චීනයේ ඇතුලේ සිද්ධවෙන ගොඩක් දේවල් ලෝකේන් වසන් කරන්න ඒ උදවිය මහන්සි ගන්න බව. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. චීනයට ගිය කෙනෙක් දන්නවා අන්තර්ජාලයේ කොච්චර නම් සීමා පනවලා තියනවාද කියන එක. මම මේ විස්තරේ කීවේ චීනයට දොස් කියලා හෙලා දකින්න නෙවෙයි. ඒත් චිනය දිහා බැලුවහම හිතුනා දියුණුව පස්සේ මිනිස්සු දුවනකොට ඒ මිනිස්සුන්ට තමන් මිනිස්සු කියලා අමතක වෙනවා කියන එකට උදාහරණයක් නේද කියලා.... කොහොමත් මිනිස්සු දියුණුව කියලා හිතන්නේ බලය ලබා ගන්න එකනේ. වැඩියෙන්ම දියුණුවුන එකා තමයි බලවත්ම වෙන්නේ. බලන් ගියහම දියුණුව කියලා කීවට දුවන්නේ බලය පස්සේ. බලය පස්සේ මිනිස්සු දුවනවා කියන්නේ මිනිස්සු තිරිසන්නුන්ටත් අන්ත වෙනවා කියන එක. මම කියන්නේ බොරු නම් බලන්නකෝ පල්ලෙහා තියන විඩියෝ එක. තිරිසනෙක් අමාරුවේ වැටුනහම උන් කොහොමද වැඩ කරන්නේ කියලා.
ඒත් ඔය විදිහට මනුස්සකම නැතිකරගත්ත මිනිස්සු ඉන්නේ චීනේ විතරද?? දියුණුවයි කියලා කොහෙවත් යන කසල ගොඩවල් ඔළුවට දාගෙන මනුස්සකම බල්ලට දාපු මිනිස්සු වෙන නැත්ද?? මට හිතුණ දෙයක් තමයි අපේ මිනිස්සු ඔය ගැන චීනයට දොස් කියලා ස්ටේටස් දැම්මට, චීනයේ වැරදි දැක්කලා උන්ට බැන්නට, අපේ මිනිස්සුත් ඒ මිනිස්සුන්ගේ මට්ටමටම කිට්ටු වෙලා නේද කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උදේට වැඩට යන ලොකු මහත්තුරු ඇක්සිඩන්ට් එකක් උනහම ඒ ගමන නවත්තලා එයාගේ කාර් එකෙන් හැප්පුන මනුස්සයා ඉස්පිරිතාලයට ගෙනියන්න ඉදිරිපත් වෙනවද කියලා. මම අත්දැකීමෙන් දන්නවා බොහොම අතලොස්සක් තමයි එහෙම කරොත් කරන්නේ. ත්රීවිල් එකක් පාරේ තියාගෙන කීයක් හරි හොයාගන්න සහොදරයෙක් ඔය වැඩේට ඉදිරිපත් වුනොත් ඇරෙන්න අනිත් අය නම් එයාලගේ ගමනට වෙන පමාව ගැන හිතලා බනිනවා ඇරෙන්න හැපුන මිනිහා ගැන බලනවා අඩුයි. එහෙම අපිට වෙලා තියෙන්නේ අපිත් දියුණුවක් පස්සේ දුවන නිසා නෙවෙයිද?? අපිටත් මනුස්සකම අමතක වෙලා නැද්ද? බස් එකකට බඩ දරු අම්මේක්, වයසක මනුස්සයෙක් නැග්ගහම හිනාවෙලා සංතෝසයෙන් සීට් එක දෙන මිනිස්සු කීදෙනක් දැන් අපි අතර ඉන්නවාද??? ඉස්සර නම් අනිත් මනුස්සයා ගැන හොයලා බැලුවට දැන් අපිට තව කෙනෙක් ගැන හොයලා බලන්න වෙලාව තියනවාද? අනිත අයට ඇඟිල්ල දික් කරන්න කලින් පොඩ්ඩක් අපිත් හිතලා බැලුවොත් නරකද අපි යන්නේ හරිම පාරෙද කියලා.... චීනය නම් මනුස්සකම නැතිකරගෙන ලෝක බලවතාවෙයි. ඒත් අපි ???? අපි මනුස්සකම අමතක කරලා දුවන්නේ ලෝකේ අල්ලන්නද ???
හුදෙක් මාගේ හිතට නැඟුනු අදහසක් පමණි.
තවමත් අපි ලඟ මනුස්සකම කියන එක චුට්ට චුට්ට හරි තියා ගෙන තියෙන එක ගැන විතරක් අපි ආඩම්බර වෙන්න ඕන මචන්...
ReplyDeleteAththa abhiitha ayyaa. E gena aadambara wenna one. Eth aadambara welaa nikaa hitiyoth oya jundath nethi weyi kiyalaa bayayi. Ehema unaata passe kohomath oya gena hihalaawath, kathaa karalawath, duk welaawath wedak nethi weyi neda ??
ReplyDeleteකතාව සහතික ඇත්ත.. අපි අපිටම දෙයක් උනොත් ඇරෙන්න, අනිත් එකාට හෙන ගැහුවත් බලන්නෙ නෑ.. ඒත් අපි දියුණු වෙලත් නෑ...
ReplyDeleteදියුණුව කියන්නෙ දළ ජාතික නිෂ්පාදන වැඩි වෙන එකවත්, පාරවල්, ගොඩනැගිලි හදන එකවත් විතරක් නෙවෙයි...
මිනිස්සුන්ගෙ මානසික, සමාජීය හා ආර්ථික දියුණුව කියන හැම පැත්තෙන්ම වෙන්න ඕනෙ දෙයක්...
ලංකාවේ අපි, අපිට තියන මනුස්සකමත් මේ හැල්මේ දුවන සමාජේ එක්ක නැතිකරගෙන. එත්, අපේ මනුස්සකම නැත්තටම නැතිවෙලත් නෑ. පොෂ් කියන සමාජේ වැළඳගෙන, විහින් කළු සුද්දෝ වෙන්න හදන උන් ඇරෙන්න අනිත් උන් ළඟ මනුස්සකම චුට්ට චුට්ට හරි තියනවා.
ReplyDeletehttp://www.facebook.com/photo.php?fbid=262725987097331&set=o.193218727383979&type=1&theater
ReplyDeleteඔය ක්ලිප් එකේ තිබුනෙ චීනයේ එක සිදුවීමක් විතරයි . . . ඔය වගේ සිදුවීම් චීනයේ විතරක් නෙමේ . . . . ලෝක සිතියමේ තියන අනිත් හැම රටකම අඩු හෝ වැඩි වශයෙන් වෙනව . . . ලංකාවේද ඇතුලත්ව . . . .
ReplyDeleteමෙතනට ගිහිං බලන්න . . . චීනෙත් හොඳ මිනිස්සු ඉන්නව . . . . මේ ප්රසන්ටේශන් එක . . ඔය කියන වීඩියෝ ක්ලිප් එක තරමටම සංවේදියි
මටත් බලද්දි හිතාගන්න බැරි උනා මේ මොකක්ද වෙන්නේ කියලා.. ඒ තරමටම හිතට දැනුනා...
ReplyDeleteමනුස්ස කම සහ අමනුස්ස කම, රටක් ජාතියක් කියල වෙං කරන්න බැහැ ගොඩයො.
ReplyDeleteසුද්දො, කල්ලො, සිංහල, දෙමළ, ඒ වගේම කහ පාට කට්ටිය, අතරෙ මනුස්සයො වගේම අමනුස්සයො මං හැමදාම දකිනව.
ගල් වගේ හිත් මල් වගෙ මොලොක් කරන්න.. සංවේදී කරන්න තියෙන යාන්ත්රනයන් ටිකෙන් ටික බිඳ වැටෙද්දි... මීට වඩා දෙයක් කොහොම බලාපොරොත්තු වෙන්නද?
ReplyDelete@ මල් සුවඳක් - මටත් කියන්න ඕනේ වුනේ ඒ දේ තමයි. අපේ මනුස්සකම තාම ඉතුරු වෙලා තියනවා. ඒත් සීඝ්ර දියුණුව දකිනකොට බය හිතෙනවා....
ReplyDeleteක්සැන්ඩර් - අනිවා, ගොඩක් වෙලාවට අපේ සමාජයේ ඉන්න පොඩි මිනිහා ළඟ නම් මනුස්සකම තියනවා. ඒ ඉතින් දුක අඳුරන නිසා වෙන්න ඕනේ. ඒත් ඔය අපේ අය හිතාගෙන ඉන්න දියුණුයි කියන අය ලඟ නම් එන්න එන්නම මනුස්සකම අඩුවෙනවා. වෙලාවක් නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ ගැන බයක් වගේම දුකක් දැනෙනවා.
අභීත අයියට කියන්න තියෙන්නේ මම අපේ මනුස්සකම නෑ කිවේ නෑ අයියේ.... "පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උදේට වැඩට යන ලොකු මහත්තුරු ඇක්සිඩන්ට් එකක් උනහම ඒ ගමන නවත්තලා එයාගේ කාර් එකෙන් හැප්පුන මනුස්සයා ඉස්පිරිතාලයට ගෙනියන්න ඉදිරිපත් වෙනවද කියලා. මම අත්දැකීමෙන් දන්නවා බොහොම අතලොස්සක් තමයි එහෙම කරොත් කරන්නේ. ත්රීවිල් එකක් පාරේ තියාගෙන කීයක් හරි හොයාගන්න සහොදරයෙක් ඔය වැඩේට ඉදිරිපත් වුනොත් ඇරෙන්න අනිත් අය නම් එයාලගේ ගමනට වෙන පමාව ගැන හිතලා බනිනවා ඇරෙන්න හැපුන මිනිහා ගැන බලනවා අඩුයි." ඔන්න ඔය ටික ආයෙත් කියවන්නකෝ. අපේ අයට මනුස්සකම නෑ කියනවා නෙවෙයි. ඒත් ලොකු මිනිස්සු ගොඩ දෙනෙක්ට ඒක අඩුයි. බල තණ්හාව, මුදල් තණ්හාව මිසක් වෙන දෙයක් නෑ. අනික අපි දියුණුව මනින්නේ සල්ලි වලින් මිසක් ගති ගුණ වලින් නෙවෙයිනේ.එතනයි තියන බය.
ReplyDeleteඕනයා & ඔබා මාමා - අනිවාර්යයෙන්. දෙන්නගෙම කතාවට මම එකඟයි. අපි කීවට චීනේ මිනිස්සු මෙහෙමයි කියලා. කොහෙත් හොඳ සහ නරක මිනිස්සු ඉන්නවා. ඒකට ජාති කුල මල වැඩක් නෑ. ඒත් මට හිතුනේ දියුණු වෙන්න දඟලන එකෙන් මිනිස්සුන්ට මනුස්සකම ගැන හිතන්නවත් වෙලාව නැතිවෙනවා. මම දන්නේ නෑ අනිත් අය ගැන නම් ඒත් මේ රස්සාව, කාර්යබහුලකම නිසා මගේ අතිනුත් යම් යම් දේවල් මඟ ඇරිලා තියනවා. මට නිදහසක් ලැබිලා ඒ ගැන හොයනකොට මම පරක්කුයි. ඒ වගේ වෙලාවට ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි. මේ දුවන දිවිල්ලේ හැටියට අපිටත් මෙහෙම වෙයිදෝ කියලා බය හිතුන නිසයි මේක ලිවේ.....
ReplyDelete@ Dinesh - ඔහොම කරන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. ඒත් එහෙම කරනවනේ....... මිනිස්සු දියුණුවෙනකොට තව කෙනෙක් ගැන හිතන්න, බලන්න වෙලාව නෑ.....
ReplyDelete@ Weni - ඔව් දුවන එක නැවත්තුවොත් මිනිස්සුන්ට කන්න බොන්නත් නෑ. දුවද්දී කිසිම සහනයක් නෑනේ.ඉතින් කොහොමද සංවේදි වෙන්නේ.....
අදයි මේ පැත්තට ආවේ!කොමෙන්ටුවක් දාලම ගියා ඔන්න!
ReplyDeleteකතාව නම් සහතික ඇත්ත . ඒත් මනුස්සකම් අඩු වෙලා යන එක අනාගතයේදී තව වැඩි වෙනවා මිසක්ක අඩු වෙන එකක් නෑ .
ReplyDeleteඒකාලේ හිටපු මිනිස්සු ගස් වැල් වලට පවා දයාව කරුණාව දැක්කුව හැටි මතකද . අද අපි එහෙම නෑ නේ .කමෙන්ට් එක දැම්මට මම වුණත් අන් අය ගැන නොහිතා වැඩකල අවස්ථා ඕන තරම් තියනවා ..
දෙවනි වීඩියෝව නියමයි
@ සබිත් - බොහෝම ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට... ඒ පැත්තටත් මම ගොඩවුනා. ඒත් දාන්න කොමෙන්ට් එකක් ඔලුවට ආවේ නැති නිසා සද්ද වහගෙනම ආවා.
ReplyDelete@ සඳරු - ඇත්ත මචෝ.... හැබැයි මම විශ්වාස කරනවා ගම් වල මිනිස්සුන්ට නම් තාමත් ඔය ගති ගුණ ඉතුරු වෙලා තියනවා පොඩ්ඩ පොඩ්ඩ හරි කියලා. නගරයේ ජිවත් වෙන අපි දුවන දිවිල්ලට ඒවා මතක් වෙන්නවත් වෙලාවක් නෑ. උඹට වගේම මටත් සමහර දේවල් මඟ ඇරෙනවා. මනුස්සකම නැති නිසාම නෙවෙ යිඑහෙම වෙන්නේ. ඒ වෙනුවෙන් වෙන්කරන්න වෙලාවක් අපට හොයාගන්න බැරි උනහම........
ජීවිතේ කියන්නේ y=1/x සමීකරණයක් වගේ.....
ReplyDeleteඑක පැත්තක් වැඩි වෙනව නම් අනිත් පැත්ත අඩු වෙනවා.....
@ පිසාචයා - ඇත්ත මල්ලී, ඒත් ඒක හොඳ දෙයක් නම් නෙවෙයි. හුඟක්ම වෙලා තියෙන්නේ කාර්යබහුලකම.
ReplyDelete