Tuesday, October 4, 2011

දන්නවාද මේ ගැන ????

අද මට හිතුනා වෙනස් විදිහේ පෝස්ට් එකක් ලියන්න. මම නිතරම මුහුණදෙන ගැටලුවක් තියනවා. ඒ තමයි  කවුරු හරි ඇහුවහම මගේ රස්සාව මොකක්ද කියලා ඒ අහන කෙනාට මගේ රස්සාවේ ස්වරූපය පැහැදිලි කරන එක. ඒ ගැන පැහැදිලි කරන්න  යන එකෙන් වෙන්නේ මට විනාඩි 10, 15ක ලොකු විස්තරයක් කරන්න. හොඳම හරිය තමයි අන්තිමට දන්න සෙල්ලම් ඔක්කොම දාලා විස්තර කරාට පස්සෙත් ඔය ගැන අහන කාටවත් හරිහමන් අවබෝධයක් ලැබෙන්නේ නෑ. ගොඩක් වෙලාවට මම ඒ විස්තරේ කියන්නත් ඔය කොම්පියුටර් කෑලි ගැන අවබෝධයක් හරි එහෙම නැත්නම් ඒ ලෙවෙල් science කරපු එහෙමත් නැත්නම් ඒ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් පසුබිමක් තියන කෙනෙක්ට.  අනිත් අයට ඔය මොකක් හරි කියලා ශේප් වෙනවා. වෙන මොකවත් නිසා නෙවෙයි කියලා තේරුමක් නැති නිසා. ඒත් අපේ කස්ටිය ඉන්නවානේ නොතේරුනත්, තේරුනත්, ඔනේ වුනත්, එපා වුනත් ඔය විස්තර හොයන්න අහන්න ආසා අය. එහෙම අය හම්බවුනහම නම් සොරි ඩොට් කොම්.  හැබැයි මම රැකියාව කරන ක්ෂේස්ත්‍රය ගැන දන්නේ නැති වුනාට මේ කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන අපි හැමෝගෙම එදිනෙදා ජිවිතේට බොහෝම සමීපයි. අපි හැමෝම නිතර දෙවේලේ භාවිතා කරනවා. දැන් මේ මම ලියන පෝස්ට් එක කියවන කාට හරි හිතිලා තියනවාද මේක කියවන්න පාවිච්චි කරන කොම්පුටරේ ඇතුලේ තියන කෑලි බෑලි හදන්නේ කොහොමද කියලා. සමහරවිට හිතිලත් ඇති. කොහොමෙන් කොහොම හරි ඕවා මේවා නිසා අද මට හිතුනා මම වැඩ කරන මේ ක්ෂේස්ත්‍රය ගැන පොඩ්ඩක් ලියන්න.හැබැයි මේ පොස්ට් එක සමහර අයට මෙලෝ රහක් නැතිවෙන්නත් ඉඩ තියනවා. ඕන එකක් කියලා ඔන්න ඔහේ ලියනවා

Semi Conductor Industry එහෙම නැත්නම් අර්ධසන්නායක කර්මාන්තය. මේ කර්මාන්තය ගැන  අහපු අයත් ඇති. මට තේරුණ දෙයක් නම් ලංකාවේ ගොඩක් දෙනෙක් මේ ගැන අහලා නෑ. ඒ නිසයි මේක ලියන්න හිතුනේ. අපි පාවිච්චි කරන ජංගම දුරකථනය, පරිඝනකයේ ඉඳලා කැමරා, රූපවාහිනි මෙකී නොකී සියලුම ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර සූත්‍ර, යාන වාහන, ගුවන් යානා,  වෛද්‍ය උපකරණ, යුධෝපකරණ මෙකී, නොකී හැම නිෂ්පාදනයකටම වැදගත් වන ඉලෙක්ට්‍රොනික් චිප් (Chip) නිශ්පාදනය කිරීම තමයි මේ අර්ධසන්නායක කර්මාන්තයෙන් කෙරෙන්නේ. ඔය පල්ලෙහා තියෙනේ මම වැඩ කරන සමාගම පිළිබඳ කෙටි විඩියෝ පටයක්. ඒක බැලුවහම මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා පොඩි අදහසක් ඒවි.



මේ කර්මාන්තය කෙරෙන්නේ සීමිත රටවල් ගණනක.මේ කර්මාන්තයට අවශ්‍ය උපකරණ, පරිසර තත්ව, අනිකුත් පහසුකම් බොහෝ මිල අධිකයි.  ඒ නිසයි මේ කර්මාන්තය සීමා සහිත රටවල් ගණනක සිද්ධවෙන්නේ. ඇමරිකාව, කොරියාව, ඉතාලිය, ජපානය,සිංගප්පූරුව, චීනය, ජර්මනිය, තායිවානය වගේ රටවල් කීපයක තමයි මේ කර්මාන්තය සිද්ධවෙන්නේ.
කර්මාන්තයේ ඉතිහාසය ගත්තොතින් ට්‍රාන්සිස්ටර් එක තමයි මේ තාක්ෂණයේ මුල්ම පුරුක.ඉලෙක්ට්‍රොනික් ලෝකයේ විප්ලවය තමයි ට්‍රාන්සිස්ටරය. වර්තමානයේ අපි පාවිච්චි කරන සියලුම ඉලෙක්ට්‍රොනික් උපකරණ බිහිවෙන්න හේතුව ට්‍රාන්සිස්ටර් එක.  ඔය පල්ලෙහා තියෙන්නේ ලෝකයේ පළමුවෙනි ට්‍රාන්සිස්ටර් එක.


ට්‍රාන්සිස්ටර් එකක් කියන්නේ අර්ධසන්නායක උපාංග වල පාදම, එහෙම නැත්නම් අත්තිවාරම කීවොතින් මම වැරදි නෑ කියලා හිතනවා. එක පරිපථයක මේ කියන ට්‍රාන්සිස්ටර් බිලියන ගානක් තියනවා. ඒ හේතුවෙන් උපකරණයේ ප්‍රමාණය බොහෝ විශාල වෙනවා. ඒකනේ ලෝකයේ පලවෙනි පරිඝනකය කාමරයක් තරම් විශාල වුනේ. ඉතින් ඔය පරිපථවල සහ උපකරණවල ප්‍රමාණය කුඩා කරගැනීමේ අරමුණින් ඔය ට්‍රාන්සිස්ටර් කීපයක් එක් කරලා සංගෘහිත පරිපථ එහෙම නැත්නම් I.C ( Integrated Circuit ) හදන්න ගොඩක් සමාගම් පෙලඹුනා. ඒත් දැන් යුගයත් හමාරයි. කට්ටියට මතක ඇතිනේ ඉස්සර අපි පාවිච්චි කරපු ජංගම දුරකථන. ගඩොල් භාගයක් විතර ඇතිනේ.  ඉතින් ඔය ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි  චිප් (Chip) නිශ්පාදනය පටන් ගත්තේ. චිප් (Chip) කියන්නෙත් සගෘහිත පරිපථයක්ම තමයි. ඒත් ප්‍රමාණය කුඩා සහ අන්තර්ගතය වැඩියි. 

මේ කතන්දර ඔක්කොම කිවේ පොඩි හැඳින්වීමක් දෙන්න මේ කර්මාන්තය ගැන. මේ ඔක්කොම වැඩ කෑලි දාන්නේ සිලිකන් වල පිහිටෙන්. සිලිකන් කියන්නේ හොඳ අර්ධ සන්නායකයක්. ඔය ජංගම දුරකථන, එතකොට කොම්පියුටර්, අනිකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ පාවිච්චි කරන අපිට හිතිලා තියනවද ඔය හැටි මෙව්වා ගණන් ඇයි කියලා. ඇත්තටම කීවොත් ඔය චිප් (Chip)එකක් හදන්න වියදම් කරන කාලය හා මුදල් ප්‍රමාණය බැලුවහම ඒක ඒ හැටි දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් චිප් එකක් එකලස් කරන්න කලින් මූලික ක්‍රියාවලිය අවසාන වෙන්න මාසයකට අධික කාලයක් වැය වෙනවා. අපේ සමාගමේ වට්ටොරුවට අනුව නම් මාස 2ක් යනවා. ඔන්න බලන්නකෝ කොහොමද සිලිකන් (Silicon), චිප් (Chip)එකක් වෙන්නේ කියලා.



ඔය මුලු ක්‍රියාවලියම නොකඩවා සිද්ධවෙන්න ඕනේ. ඉතින් ඔය අර්ධසන්නායක නිපදවන සියලුම සමාගම් මුලු අවුරුද්දෙම දවස් 365ම පැය 24ම වැඩ. ඔය සිලිකන් රවුම් තහඩුවට කියන්නේ වෙෆර්(Wafers) එකක් කියලා.   චිප් (Chip) එකක් වෙන්න කලින් වේෆර්(Wafers) එකේ තියනකොට එක ඒකකයක් හඳුන්වන්නේ ඩයි ( Die ) එකක් කියලා. අඩියක් විශ්කම්භය තියන වේෆර් එකක් උඩ සමාන්‍යයෙන් ඩයි ( Die ) 750ක් 1000ක් වගේ ගණනක් නිපදවෙනවා. චිප් (Chip)750 - 1000ක් අතර ගාණක් හදන්න පුලුවන් වේෆර් එකකින්.
මේ තියන්නේ ඔය කීව වේෆර්(Wafers) එකක්. ඔය කොටු කොටු තියෙන්නේ මම කීව ඩයි ( Die ).

ඒ වගේම ඔය කර්මාන්තය කෙරෙන්නේ වෙනස් පරිසර තත්වය යටතේ. Clean Room Environment  එකක තමයි ඔය නිශ්පාදන කටයුතු කෙරෙන්නේ. Clean Room එකක් ඇතුලේ අංශු ප්‍රමාණය ඉතාම අඩු අගයක තියාගන්න උත්සහ කරනවා. ඉතින් අත,පය, මූණ කට ඔක්කොම වහගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඒකට හේතුව ඔය පොඩි අණුවක් හොඳටම ප්‍රමාණවත් චිප් (Chip) එකක් විනාශ කරලා දාන්න.

මේ clean room එකක පින්තූරයක්.
මෙන්න මේ විදිහටයි clean room එක ඇතුලේ වායූන් සංසරණය වෙන්නේ. මේ හැමවෙලේම ( air filters) පෙරෙහන් මඟින් වායූන් පිරිපහදු කරලයි මුදා හරින්නේ. මේ ඔක්කොම වද විදින්නේ පරිසරයේ අංශු  
( particles ) අඩු කරන්න සහ අපවිත්‍රනය ( contamination  ) වලක්වන්න.

අනිත් කාරණය ඔය වේෆර් එක නිශ්පාදනයේදි සමහර පියවරවල් සිද්ධවෙන්න අඩු පීඩන සහ අධික උෂ්ණ පරිසර තත්ව යටතේ. ගොඩක් වෙලාවට පීඩනය මිලි ටොර් 5,10 වගේ අගයකත්, උෂ්ණත්වය සෙල්සියස් 400-500 වගේ අගයකත් ඒ වගේ සමහර පියවර අඩු උෂ්ණත්ව යටතෙත් සිද්ධවෙනවා.අඩු පීඩනයක් හෙවත් රික්තකයක් ඇතුලේ තියන අණු ගණන ඉතාමත් අල්ප නිසා තමයි ඒ වගේ පරිසර තත්වයක් යටතේ ඔය නිශ්පාදන සිද්ධකරන්නේ. වේෆර්(Wafers) එකක් සම්පූර්ණ නිශ්පාදන ක්‍රියාවලිය ඉවර වෙන්නේ  විවිධාකාර පියවර 800ක අධික ප්‍රමාණයකට මුහුණ දීලා. මූලික පියවරවල් මම සඳහන් කරන්නම්. හැබැයි මම සිංහල වචන නම් දන්නේ නෑ මේවට. 

Wet cleans
Photolithography
Ion implantation
Dry etching
Wet etching
Plasma ashing
Chemical vapor deposition (CVD) 
Physical vapor deposition (PVD)
Electroplating
Chemical-mechanical planarization (CMP) 
Wafer testing
මේ එකෙන් එක විස්තර කරන්න ගියොත් මට තව පොස්ට් 10ක් විතර ලියන්න වෙනවා. අනික ඒකෙන් ලොකු වැඩක් කාටවත් වෙන්නේ නැතිවෙයි.  මට ඕනෙ වුනේ මෙහෙම කර්මාන්තයක් ලෝකේ තියන විත්තිය ලියන්නයි. ඒ නිසා වැඩිපුර විස්තර ලියන්නෙ නෑ. විස්තර ඕනේ නම් මෙතන ඔබන්න. 

අනික මේ පියවරවල් ටික ලිවේ තව දෙයක් කියන්න.කට්ටියටම පේනවනේ මේකේ ටෙස්ටින් ( Wafer Testing ) තියෙන්නේ අන්තිමට. ඔය මාස දෙකක් තිස්සේ කරන මහන්සියේ ප්‍රථිපලය දැනගන්න වෙන්නේ අන්තිමට. මොකක් හරි තැනක  වැරැද්දක් වුනහම ඒක දැනගන්න කොට තවත් වේෆර්ස් (Wafers) සිය දහස් ගාණක් ඒ විදිහටම සවුත්තු වෙලා තියෙන්න පුළුවන්. එහෙම දේකදී පාඩුව ඩොලර් මිලියන හෝ බිලියන වලින් නවතින්නේ. මොකද ඔය වේෆර්(Wafers) එකක් සම්පූර්ණ වුනහම මිල ඩොලර් 3000-4000ත් අතර ගාණක් වෙනවා. එක පාරට ඔය වගේ වේෆර්(Wafers) 25ක් මැශින් එකක් ඇතුලට ගන්නවා. ඒ වගේ ලොට් (lot) ( වේෆර් 25ට කියන්නේ ලොට් එකක් ) සිය ගණනක් දවසට දුවනවා. හිතාගන්න පුලුවන්නේ එතකොට මාසයක් හෝ සතියක් ඔහොම වැරද්දක්  තියාගෙන වැඩකරොත් මොකද වෙන්නේ කියලා.
මේ තියෙන්නේ ඔය පියවර 800ක් විතර සිද්ධවෙන ක්‍රියාපටිපාටියේ එක ක්‍රියාවලියකට දායක වෙන උපකරණයක්. මේ වගේ උපකරණ විශාල ගාණක් මැදින් ඇවිල්ලයි චිප් එකක් අපේ අතට එන්නේ.
මෙන්න මේවාගේ කුටීරයක් ඇතුලේ තමයි වේෆර්(Wafers) එක process වෙන්න අවශ්‍ය පරිසර තත්ව ඇති කරන්නේ.

මේ ගැන සියළුම විස්තර කියන්න අමාරුයි. ඒත් මෙහෙම දෙයක් වෙනවා කියලා නොදැන හිටිය කෙනෙක් දැනගත්තා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මම වැඩකරන සමාගමින් නිපදවන්නේ පරිඝනක මතකයන්. එහෙම නැත්නම්  memory cards and DRAMs. ඒකෙනුත් අපේ ෆැබ් ( FAB ) එකේ නිශ්පාදනය කරන්නේ DRAM. ඔය අපේ පරිඝණක වලට පාවිච්චි කරන RAM වලට අමතරව තවත් නොයේකුත් උපකරණවලට RAM අවශ්‍ය වෙනවා. ඒ අතරින් මිල අධිකම RAM භාවිතා වෙන්නේ යුධායුද , වෛද්‍ය උපකරණ, වාහන, ගුවන් යානා වගේ මිනිස් ජීවිත ඍජුව සම්බන්ධ වන උපකරණ වලට. මේ මිල අධික වෙන්නේ නිශ්පාදනයේ සුපිරි තත්වය නිසයි. සුපිරි මට්ටමේ එහෙමත් නැත්නම් නොම්බර 1 RAM එකක් අපි පරඝණක සඳහා පාවිච්චි කරන RAM එකකට වඩා පස් හය ගුණයක් මිලයි. නොම්බර 2 එහෙමත් නැත්නම් දෙවැනි තත්වයේ RAM පාවිච්චි වෙන්නේ Sat-elite servers  වගේ දේවල් වලට. පරිඝණක සහ එදිනෙදා ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට පාවිච්චි වෙන්නේ 3 වෙනි ශ්‍රේණියේ RAM. 

මේක ඇත්තටම  බොහොම අසීරු කාර්යයක්. හැබැයි අසීරුයි සහ වියදම අධිකයි වගේම ලාභයත් අධිකයි. මම දන්න විදිහට මේ කර්මාන්ත ශාලාවක් පටන් අරගෙන අවුරුදු 5ක් විතර වැඩ කරාට පස්සේ තමයි ලාභ ලබන්න පුලුවන්. එතකම් වියදම් කල ගණන හොයන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි එදිනෙදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ කොටස් නිපදවෙන්නේ. ඔන්න තවත් විඩියෝ එකක් තියනවා. බලන්නකෝ වැඩේ කොහොමද කියලා. අනේ මෙලෝ රහක් නැති වුනා නම් සමාවෙන්න ඕනේ. දන්න කියන දෙයක් බෙදාගන්නයි පොඩි උත්සහයක් කලේ.





18 comments:

  1. ඉතාම වැදගත් ලිපියක්. හුඟක් අය මේ ගැන දන්නෙ නෑ තමා.
    මමත් මේ ගැන ගොඩක් ඉගෙන ගෙන තිබෙනව.
    Semiconductor Fabrication මුල සිට අගටම, etching, PVD, CVD බරටම.... හැබැයි ඒ දැනුම භාවිත වෙන්නේ නෑ. :(
    මේව ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්, මොරටුව ඉංජිනේරු පීඨයේ Materials Science and Engineering Degree එක ඉගෙන ගත්තොත්. මම කළේ ඒක.

    හොඳ පෝස්ට් එකක්.

    ReplyDelete
  2. අපි වගේ ඔය කොම්ප්යුටරේ කී බෝඩ් එකට වැඩි දෙයක් නොදන්නා ගොබිලන්ට බොහොම වැදගත්.. නැත්නම් වෙෆර්ස් කියන්නේ කියන්නේ අර කන එවුවට විතරයි කියල අපි හිතන් ඉන්නේ..

    ReplyDelete
  3. මම මගේ කර කර හිටිය රැකියාවෙන් අයින් උනා කියල කිව්වා ද මන්දා. ඒ මගේ Final Year එක ඉවර කරන්න ඕන නිසා. මම වැඩ කරලා තියෙන්නේ ඔය trade එකේ QA messurement instruments නිපදවන ආයතනයක නේ. නමින් Agilent Technologies.

    ReplyDelete
  4. අඩේ ගොඩය, මේක උඹේ තනිකර කපටි ප්ලෑන් එකක් මාව පිස්සු වට්ටන්න, මට හොඳටම ෂුවර් ඒක. උඹ කරෝල වාඩි කාරයත් එක්ක එකතු වෙලා කරපු විදේශීය කුමන්ත්‍රණයක් කෙලින්ම මට විරුද්ධව.
    මං නං අහුවෙය් ඕවට. ට්‍රාන්සිස්ටර් හරියට කියෝනකොට මට තේරුනා මාව පිස්සු වට්ටන්න ගහපු ප්ලෑනක් කියල. එයින් එහාට බැලුවේ රුප සටහන් දිහා විතරය්.

    ReplyDelete
  5. නොදැන හිටපු දෙයක් ගැන පැහැදිලි කර දීම ගැන ගොඩයට බොහොම ස්තූතියි. මේ ලිපිය නම් වටිනාකම කියල නිම කරන්න බෑ.

    ReplyDelete
  6. ගොඩක් වටින ලිපියක් යාළුවා.. සමහර තැන් නම් තිබුනා මමත් නොදන්න..

    ReplyDelete
  7. //මම රැකියාව කරන ක්ෂේස්ත්‍රය ගැන දන්නේ නැති වුනාට මේ කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන අපි හැමෝගෙම එදිනෙදා ජිවිතේට බොහෝම සමීපයි. //

    මෙහෙම කියද්දි මම හිතුවෙ උඹ වැඩ කරන්නෙ අර වෙනිය ඉන්ටවිවු එකට අරංගිය එවුව හදන තැනක කියල.

    ReplyDelete
  8. මමත් නොදන්න දෙයක් අද ඉගෙන ගත්තා.... ජය!

    ReplyDelete
  9. හරිම වටින පොස්ට් එකක් ගොඩයා...
    ස්තූතියි බෙදා ගත්තට,,,

    ReplyDelete
  10. මමත් ඉතින් කියෙව්ව දැන් තේරෙයි.. දැන් තේරෙයි කියලා.. ම්හ්.. හැබැය් ශෝක් එකට ලියල තියේ!
    @ ඕනයා--ආන්න එව්ව හදන හැටි නම් තේරෙනවා කිරි ගහට !

    ReplyDelete
  11. අඩේ ගොඩයා කියෙව්වා තේරුනා කියල හිතනවා... හික් හික් හික්.. මොනා උනත් වටිනා ලිපියක්..

    ReplyDelete
  12. මාරු ලිපිය..කාලෙකට පස්සේ මම අපහු කැම්පස් ගිය දවස් වගේ තේරුණා.

    ReplyDelete
  13. මමත් නොදන්න දෙයක් දැන ගත්තා.. මේ වගේ ඒවත් ඉඳල හිටල දාන එක හොඳයි අපි වගේ අයට

    ReplyDelete
  14. ඔක්කොටම කලින් කස්ටියටම සොරි කීවා රිප්ලයි දාන්න පරක්කු වුනාට...

    @ මාධව - බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට. මම නම් ඔය ඉගෙන ගන්න ලැබුනේ ලංකාවේදි නෙවෙයි. මොකද මට ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන්න වාසනාව ලැබුනේ නෑ මට.

    ReplyDelete
  15. ලංකාප්‍රිය අයියා - අපිත් එහෙම තමයි වෙෆර් ගැන හිතාගෙන හිටියේ. පස්සෙනේ වැඩේ දැනගත්තේ....... ඕනේ එකක් කියලා ලියලා දැම්මා.....

    ගුලියා - එල කිරි මචං,QA messurement instruments කියන්නේ මේ ෆීල්ඩ් එකේ බොහෝම වැදගත් දෙයක්. වැඩේ ඉවර වෙනකම් ඔය වේෆර් කොලිටි එක ගැන ඩේටාස් හම්බවෙන්නේ ඔය උපකරණ වලින්....

    ReplyDelete
  16. ඔබා මාමා - අනේ මාමේ එහෙම ප්ලෑන් එකක් තුන් හිතකවත් තිබුනේ නෑ.කරෝල වාඩි කාරයා පල්ල..... කව්ද දන්නේ ඔයාට ට්‍රාන්සිස්ටර් දැක්කහම පිස්සු වැටෙනවා කියලා....... හික්ස්..........

    Ranjith මාමා,Dinesh,විසිතුරු|visituru,ලකී,අවංක පැට්ටා,තාරක Dilsh@n - බොහෝම ස්තූතියි !!!

    ReplyDelete
  17. @ ඕනයා - ඇන්ඩයියේ, මම කීවේ උඹේ එදිනෙදා ජිවිතේට ඕනේ දේවල් ගැන නෙවෙයි....

    @ Weni -හික්ස් හික්ස් හික්ස්...පුළුවන් විදිහට තමයි ලීවේ..... අනේද කියන්නේ ඒ හරිය ගැන

    @ තැන්ක් යූ.... මොකද අප්පේ මේක කියෙව්වහම කැම්පස් ගිය දවස් වගේ තේරුණේ ???

    ReplyDelete
  18. වටිනා කියන ක්ෂේත්‍රයක් වගේ.

    ReplyDelete