Tuesday, July 12, 2011

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද..............................


මේ මිනිස් සමාජය තුල මිනිසත්කමින් පිරුණු මිනිසුන් බොහෝ හිඟ වුවද තිරිසනුන්ගෙන් නම් කිසිම අඩුවක් පාඩුවක් නැත. තිරිසන් යන වචනය මිනිසුන්ට හරියටම ගැලපෙන බවයි මගේ හැඟීම.  බුදුහාමුදුරුවන් දේශනා කල ආකාරයට තෘෂ්ණාව සියලුම සත්වයන්ට පොදුය. ඒත් මිනිසුන් වන අපට ලැබී ඇති බුද්ධියේ මහිමෙන් අප කල යුත්තේ මේ ආසාවන්, තෘෂ්ණාවන් වලින් හැකිතාක් දුරට ඈත් වී සිටීමයි. ඒත් බැලූ බැලූ අත අපේ සමාජය තිරිසන් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ඇත. බුද්ධියට ඉඩක් නැත. මේ ලියන්න යන්නේද තවත් තිරිසනෙක් පිළිබඳවයි. තිරිසනුන් පිළිබඳව ඕනෑ තරම් කතාන්දර, උදාහරණ, විස්තර ඇති බව දනිමි. නමුත් මේ කතාව ඇසුන වෙලේම ලියනවා කියා සිතුවේ අනේ අපොයි කියා මට කියවුන නිසාමයි. ඉතින් මේ කතාවත් ඒ තිරිසන් කතා ගොඩට එක් වන තවත් එකකි.

මේ කතාව මට කිවේ මගේ හිත මිත්‍රයෙකි. මිත්‍රයෙක් කියනවට වඩා ඔහු මාගේ වැඩිමල් සොහොයුරෙක් වැනිය. ඔහුගේ අනුදැනුම සහ අවසරය ඇතුව කතාව මම මෙසේ ලියමි.......    මේ කතාවේ කතා නායිකාව  වෛද්‍ය ශිෂ්‍යාවකි. වෛද්‍ය පීඨයේත් ඇගේ අධ්‍යාපන කටයුතු බොහෝ සාර්ථකව කෙරීගෙන ගිය අතර හදිස්සියේ ඇයට අසනීප තත්වයක් ඇතිවිය.  මෙය ශාරීරික අසනීප තත්වයක් නොව මානසික අසනීප තත්වයකි. පොඩි දේටත් සියදිවි හානි කරගැනීමට තැත් කරන, මානසිකව වැටීමට හැකි පතුලටම වැටුන, දවසේ පැය 24ම උපරිම මානසික පීඩනයෙන් ඇය කල් ගෙවන්නට විය. වාසනාවට ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් විය. ඇය වටා නිරන්තරයෙන් වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු ගැවසුන බැවින් මේ සම්බන්ධව ඒ සියළුදෙනාගේ නිරන්තර අවධානය නිසා මේ රෝගී තත්වයට හේතු කාරණා එලි පෙහෙළි විය. නමුත් ඒ ඇත්ත බොහෝ තිත්තයි.

ඇයගේ මේ රෝගී ලක්ෂණ වලට හේතුව වුයේ  මීට අවුරුදු දහයකට දොළහකට උඩදී ඈ ලැබූ අමිහිරි කටුක අත්දැකීමකි.  මේ සොයුරියට වයස අවුරුදු 13දී ඇයගේ ඥාති සොයුරෙකුයැයි කියන තිරිසනෙකු විසින් ඇයව දුෂණය කර ඇත. ඇය මේ පිළිබඳව කිසිවෙකුට නොකියා ඒ කම්පනය, වේදනාව, නීරස සියළුම දේ හිතේ තද කරගෙන මෙතුවක් දුර ආවාය. ඈ ආ දුර එසේ මෙසේ දුරක් නොවෙයි. අවුරුදු දහතුනේ සිට මෙවැනි මානසික තත්වයක් යටතේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ,සියළුම කඩයිම් ජයගැනීම ලේසි පහසු කර්තව්‍යයක් නොවේ.  නමුත් අන්තිමේ කොහොදෝ සිටි පව්කාරයක්ගේ පව් ඈ පසු පසු ඇවිදින්ය. මෙතුවක් දුර මේ සියලු දුක් වේදනා ඈ දරාගත්තේ කෙලෙසදැයි මට සිතාගත නොහැකිය. නමුත් තව දුරටත් ඇගේ සිතට දරාගැනීමේ හැකියාවක් නොමැත. අවුරුදු ගණනාවක් තිස්සේ පීඩිතව සිටි සිතේ ශක්තිය දිය වී ගොස්ය.... ඒ හේතුවෙන් ඈ මානසික රෝගියෙක් බවට පත් වී හමාරය. මේ සිද්ධියෙන් පසු අනාවරණය වී ඇත්තේ මේ සොයුරිය කෙලසූ තිරිසනා විසින්ම ඔහුගේ ඥාති සොහොයුරියන් කීපදෙනක් කුඩා කාලයේදී කෙලෙසා ඇති බවයි. මෙවැනි පිරිමින් දුටුවිට පිරිමිකම ගැන මටම ලැජ්ජා සිතෙයි. මුන් පිරිමිද ?  අවුරුදු හිරිමල් යෞවනය යනු කෙතරම් සුන්දර කාලයක්ද ? පිපෙන්න ලං වූ මලක් තලන්න තරම් මිනිසුන්ගේ සිත් රුදුරුය. අනාගතයේදී සමාජයට වැඩදායි යහපත් පරපුරක්  බිහිකරන්නට අපේ ලොකු පුටුවල උදවිය සම්මන්ත්‍රණ, සාකච්චා, වැඩමුළු පවත්වති. නමුත් වර්තමානයේ දුර්ගන්ධය පතුරවන කුණු සොදන්නේ නැතිව අනාගතයක කෙලෙස පවිත්‍ර කරන්නද ??  නොමිනිස්සුන්ගේ වැරදි වලට දුක් විඳින්නේ කිසිවක් නොදන්නා අහිංසකයින් නොවේද ??

වාසනාවකට මේ සොයුරියට වෛද්‍ය පිඨය තුලින්ම වචනයේ පරිසමාප්තයෙන් යුතු මනුස්සයෙක් මුණගැසී ඇත. මගේ හිතවතා කී ආකාරයට ඔහු ඇයව හොඳින් තේරුම් ගෙන ඇයට ජිවිතෙට අවශ්‍ය සවිය, අත්වැල නිබඳව සපයමින් සිටී. එම නිසා ඒ සොයුරියට ජිවත්වීමේ වාසනාව ලැබී ඇත. මා එසේ කිවේ ඈ කීපවරක් සිය දිවි හානි කරගැනීමට තැත් කර ඇති නිසාය. ඔහුත් වෛද්‍යවරයෙකු නිසා ඇයව තේරුම් අරන් ඈයට සවියක් වීමට හැකියාව ඇත. නමුත් අසරණ වූ සැමටම මෙවැනි පිළිසරණක්  නොලැබෙයි. අපේ සමාජය කරන්නේ අසරණ වූ කෙනෙක් තවත් අසරණ කිරීමය. අපේ මිනිසුන් " පට්ට බැල්ලි " කියා හඳුන්වන ගැහැණිය මේ ආකාරයෙන් කාගේ හෝ අතවරයට ලක් වී අසරණ වූ කෙනෙක් විය හැක. කකුලක් නැති මිනිහෙක්ට " අබ්බගාතයා " කියා කීවද ඒ මනුස්සයාගේ කකුල රට වෙනුවෙන් කල යුද්ධයේදී  අහිමි වූවා විය හැක. තරබාරු කෙනෙකුට " තඩියා" කියා උපහාස නැගුවද ඒ මනුස්සයා කිනම් හෝ අසනීපයකින් පෙලනෙවා විය හැක. එම නිසා අසරණ වූ කෙනෙක් උපහාසයට ලක් කරද්දී අවමයෙන් දෙපාරක් සිතා බලමු.  මෙවැනි තත්වයන්ට පත් වූ අසරණයින් කොතෙක්දැයි අපි නොදනිමු. ඒත් හැමදාමත් පත්තරයක මෙවැනි සිදුවීම් වාර්තා වෙයි. ඒ සමාජයට හෙළිදරව්වන සිද්ධීන් පමණයි. මෙවන් තිරිසනුන්ටදඬුවම්ද නැත. දඬුවම් විඳින්නේ අසරනයින්ය. කෙසේවතත් මෙවැනි තිරිසනුන් ඉපදුනේ මවකගේ කුසින්මදැයි සැක මතුවේ.... සියළුම දෙනාට සොහොයුරියන් නැතත් අම්මාලා සිටී. නමුත් කාන්තාව සෙල්ලම් බඩුවක් යැයි සිතන පිරිමින් දුටුවිට මට නම් මගේ පිරිමිකම ගැන ලැජ්ජා සිතේ. එනමුත් බහුතර තිරිසනුන් මැද ඉඳ හිට හෝ මිනිසුන් හමුවීම සතුටට කරුණකි. මේ සිද්ධිය ලිවේ මගේ හිතට දැනුන කම්පනය හේතුවෙනි. මෙතුවක් කල් දුක් ගැහැට විඳගෙන තම ජිවිතේ මුහුණ දුන් නීරස, කටුක සිද්ධියෙන් පසුබට නොවී  ජිවිතේ සාර්ථක කරගැනීමට ඒ සොයුරිය ගත් උත්සාහය පිබඳව මගේ ඇත්තේ අප්‍රමාණ ප්‍රීතියකි. ඇය මෙතුවක් දුර ආවේ නැත්නම් ඇයට සිදුවන්නේ සිය දිවිහානි කර ගැනීමටයි.  නමුත් ඇය මේ පිළිබඳව හෙළිදරව් කළා නම් සමහරවිට ඇයට ඇයගේ අනිකුත් ඥාති සොහොයුරියන් බේරාගැනීමට ඉඩ ප්‍රස්තාව තිබුණි. ඒත් ඒසේ වූවා නම් ඇයට ජිවිතේ ජයගැනීමට ඉඩක් අපේ කුරිරු සමාජය ඉතුරු කරන්නේ නැති බව මට විශ්වාසයි. මම බුදු දහම විශ්වාස කරමි. ඒ නිසා උසාවියෙන් දඩුවම් නොලැබුනද මෙවැනි තිරිසනුන්ට කර්මය කෙදින හෝ පලදේ යැයි විශ්වාස කරමි.........

මේ සිද්ධිය මගේ කන වැටුන සැනින් එක්තරා ගීතයක් මගේ මතකයට එබිනි.......


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්

පුද දෙමු දෙවොලට කැඳවා 

16 comments:

  1. හෑම වරදකටම ගෑහෑනුන්ට ඈගිල්ල දික් කරන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඔබ ආදර්ශයක්...
    ඒ වගෙම නීතිය කෙසේ උවත් දෙවියන්ගෙන් නම් මේවෑන පව් කාරයන්ට සමාවක් නොමෑත

    ReplyDelete
  2. සමාජයේ ගැරහීමට පිළිකුලට ලක්වීමට නොහැකියාව නිසා මෙහෙම වැඩ වේදනා විඳින කාන්තාවන් අනන්තයි කියල මට හිතෙනවා. ඒ තරමට සමාජය පිරිහිලා. දුරාචාර දුරු කිරීමට උපදෙස් දෙන ආගමික නායකයිනුත් මෙවැනි දේ වලට අසුවී සිටින යුගයකයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම ඕනෑම වරදක කරලා නීතියෙන ගැලවෙන්න පහසුම යුගයක.. බොහෝවිට මෙවැනි දෙයකදී නීතිය ඉදිරයට යාම ග්ගහේ වටුන් මිනිහට ගොනා ඇනීම වැනියි. එතනදී ගිනිකන නීතීඥයෙක් කෙස් පැලෙන තර්ක ගෙනේවි ගැහැණිය අනාචාරයේ ගියා කියා ඔප්පු කරන්න.

    ReplyDelete
  3. ඔහොම තත්වයක ඉදගන ඒ තරම් දුර ආව එක කොච්චර ලොකු දෙයක්ද?එයාව තේරුම් ගන්න පුලුවන් වෙච්ච කෙනෙක් ලැබුන එක ඊට වඩා ලොකු දෙයක්.මානසිකව දුක් විදලා එහෙම හයියක්,උපකාරයක් නැතුව ජීවිත විනාස කරගන්න අය කොයිතරම් ඉන්නව ඇත්ද?

    ReplyDelete
  4. @ awya - හැම වරදටම ඇඟිලි දික්කරන්නේ ඒ මිනිස්සු ළඟ ඊට වඩා වැරදි තියන නිසා කියලයි මට හිතෙන්නේ. අනිවාර්යයෙන් කරන පව් ගොනා පස්සේ එන කරත්ත රෝදේ වගේ දිගටම එනවා.

    @ ලංකාප්‍රිය අයියා - අනිවාර්යයෙන් අයියා, දුක් කරදර හිතේ තද කරන් දුක් විඳින අය ඕනෑ තරම්. ඒ මිනිස්සුන්ව තලන පෙලන අය, ඒ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය ඊටත් වැඩියි. අර කිවත් වගේ ආගමික නායකයන් පවා හැසිරෙන්නේ ඒ විදිහට නම් අනිත් මිනිස්සු ගැන කවර කතාද ?? මේ වගේ ප්‍රශ්නයකදී නීතිය ඉදිරියට යන අය නම් බොහෝ අසරණ වෙනවා. ඒ මොනවා වුනත් නීතියෙන් නොලැබුන දඬුවම් වලටත් හරියන්න ඒ මිනිස්සු දඬුවම් විඳිනවා කවදා හරි.. මොකද අපි වපුරපු දේ තමයි අස්වැන්න විදිහට ලැබෙන්නේ..

    ReplyDelete
  5. @ ගලායන ජීවිතය - ඒකම තමයි මමත් කල්පනා කලේ.... එච්චර දෙයක් හිතේ තනියම තද කරගෙන මේ දුර ආවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නත් අන්තිමේ වාසනාවන්ත වුනා එයාව තේරුම් අරගෙන එයාට ප්‍රතිකාර කරන්න පුළුවන් විදිහේ කෙනෙක් ලැබෙන්න..... ඒත් ගොඩක් කතාවල තත්වය මේක නෙවෙයි....... මීටත් වඩා සෝචනීයයි....

    ReplyDelete
  6. සමහරවිට මම කියන දේ නම් රලු වැඩි වෙන්න පුලුවන් කට්ටිය එකඟ නොවෙන්නත් පුලුවන්...නමුත් මම කියන්නේ නම් ඔය වගේ පාහර බල්ලෝ පෙති ගහලා එලලන්න ඕනි අනිත් උන්ටත් පේන්න තිරිසනුන්ට සමාජය සලකන්නේ කොහොමද කියලා පෙනෙන්න..අමමපා මගේ සහොදරියකට එහෙම ඔහොම දෙයක් වුනොත් ඌ මේ රටේ ජනාධිපති උනත් මන් උගේ රීරි මාන්ශේ උරා බොනවා ආයි ඒකෙ දෙකක නෑ..මොකද ඒ වගේ උන්ට මානව හිමිකම් නෑ කියලා තමා මම නම් හිතන්නේ..

    ReplyDelete
  7. @ Kalpa - රළු නම් වැඩියි තමයි. ඒත් එහෙම කලත් කමක් නෑ බං. මොකද ඔහොම උන් ඉන්න එකෙන් කාටවත් සෙතක් නෑනේ. අනික මානව හිමිකම් තියෙන්නේ මිනිස්සුන්ට. තිරිසන්නුන්ට ඒවා නෑ. ඒ නිසා එහෙම කරත් කමක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අද රටේ නීතිය තියෙන්නේ ඒ වගේ අසමජ්ජාති එවුන් බේරගන්න සහ උන්ට විරුද්ධව නැගිටින උන්ව මර්ධනය කරන්නනේ. ඉතින් කොහොමද ?

    ReplyDelete
  8. ඉහික්.. මං ආසා.. ඒවගේම පට්ටම තේරුමක් තියෙන සිංදුවක්.. කියන්නෙ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය... මතක විදියට නම් මං හරි...

    ReplyDelete
  9. ශෝචනීයය්.....

    ReplyDelete
  10. ඒ වගේ කෙනෙක්ගේ හිතක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ලැබිච්ච එක ගොඩක් ම වටිනවා. ඒ අයට තමයි මේ මිහිපිට දෙවිවරු කියලා කියන්නේ.

    දෙවිවරුන්ට මම හිස නමනවා. ඒ නිසා නොදැකපු සොහොයුර මම ඔබට හිස නමා ආචාර කරමි !!!

    ඔය දෙන්නගේ ආදරයට මම එකසිතින්ම සුබ පතනවා. !!!!

    ReplyDelete
  11. මේ කිසි කරදරයක් නැති අපිත් උ/පෙ ගොඩ දාගත්තේ කොච්චර අමාරුවෙන්ද..එහෙම බලනකොට මේ ගෑණු ලමය නම් අදහන්න වටිනවා.
    කතාවෙ මුල් හරියේ හුගක් දුක හිතුණා.
    හැමෝටම මේ වගෙ පිහිටක් ලැබෙන්නේ නෑනේ.
    ඒත් අන්තිමට සතුටකුත් දැනුණා.

    ReplyDelete
  12. @ සුළඟිල්ල | pinkie - ඔව් ඔව්..... ගායනය චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය, පද රචනය සුනිල් ආරියරත්න මහත්මයාගේ සහ සංගීතය රෝහණ වීරසිංහ මහත්මයාගේ..... සින්දුවේ අර්ථය නම් සුපිරි.....

    @ Observer - ඔව් ඔබා මාමා තත්වය නම් ශෝචනීයයි......

    ReplyDelete
  13. @ මධුරංග - ඇත්ත සහෝ..... ඒ වගේ මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක්ව අපි වගේ සාමාන්‍ය කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. ඒ මනුස්සයත් වෛද්‍යවරයෙක් නිසා හොඳයි... මේ කතා නායිකාව බොහොම වාසනාවන්තයි එහෙම කෙනෙක් ලබන්න... මට අර සින්දුව මතක් වුනෙත් ඒ නිසයි.....

    @ පිසාචයා - ඇත්ත මල්ලි..... මටත් පුදුම හිතුනා එහෙම දෙයක් හිතේ තද කරගෙන එච්චර දුරක් ආවා කීවහම..... අපි ජිවත් වෙන්නේ ජරාගොඩක මල්ලි.....

    ReplyDelete
  14. ගැහැනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් අතවරයකට ලක්වීමෙන් පස්සෙ තියන පලවෙනිම අවුල තමයි මචං ඒ දරුව ඒ සිද්දිය එලි කරන්න තියන බය . . . . අන්න ඒ "බය" නැතිකරන්න පුලුවන් නම් . . . . අපහරනයට ලක්කිරීම් සෑහෙන දුරට අඩු කරගන්න පුලුවන්.
    මම එක්තරා කාලෙකදි එක රාජ්්‍ය නොවන සංවිදානයක වැඩකලා සියදිවි නසාගැනීම් අවම කිරීමට සම්බන්දව. (යම් යම් හේති කීපයක් නිසා මට ආයතනයේ නම කියන්න බෑ). එතනදි මට ඉගෙනගන්න, අත්දකින්න ලැබුන එක දෙයක් තමයි දරුවන් අපහරනයට ලක්වීමේදී ඒ අයට ඒ සිදුවීම කියාගන්න කවුරුවත් නැතිවීම්. අන්තිමේදි ඒ දරුවන් වැඩිහිටියන් බවට පත් වෙන්නෙ අර හානි වෙච්චි පෞරුෂයත් එක්ක. සමහර දරුවො කීප වතාවක්ම අපහරනයට ලක් වෙලා . . . සමහර විට එකම පුද්ගලයගෙන් .. . . සමහර වෙලාවට තමන් ලක්වුන තත්වය කියල උදවු බලාපොරොත්තු උන අයගෙ අතින් . . . . .
    මම දන්න අවස්තා වලින් එකක් විතරක් කියන්නම් . . . මම ලඟදි මගෙ බ්ලොගේ දාන්න බලාපොරොත්තු වෙන කතාවක ප්‍රදාන චරිතය තමයි "රෝසි" ඇත්ත නම වෙන එකක් උනත්, අනූ ගනන් වල අන්තිම කාලෙ නුගේගොඩ, පාගොඩ ආශ්‍රිතව ජීවත් උන ඕනෙම කොල්ලෙක් දන්න චරිතයක් තමා රෝසි කියන්නෙ (ඇත්තටම රෝසි කියල තමයි ඒ කෙල්ලට ගමේ කිවුවෙ, මාරම ලස්සන කෙල්ලෙක්). රෝසි කෝට්ටේ තිබුන මිශ්‍ර පාසලක හය වසරෙ ඉගෙනගන්න කාලෙදි දූෂනයට ලක්වෙනව එයා නිතර දෙවේලෙ යන එන පූජනීය ස්ඨානයේ ප්‍රධාන පූජකය අතින්. රෝසි මේබව කියනව රෝසිගෙ අම්ම වන හෙලන් ඇන්ටිට (ඇත්තම නම). හෙලන් ඇන්ටි මොකද කරන්නෙ . . . ???? වහාම අදාල පූජකයව හමුවෙනව, රෝසිත් එක්කම ගිහින් . . . . සිද්දිය විමසනව . . . . ඊලඟට වෙන්නෙ . . . රෝසි බලාගෙන ඉඳිදිම හෙලන් ඇන්ටි අර පූජකයත් එක්ක එලිමහනෙම ලිංගිකව එකතුවෙන එක . . . . ඒ සිද්දිය එතනින් අවසන් වෙන්නෙ නෑ . . . . හෙලන් ඇන්ටි තමාව සතු‍ටු කිරීමට ප්‍රති උපකාරයක් විදියට ඒ මොහොතෙම රෝසිව දෙනව පූජකයට . . . දීල . . . . පූජකය කරන දේ බලං ඉන්නව . . . .
    හිතපං හය වසරෙ ඉගෙනගන්න අර පුංචි කෙල්ලගෙ මානසට, පෞරුශයට මොන තරම් හානියක් වෙන්න ඇතිද කියල . . . . .
    ඔය කතාවෙ අවසානයත් එක්ක සියලුම සිදුවීම් මම මගෙ බ්ලොගේ දානව දවසක . . . මම ටයිප් කරපු කතාව රෝසිට යවල තියෙන්නෙ . . . අවසර ගන්න සහ නිවැරදි කිරීම් වලට . . . . ඊට පස්සෙ දාන්නම්.
    දැනට අවසානය මේකයි . . .
    ඉස්සෙල්ලම රෝසිගෙ තාත්ත බෙල්ලෙ වැල දාගෙන මැරුන . . .
    ලොකු අයියට පිස්සු හැදුන . . . (දැන් ඉන්න්නෙ රෝසි ලඟ)
    පොඩි අයිය ගෙදරින් ගිහින් නන්නත්තාර උනා (දැං කුඩු ගහනව . . . )
    හෙලන් ඇන්ටි මීට අවුරුදු 3කට උඩදි ගිනි තියාගෙන මැරුන . . . .
    රෝසි . . . . එයාට හොඳ කොල්ලෙක් හමුවෙලා කසාද බැන්ද . . . දැන් දරුවො දෙන්නෙක් ඉන්නව . . . .

    ReplyDelete
  15. @ ඕනයා - ඇත්ත ඇන්ඩයියේ, බය නිසා හිතේ හිරකරගෙන ඉන්නවා. හිතේ තියන කම්පනය, බය, ලැජ්ජාව, දුක මේ ඔක්කොම හිතේ හිරකරගෙන වැඩිහිටියන් බවට පත්වෙනකොට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි...... ඇන්ඩයියා දාලා තියන කතාව මගේ කතාවටත් වඩා බොහොම දරුණුයි.... අම්මෙක් දුවෙක්ට එහම කළා කීවහම........ අනේ මන්ද ? තිරිසනුන්ටත් අන්තයි... මොකද ඉස්සර නම් කිවේ උනහපුළුවට උගේ පැටියා මැණිකක් කියලා... ඒත් ?????

    ReplyDelete
  16. අනේ මන්ද බන් මේව ඇහෙද්දිද් මොකක්ද වගේ

    ReplyDelete