මේ කවියත් අන්තිම පේලියට ගොඩාක් ඉස්සර ලියපු එකක්. මට මතක විදිහට අන්තිම පේලියේ කවි වැඩේ නැගලා ගියේ මේ කවියෙන් පස්සේ. ලස්සන සිද්ධියක් හින්දත්, මීට කලින් මගේ බ්ලොග් එකේ දාලා නැති නිසාත් ආයේ දාන්න හිතුනා. නොබලපු එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉඳීවිනේ. බලන්නකො කොහොමද වැඩේ කියලා.....
සෑහෙන කාලෙකින් ලැබුනා           වෙලාවක්
ලියනෙමි කවියකින් මම පොඩි        කතාවක්
බ්ලොග් ලියනා එකත් අමුතුම          කලාවක්
තිබ්බොත් අඩු පාඩු දෙනවද               සමාවක්
දවසක් යද්දි මම ගමනක් හනි               හනික
මම ගිය පාරේ හමු වූ එක්                   හංදියක
සිදුවූ සිද්ධියකි තවමත් මට                    මතක
ලියනෙමි මගේ බ්ලොග් පිටුවේ පොඩි   ඉඩක
සෙනඟත් පිරී සිටි හැන්දෑ                  කාලයක
පසුකර යද්දි හංදියෙ ඇති                 කහ ඉරක
හිටියා පොලිස් මහතෙක් පාරේ          කොනක
වේගය අඩුකලා ඉදිරියේ ගිය                   රියක
රාලහාමි ඇවිදින් පාරේ                          මැදට
සංඥා කලා වාහන නවතන                 ලෙසට
නවතා මමත් ඉඩ දුන්නා                    කහඉරට
කහඉර හරහා පැන්නා මගියන්             පෙලට
පාර පැනපු අය අතරේ සිටි                   කෝල
දැක්කා කතක් සිහිකරවන               ජම්බෝල
කාගෙත් දෑස් ඈ වෙත යොමුවුන              ලීල
කවුරුත් ඇයට මොහොතින් පෑවා            ආල
යන්නට ගිය ගමන මේ සුන්දර          ලලනාව
යනවා පාර පැනලා නෑ                        බාධාව
කවුරුත් නොමැත පනිනට කහඉර           ගාව
තාමත් එහෙමමයි පොලිසියේ              සංඥාව
දානව සද්ද කවුරුත් රිය පෙලේ                සිටි
රාලහාමි බලනව සිහිනයක්                   කෙටි
අර යන ගෑණු රුව ඔහුගේ නෙතේ           ගැටි
උන්හිටි තැනත් අමතකවි හිටිය                හැටි
නොපෙනීගිය පසුව අර සුන්දර               දසුන
ආවා පොලිස් ලොක්කත් මෙලොවට    ඔන්න
සිහිවුනි රාජකාරිය සහ තැන                  ඉන්න
ලිපිනත් නැතිවුනා මිනිහට මල             පැන්න
වටපිට හිටපු කොල්ලන් දුන් හූ               සද්ද
අතරින් නැගුනි දිගටම  සිනහා                සද්ද
පොලිසියටත් ඉතින් විලි ලැජ්ජා            නැද්ද
ගැලවුනි අහෝ ඔහු ඇඳගෙන සිටි          රෙද්ද
දෙවනත් කර එතන සද්දත්                දමාගෙන
යන්නට අපට අණකල දත්               විකාගෙන
ඉන්නට බෑනේ  හන්දියේ රෙදි       ගලොගෙන
යන්නට වුනා මිනිහට පු*                 හපාගෙන
රුසිරු ලියක් දුටුවම සිහිකරනා ජම්බෝල
ReplyDeleteකාගේත් කැර කේලු සිත සහ ඇස්බෝල
රාලහාමි උනමුත් සිත ඇති ලෝල
නවතාගනු කෙලෙස දුටුවම ජම්බෝල??
අන්තිම පේලියෙ මේකට වැටිච්ච කමෙන්ට් ටික මට තාම මතකයි.....
ReplyDeleteහික් හික්......
අන්තිම කවිය තමා බන් පට්ට :D
ReplyDeleteනියම කවිය මචං..
ReplyDeleteඇස් වල පොට යනව කියන්නෙ මේ වගෙ දර්ශන දැක්කම වෙන්නැති...හෙහ්...හෙහ්...
ReplyDeleteමාල්යා - ඇත්ත ඇත්ත නංගි..... සුභ දසුනක් දැක්කහම උන් හිටි තැන් අමතක වෙනවනේ.........
ReplyDeleteපිසාචයා - වැඩක් නෑ කියලා. කවි වලින්ම කොල ඉරාගත්තා.... :D :D :D
චන්දික - අන්තිමටනේ පට්ටම සීන් එක. ඒ නිසා වෙන්න ඇති......
ReplyDeleteදිනේෂ් - බොහොම ස්තූතියි මචන්
ඔබ්සවර් - ඇහේ පොට විතරක් නෙවෙයි ඔබා මාමා, සමහර වෙලාවට බෙල්ලේ පොට, ඒ මදිවට ලොකු ලොකු අනතුරු සිද්ධවෙන්න ඉඩ තියනවා. පාරේ තියන ලයිට් කණුවල හැප්පීම, පාරේ අය අයගේ හැප්පීම, වාහනයක් එළවනවා නම් ඊටත් වඩා ලොකු අනතුරු.....
හික් හික් එළ සීන් එක...සාජන් මහත්තයාගේ පටි රෝල්......
ReplyDeleteමට මේ කතාව අන්තිම පේලියෙන් කියවන්න ලැබිලා නෑ.
ReplyDeleteමොනා උනත් අර පොලිස්කාරයාට වෙලා තියෙන්නේ මහම මහ චාටර් වැඩේ !!!
ඔබ නුදුටු ලොවක් - පටි රෝල් කියන්නේ මිනිහට කට උත්තරත් නෑ......
ReplyDeleteමධුරංග - මේක අන්තිම පේලියට දාලා ගොඩක් කල්. මේ කවියෙන් පස්සේ තමයි අන්තිම පේලියේ කවි ලිවිල්ල නැගලා ගියේ. හිතුවා වගේම සිද්ධිය මග ඇරුන අය ඉඳලනේ........
පට්ටා කවි ටික අන්තිම පේලියේ කියෙවුවා... සුපිරි
ReplyDeleteඑල සිද්දිය සහ එල කවි ටික :D නවනින්ගිරාවයි
ReplyDeleteඅර රාලහාමි නිකන් හන්දියේ නිරිවස්තරෙන් හිටිය වගේ ඇති නේ? අය්යෝද කියන්නේ. මං හිතන් හිටියෙම ඕව වෙන්නේ සිනමාවේ, ඇඩ් වල එහෙම විතරයි කියල.
ReplyDeleteපට්ට පට පට.......
ReplyDeleteඅන්තිම පේලියෙ කවි කීම පටංගත්තෙ මේකෙං නේද ???
ReplyDeleteරාලහාමි දුන්නට පසු සංඥාව
ReplyDeleteතවමත් උගේ ඇස් දෙක කෙල්ලගේ ගාව
ගොඩයා කටත් ඇරගෙන හන්දිය ගාව
හොල්මන් වෙලා හිටියලු වස ලැජ්ජාව !!
බීටා - එල එල.... කලින් කියවලා තිබ්බට තව පාරක් බලන එකේ අවුලක් නෑ මයෙ හිතේ... ස්තූතියි මලේ....
ReplyDeleteඅඹයා - ස්තූතියි මලේ.... මොනවා කරන්නද ? මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ.....
ක්සැන්ඩර් - නෑ නෑ සහෝ...... සිනමාවේ දකින සමහර දේවල් සැබෑ ජිවිතෙත් දකින්න පුලුවන්.... ඕවට අදහස් එන්නේ නිකම්ම නෙවෙයිනේ.
ReplyDeleteහිත හොඳ පිස්සා - ස්තූතියි සහෝ....
ඕනයා - හරියටම හරි ඇන්ඩයියේ.... මේ මොටාර් එකෙන් පස්සෙ තමයි කස්ටිය මල්ටි බැරල් ගහන්න පටන් ගත්තේ.... වැඩේ කිකේ කික් උනානේ.....
ReplyDeleteලංකාප්‍රිය - අයියා අද නම් පරක්කුයි. අන්තිම පේලියේ කට්ටිය නොමඟ යැව්වට මෙදා පාර ඒ උත්සහය අසාර්ථකයි..... දෙන්න ඕනේ උත්තරේ අන්තිම පේලියේ දුන්නනේ. අනේ මම අහිංසකයි.....
ReplyDelete