Monday, May 14, 2012

ආදරණිය ඔබා මාමේ................

ඔබ ගැන බ්ලොග් අවකාශයට කියන්නට මගේ වචන අනවශ්‍යයි.....  බ්ලොග් අවකාශේ ඉන්න ඕනෑම කෙනෙක් ඔබ ගැන හොඳාකාරවම දන්නා බව මම දන්නවා. ඔබා මාමාව දැන අඳුර ගත්තේ අන්තිම පේලියෙන්. ඒත් මඩ ගැසීමේ ව්‍යාපාරය නිසයි. ඊළඟට මම සද්ද නැතුව මගේ බ්ලොග් ඒක ලියාගෙන යද්දී කුරුණෑගල සම්බන්ධව ලියපු පෝස්ට් එකකට මාමා ඇවිල්ලා පලවෙනි කොමෙන්ට් එක දැම්මා "මන් නොදන්න බූ ඇල, 75 ඉඳන් 89 විතර වෙනකන් කුරුණෑගල සහ ඒ අවට තමය් පුතා රස්සාව කලේ. මේ අර තව සයිට් එකකත් ලියන ගොඩයමද? කොහොම වුනත් කි.මි. 36 ක් දුර කොහේ ඉඳන්ද පුතා කුරුණෑගලට ඉස්කෝලෙ ආවෙ?" කියලා. එතැන් පටන් මගේ හැම පෝස්ට් එකකටම සැර මඩ, හාස්‍යය, උපහාසය මුසු කලේ ඔබයි මාමේ. පෝස්ට් එකක් දැම්මට පස්සේ ඔබා මාමාගේ කොමෙන්ට් එක එනකම් මග බලාගෙන ඉන්නේ මොන මඩක් වදීද ? කොහොම උත්තර දෙන්නද කියලා. හැමදාමත් වගේ මාමාගෙන් ඊමේල් එකක් බලාපොරොත්තු වුනා මාමේ. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඒ හැමදෙයක්ම මගේ මුහුණට හිනා රැල්ලක් අරන් ආව නිසා. ලේසියෙන් කඳුලක් නොනගින මගේ ඇහැට  මාමාගේ වියෝව ආරංචි වුන වෙලේ කඳුලක් ආවේ මටත් හොරා. මුළු ජීවිතේටම හෝරා කීපයක් මුණගැසුන මිනිහෙක් වෙනුවෙන් මගේ ජීවිතේටම ඇහැට කඳුලක් නැගුනා නම් ඒ ඔබ වෙනුවෙන් පමණයි මාමේ......  ඒ වෙනකනුත් මට දැනෙන්න නැතිව ඇති ඔබා මාමා මගේ ජීවිතේට කොතරම් සමීපද කියලා. ඔබා මාමේ ඔබ අපේ මාමායි. බ්ලොග් අවකාශයටම ඔබ අපේ එකෙකි.

ආරංචියේ හැටියට ඔබා මාමා අපෙන් වෙන්වී ඇත්තේ හදිස්සියේම. මම හිතන්නේ ඒක බොහොම වාසනාවන්ත මරණයක්. හැමෝටම සතුට, හිනාව බෙදපු ඔබට දුකක්, කඳුලක් අයිතිවෙන්න කිසිම අවස්ථාවක් නෑ මාමේ....  මාමා අපිව දාලා ගිය එකෙන් පාලු අපිටයි මාමේ. පාඩුවත් අපිටයි. අපි කඳුළු සැලුවට  මාමා කොහේ හිටියත් හිනාවෙලා ඉන්නවාට සැක නෑ මාමේ. මාමාගේ මුණේ පිරිලා ඉතිරුණ හිනාව, මාමාගේ හදවතේ පිරිලා ඉතිරිලා ගිය මනුස්සකම කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ මාමේ. මාමා අපේ හිත්වල සදාකල් ජිවත්වෙනවා මාමේ. අපේ හිත් වල ඔබ අමරණීයයි මාමේ... අපිව හිනස්සපු, අපිට තිබුන ප්‍රශ්න, දුක් කරදර අමතක කරවපු පිනම ඇති යන තැනක හැමදාමත් හිනාවෙලා ඉන්න.  ආයෙත් මේ දුක පිරුණ සසරට එකතුවෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී වෙන්නත් බෑ මාමේ. ඒත් මෙච්චර ඉක්මනට මාමා වගේ මිනිස්සුන්ට යන්න දෙන්න හිතදෙන්නෙත් නෑ මාමේ. නිවන් දකින්නට පෙර නැවත එක වතාවක් හරි අපි අතරට ඇවිල්ලා අපිව බලලා යන්න එන්න මාමේ...................

ආදරණිය ඔබා මාමේ,
ඔබට නිවන් සුව අත්වේවා !!!! 



යන්න කලින් ඔබා මාමා මගේ කැමරාවේ ඉතුරු කරලා ගිය මතක සටහන්.......
















14 comments:

  1. එක පාරක්වත් ඔබා මාමව දැක ගන්න ඔයාල පිං කරලා..
    ආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  2. ලංවෙලා සහෝදරයෙක් නොවී ඈතින් මිතුරෙක් විතරක් වෙලා හිටියානම් හොඳයි .. හැබැහින් හමු නුනා නම් හොඳයි.. අහම්බෙන් බ්ලොග් අවකාශයට ආ මට ඔහු වැන්නෙක් හමුවීමත් අහම්බයක්.. ජීවිතයත් අහම්බයක් තමයි ඒ හින්දා ආයිත් අපි හමුවේවි.. අන්තිම පේලියේ ජයියයි ඔබයි කල නාඩගම් ඉතින් ඉවරයි ඔබා. අන්තිම පේළියත් ඉස්සරහට මට යන්න හිත නොදෙන තැනක් වෙයි..

    ReplyDelete
  3. පැමිණ නෙක දනන් ගේ බ්ලොග් -- අඩවියට
    කෙටුවා පද දෙකක් හැමටම සෑම ----- විට
    මරුවා සමග ගිය දා ලොව හඬන ---- විට
    ඔබා මාමේ සිනැහෙන් මොක් පුරේ ---- සිට

    ReplyDelete
  4. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  5. සිනාමුසු මුහුණින් වැළඳ ගත් මොහොතේ ඉඳන්ම කීසැරයක් නම් කරට අත දමා ගෙන ෆොටෝ වලට මූන දෙන්න ඇතිද ? ඒ හැම මොහොතෙම කීවෙ ආයි හමු වෙමු අයියෙ..මේ කැමරාව නොගෙනාවනම් මන් ඉන්නවා සෙට් එක එක්ක මීට වඩා වෙලාවක් කියලයි..ඔහු හිනා වෙවී කීවෙ ෆොටෝ ටික ගනින් මලයා ආයි හම්බ වෙනවනෙ කියලා...ඒත්...

    ReplyDelete
  6. මරණය කොහොමත් වාසනාවන්ත නැහැ.මේ මහත්මයට තව ටිකකලක් වත් ජීවත් වෙන්න ලැබුණානම් ඒකයි වාසනාව.කොහොම උනත් එතුමාගේ මතු භවය යහපත් එකක් වෙන කියා පතනවා.

    ReplyDelete
  7. හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  8. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  9. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  10. ඔබා මාමා අපිත් එක්ක බ්ලොග් ලෝකයේ ගත කරපු සුළු කාලය තුළදී අපේ හිත්වලට ලොකු මතකයක් ඉතුරු කළා.

    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!

    ReplyDelete
  11. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  12. ගොඩය අයියෙ.....මුකුත් කියන්න හිත දෙන්නෙ නෑ.

    ReplyDelete
  13. ඔබා මාමට වෙඩිතියන්න හදන්නේ කස්සා නේද ගොඩයෝ?

    ReplyDelete