අපි ඒ වෙද්දි පනින්නේ පුරුදු වෙන්න නෙවෙයි. ඉතින් පුරුදු කාරයෝ දෙන්නා බෑග් මලු දෙකත් උස්සගෙන ෆුල්ම සර්ච් එකක් දාගෙන පිට්ටනිය පැත්තට කිට්ටු කරා. මොනවා උනත් බොක්කේ බිත්තර තම්බ තම්බ තමයි අපි පිට්ටනිය කෙලවරට වෙනකම් ආවේ. යාන්තම් තාප්පෙන් පැනගත්තට පස්සේ පොඩ්ඩක් වෙන්න ලේ ටිකක් ඉනුවා. ඒත් හිටපු ගමන් ටවුන් එකටත් එක එක හෙනුහුරො පාත් වෙනවා. අපි දෙන්නා ගෙදර යන්න බස් එක ගන්න හිතාගෙන ආවා ටවුන් එක පැත්තට. ඔන්න ඒ අස්සේ සිම්බට මතක් වුනා උගේ තැපැල් හැඳුනුම්පත හදන්න දුන්නට ඒක ගත්තෙ නෑ කියලා. ඉතින් ඔන්න මනුස්සයට ඕනේවුනා ඒකත් යනගමන් අරගෙන යන්න. දෙන්නම ගියා තැපැල් කන්තෝරුවට.
අපේ තැපැල් සේවය පට්ටම කාර්යක්ශමයිනේ. ගොඩවෙන්නත් කලින් වැඩේ ගොඩනේ. ඉතින් අපි දෙන්නත් ඉන්නවා තැපගෙන එතනට වෙලා. ඔහොම විනාඩි 5ක් 10ක් ඉන්න කොට ආවේ නැතැයි පපන්. පපන් කියන්නේ අපේ ස්කෝලේ ගුරුවරයෙක්. ඒ කාලේ අංශප්‍රධානිද කොහෙද? මේ ළඟදිනම් උප විදුහල්පති වෙලා කියලා ආරංචියක් ආවා. කොහොමහරි ඔය මනුස්සයටත් ඕනේ නැති කජු පුහුලමක් නෑ. පන්තියක් ලඟින් පොර යද්දි සද්දයක් ඇහුනත් පොඩි උන්ගේ පන්තියක් නම් සද්දේ දාලා යන්නේ. ඒ ලෙවෙල් ක්ලාස් වලට වැඩිය පාර්ට් දාන්නේ නෑ. ඒත් අපි ඒ ලෙවෙල් කරන්න හිතලවත් නෑනේ. පොරට මාට්ටු උනා කියන්නේ අනිවා මිනිහගෙම වාහනයෙන් ෆී ට්‍රාන්ස්පොර්ට් ස්කෝලෙටම. ඉර හඳ වගේ ඒක සුවර්. අනික බැජ් එකත් සාක්කුවටම තියලා මහගෙනනේ. මූණ ඇඳුරුවේ නැතත් බඩුම තමයි. කල්පනා කර කර ඉන්න තරම් වෙලාවක් නැති බව තේරුනා අපි දෙන්නටම. දීවා කඩාගෙන බිඳගෙන තැපැල් කන්තොරුව ඇතුලට.
ඇතුලේ ලියුම් මලු ගොඩවල්, ඒ අස්සේ වැඩකොරන ජනතාවගේ මේස පුටු ඔය ඔක්කොම අස්සේ අපි දෙන්නා දුවලා නැවතුනේ කන්තොරුව අස්සෙම. ඉන්නෙ කොහෙද කියලාවත් නිච්චියක් නෑ. අනික හොඳටම සුවර් ඒ කලාපයට පිටස්තරයන් ඇතුල් කොරගන්නේ නෑ කියලා. ඒ වගේද පපන්ට මාට්ටු වුනොත් කන්න වෙන කෑම. පපන් ගියාද කියලා රබර් ඇහැ දාලා බල බල පොඩ්ඩක් හති අරිද්දි ආවේ නැතෑ පියන් මහතැන් කෙනෙක්. ඔය කන්තෝරුව වල ලොකුම පුටුවේ ඉන්නේ පියන්ලනේ. ආපු ගමන් දැම්මා සද්දයක්
" ඔය ළමයි මොකද මේක ඇතුලේ කරන්නේ ??? මේක ඇතුලට එන්න බෑ පිට අයට? කාගෙන් අහලද ආවේ?"
කල්පනා කර කර ඉන්න වෙලාවක් නෑ. මම කටට ආව උත්තරෙ කියලා දැම්මා.
" මගේ චුටි මාමා වැඩ කරන්නේ මෙහේ. එයාව අපේ ස්කෝලේ පොඩි උවමනාවකට එක්ක යන්නයි ආවේ. කාටද මන්දා කියලා එන්නම් කියලා අපිට මෙතන ඉන්න කීවා."
කියලා ගොත නොගහා ආපු ගැම්මටම මම කීවා.
" කව්ද චූටි මාමා? නම මොකක්ද? " ඔන්න ඇහුවා ප්‍රශ්නයක්. දැන් දීපන්කෝ උත්තර.
" අනේ අන්කල් නම නම් මට ගානක් නෑ. පොඩි කාලේ ඉඳලම චූටි මාමා කියනවා මිසක් නම මතක නෑ. දැන් එයි හැබැයි. මෙතන ඉන්න එක ප්‍රශ්නයක් නම් අපි එලියට යන්නම්." කිවා.
" හ්ම්ම්.... අනේ මන්දා ... එලියට යන්න ඕනේ නෑ එහෙනම්. ඔය ඔතන තියන පුටු දෙකෙන් වාඩි වෙලා ඉන්නවලා, මෙතන හිටගෙන හිටියහම කරදරයි." කියලා ඔරවගෙන පොර මාරුවුනා.
අපි දෙන්නත් ගැහි ගැහි වාඩි වෙලා පපන් යනකම්ම හිටියා. කොහොමත් එලියට ගියොත් පපන්ගෙන් පෝරියල්. ඇතුලේ ඉඳලා මාට්ටු උනත් පෝරියල්. ඒත් ඇතුලේ හිටියොත් මොනවාහරි ශේප් එකක් දාගන්න පුලුවන්නේ.අපි දෙන්නටම පුදුමයි අපි දුවන් එද්දි කාටවත් මීටර් නොවුනු එක. කොහොමහරි පපන් විනාඩි 20කට වඩා එතන මොකක්දෝ උලව්වක් කරා. අපි දෙන්නට ඌත් එක්ක බුදුම මල. දැන් යයි කිය කිය හොරෙන් බල බල හිටියා. හොරෙන් බලන්නත් බයයි. අර පියන් ලොක්කා දැක්කොත් ආයෙත් ඇවිල්ලා පුරස්ස්න කොරනවනේ. කොහොම කොහොම හරි පපන් ගිය ගමන් අපි දෙන්නා බැස්සා පාරට තත්පර දෙකෙන් තුනෙන් දෙන්නම වාශ්ප වුනා. ආයෙත් අරූගේ තැ.හැඳුනුම්පත ගන්න ගියානම් අර පියන් ලොක්කට මාට්ටු වෙලා චාටර් කන්න වෙනවනේ. සිම්බා ඒක ගත්ත සති 2කට 3කට පස්සෙ ගිහින් මයේ හිතේ.ඉස්කෝලෙන් පැන්න නම් ටවුන් එකේ නොඉඳ කොහෙට හරි මාරු වෙන්නේ නැතිව පණ්ඩිත වැඩ කොරන්න ගියහම ඔහොම වෙනවා කාට කාටත්...........
සිරාවට!.. පැන්නා නම් අයෙ යන ගමන යනවා මිසක් වෙන ගමන් යන්න හොඳ නෑ
ReplyDeleteමරු ස්ටෝරිය.. වෙලාවක් නෑ දිග කොමෙන්ට් එකක් දාන්න,. එල එල.. දැන් ඉස්කෝලෙන් පනින සීසන් එක...
ReplyDeleteමං තනියෙන් පැන්නොතින් එතන හෙනහුරෙක්..සෙට් එකම පැන්නොත් අවුලක් නැතුව එන්න පුළුවන්..
ReplyDeleteදවසක් තනියෙන් පැනල එනකොට...ෆ්‍රිෆෙක්ට් කාරයෙක්ට මාට්ටු,..තාප්පෙන් පැනපු එකා...ලස්සනට ගේට්ටුවෙන් ඇතුලට ආවා.
// ඔය ස්කෝලෙන් පනින උණ, ගැන්සි බහින උණ, බඩු බහින උණ, පොර වෙන උණ වගේ රටේ නැති උණ ජාති හැදෙනවා//
ReplyDeleteඋඹට සනීප වෙය් ඔය උනවල් ඔක්කොම ලඟදිම ....හිකිස්....
හි හි .... පට්ට ආතල් වැඩ තමයි වෙන්නේ...
ReplyDeleteඅපි නම් ගේට්‍ටුවෙ පැනලා යන්නේ
ඔය ඉස්කෝලෙන් පනින එක නම් මචං මම කරලා ඇති අන්නන්ත අප්‍රමාණ .
ReplyDeleteඅපිට තාප්පෙකුත් නෑ පනින්න අපිට තිබුනේ වැටක් විතරයි ..
අනේ මට ඔය පනින වාසනාව කරන්න හම්බුනේ නෑ නෙ.... මම ඉතින් යන්නේ ඉස්සරහ ගේට්ටුවෙන් ම තමයි. ආයේ පැනල මොකටද අත පය කඩා ගන්නේ.... ඉස්කෝලේ මුළු සිකිරියුටි ඔක්කොමල මා එක්ක බුදු ෆිට් ඉතින් :D අනික ෆ්‍රිෆෙක්ට්ල වෙච්ච අපිට මොන අවසර ද? ඕනේ වෙලාවක අපි රෝන්දේ.
ReplyDeleteඉස්කෝලෙන් පැනලා මොකට ඉස්කෝලේ වටේම ඉන්නවද?? හැබැයි සිම්බගේ මොලේට ආපු අදහස හොදයි ඒ වෙලාවේ...
ReplyDelete@ විසිතුරු - ආයෙත් අහලා....... ස්කෝලෙන් පැනලා ටවුන් එකේ යන්න තැන් තිබේ. ඒත් ඔය වගේ ඔෆීසියල් ගමන් ගියොත් පෝරියල් සුවර්..........
ReplyDelete@ක්සැන්ඩර් - හෙ හෙ හෙ හෙ...... බලාගෙන ඉන්නේ ඔබතුමාගේ ස්ටෝරි එකේ පාර්ට් 2 එනකම්.... ස්කෝල්න් පනින සීසන් එක අපිට නම් හැමදාම.......
@ පිසාචයා - අපාරාධේ කියන්න බෑ මල්ලී ස්කෝලේන් අවුට් වෙනකම්ම පැන්නට මාට්ටු වුනේ එකම එක දවසක් ස්කෝලේ ඇතුලට පනින්න ගිහින්. එලියට පැනලා නම් මාට්ටු වෙලා නෑ. මොනවා හරි ගැටයක් ගහලා කොල්ලා මාරු. ඔය මාට්ටු සීන් එකත් වෙලාවක ලියන්නම්කෝ....
ReplyDelete@ ඔබා මාමා - යන්න මාමා නිකන් කෝචොක් හිනා දාන්නේ නැතුව. ඔය ගොඩක් උණ ජාති ස්කෝලෙන් දොට්ට දාලා අවුරුද්දක් දෙකක් යද්දී සනීප වුනා. දැන් තියෙන්නේ වෙන වෙන උණ ජාති :P
@ රහස් පරීක්ෂක - අපිට නිශ්චිත මාර්ගයක් නෑ සහෝ.... බලන නැකතේ හැටියට පනින පොට් එක වෙනස් වෙනවා. ඉන්න සික්කා ශේප් නම් ගේට්ටුව. ප්‍රින්සිපල් ඔෆිස් එකේ නම් ළඟම තාප්පේ. වැඩේ චොර නම් දෙවනි පිට්ටනිය. පහු වෙද්දි තව තවත් පාරවල් හදලා දුන්නා. ඔය ඔක්කොම බලලා තමයි සාර්ථක පැනිල්ලක් කොරන්න වෙන්නේ........
ReplyDelete@ සඳරු - බොහෝම ස්තූතියි සඳරුවා මේ පැත්තට එබුනට. මමත් නම් පැනලා ඇති අනන්තවත්. හැබැයි එකම් රූට් එක නෙවෙයි. දිසා මාරුවෙනවා කාලෙන් කාලෙට. අපේ සර්ලා හිටපු ගමන් ඔය හොර පාරවල් වලට බහිනවානේ.ඉතින් කල් යල් බලලා තමයි රූට් එක තෝරන්නේ.
@ ගුලියා - අපි ඒ ලෙවෙල් කරද්දිනම් ෆිෆෙට්ලා හුඟදෙනක් සපොර්ට් කරා අපේ අලුගුත්තේරු වැඩවලට. හැබැයි එහෙම නොකරපු උන් නොහිටියත් නෙවෙයි. උන්ට ඉතින් ඉඳලා හිටලා ටියුෂන් ක්ලාස් එකක වගේ මාට්ටු වුනහම හොඳට සැලකුවා. අපිට බලතල නොතිබ්බට බල තල තිබ්බ බොක්කවල් අපිට ඔය වැඩවලදි උදව් පදව් කලා.
ReplyDelete@ දිනේශ් - නෑ මචං. ඒ මොලේ පාවිච්චි කරලමත් නෙවෙයි. ලෙඩ දාගන්න තිබ්බ බය. ඔය කාලේ මයේ හිතේ මොලේ පාවිච්චි කරලා ඇත්තේ එහෙමත් වෙලාවක. බොහොමත්ම කාලාතුරකින්.... හික්ස්.....
ශික්.. මං හිතුවේ නැහැ ගොඩයා මේ වගේ හොරෙන් පැන්න එකෙක් කියලා අපරාදේ මං මුව රෙකමන්ඩ් කලේ අරයාට.. මං නම් ඔය වැඩ කවදාවත් කරලා නැහැ( අහුවෙන්න..)
ReplyDelete@ ලංකාප්‍රිය අයියා - හේ හේ හේ හේ....... අපිත් මාට්ටු වෙලා නෑ. මාට්ටු වෙන්න ඔන්න මෙන්න වෙලත් ඔළුව බේරගෙන ඇවිල්ලා ඇති. රෙකමන්ඩ් කරපු එක ගැන දුක්වෙලා වැඩක් නෑ අයියා. අයියා නොදන්නවා වුනාට එයා දන්නවා.... හික්ස්....
ReplyDeleteමචෝ පැට්ටා, මට ඔය කියන සර් නම් මතක නෑ. හැබැයි ඔය දෙමළ ස්කෝල පාර නම් හොඳට මතකයි. මම පහේදි හරි හයේදි හරි දවසක් දෙකක් පැන්නා ඔය පැත්තේන්... මම නම් මාට්ටු වෙලා තියෙන්නේ එකම එක පාරයි. ඒකත් ස්කෝලේ ඇතුලට පනිද්දි. එලියට පනිනකොට හොඳට සංවිධානය වෙලා පනින්නේ...... මචං ස්කෝලේට ඩ්‍රොප් එකක් විතරද හම්බවුනේ ?????
ReplyDeleteඔය උනට තියන හොඳම ප්‍රතිකර්මය තමයි උන තලා ගහේ පස්පංගුව පත අට එකට සිඳුවාගෙන දවසට දෙපාරක් බොන එක . . .
ReplyDeleteකාපු බීපු තැන සතා සරුපයාවත් ඉන්නේ නැහැ කිව්වා වගේ කට්ටි පැනපු තැන මොකට තැවරෙනවද :))
ReplyDelete