකිලා තරමක් හොඳ ඒවායින් බෝතල් 3ක් 4ක් පටවගත්තා... යන ගමන් බස් එක ඇතුලේ ඕක කඩලා චොරකර ගන්න ඕනේ නැති නිසා පාරේ අයිනේ අර තියන පොඩි දිය ඇල්ලක් ළඟ ටිකක් ඇතුලට වෙන්න තියන ගල් පොත්තක් උඩ වාඩිවෙලා  දැන් කට්ටිය වැඩ අල්ලන්නයි ලැහැස්තිය. වැඩේ යන්නේ  වැඩිහිටි පිළිවෙලටනේ. ඔන්න අයියා නමෝ විත්තියෙන් වැඩේ ඇල්ලුවා.. දැන් අනිත අයත් සම්මාදන් වෙනවා.

ඔය අස්සේ අපේ ***** කිට්ටු කරා එතනට. කට්ටිය ඇහුවා මිනිහගෙනුත් ගන්නවද කියලා. ඔලුව වනලා මිනිහත් ආවා කරලියට. අපේ පුරුද්දක් තමයි බොන්නේ නෑ, කලින් බීලා නෑ කියන උන්ට බොන්න නොදෙන එක. ඉතින් පුරුදු ප්‍රශ්නේ අපි ඇහුවා මිනිහගෙන්....    " මචන් උඹ කලින් බීලා තියනවද ? "    "ඔව් බං කිසි අවුලක් නෑ. කෝ දියන්කෝ කෝප්පේ " කියලා මිනිහත් ගත්තා අර ප්ලාස්ටික් කෝප්පයක්. අපිත් ඔන්න කෝප්පෙත් එක්කම දුන්නා බෝතලෙත්. ගත්තා මනුස්සයා බෝතලේ අතට දාගත්තේ නැතෑ  අර අමුම අමුම සැරම සැර අරිෂ්ට කෝප්පේ පුරෝලම.  අපි ඔක්කොමල්ලා ඇස් දෙක කටේ දාගෙන බලා ඉන්නවා සීන් එක ? දැන් පොරට කලවම් කරන ඒවා දාගන්න ඉඩ නෑ. ඔන්න අමාරුවෙන් කොකා කෝලා බෝතලෙන් ඇබිත්තක් අර කෝප්පෙට වක්කර ගත්තා.  වටේ හිටපු අපි කට්ටිය ආයෙත් මුගෙන් අහනවා " අඩෝ උඹට ෂුවර්ද ඔහොම බොන්න පුළුවන් කියලා ?  උඹ කලින් බීලා තියනවා නේද ෂුවර් එකටම ?? ". මූ කෝප්පෙට වක් කරපු විදිහ ගැන සැක නිසා  අර දාගත්ත එක බොන්න නොදී ආයෙත් ප්‍රශ්න අහනවා. අරූ මල පිටම " ඔව් යකෝ, එක පාරක් කිවනේ " කියලා ගත්තා කෝප්පේ අතට. දැන් ප්‍රේක්ෂකාගාරය නිහඩයි. කස්ටියම මූ ඒක බොන හැටි නරඹනවා. ඒ අස්සේ කට පියාගෙන ඉන්න බැරි එකෙක් " උඹත් ගහන්නේ යමර ෂොට්නේ... යකෝ අපේ වයසේ එකෙක් ලොරි ෂොට් ගහනවා දැක්කමයි " කියපි. හිනා සද්දය අස්සෙන් කට්ටියම දෑස් අයාගෙන ඉන්නේ මූ ලොරි ෂොට් එක ගහනකං. මොකද ඒ කාලේ ඔහොම බොනවා කියන්නේ හෙනම හපන් කමක්... අපිත් එක්ක හිටපු වැඩිහිටියටත් ඒ කිවේ අර අයියටත් හෙනම අවුල් මුගේ වීරක්‍රියාව.

සෙට් එකම බලා ඉන්න අතරේ මූ විරියා වගේ ඇස් දෙකත් වහගෙන එක හුස්මට බී ගෙන බී ගෙන ගියා.....  බීලා ඉවර වෙලා බයිට් එකෙන් ටිකක් කටට හලාගෙන අර අරිෂ්ටේ තියන මිහිරි රසය පොඩ්ඩක් අඩු කරගෙන එහෙම
" අඩෝ බියර් වගේ නෙවෙයිනේ. මම මෙච්චර දවසක් බීවේ බියර්. යකෝ අද තමයි මේ සැර ජාතියක් ගත්තේ. ශික්...  මොනවා උනත් බියර් මෙච්චර අවුලක් නෑ. මේක පට්ට සැරයිනේ.." කියපි...  අපි සැට් එකටම කට උත්තර නෑ... වෙලා තියන දේ දැන් හොඳටම තේරෙනවා. මේ යකා බියර් වක්කරගෙන තියන පුරුද්දටනේ මේ බෝතෙලෙන් කට කපලා වක් කරගෙන තියෙන්නේ. මෙච්චර වෙලා කට්ටිය හිතාගෙන හිටියේ වක් කරගත්ත විදිහට ඌ හෙන බෙබා කියලා. මොකද හොඳට බීපු එකෙක්ට විතරයිනේ අමු අමුවේ එහෙම බොන්න පුළුවන්. මුගේ තියන පැහි කමට ඒක කලින් කිවේ නෑනේ.  දැන් අපි දන්නවා මූට නුදුරු අනාගතයේම අඳුරු වලාවක් පාත් වෙනවා කියලා. නුදුරු කියන්නේ ළඟ ළඟම.. මොකද ජීවිතේට බීපු නැති එකෙක් දෙයියනේ කියලා පලවෙනි පාරටම කෝප්පේ කට කපලා ගැහුවට පස්සේ ඌව උස්සගෙන යන්න වෙන්නේ කියලා අපේ අය අත්දැකීමෙන් දන්නවනේ...කස්ටියට අඩිය ඉක්මන් කරලා අඩි ගහලා ඉවර කරා. වැඩේ යන ගමනුත් අරූගෙන් අහනවා " මචං අවුලක් නෑ නේද ??  කැරකෙනවා වගේද ? " කියලා. අරුත් " නෑ බොල... ********  *******  මට එහෙම අවුලක් නෑ" කිය කිය අහන උන්ට බලු බැනුම් බනිනවා. ( ****වලින් කියවෙන්න අසභ්‍ය වචනයි ) කොහොම හරි කඩපු බෝතල් ඉවර කොරගෙන අර අපේ ලොරි ෂොට් ගහපු එකාවත් දක්කාගෙන අර දියඇල්ල ළඟින් පාරට ගොඩවුනා... ඊට පස්සේ තමයි කට්ටියගේ ඇඟට ලේ චුන්ඩක් ඉනුවේ. ඇයි හත්වලාමේ අර යකා ගල් පොත්ත උඩ ෆ්ලැට්වුනා නම් අපිටනේ කරගහගෙන ඇල්ලෙන් උඩට ගන්න වෙන්නේ.... එහෙම වුනානම් ඌ විතරක් නෙවෙයි තවත් උන් දෙතුන් දෙනෙක්  දියඇල්ල පල්ලේ නවතින්නත් ඉඩ තියනවනේ.....  ඔන්න කට්ටියම යහතින් බස් එකට ගොඩවුනා...  කෝකටත් ලොරි ෂොට් මල්ලිව දැම්මා අන්තිම පේලියේ ජනේලේ ගාවට... බස් එකේ ගමන පටන් ගන්නවත් එක්කම සිංදුවකුත් පටන් ගත්තා... අනේ බස් එක අඩි 10ක් ගියේ නෑ...
" ඕඕඕඕක්ක්ක්ක්...... " ලොරි ෂොට් මල්ලි පටන් ගත්තා කබරයා පාර......  නුවරඑලියට ගියාට පස්සෙයි හොඳම හොඳ රස දෙන්න පටන්ගත්තේ..... ඒ ටික ලබන සතියට..... ඔය ලොරි ෂොට් කතාව නැවතුනේ අන්තිමේදී  මිනිහට " ලොරියා " කියන ගෞරව නාමය පිරිනැමීමෙන් පස්සේ......

24 comments:

  1. කතාවනම් පට්ටාය
    …මට නම් ඔය ලොරි ෂොට් ගන තියා මොන ෂොටක් ගැනවත් අත්දැකීමක් නැතිය .

    ReplyDelete
  2. අරූ පුදුම ගැහිල්ලක් නේ ගහලා තියෙන්නේ. කොහොමහරි අන්තිමට අරූව උස්සගෙන යන්න සිද්ද වෙන්න ඇති නේ. ශෝයි වැඩේ !!!

    ReplyDelete
  3. @ බීටා - ෂොට් ගැන අත්දැකීම් නැති එක නම් හොඳයි සහෝ.... අත්දැකීම් ගන්න යන්න ඕනෙත් නෑ.... හික්ස්....... පේනවනේ... අත්දැකීම් නැතුව කොරන්න ගියහම අනිත් උන්ටයි කරදර.... :D


    @ මධුරංග - සිද්ධ වෙච්ච දේ කියන්නම්කෝ ඊළඟ සතියේ..... :D

    ReplyDelete
  4. බීලා කෙලින් කටින් ඉන්න බැරිනම් මොකටැයි ඔයහැටි බොන්නේ.අෆ්ෆේ නුවර එළි පාරේ, රජමාවතේ යද්දි කබරයා දාන්න බොන්නම ඕනේ නැ.ම්ම් ගියපු මුල්ම සැරේ 5පාරක් දැම්ම.

    ReplyDelete
  5. @ ගලායන ජිවිතය - කලින් බීලා තියෙන්න ඕනෙනේ ඌට බොන්න පුලුවන්ද බැරිද බලන්න.... මට පෙන්නේ කියවලා තියෙන්නේ බාගෙටද කොහෙද?? හික්ස්.... ඒ කබ්බා දාන්නේ වංගු දිරවන්නේ නැති නිසානේ.... මේක එහෙම සීන් එකක් නෙවෙයි.....

    ReplyDelete
  6. මාව 60 වෙනියට පැන්නුවේ ඔයා
    …ඔයා 60 වෙනියට පැන්නුවේ මම
    …පට්ට සීන් එක නේ

    ReplyDelete
  7. ඕකට ලොරි ෂොට් කියන්නේ මගේ හිතේ ලොරි කාරයෝ බොන විදිහ නිසා.. යනවා බාර් එකට ගන්නවා කට කපල වීදුරුව... උඩ බලාගෙන ගුඩුස් ගාල දාගන්නවා ඔක්කොම.. තික් ගාල කෙල පාරක් මිදුලට කෙලලා අරිනවා.. ඊට පස්සේ එතන ටේස්ට් විකුණන එකාගෙන මිරිස් කරලක් වගේ එකක් අරන් කාල තුක් කියල තවත් කෙල පාරක් ගහනවා. නගිනවා ලොරියට.. ස්ටියරින් එකට වඳිනවා.. ගමන ආයිත් පටන් ගන්නවා..
    දැන් ඔය ඉංගිරිසියෙන් cheers කියල පළවෙන් ෂොට් එක ඩ ගන්නවා. සැලුට් කියනවා කම්පි කියනවා කම්බේයි කියනවා එක එක ජාතිවල අය.. සිංහල මිනිස්සු කරන්නේ කොහොමද ?
    නඩේ ලොක්ක වීදුරුව උස්සල කියනවා "එහෙනම් ඉතින් ඕන් ඈ " කියල උඩ බලන් ෂොට් එක දාගන්නවා.. එතකොට අනිත් අයත් ඒක කරනවා.. හරිම අපුරු චාරිත්‍රය නේද ?

    ReplyDelete
  8. @ බීටා - සිරා සිරා...... ඒකත් පට්ටය.....

    @ ලංකාප්‍රිය අයියා - ඔව් ඔව්..... ලොරි ෂොට් කියලා කියන්නේ නම් ලොරිකාරයන්ගේ ඉස්ටයිල් එක නිසා තමයි..... අර කිවත් වගේ cheers වෙනුවට එක එක කාලෙට අපි පාවිච්චි කරන වචන තියනවා.... එක කාලයක් අපේ උන් " මොගැම්බෝ කුශ්ෂුවා ". තව තව එක එක වචන තියනවා කොහෙන් ආවද දන්නේ නෑ... අනික එකම දේට එක එක රටවල් වල එක එක ජාතියේ මිනිස්සු පාවිච්චි කරන ක්‍රම වෙනස්නේ... කොහොම මොනවා උනත් අන්තිමට වෙන්නේ වෙරි වෙන එකයි..... :D

    ReplyDelete
  9. බුදු අම්මෝ දැන් හැම එකාම බේබදු කතා ලියන්න අරගෙන. මුන්ගෙ ගඳ.

    ReplyDelete
  10. පිණිබිඳු - අනිත් උන් ලියනවා කියල මම මොනවා කොරන්නද? කොල්ලෙක් ඉඳලා හිටලා බීවහමත් බේබද්දෙක් ගානට දානවා නම් බේබද්දන්ට වෙන නමක් හොයන්න වෙනවා..... මට හම්බ වෙලා තියන බොන්නේ නෑ කියන බෝ පැල කොරන වැඩ දැක්කාහම බොන උන් කොච්චර සුවඳද කියලා හිතෙනවා. උන්ගේ ඇතුළ ඒ තරම් ගඳයි... මේ කියන්නේ නොබොන හැමෝම ගැන නෙවෙයි. පිණිබිඳුත් බොනවා කියලා කොල්ලෙක් නරක ගොඩට දාන, බොන්නේ නෑ කියලා කොල්ලෙක් හොඳ ගොඩට දාන කෙනෙක් නම් පරිස්සමින්. මොකද බොන හැම එකාම නරකත් නෑ... නොබොන හැම එකාම හොඳත් නෑ......

    ReplyDelete
  11. චික් විතරක් බේබදු හැතිකරේ . . . මුං බොනව මදිවට කියවන උජාරුව . . . .ඊක් . . . .
    මටනං පේන්න බෑ ඔය අරක්කු කියන දහ ජරාව . . . . .

    ReplyDelete
  12. බියර් ගහන පුරුද්දට අනිත්වා ගැහුවනම් ඉතින් ඊළගට හොද නැටුමක් නටන්න ඇති කියලා හිතාගන්න පුළුවන්...

    ReplyDelete
  13. @ ඇන්ඩයියා - අනේ උජාරුවෙන් කිව එකක් නෑ හාමු මහත්තයා.... අරූට වෙච්ච අකරතැබ්බෙයි කිවේ...... අනේ පල ඇන්ඩයියේ උඹේ මූණු පොතේ දාලා තියන රූපෙ දැක්ක එකෙක් ඉන්නවා නම් පිටිපස්සෙන් හිනාවෙන්නේ මේ කතාවට.... එතනත් තියෙන්නේ කලවම් කොරන රුපයක්... අඩේ උඹට ඔය පෙන්නන්න බැරි දහජරාව පෙවෙන්නේ කොහොමද බං ???


    @ දින්ශේ - ඒ කෑල්ල ලබන සතියේ දෙන්නම්..... :)

    ReplyDelete
  14. ඉතුරු ටිකත් එනකන් බලන් ඉන්නේ

    ReplyDelete
  15. මගේ යාලූවෙක් ඉන්නවා ඌ නම් එදා ඉඳන්ම ගහන්නේ බියර් එක්ක සැන්ඩි කරලා. අපි කවදාවත් ඌ ගහන ක්‍රමේ ටෙස්ට් කරන්නවත් ගිහින් නෑ. :D

    ReplyDelete
  16. මම නම් ඕවා ගැන නොදනිමි.

    ReplyDelete
  17. හැක් හැක්.. සැන්ඩි දාද්දිවත් උට හිතුනෙ නැද්ද දන්නෙ නෑ සැර ජාතියක් කියලා.. සමහරක් විට ඌ බියර් බීල ඇත්තෙත් සැන්ඩි කොරලා... හැක් හැක්...

    ReplyDelete
  18. ඇත්තමය් ඕනයෝ, උඹේ #කේ කහවනුවක් ඔබන්න වටිනව. උඹ කියන කතාව සටිපිකෙට් ඇත්ත. එහෙන් "උගේ ලෝකය" කියල එකෙක් බීම ගැනය්, එක එකා වෙරි මරගාතෙ නටපු නාඩගන් ගැනය් පොස්ට් දානවා, අරහෙන් "මරුවගෙ වෙලාව" කියල එකෙක් දැන් බීම නවත්තල කියල, ඒ දුකට කවි ලියනව. සිංහල බ්ලොග් ලෝකෙ කොය් පැත්තෙන් බැලුවත් බේබදු කතා මය් පෝස්ට් වල වැටෙන්නෙ. එක එක බේබද්දන්ගෙ කතා අහල එපා වෙලා උඹ, මං, වගෙ අහිංසකයන්ට කියවන්න දැන් සිංහල බ්ලොග් ඉතුරු වෙලා නැහැ වගේ.

    මට ආරංචිය් උඹ ළඟදීම මාලදිවයිනේ කරෝල වේලන්න ජොබ් එකක් හම්බ වෙලා එහෙ යනව කියල. ඒ ගියාම නං උඹට බ්ලොග් ලියන්න කියවන්න වෙලාවක් නැති හින්ද උඹේ පාඩුවෙ හිටියැකි. ගොඩයටත් පුළුවන්, පුළුවන්, වෙලාවක උම්බලකඩ ටිකක් වත් එවපන් බයිට් එකට. බේබද්දා වුනත් උඹේ ඉස්කෝලේ යන කාලේ අන්තිම පේලියේ, ඉඳම්ම බොක්කක්නෙ , ඒ හින්ද අමතක කරලා දානවා එහෙම නෙමේ.

    ප.ලි.
    මේ හිතවත් කමටමය් අහන්නෙ, උඹ ඔය කරෝල වේලන ජොබ් කට්ට හින්දමද රටින් පැනල යන්නෙ? කතාවක් යනව උඹ එක එකාට මඩ ගහන්න ගිහින් හුඟක් සතුරො ඇති වෙලාය, උන් උඹට මඩ නෙමේ අසුචි ලොරි පිටින් ගහන්න ලැස්ති වෙලා ඉන්නවය, උඹට කොර ගන්නම දෙයක් නැතුව "ඉල්ලල" පිටුවහල් වෙන්න යනවය, වගෙ අවලන් කතා. මටත් හිතා ගන්න බැරි උඹත් හවසට හැමදාම කනසාක්කුවේ දාගෙන ගෙදර යන එකා අර ඉස්ලාම් ආගම අදහන, ටුවරිස්ට් හෝටල් වල විතරක් නැටුන් තෙල් තියෙන රටකට ගිහින් කොහොම ජීවත් වෙන්නද කියල. ඔය ඉතින් මං දන්න තරමින් එහෙම හිතුවෙ. ඒ වුනාට ගමේ ඉන්දැද්දි වල් ෆැන්ට පෙරල පුරුදු උඹට පිටසක්කල ගියත් සීනි කරිඥ්ග්නන් ටිකක් හරි නිස්පාදනේ කොර ගන්න එක මහ වැඩක් නෙමේ කියල මං දන්න හින්ද ඒ ගැන නං වැඩිය විස්සෝප වෙන්නෙ නැහැ.

    ReplyDelete
  19. ඕනයො, තව එකක් කියන්න අමතක වුනා, උඹ කිව්වත් වගෙ මටත් ඔය දහ ජරා අරක්කු නං පෙන්නන්ඩ බැහැ තමා. (හැමදාම වල් ෆැන්ට ගහපු මං නොදන්න.....උඹය් ,මාය්)

    ReplyDelete
  20. @ තාරක - එනවා එනවා මඟ එනවා..... නිවාඩුවක් ලැබුන ගමන් ගේන්නම්.....

    @ පූසා - එක අවුලක් නෑ බං... හැබැයි ඩබල් එකේ වැඩ කරන්නේ.... මේක එහෙම නෙවෙයිනේ... අමුම අමුවෙන්නේ.....

    @ උඩයා - අනේද කියන්නේ බං... උඹලා අපි නොදන්න ලොරියා... හික්ස්.....

    ReplyDelete
  21. @ සුළඟිල්ල - එහෙම බීලා පුරුද්දක් තිබ්බානම් ඔච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ.... බියර් දානවා වගේ කට කපලා අරිශ්ටේ දාගත්තේ නොදන්නා කමට බං.... අපි හිතුවේ ඌ එහෙම කලේ දන්නවා වැඩිකමට කියලා... ඒකයි ඔහොම විනාසයක් වුනේ.....

    @ ඔබා මාමා - යකෝ මගේ පෝස්ට් එකට වඩා දිගයිනේ ඔබා මාමාගේ කොමෙන්ට් එක.... "උඹ, මං, වගෙ අහිංසකයන්ට කියවන්න දැන් සිංහල බ්ලොග් ඉතුරු වෙලා නැහැ වගේ" ලෝල්ය ලොලේ ලෝල්ය.... අහිංසකයි කිවේ ඔය ඇන්ඩා සහා ඔබා යන උපාසක මහත්තුරු දෙන්නා ගැන වෙන්ට ඇති..... දැන් ඉතින් අහිංසක උන්ට කියන්න වෙන වචනයක් හොයාගන්න වෙනවා.... ඔබතුමන්ලා වගේ බෝසත් චරිතවලට මේ සමාජයෙන් හරිම කරදරයි නේද ??? මොනවා කරන්නද අප්පා.. ලෝකේ හැටිනේ....

    අර කිවත් වගේ ඇන්ඩයියා ලංකාවෙන් පලා යනවා කියලා ආරංචියක් නම් ආවා තමයි... ඒත් ඉතින් ඕවාට හේතු කාරණා මෙහෙම ප්‍රසිද්ධියේ දාන එක නම් හරි මදිද මන්ද ?? අනේ ඇන්ඩයියේ මට නම් උම්බලකඩ නැතුවට කමක් නෑ... උඹ යන තැනක හොඳට හිටහන්....

    දෙන්නම කටෙවත් නොතිබ්බට ඔය දහජරාව, කටේවත් නොගෑවී උගුරෙන් පහලට නම් වැටෙනවා නේද ???

    ReplyDelete
  22. @ගොඩයා:
    හික්ස් . . . උඹල ඔය ලොරි ශොට් කියන එකම තමයි මචෝ CTB ගැහිල්ල කියන්නෙත් . . . බොරු නං ඔබා අයියගෙං අහපං . . . බස් එක හෝල්ට් එකේ නැවැත්තුව . . . දුවගෙන ආව . . . ඩබල් එකක් අමුවෙංම උගුරට හලාගත්ත . . . කෙල පාරක් ගැහුව . . . . බස් එකට දිවුව . . . . ඔතනදි අරක්කු කටේ තියතිය ඉන්න වෙලාවක් නෑ . . . .

    ReplyDelete
  23. @ ඕනය,
    ඩබලක් නෙමේ බන් ඔය ක්‍රමේට බයිට් එකට ලුණු කැටයක් වත් නැතුව, රියදුරය් කොන්දොස්තොරය් දෙන්න එක්ක බෝතලේ දෙකට බෙදාගෙන ලොකු වතුර බොන වීදුරු දෙකකින් විනාඩියක් ඇතුලත හිස් කරලා යනවා මාය් යාලුවෙකුය් දැක්ක ගාල්ලේ සිඩ්නි එකේදී. හරියට නිකන් අරක්කු ඇඩ් එකක් දැම්ම වගේ සීන් එක.

    ගිහින් බලාපන් උඹේ බ්ලොගේ පලවෙනි පෝස්ට් එකට කොමෙන්ට් දහයක් විතර වැටිල මං පලවෙනි එක දැම්මට පස්සෙ, කාටද ආඩම්බර?

    ReplyDelete
  24. අපි නම් නෑ ඕවට ඕන්...දෙවෙනි කොටසත් කියවලම බලමුකො.....

    ReplyDelete