මේ අන්කල්ගේ පවුල ටිකක් විතර බටහිර පන්නයට හැසිරෙන, අඳින, පළදින උදවිය.සිංහලෙන් කීවොත් වෙස්ටනයිස් වෙලා. පවුල කීවට ඉතින් පුන්චි පවුල රත්තරං කියලා හිටියේ අන්කල්, අන්කල්ගේ භාර්යාව සහ අයියයි, අක්කයි. අයියගේ නම් ඔය සෝබන සීන්, වෙස්ටන් සීන් මුකුත් නෑ ඒ කාලේ. අපේ කොල්ලොත් එක්ක ඔය කොහෙ හරි බඩ ගාලා රා කට්ටක් කාරිය ගහලා හිටපු කොල්ලා. ඇන්ටිත් ඩිංගක් වෙන්න සොබනේ වුනාට ශේප්. ඒත් අක්කනම් හරිම ගණන් කියල කස්ටිය ඒ කාලේ කියනවා. පොඩ්ඩක් විතර පොත්ත සුදු හින්දද මන්දා. මට වැඩක් නෑනේ කොහොමත්. මම ඒ කාලේ හීන් එකා. ඒ නිසා මට ඔය කාගේවත් උලවු ගණන් වලින් වැඩක් නෑ. අන්කල්ගේ තව්සන්ඩ් ටෝක්. හිටපු ගමන් වනන්නේ කඩුවෙන්. පම්පෝරියත් අඩුවක් නෑ. ඒත් හිත හොඳ මනුස්සයා. අන්කල් එක්ක කතා කරද්දි මාර ආතල් කතන්දර අහගන්න පුළුවන්. අතින් එහෙමත් දාලා දෙනවා ඇට්ටි හැලෙන්න.....
ඒ දවස් වල අපි වෙසක් එකට කූඩුවක් ගහනවා කොළඹ-නුවර පාරේ අයිනේ. ඉතින් අන්කල් වැඩ ඇරිලා යනගමන් නැවත්තුවා වාහනය අපේ කූඩුව හදන හට් එක ළඟ. ඔහොම කයිය ගහ ගහ ඉන්නකොට පොර කීව කතාවක් තමයි මේ. සිද්ධිය වෙලා තියෙන්නේ මිනිහගෙම පවුලේ උදවියට. කොහෙන්දො මන්දා පන්සල් කතාවක් ඇවිල්ලයි මේ සිද්ධිය ප්‍රචාරය වුනේ. වෙසක් කාලෙට ඉතින් පන්සල්, දන්සල් ගැන වැඩිපුර කතා යනවනේ. මම මේ කියපු පවුලේ කස්ටිය ගිහිල්ලා දවසක් පෝයට කොහෙද ඔය ඈත පන්සලකට. මට පන්සල නම් මතක නෑ. හැබැයි පඩිපෙල් නැගලා නැගලා කන්දක් උඩටද, ගලක් උඩටද යන්න ඕනේලු. පුරාණ රජමහා විහාරයක්. හරිම ලස්සන පන්සලක් කියපු හින්දා සෙට් එකම ගිහින් පෝයට පන්සල්.
දැන් ඉතින් පවුලේ කස්ටිය තරණය කරනවලු පඩිපෙල්. අන්කල් වාහනය එහෙම පාර්ක් කරලා හිමින් සීරුවේ කට්ටිය පස්සෙන් යනවලු. කොල්ලො තුන් දෙනක් අන්කල්ගේ දුව පස්සෙන් යනවලු. අන්කල් උන් තුන්දෙනා පස්සෙන් යනවලු. අර කට්ටියව අඳුරන්නේ නෑ වගේ. මම කීවනේ අර අක්කා හෙන වෙස්ටර්නයිස් කියලා. අන්කල් එපා කියද්දි මෙයා ඇඳගෙන ගිහින් තියෙන්නේ කොට සායක්ලු. අර කොල්ලො තුන් දෙනා පිටිපස්සෙන් ගිහින් දෙකට තුනට නැවි නැවි බල බල යනවලු. නිකන් පෙන්නන ෂෝ එකක් අත ඇරලා කොහොමද පෝය දවසේ ? අන්කල්ට විතරක් නෙවෙයි දැන් වටේ ඉන්න අයටත් සීන් එක මීටර් වෙලා එක එක ඒවා කියනවලු අක්කට. මොනවා උනත් තාත්තෙක්ට අහන් ඉන්න පුළුවන්ද ඒවා. එහෙම කියලා වෙලා තියන වැඩේ හැටියට විලි සංගේ තියාගෙන ගිහින් පොරට කියන්නත් බෑ ඒ මගේ දුව කියලා. මොකද අහල පහල උන් බනින්නේ දෙමාපියන්ටනේ හදලා තියන විදිහ කියලා. මොනවා හරි කරලා මේ හතර විලි ලැජ්ජාවෙන් ගැලවෙන්නත් එපෑයි...
අන්කල් කිට්ටු කරාලු කොල්ලො තුන් දෙනා ගාවට. එකක්ට තට්ටුවක් එහෙම දාලා
" දැක්කද ? කොහොමද ? "
කියලා අර කොල්ලො තුන්දෙනාගෙන් ඇහුවලු. මයේ හිතේ අක්කට වඩා විලිලැජ්ජාව තියන උන් තුන්දෙනක් ඒ කොල්ලෝ තුන් දෙනා. දැක්කද අහපු ගමන් වැඩේ නොන්ඩිනේ. තුන් දෙනා මාරු වෙලා. එදා මොන පන්සල්ද? පොර කට්ටියත් එක්ක එහෙම්මම ආපහු හැරිලා ඇවිල්ලා තිබ්බේ මාරාවෙශයෙන්. අක්කට දෙසන්න ඇති හොඳම එකෙන්. අන්කල් හැබැයි සාධාරණ මනුස්සයා. අපේ සමහරු නම් ඔය වගේ එකක් දැක්කහම කොල්ලන්ටනේ වලි දාන්නේ. අන්කල් ඉඳන් කියනවා " අනේ පුතාලා ඒ කොල්ලන්ට බැනලා හරි ගහලා හරි වැඩක් නෑනේ. උන් කොල්ලොනේ. අපේ එළදෙන දැනගන්න ඕනේනේ තැනට සුදුසු විදිහට අඳින්න. අපේ එකීට එහෙම ඇඳගෙන පෙන්න පෙන්න ගියාට පස්සේ මම රෙද්දක් ඇඳගෙන ඒ කොල්ලන්ට වචනයක් කියන්නද ? ඒක ඇඳගන යන්න එපා කියලා කට කැඩෙනකම් කීවා. මුන් අපි කියන දේවල් අහන එකක්යෑ... මම දුන්නා ඕකිට එදා නම් කනේ ඇඟිලි ගහගන්න ". අනේ අපොයි. සිද්ධිය කෙසේවෙතත් අන්කල් ඕක කියපු විදිහට නම් අපි බඩවල් අල්ලගෙන හිනා උනා.
ඔය සිද්ධියට එවෙලේ හිනාවුනාට අපිට පස්සේ හිතුනා අන්කල්ට එවෙලේ මොනවා හිතෙන්න ඇත්ද කියලා. තමන්ගේ දුවගේ පිටිපස්සෙන් ගිහින් මොකෙක් හරි එබිලා බලද්දි මොන තරම් අපහසුවක්, අසරණකමක් දැනෙන්න ඇත්ද ? අනේ ඔය කවුරු කවුරුත් ලස්සනට ඇන්දට කමක් නෑ. ඒත් තැන නොතැන නොබලා ෆැෂන් කරන්න ගියහම අමාරුවේ වැටෙන්නේ අහක ඉන්න මිනිස්සු. අර කොල්ලො තුන්දෙනා වුනත් අසරණ වුන නිසානේ අමාරුවෙන් එබි එබී බලන්න ගියේ. එහෙම ඇන්දහම ඉතින් කොල්ලෙක්ට වුනත් පන්සල කියලා අමතක වෙනවා. මනුස්සයොනේ. කවුරුත් රහත් වෙලා නෑනේ. මේක ලීවේ කාටවත් කොටට අඳින්න එපා කියන්නවත්, ෆැෂන් කරන්න එපා කියන්නවත් නෙවෙයි. තැනට සුදුසු විදිහට රටේ සංස්කෘතියට, සමාජයට ගැලපෙන විදිහට ෆැෂන් කරන්න. කෙල්ලො විතරක් නෙවෙයි අපේ කොල්ලො වුනත් නොගැලපෙන විලාසිතා නොගැලපෙන තැන්වලට පාවිච්චි කරහම අපහසුතාවයට පත්වෙන්නේ අහක ඉන්න මිනිස්සුනේ. එහෙම නැතුව විලාසිතාවලට අමනාපයක්, බටහිර පන්නෙට අඳින එක ගැන කිසිම අමාරුවක් මට නෑ. තැන නොතැන බලලා ඕනෑම විලාසිතාවක්.... කවුද අකමැති ලස්සනට ඉන්න......
විලාසිතා කමක් නෑ. ඒත් තැනට සුදුසු විදිහට
ReplyDeleteඑක වෙලාවකට හිතෙනවා මේ කෙල්ලො හින්දා තමයි මේ ඔක්කොම කියලා..........
ReplyDeleteකෙල්ලොයි විලාසිතායි කියලා කියන්නේ දෙක්ක් නෙමේ එකක් නේ. හික්ස් :)
ReplyDelete" දැක්කද ? කොහොමද ? "
ReplyDeleteමරේ මරු! නියම අන්කල්~
අර කතාවක් කියල තියනවනේ නාරි ලතා මල් දැක්කම රහත් වෙලා උඩින් යන අයත් එකපාර ක්‍රෑෂ් වෙනවා කියල. ඒවගේ කොල්ලෝ තුන්දෙනත් පන්සලේදී ක්‍රෑෂ් වෙන්න ඇති,.. එත් පවු අර අහිංසක තාත්තා.. කොහොමද එහෙම වෙලාවක ඒ විදියට හිටියේ කියන එක මටනම් ප්‍රශ්නයක්
ReplyDeleteකතාව නම් සෙටිපිකට් ඇත්ත ගොඩයෝ..
ReplyDeleteපෝය දවසට පංසලට ගිහිල්ල බලන්න ඕනෙ කොහොමද මේ ගෑනු ලමයි ඇදන් යන්නෙ කියල පිස්සු හැදෙනව අප්ප. දනගහල වඳින්න බෑ.එක්කෝ කොටට ඇඳල නැත්නම් තෙල් ගාල බැස්සුව වගෙ හිරට හිරේ කලිසමක් ඇඳල. පැෂන් කලාට කමක් නෑ තැනට ඔබින විදිහට.
ReplyDeleteඅංකල්ගේ මොලේ නම් මරු.. වෙන කෙනෙක් නම් රන්ඩු වෙනාවා අනිවාර්යයි... විලාසිතා කරන්න ඕන.. ඒත් තමන්ට ගැලපෙන විදිහට...
ReplyDeleteමරු අන්කල් හිකිස්
ReplyDeleteමම මේ පොටෝ එකට යටිනුත් එබිලා බැලුවා ඒත් මොකුත් නෑනේ කියලා වෙනී මේල් එකක් එවලා තිබ්බා ගොඩයෝ... :D
ReplyDeleteහිහි..හිහි.....
ReplyDeleteමටත් තාම හිතා ගන්න බැරි දෙයක් තියෙනව අයියෙ...මාසෙ අනිත් දවස් 30ම හොඳට අඳින කෙල්ලො පෝය දවසට විතරක් අමුතුවට අඳිනව.
අපිත් පෝයට විතරක් පංසල් යන්නෙ ඇයි...
මේ වගේ සමහර අහංකාර විසේකාර දඟකාර මොර්ඩන්ට් ගේණු ළමයි නිසා කොච්චර නම් අම්මලා තාත්තලා ලැජ්ජවට සහ අපහසුතාවෙට පත්වෙනවා ඇත්ද....?
ReplyDelete@ සෝරෝ,
ReplyDeleteමොක්කුන්ටද බන් ගේණු ළමය් කියන්නෙ?
@ පිණිබිඳු - ඒකනේ කියන්නේ, කවුරු කවුරු මනාපයිනේ ලස්සනට, හැඩට ඉන්න. හැබැයි අහිංසකයෝ අමාරුවේ නොදා.......
ReplyDelete@ සුද්දි - හරියට හරි සුද්දියේ, මේ ඔක්කොම කෙල්ලො නිසා තමයි....
@ මධුරංග - සහෝදරයගේ කතාව ඇත්තයි කියමුකො. ඒ වුනාට මචං කෙල්ලන්ට මොලයක් කියලා සූටි එකක් හරි තියෙන්න එපැයි තැන නොතැන තේරුම් ගන්න...
@ විසිතුරු - ආයෙත් අහලා, අන්න මිනිස්සු.....
ReplyDelete@ ක්සැන්ඩර් - උඩින් යන අයත් ක්‍රෑෂ් වුනානම් අර අමාරුවෙන් පඩි නැගපු කොල්ලො තුන්දෙනා ගැන කතාකරන එකත් තේරුමක් නෑනේ... සිරාවටම, අපිත් කල්පනා කලේ අන්කල්ට මොනවා හිතෙන්න ඇත්ද කියලා. හාරගෙන පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති...
@ පැට්ට - සල්ලි මොකටද බං ෆ්‍රී ෂෝ බලන්න ????
නියම කතාව!
ReplyDeleteමාත් ලිව්වා පෙන්නීම සහ හැගීම කියලා මේ වගේ කතාවක්!
@ වසුන්දරා - එකනේ අක්කේ, ගැණු ළමයි ෆැෂන් කරද්දි යන්නේ කොහේද කියලා කල්පනා කරලා කරනවා නම්.............
ReplyDelete@ රන්ජා මාමා - ඒකනේ රන්ජා මාමේ, කොහොමද අනිත් මිනිස්සු හිත එකලාසයක් කරගෙන පින් දහම් කරන්නේ... නේද??
@ දිනේෂ් - එකෙන්ම. කවුද අකමැති කෙල්ලෙක් හැඩට ඇඳලා ඉන්නවා බලන්න... ඒත් පන්සලට ඇවිල්ලා ඒවා බලලා බෑනේ......
@ චම්මා - අන්කල්ගෙන් අහපු රසබර සිදුවීම් තව තියනවා. බලමුකෝ ඉදිරි කාලයේදී කොටන්න
ReplyDelete@ අභීත අයියා - අයියෝ පව් වෙනි අයියා, ඔය අමාරුවෙන් එඹෙන්න එපා කියන්න ඕනේ... නැත්නම් ආයෙත් අතක් පයක් මෙව්වා කොරගනී... හික්ස්.....
@ පිසාචයා - අනේ මල්ලි පෝයට පන්සල් යනවද? හොඳ කොල්ලා. තව පෝය හතරක් පහක් ඔය විදිහට පන්සල් ගියොත් නම් මල්ලිට ධ්‍යාන පහලවෙයි. ඔය හිතාගන්න බැරි එවා තේරුම් ගන්න හදන්නේ පරිස්සමින් පුතෝ..............
@ සෝරෝ - ඇත්ත සහෝ, පව් අම්මලා තාත්තලා. ඒත් ගොඩක් වෙලාවට ඕවා අම්මලා තාත්තලාගෙම වැරදි............ ( සතුටුයි නැවත දැකීම පිළිබඳව )
ReplyDelete@ ඔබා මාමා - ඔයාටත් පේන්නේම ඇද කුද නේද???
@ කතන්දර - ස්තූතියි මේ පැත්තට එබුනට. මෙවා ඉතින් එදිනෙදා ජිවිතේ සිද්ධවෙන හුට පටනේ..... හික්ස්........
මෙන්න ඉල්ලන් කන කතාවක්..
ReplyDeleteඇයි කොල්ලෝ සීගිරි අප්සරාවෝ ඇඳන් ඉන්නේ මොකක්ද ? ඔය වැඩිහරියක් පන්සල්වල චිත්‍රවල ගෑනුන්ට අන්දලා තියෙන්නේ මොනවාද ?
එහෙම කිවුවට ඉතින් ආගමික ස්ථානෙට නම් යන්න ඕන අනිත් අයගේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැති ඇඳුම් ඇඳගෙන තමයි. මෙහෙ නම් පන්සල් වලින් එපා කියන්නෙත් නැහැ ඉතින් ගෑනු ළමයි එවුව ඇඳන් ඇවිත් පසඟ පිහිටුවා වන්දනා කරනවා. ඉතින් කොහොමද පස්සේ ඉන්න මිනිස්සු සිත් එකඟ කරගෙන ආගමික කටයුතු කරන්නේ ? (දැන් මිනිහ මෙහෙ එයිද දන්නේ නැහැ ඒක බලන්න)
මමත් ලියන්නද ඔය වගේම අංකල් කෙනෙක් ගැන කතාවක් ???
ReplyDeleteඇත්තෙන්ම පන්සල කියන්නෙත් තමන්ව ප්‍රදර්ෂනය කරන්න පුලුවන් ස්ථානයක් . .
ReplyDeleteඅපිත් ඉස්සර වෙසක් දාට සුදු පාට හෝ ල පාට ඉස්තරම්ම වස්තරෙන් හැඩවෙලා ගිහින් පන්සලේ බෝ මලුවේ බුදුගෙයි හොරගල් අහුලපු හැටි මතක් වෙනවා . .
උඹ කියනව වගේ ස්තයිල් කලාට කමක් නෑ තමන් යන තැන ගැන වැටහීමකුත් හ්ටියෙන්න ඕන . .
පන්සල් යනවා වගේ වෙඩිමකට යන එක ඔඩ් වගේම තමයි වෙඩිමකට යනව වගේ පන්සල් යන එකත් ඔඩ් . . .
දුකා - ඇත්ත කතාව දුකා අයියේ. තමන්ව ප්‍රදර්ශනය කරාට කමක් නෑ. ඒත් ඕනේ ඒවයි එපා ඒවයි ඔක්කොම ප්‍රදර්ශනය කරන එකනේ ප්‍රශ්නේ........
ReplyDeleteලංකාප්‍රිය අයියා - එකනේ, අනිත් මිනිස්සු අමාරුවේ දාන එක හරි නෑනේ....
ReplyDeleteපිස්සු කතා කරනවා ජයියා අයියා, ඔයා එන්නකෝ මෙහේ පෝයකට. ගෑණු ළමයි ගැන කතාකරන්න ඕනේ නෑ. වයසක උපාසක අම්මලා පන්සල් එන හැටි දැක්කහම සසර පටස් ගාලා කළකිරෙනවා. හැබැයි එහෙම වුනා කියලා ඒගොල්ලො අහිංසකයන්ට නිවන් යන්න නම් දෙන්නේ නෑ........
ඕනයා - මොනවද ඇන්ඩයියේ අහ අහ ඉන්නේ ලියන්නේ නැතුව?
patta
ReplyDelete