Monday, June 27, 2011

ඇතුවත් බැරි නැතුවත් බැරි විශ්වාසය

" අනේ මන්ද මචං කිසිම එකෙක් විස්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි බං මේ "

" අම්මා තාත්තවත් විශ්වාස නැති කාලයක් "

" උඹට හොඳටම විශ්වාසද ඌව, මට නම් සත පහකට විශ්වාස නෑ බං " 



කාත් එක්ක කතා කලත් නිතරම මේ වගේ දේවල් ඇහෙන නිසා අද විශ්වාසය ගැන ලියන්න හිතුනා. කවුරු කොහොම කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ කිවත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කුමන හෝ විශ්වාසයක් මත ජිවත් වෙන බව නම් මට විශ්වාසයි.  අපි පුංචි උන් සන්දියේ ඉඳලා අපේ වටේ ඉන්න අයව විශ්වාස කරන්න පෙළඹෙනවා. පොඩි කාලේ අපි නොදන්නා දෙයක් දැක්කාහම දැනුනහම අපි ක්ෂණිකව අහන්නේ අපේ ළඟ ඉන්න දෙමාපියන්ගෙන්. මොකද අපිට ඒ අයව විශ්වාසයි. ඒ කාලේ සමහර දේවල් අපිට තේරුම්  ගන්න අමාරුයි කියලා අම්මට තාත්තට තේරුනහම  ඒ අය අපට බොරු කිවා. ඒත් අපිට තේරෙන කාලේදී ඒ අය බොරු කිවා කියලා අපිට අම්මලා තාත්තලා ගැන තිබ්බ විශ්වාසය අඩු වුනේ නෑ. මොකද අපිට තේරුනා ඒ මොහොතේ ඒ දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් නැති නිසයි අම්මලා අපිට ඒ විදිහේ උත්තරයක්‌ දුන්නේ කියලා. ඒ නිසා ඒ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. ඒත් අද කාලේ නිවුස් එහෙම ඇහෙද්දී හිතෙනවා අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි නේද කියලා..  හැමෝම නම් නෙවෙයි.

අපි අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ස්කෝලෙට එතකොට ගෙදරින් එළියේ සමාජයට ගියාට පස්සේ අපිට සෙට් වුනා යාළුවො. අපි සමහර යාළුවන්ව විශ්වාස කරා. සමහර එවුන් නම් සත පහකට ෂුවර් නෑ. යාළුවො අතර  විශ්වාසය ගොඩ නැගුන විදිහ නම් හරි අපූරුයි.  අපි ඔක්කොමල්ලා විවිධාකාර පවුල් පසුබිම් වල ඉඳලා තමයි එකට වැටුනේ. ඉතින් එක එකා හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ අස්සේ මම වගේම නැතත් මට ටිකක් කිට්ටුවෙන් හිතන එකෙක් සෙට් වුනහම පොඩ්ඩක් හිතවත් වෙනවා. ඒත් සත පහකට විශ්වාස නෑ. ඊට පස්සේ ටික ටික ඌව අධ්‍යනය කරනවා. එක එකාගේ හැටියට ඔය අධ්‍යනය කරන කාල පරාසය වෙනස් වෙනවා.  ඔය විදිහට කාලයක්  යනකොට අපිටම ඒත්තු යනවා මූ  නම් විශ්වාස කරන්න පුළුවන් ගොබිලෙක් කියලා. ඊටත් පස්සේ අපි මූණ දෙන්න දේවල් වලට ඒ මනුස්සයා දක්වන ප්‍රතිචාර එක්ක අපිට හිතෙනවා මේ යකා නම් විශ්වාස කරන්න පුළුවන් කියලා. ඔය විදිහට ඇති වෙච්ච යාළුකම් විශ්වාසවන්තකම් සමහරවිට කැඩිලා බිඳිලා යනවා. හේතුව අපි අර මනුස්සයව අඳුරගෙන තියෙන්නේ වැරදියට. හැබැයි මගේ පොඩි කාලේ ඉඳං ආශ්‍රය කරන, විශ්වාස කරන උන් මට නම් තාමත් විශ්වාසයි. මොකද ඒ අය තාමත් ඒ විශ්වාසය පළුදු වෙන වැඩ කරලා නැති නිසා.

සමහර  වෙලාවට අපේ යාලුවෙක් කරන වැඩ නිසා  අපිට හිතෙනවා මූව නම් සත පහකට විශ්වාස නෑ කියලා. ඒත් කාලයක් යද්දී වැටෙහෙනවා ඌ ඒ දේ කරේ අපේම හොඳට නේද කියලා. සමහර වෙලාවට අපි පරක්කුයි. කොහොමත් විශ්වාසය කියන දේ එක පාරක් පළුදු උනහම ආයෙත් යථා තත්වයට ගන්න අමාරුයි. හරියට වටිනා කරන වීදුරු භාණ්ඩයක් වගේ. බොහොම දුර්ලභ චීන මැටි භාජනයක් වගේ. එක පාරක් කැඩුනොත් ආයේ ඉතින් එක මොනවා කරලවත් යථා තත්වයට ගන්න බෑ......

කොහෙවත් ඉන්න කවදාවත් දැකලා නැති කෙනෙක් ඇවිල්ලා තවත් කෙනෙක්ට කිවොත් " මාව විශ්වාස කරන්න " කියලා  අර මනුස්සයා කියයි " තමුසෙට පිස්සුද ? කවදාවත් දැකලා නැති, දන්නේ නැති කෙනෙක්ව විශ්වාස කරන්න කියන්නේ කියලා "     විශ්වාසය කියන දේ ඇති වෙන්නේ අපි තව කෙනෙක් ගැන දැනගෙන, මැනගෙන ඒ මනුස්සයා අපි බලාපොරොත්තු වෙන සීමාවට ආවට පස්සෙයි. එහෙම නැතුව නිකම්ම දැක්ක පලියට කිව පලියට මිනිහෙක් විශ්වාස කරනවා නම් ඒ ඉතින් නොම්මර එකේ මෝඩයෙක්. මම එහෙම කීවට මොකද මේ ලෝකේ සමහරු ඉන්නවා මිනිස්සු මෝඩයාට අන්දන්න උපන් හපන්කම් තියන මිනිස්සු. උදාහරණයකට ගමුකො සක්විති. විශ්වාසය සහ තන්හාව නිසයිනේ මිනිස්සු තමන් හම්බකරපු සන්තකේම මිනිහට දුන්නේ. ඒ නිසා කෙනෙක් විශ්වාස කරද්දී පුදුම විදිහට පරිස්සම් වෙන්න සිද්ධවෙනවා. එතකොට සමහරු කියයි  " අපෝ ඊට වඩා හොඳයි කිසිම කෙනෙක් විශ්වාස නොකර ඉන්න එක " කියලා. ඔව් ඒකත් හොඳයි. හැබැයි ඒ විදිහට වටේ ඉන්න හැමෝම ගැන සැකෙන් බල බල ජිවත් වෙන එක කොච්චර දුරට සාර්ථකද කියන එකයි ප්‍රශ්නේ. මොකද මට උදව්වක් ඕනේ වෙලාවට මම ඒ උදව්ව ඉලන්නේ මගේ විශ්වාසවන්ත කෙනෙක්ගෙන්. එහෙම නැතුව විශ්වාස නොකරන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පෙළඹෙන්නේ නෑනේ. අනික මාව විශ්වාස නොකරන කෙනෙක්ට උදව්වක් දෙන්න මම බයයි. අවිශ්වාසයෙන් උදව්වක් ගන්න එක සහ දෙන එක දෙගොල්ලන්ගේම සැක මතු වෙන්න හේතුවක් වෙනවා. කොහොමත් අවිශ්වාසය තියන තැනට සැකය එනවා. එතනට නිකම්ම බයත් එනවා. ඒ නිසා අපිට හැම තිස්සෙම කාව හරි මොකක්හරි විශ්වාස කරන්න සිද්ධවෙලා තියනවා. හැබැයි මොනවා විශ්වාස කරන්නත් කලින් විශ්වාස කරන්න ඕනේ ලොකුම දේ තමයි තමන්ව. තමන්ට තමන්ව විශ්වාස නැති උන්ගෙන් උන්ටත් සමාජයටත් වෙන්න තියන හානිය වැඩියි. මොනවා කරත් කරන්න ගියත් තමන් ගැන විශ්වාසය තියෙන්නේ ඕනේ.
මිනිස්සු අදහන ආගම් ගත්තොත් වැඩි ආගම් ප්‍රමාණයක් දෙවියන් මූලික කරගෙන බිහිවුන ආගම්. දෙවියන් දැකලා නැති උනත් මිනිස්සු දෙවියන්ව විශ්වාස කරනවා.  දෙවියෝ ගැන භක්තියෙන්, විශ්වාසයෙන් ආගම අදහන කෙනෙක්ගෙන් ඇහුවොත් " උඹ මොකටද දැකලාවත් නැති, කටහඬවත් ඇහිලාවත් නැති දෙවියෙක්ව විශ්වාස කරන්නේ ?? " කියලා,  ඒ ප්‍රශ්නේ අහපු එකාට හොඳ කනේ පාරක් නම් ලැබෙන්න ඉඩ තියනවා. මිනිස්සු ඉපදුන දවසේ ඉඳං ඒ දෙවියන්ට ගරු කරනවා, විශ්වාස කරනවා, අදහනවා.  මොකද මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය කියන දේ වැදගත්. විශ්වාසය උඩ දෙයක් පටන් ගත්තොත් මිසක් කිසිම විශ්වාසයකින් තොරව පටන් ගන්න දෙයක් සාර්ථක වෙන්න තියන ඉඩ කඩ අඩුයි.  ඒ නිසයි ලෝකේ මිනිස්සු බහුතරයක් දෙවියන්ව විශ්වාස කරන්නේ සහ ඒ විශ්වාසය මත ඒ මිනිස්සු කරන දේවල් සාර්ථක වෙනවා කියලා විශ්වාස කරන්නේ. මම මේ කිවේ දෙවියන්ව විශ්වාස කරනවාද නොකරනවාද කියලා නෙවෙයි. ඒත් මිනිස්සුන්ට විශ්වාසය වැදගත් කියලයි. මිනිස්සු කොච්චර කිවත් මම කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ කියලා මිනිස්සු වෙච්ච අපිට විශ්වාසය වැදගත්. මොකද විශ්වාසය නැති තැනට සැකය එන නිසා. සැකයත් එක්ක බය එන නිසා. මම කියන්නේ නෑ ලෝකේ ඉන්න හැමෝම එහෙම නැත්නම් ලෝකේ තියන හැමදේම  විශ්වාස කරන්න කියලා. නමුත් යම් යම් අවස්ථාවලදී අපිට යම් යම් දේවල් විශ්වාස කරන්න වෙනවා. 
සමාජයේ කිනම් හෝ පිරිසක් කෙනෙක්ව විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයාගේ යුතුකම තමයි ඒ විශ්වාසය පළුදු නොකර තියාගන්න එක. ඒත් කවදා හරි ඒ විශ්වාසය බිඳුණු දවසට ඒ මනුස්සයට සමාජයට එන්න අපහසු වෙනවා. ඒ වගේම අර මිනිහව විශ්වාස කරපු පිරිසටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ මිනිස්සුන්ටත් ලෝකෙට මූණ දෙන්න අපහසු වෙනවා. ඒ මිනිස්සුත් දුක් වෙනවා. මොන විදිහෙන් හරි අර මනුස්සයා සමාජයට නැවත ආවත් ඔලුව උස්සගෙන ඉන්න නම් වෙන්නේ නෑ.  සමහර විටදී ඒ මනුස්සයා අතින් විශ්වාසය බිඳුනේ සාධාරණ හේතුවක් මත නම් දෙවැනි අවස්ථාවක් ලැබේවි. කොහොම උනත් කෙනෙක්ගේ විශ්වාසයක් දිනාගත්තා නම් ඒ විශ්වාසය රැකගන්න එකත් විශ්වාසය දිනා ගත්තා වගේම වැදගත්....  ඒ නිසා හැමෝගෙම යහපත ගැන හිතලා තවකෙනේක්ගේ විශ්වාසය දිනා ගන්න කලින් ඒ විශ්වාසය රදවාගන්න පුලුවන්ද කියලා දෙපාරක් හිතන්න........

( මේ දවස් ටිකේම පොඩ්ඩක් එකම විදිහේ පොස්ට් සෙට් එකක් යන්නේ. මේකත් ලියලා ඉවර වුනාට පස්සෙයි හිතුනේ දිගටම ලිවේ එක වගේ ඒවා කියලා. ලබන සතියේ වෙනස් එකක් ලියනවා ලියනවාමයි..... )

19 comments:

  1. මට නම් හිතෙන්නේ තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න අනිත් අයව ඒ තරම්ම විස්වාස කරන්න බෑ කියලා.

    විස්වාස කරන්න. ඒත් ගානව. ඕනවට වඩා විස්වාස කරන්න යන්න එපා.

    ReplyDelete
  2. අම්මයි අප්පච්චි ඇරුනම අනිත් අය විශ්වාස කරන්න ලිමිට් එකක් තියාගන,ඒ ලිමිට් එක අපි දැනගන්න ඕනෙ ඉතින්,එයාලව ආශ්‍රය කරලම තමා:)

    ReplyDelete
  3. ඇත්තමයි පොස්ට් එක ගැන කියන්න වචන නෑ.කියවදී මට හිතුනා මගේ යාලුවන්ටත් link එක යවන්න.. මම link එක public කළා හොදේ..
    හිතට වැදුණු වදන් පෙළ"කොහොමත් විශ්වාසය කියන දේ එක පාරක් පළුදු උනහම ආයෙත් යථා තත්වයට ගන්න අමාරුයි."

    ReplyDelete
  4. ඔන්න දෙන්නගෙම අදහස නිසා මම මාතෘකාව පොඩ්ඩක් වෙනස් කලා.

    @ මධුරංග & නදී සහතික ඇත්ත. ඇත්තම කිවොත් අම්මා තාත්තාවත් 100% විශ්වාස කරන්න බැරි කාලයක්... ඒත් එහෙම කියලා මේ සමාජේ ඉන්න හැමෝම අවිශ්වාස කරලා වැඩ කරන්නත් බෑනේ. යම් යම් අවස්ථාවලදී යම් යම් පුද්ගලයොත් එක්ක යම් ප්‍රමාණයකට විශ්වාසය ඇතුව වැඩ කරන්න වෙනවා. හැබැයි කා ගැන උනත් විශ්වාසය තියනවා කියන්නේ අවදානමක් ගන්නවා කියන එකයි.....

    ReplyDelete
  5. @ චතුමිතු - බොහොම ස්තූතියි..... හොඳ දේවල් හැමෝටම බෙදලා දෙන එක හොඳ පුරුද්දක්. ඉතින් හොඳයි කියලා හිතුනා නම් එහෙම කරාට කිසිම ප්‍රශ්නයක් නෑ...... :)

    ReplyDelete
  6. ලියන්න අරන් තියෙන්නේ හොඳ මාතෘකාවක් .. මන් හිතන්නේ අපේ මිනිස්සු ඕනෑම බොරුවක් තමුන්ට කරදරයක් නැත්නම් අහන්න විස්වාස කරන්න කැමතියි කියල. දැන් බලන්න අපේ රෙටේ දේසපාලලා මොන තරම් කෙබර ගහනවද ? මොන තරම්, බොරු පොරොන්දු දෙනවද ? අපේ උන් ඔක්කොම විස්වාස කරනවනේ !! මන් හොඳයි කියල විස්වාස කල මගේ මිතුරෝ පසු කාලෙක බැලුවම කරලා තිබුනේ හතුරුකම් විතරයි.. පවුලේ අය උනත් එහෙම තමයි.. තමුන්ගේත් තමුන්ගේ පවුලේත් වාසියට විස්වාසය බිලි දෙන්න මැලි වෙන්නේ නැහැ.. හැබැයි හිතුනේ නැද්ද දැන් තමන්ට තමන්ම විස්වාස කරන්න බැරි වෙලාවල් තියෙනවා කියල ? මින් පස්සේ නම් මේක කරන්නේ නැහැ කියල අන්තිමට අපිත් කරන්න එකමයි නේද? මං කියන්නේ සමහර මෝඩ වැඩ ?

    ReplyDelete
  7. අර කීවත් වගේ ජයියා අයියේ අපි අපිවම විශ්වාස කරලා කරපු ගොන් වැඩත් තියනවා නේන්නම්. මම කරපු ගොන්කම් ගැන ලීවෙත් එහෙම සීන් එකක්නේ. හැබැයි මෙතනදී කීවේනම් තමන්ට තමන්වත් විශ්වාස නැතුව වැඩ කරද්දි සිද්ධවෙන සන්තෑසි ගැන කල්පනා කරලා. අපි ඇනගත්ත ඒවා ගැන මතක් වුනේ නෑනේ. විශ්වාසය ඇතුවත් බෑ නැතුවත් බෑ නේද ???

    ReplyDelete
  8. විශ්වාසය කියන එක නම් වීදුරු භාජනයක් වගේ තමා, බිඳුනොත් ආයෙ එකතු කරන්න පුලුවන්. ඒත් පලුද්ද තියෙනවා. ඒක මකන්න බෑ.

    ReplyDelete
  9. විශ්වාසය ඉබේ ඇති වෙන්නේ නෑ. අපි කරන ක්‍රියා නිසා කෙනෙක්ට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඒවගේමයි කෙනෙක් ගැන අපේ හිතේ විශ්වාසයක් ඇතිවෙන්නෙත් ඒ පුද්ගලයා ක්‍රියා කරන ආකාරය අනූව තමයි

    ReplyDelete
  10. @ පූසා - ඇත්ත මචෝ, ඒත් සමහරු ඉන්නවානේ තව කෙනෙක්ගේ විශ්වාසය ගන්න බලාගෙන වැඩ කරන. ඒ හේතුවෙන් ගතිගුණ මවලා පෙන්නනවා. මොන නැටුම නටලා විශ්වාසය ගත්තත් අන්තිමේදි බොහොම පොඩි කාලෙකින් ඒ විශ්වාසය කැඩිලා යනවා විතරක් නෙවෙයි වෙනත් කෙනෙක්ව විශ්වාස කරන්නත් බැරි වෙනවා. අනිවා විශ්වාසය කියන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ගති ගුණ, හැසිරීම් එක්ක ඇති වෙන දෙයක්.....

    ReplyDelete
  11. @ පිණිබිඳු - ඇත්තනේ.... විශ්වාසය කියන්නේ බොහෝම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ දෙයක්..........

    ReplyDelete
  12. අපිට මේ ලොකේ දෙමව්පියන් ඇරෙන්න කාවවත් විශ්වාස කරන්න බැහැ කියලයි මමනම් හිතන්නේ.. තව කෙනෙකුට අපිව විශ්වාස කරන්න පුලුවන් විදිහට අපිට ඉන්න පුළුවන්නම් ඒ කෙනාගෙත් විශ්වාසය අපිට දිනාගන්න පුළුවන් වේවි..

    ReplyDelete
  13. විශ්වාසය . . . . http://hisahasa.blogspot.com/2011/04/blog-post_05.html

    ReplyDelete
  14. Trust no one
    ඕකයි මගේනම් තියරිය

    ReplyDelete
  15. I agree with තීර්ථ යාත්‍රිකයා,
    එත් ඉතින් සාමාන්‍ය ජීවිතේදී හැම කෙනෙක් දෙසම අවිශ්වාසෙන් බලන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙනව කියලත් හිතෙනවා

    ReplyDelete
  16. @ dinesh & තීර්ථ යාත්‍රිකයා - ඇත්ත කිසිම කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි... ඒ කොහොම උනත් අපි යම් යම් ප්‍රමාණ වලට යම් යම් පිරිස් විශ්වාස කරනවානේ.... එහෙම නේද??

    @ observer - එකනේ ඔබා මාමා... කරලත් බෑ..... නොකරත් බෑ....

    @ ඇන්ඩයියා - ඔය වගේ සීන් නම් කොච්චර තියනවද අයියේ ?? මොකද කරන්නේ ඉතින් ?? හැබැයි එක පාරක් ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි....

    ReplyDelete
  17. මට මොනයම් විදිහකින් හරි කියවන්න බැරිවුනු පොස්ට් එකක්... උඹ හරි ගොඩයෝ... !!

    ReplyDelete
  18. ඒක තමයි. උඹත් ඒ මාතෘකාවම ගත්ත පාර මටත් මතක් උනා පරන පෝස්ට් එක. ඒකයි පාර කීවේ.

    ReplyDelete
  19. විස්වාසා පරමා ඤාතී

    ReplyDelete