ඔන්න දවසක් දර්ශන විද්‍යාව උගන්නන මහාචාර්යවරයෙක් ආවා පන්තියට ජිවිතය ගැන දේශනයක් දෙන්න. මහාචාර්යවරයාගේ මේසේ උඩ ලොකු හිස් භාජනයක් තියලා තියනවා. මහාචාර්යවරයා කිසිම කතා බහක් නැතුව ලොකු ටෙනිස් බෝල පෙට්ටියක් හැලුවා අර ලොකු භාජනේට. දැන් අර ලොකු භාජනය පිරෙන්න ටෙනිස් බෝල. ඊට පස්සේ තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් ඇහුවා " මේ හිස්ව තිබ්බ භාජනය පිරිලද නැද්ද ?? " කියලා. ශිෂ්‍යයෝ සියලුම දෙනාම භාජනය පිරිලා තියෙන්නේ කියලා කිවා.... " හොඳයි " කෙටි පිළිතුරක් දුන්න මහාචාර්යවරයා නැවත තවත් පෙට්ටියක් ගත්තා. ඒ පෙට්ටිය පිරිලා තිබ්බේ පබළු වලින්. මහාචාර්යවරයා නිහඩවම ඒ පබළු පෙට්ටියත් අර ලොකු භාජනයට හැලුවා.... ලොකු ටෙනිස් බෝල අතරේ තිබ්බ හිදැස් අතරින් ඉඩ කඩ හොයාගෙන ඒ පබළු ඔක්කොමත් අර භාජනයට පිරුනා. නැවතත් මහාචාර්යවරයා අර පළමු ප්‍රශ්නයම ශිෂ්‍යයන්ගෙන් ඇහුවා. ඒ පාරත් ශිෂ්‍යයන් මහාචාර්යතුමා සමඟ එකඟවුනා. ඒ භාජනය පිරිලා තියෙන්නේ කියලා. නැවතත් නිහඬවුන මහාචාර්යවරයා තවත් පෙට්ටියක් ගත්තා. මේ වතාවේ ඒ පෙට්ටිය පිරිලා තිබුනේ වැලි වලින්. එතුමා නිහඬවම වැලි ටිකත් භාජනයට හැලුවා. අර ටෙනිස් බෝල, ලොකු පබළු අතර තිබුන පුංචි ඉඩ කඩ හොයාගෙන ඒ වැලි ටිකත් රිංගුවා. වැලි ටික හලලා ඇහුවා " දැන් මේ භාජනය පිරිලද? " කියලා. ශිෂ්‍යයන් සියලුම දෙනා මේ වතාවෙත් ඒකමතිකව එකඟවුනා භාජනය පිරිලා කියලා. හීන් හිනාවක් මුණේ රදවා ගත්තා මහාචාර්යවරයා මේසේ යට තිබ්බ වයින් විදුරු දෙකක් අරන් ඒ විදුරු දෙකත් හැලුවා අර ලොකු භාජනයට. කොච්චර පිරුනා කිවත් කිසිම කරදරයක් නැතුව අර වයින් විදුරු දෙකත් භාජනයට රිංගුවා..... මහාචාර්යතුමාගේ පුරුදු ප්රශ්නය ඇහුවා ආයෙත්. " දැන් මොකද කියන්නේ ? මේ භාජනය පිරිලද නැද්ද ?" මුහුණේ සිනා රදවාගත්ත ශිෂ්‍යයන්ගේ පිළිතුර වුනේ "ඔව්. භාජනය පිරිලා" කියලා...........
මේ වතාවේ මහාචාර්යතුමා තමන්ගේ කටහඩ අවදිකලා. " මේ ලොකු භාජනය කියන්නේ අපේ ජිවිතේ කියලා හිතන්න. මේක මුලින්ම හිස්. හැබැයි ඒකට පිරුන ටෙනිස් බෝල කියන්නේ අපේ ජිවිතේ වඩාත් වැදගත් දේවල්. අපේ පවුල, දරුවෝ, සෞඛ්‍යය වගේ දේවල්. අනිත් මොනවා නැති උනත් අපේ ජිවිතේ ඉතුරුවෙන දේවල්. ඒ දේවල් නැතිව ජ්විතේ අරමුණක් නැතුව යනවා. ඒ නිසයි ඒවා වඩාත් වැදගත් වෙන්නේ. දෙවනියට දාපු පබළු වලින් කියන්නේ ජිවිතේ හම්බවෙන අනිත් ප්‍රශ්න.. රස්සාව, ගෙවල් දොරවල්, යාන වාහන. මේවට ලැබෙන්න අපේ ජිවිතේ දෙවැනි තැන.... වැලි වලින් කියන්නේ ඔය දේවල් වලට අමතරව අපේ ජිවිතේ හම්බවෙන සියලුම දේවල්..... ඉතින් අපි මුලින්ම වැලි පිරෙව්වා නම් අපේ ජීවිතේට අපට ටෙනිස් බෝලවත් පබළුවත් දාන්න ඉඩක් ලැබෙන්නේ නෑ.... ඒ දේම සමාන වෙනවා අපේ ජිවිත වලටත්.ජිවිතේ අපිට ලැබෙන පොඩි පොඩි දේවල් මත්තේ අපේ ශක්තිය, කාලය, ධනය වැය කරන්න ගියොත් අපේ ජිවිතේ වැදගත් වෙන දේවල් වලට ඉඩක් නැතිවෙනවා. සමහරවිට අපිට ඒක තේරෙනකොට අපි ගොඩක් පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා ජිවිතේ වැදගත් දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න... දෙමව්පියෝ ගැන, පවුල ගැන, ළමයි ගැන බලන්න, සෞඛ්‍යය ගැන බලන්න, ඒ වෙනුවෙන් කාලය වැය කරන්න ලෝබ වෙන්න එපා. මොකද ජිවිතේ වැදගත්ම දේවල් වලට ඉඩ තියනවා කියන්නේ දෙවැනියට තුන් වෙනියට වැදගත් වෙන දේවල් වලටත් අනිවාර්යයෙන් ජීවිතෙන් ඉඩක් ලැබෙනවා කියන එකයි. හරියට ටෙනිස් බෝල පුරවපු භාජනයට පබළු, වැලි පුරවන්න ඉඩ තිබ්බා වගේ... " මුළු විස්තරේම කියලා ඉවර වුන මහාචාර්යතුමා නිහඬ වුනා......
ඒත් එක ශිෂ්‍යයෙක් අත උස්සගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්න බලාගෙන. මහාචාර්යවරයා තම ශිෂ්‍යයාට අවස්ථාව ලබා දුන්නා. " ඔබතුමා සියලුම දේවල් ගැන පැහැදිලි කළා. ඒත් අර අන්තිමට භාජනට හලපු වයින් විදුරු දෙක ගැන සඳහන් කලේ නෑ... මොකක්ද ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ ? ". බොහොම හයියෙන් හිනාවුන මහාචාර්යවරයා " බොහොම සතුටුයි ඒ ප්‍රශ්නේ අහපු එක ගැන. අනිත් අයට ඒක මඟ අරුනා. ඒ වයින් විදුරු දෙකෙන් කියන්නේ මේ හැමදේකින්ම අපේ ජිවිතේ පිරිලා තිබ්බත්, අපට මොනතරම් ප්‍රශ්න තිබ්බත් ඕනෙම වෙලාවක යාලුවොත් එක්ක වයින් විදුරු දෙකක් බොන්න ඉඩ අපේ ජිවිත වල තියනවා කියන එකයි." කියලා දේශනය හමාර කලා. මේක කියෙව්වහම මටත් හිතුනා සමහර වෙලාවට වැදගත් නොවන දේවල් වලින් අපි ජිවිතේ පුරවාගෙන කරදර වෙනවා කියලා.... හොඳයි කියලා හිතුන නිසා ලීවා. අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න....
හි හි මරු කතාව ජීවිතේ වැදගත් දේවල් වලට මුල්තැන දෙන්න ඕනෙ...
ReplyDeleteනියම කතාවක්.
ReplyDeleteමහචාර්යවරුත් කියන්නේ පුදුම කතා නේ.ඇත්ත. අපි අපේ ජීවිතයේ වැදගත් දේවල් වලට ඉඩ දෙන්න ඕනේ.
සහතික ඇත්ත.හිතන්න වගේම එකතු කරගන්න යමකුත් තියෙනව නේන්නං ඒ කතාවෙ
ReplyDeleteඅන්න වටිනා කතාවක් මොන ප්‍රශන් ගැටළු බාධක තිබුණත් ඉඳලා හිටලා හරි යාළුවොත් එක්ක සෙට් වෙලා ෆන් එකේ ඉන්න ඕනේ :)
ReplyDeleteසැටිපිකට් ඇත්ත . . . . මොනව උනත් යාලුවො එක්ක සැට් වෙන්න ඉඩක් තියාගන්න ඕනෙ . . . මොනව උනත් අන්තිමට අපේ මලගේක නයිට ගහන්න ඉතුරු වෙන්නෙ උං ටික නෙව . . . .
ReplyDeleteඔන්න බලපං . .. . මම අද හවසම මේ තියරිය ක්‍රියාවෙ යොදවනව
කතාව නම් ඇත්ත තමා. ප්‍රශ්න ටෙනිස් බෝල කරගන්නැතුව වැලි කැට කරන් ජීවිතය විඳින්න පුලුවන් වෙන එක නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් වැඩි හරියක් වෙන්නේ නම් අනික් පැත්ත.
ReplyDeleteඅදමද කොහෙද මතක හැටියට මේ පැත්තට ආවේ.... අපේ පූසා තමා පාර කියලා තිබුනේ.
හි හි... අනිත් එව කෙසේ වෙතත් වයින් වීදුරු දෙක නම්...
ReplyDelete@ කිඩෝ මල්ලී සහ මධුරංග - ඔව් ඔව්..... සමහර වෙලාවට ඔය ඕනේ නැති ඒවා පස්සේ දුවන්න ගිහින් වැදගත් දේවල් මඟ ඇරෙනවා අපිටත්.....
ReplyDelete@ sithuwam - ආයෙත් අහලා..... මොකද ඔය කතන්දරේ අපිට නිතරම අමතක වෙනවනේ.... ගන්න යමක් තියනවා කියලා හිතුන නිසයි දැම්මේ..... තෑන්ක් යූ කොමෙන්ටුවට......
ReplyDelete@ පූසා සහ ඕනයා - අනිවා අනිවා.... ඔය භාජනේ කොච්චර පිරුණත් ඒවා වක්කරන්න නම් ඉඩ ඕනෑ තරම්.... හැබැයි ඇන්ඩයියේ දැන් නම් උඹේ භාජනේ ඕවට තිබ්බ ඉඩ අඩු වෙන්න ඕනේ... මොකද අර ලඟදි එකතු වෙච්ච ටෙනිස් බෝලයට ලොකු ඉඩක් එපැයි... හික්ස්....
ReplyDelete@ හා පැටික්කි - බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වුනාට.... පාර කීව පූසාටත් ස්තුතියි...... හැම ප්‍රශ්නෙම වැලිකැට ගානට දාන එකත් එච්චර හොඳ මදි.... මෙතන ටෙනිස් බෝල වලින් කියන්නේ ජීවිතේට වැදගත් දේවල් ගැන... ඒවා නම් වැලි කැට ගානට දාන්න එපා.....
ReplyDelete@ hare - අනිවා අනිවා.... කස්ටියටම පෙනිලා තියෙන්නේ අන්තිමට දාපු වයින් විදුරු දෙකනේ.... අන්තිමටම දාපු නිසා වෙන්න ඇති.... හික්ස්....
ඕනයා මුලින්ම වයින් පුරවලා..දැන් ඒක අස්සේ බෝල ඔබන්න යනවා..ඉතිං වයින් පිටාර යන එක අහන්නත් දෙයක්යෑ..
ReplyDelete@ මාරයා - මාරයා අයියා, දක්කින්නත් සතුටුයි..... ගොඩ වුනාට තෑන්ක් යූ..... ආයෙත් අහලා..... ඔක්කොම ටපලගෙන ලැජ්ජා නැතුව තවත් වයින් පුරවන්න කතාව.....
ReplyDelete@ගොඩයා...
ReplyDeleteආයෙත් අහලා..මූ කටක් ඇරලා කියනවනේ මෙහෙමත්..
මෙතන කොටන්න උනේ නැතිවට වංගියෙන් වංගියට මාත් මේ අහ ගොඩ වැදිලා යනවා..අදත් තව ටිකෙන් සද්ද නැතිව යන්ට තියෙද්දි තමා ඕවයා බබා වෙන හැටි දැක්කේ...
ඔන්න අද මෙච්චර දවසක් අමතක උන දේත් කොලා..(මේක ෆලෝ කරන්න ගත්තා...)
මුලින්ම වයින් හැලුව නම් කොහොමද...
ReplyDeleteඔන්න ඕනයා අයියේ වයින් අන්තිමට හරිද.....
ගොඩයා අයිය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑනේ....
@ මාරයා - හේ හේ හේ හේ...... මම දැනගෙන හිටියේ නෑනේ අයියත් ගොඩ වදිනවා කියලා ඉඳලා හිටලා හරි.... හෙනම සතුටුයි....
ReplyDeleteඔය වල් ඇන්ඩා ගැන නම් කතා කොරලා වැඩක් නෑ අප්පා......
@ පිසාචයා - අනිවා මල්ලි... අපි නම් හලාගන්න ඒවා වෙලාවට කලාවාට බොහොම පිළිවෙලට කරනවා.... ඇන්ඩයියා වගේ කලින් ඕනේ නැති ඒවා හලා ගන්නේ නෑනේ....
ReplyDeleteඅන්න මහාචාරය වරු.. අම්මප ඔබන්න ඔනි ටෙනිස් බොලයක් කටේ...
ReplyDelete@ සුළඟිල්ල - ආයෙත් අහලා... අඩේ ෂුවර්ද ටෙනිස් බෝලයක්ම ඔබන්න ඕනේ කියලා.... මොනවා වුනත් අන්තිම කෑල්ල නම් පට්ටනේ.....
ReplyDeleteනියමයි ගොඩයා අයියා..මාත් මේ කතාව අහලා නම් තිබුණා මීට වඩා වෙනස් විදියට..ආවම කියන්නම්කෝ..
ReplyDelete@ kalpa - ඈ යකෝ උඹටත් දැන් මම ගොඩයා වෙලාද ?? :O එල එල..... ඇයි ආවහම අනිත් අයටත් එක්ක කියමුකෝ මෙතනම ???
ReplyDeleteඇන්ඩට කියන්න ඕනෙ දේවල් මාරයා මල්ලි කියල තියෙනව, හැබය් මෙතෙන්දි හිත යටින් වගේ ඇන්ඩට සපෝර්ට් මං.....
ReplyDeleteමේකෙන් කිව්වේ බොන්න කියලා නේද..... හරි හරි අද ඉදන් වැඩේ පට්ටාන් ගන්න ඕනි....
ReplyDeleteහික් හික් එල එල සහෝ.....
@ Observer - ඔබා මාමා පරක්කුයි නොවැ..... මාමට කියන්න මමත් මේකේ කැමතිම කෑල්ල එක තමයි.... මොනවා කිවත් මමත් සපෝර්ට්... :D
ReplyDelete@ හසියා - නිකන්ම බොන්න නෙවෙයි... මොන වැඩේ මොන ප්‍රශ්න තිබ්බත් කොහොමහරි බොන්න කියලා..... හික්ස්.....
හෆ්ෆේ . . . . ඇති යාන්තං . . . හිත යටිං හරි ඔබා අයිය මට සපෝට් එක දෙනවනෙ . . . ඒකම ඇති දැනට හිත හදාගන්න . . . නැත්තං මුං ටික මාව කාලම දමාවි . . .
ReplyDeleteමහාචාර්යවරු ඔහොමමයි.. ඔක්කොම කියල වයින් වීදුරු දෙකක් වැල්ලට දැම්මනේ.. මෝඩයා.. මන් එහෙම නම් කරන්නේ මේකයි "ළමයි දැන් මන් මේ වයින් වීදුරු දෙක මේකට හැලුවොත් එක උරා ගනීවිද නැද්ද ?"
ReplyDeleteඋරාගනීවී සර්..
අන්න ඒ වගේ ඔය කොයි දේ කලත් අන්තිමට යාලුවෙක් එක්ක එකතු වෙලා මද පමණට ගෙන සොමියක් ගන්නත් පුළුවන්"
කියල දෙකම ඩවුන් කරන එකයි.. චික්.. මට තාමත් දුකයි වයින් වීදුරු දෙක ගැන..
අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ.
ReplyDeleteමහාචාරයාගේ පට්ට කතාව නොවැ..
මොනා වුනත් අපේ ජිවිතයේ මොන දේ කලත් ආතල් එකටත් කාලය දෙන්න ඔනි..:P
@ ලංකාප්‍රිය අයියා - අර කීවත් වගේ වයින් වීදුරු දෙක නම් අපරාදේ..... මහාචාර්යවරයාට එච්චර මොලයක් තිබිලා නෑනේ.........
ReplyDelete@ මී හරක් පීඩියා - අඩේ ගොඩ වැදුනු එක කොච්චර දෙයක්ද ??? ස්තූතියි මේ පැත්තට ගොඩ උනාට... මූණු පොතේ මෙව්වා එකක් තිබ්බා.... කව්ද කියලා කල්පනා කොරා.... ඔන්න ඒ මෙව්වා එකත් මෙව්වා කොරා... අනිවා, මොන දේ වුනත් ආතල් එකටත් ඉඩක් ඕනේ...
This comment has been removed by the author.
ReplyDeleteවරුණ අය්යා. ඉතින් කොහොමද අලුත් තොරතුරු. ඔයා දැන් බ්ලොග් එක ලියන එකත් නැවත්තුවා නේද? එහෙම කරන එක හරිද? අලුතින් අක්කා කෙනෙක් වත් හම්බුනාද? එන්නකෝ අයියා. අයියා නැතිව පාලුයි.
ReplyDelete@ අක්කා පැටික්කි, මටත් හරි ආසයි හා පැටික්කියක් හදන්න.
ReplyDeleteඔයාගෙ නම දැක්කාම මතක් වුනේ. ඒක නෙමෙයි. ටෙනිස් බෝල වැලි කැට වලට වඩා හොන්දයි. මොකද ලොකු දේවල් පේන්න තිබ්බාම ප්‍රස්න ඉක්මනට විසදන්න පුලුවන්. ප්‍රස්නේ පේනවනේ. ඇයි ඔයා එහෙම කියන්නේ. එහෙම කියන්න නාකයි නොවැ.