Wednesday, February 8, 2012

මගේ තෙවැනි ඇස ගැටනු රූ.........

මුලින්ම කියන්න ඕනේ මම ඡායාරූප ශිල්පියෙක් නම් නෙවෙයි. ඒත් නිවාඩු වෙලාවට කරන්නේ මගේ කැමරාවත් කරේ එල්ලගෙන කොහේ හරි ගිහිල්ලා පින්තූරයක් දෙකක් ගන්න එක. ඒ ගත්තු පින්තූර ටිකක් වෙනසකටත් එක්ක අද බ්ලොග් එකේ දාන්න හිතුනා. හොඳ නරක, අඩු පාඩු, ගුණ දොස් වලට විවෘතයි. මම තාම වැඩේට අලුත්.


මේ තියෙන්නේ සිංගප්පූරුවේ තියන හේඩර්සන් වේව් නමින් හැඳින්වෙන මගී පාලමේ පින්තූරයක්....   හවස මගී පාලම ආලෝකමත් කලාට පස්සේ මට පෙනුනේ ඔන්න ඔහොමයි....
මේක තමයි සිංගප්පූරුවේ තියන උසම මගී පාලම




දවසක් දා හැන්දෑවක සිංගපූරුවේ ඉඳන් මැලේසියාවේ ජොහාර් බාරු නගරය මට පෙනුනේ මෙන්න මෙහෙම.....




මේ පින්තූරය මගේ කැමරා කාචයට අහු වුනෙත් ඊට උඩ පින්තූරේ ගත්ත හවස් වරුවෙමයි. දවසක් අවසානයේ ජොහර් බාරු නගරයේ ගොඩනැගිලි අතරෙන් ගිලී යන රත් පැහැ හිරු.....




දවසක් නිමා වී සයුරේ ගිලෙන හිරු
කැන්දන් ඒවි අහසට මිණි සදිසි තරු
එනමුත් තරු මදිය මැකුමට ලොව අඳුරු
දැල්වෙමි මමත් එනිසා එලිවනා තුරු




තවත් දවසක හැන්දෑවක මරිනා බේ සැන්ඩ්ස් හෝටලයේ උඩ තියන අහස් උද්‍යානයට නැග ගත්ත මට අවට නගරය පෙනුනේ මෙහෙමයි.




මෙන්න මරිනා බේ සැන්ඩ්ස්  හෝටලය. මේකේ උඩ ඉඳං තමයි ඔය උඩ තියන රූපේ ගත්තේ.




සිංගප්පුරුවේ උද්භිත උද්‍යානයේ දර්ශනයක්.




මොනවද මනුස්සයෝ කරන්නේ ? කාගෙන් අවසර අරන්ද පින්තූර ගන්නේ ?  පින්තුරය ගන්න හදද්දී මෙයා බලපු විදිහට මට හිතුනේ එහෙමයි.




මෙයාව නම් දැක්කේ අහම්බෙන්. කිසිම වගක් නැතුව එයාගේ පාඩුවේ දෙසා බාන ගමන් හිටියේ.




රස දන්නා අය නම් ටක් ගාලා අඳුර ගන්න ඇති. අපොයි අපොයි අකුසල් සිත් පහල කරගන්න එපා. මේ කට්ටියත් මට අහම්බෙන් හම්බවුනේ. මට හිතා ගන්නත් බැරි වුනා මෙච්චර ජනාකීර්ණ සිංගප්පුරුවේ ජනාකීර්ණ නගරයකට බොහොම කිට්ටුවෙන් වල් ඌරෝ රෑනක් දකින්න පුළුවන්වෙයි  කියලා.




මෙයා නම් බෙල්ලත් දික් කරගෙන කවුරුහරි හොයනවා.




හුදකලා වූ හැන්දෑවක..........




මේක දිගේ ගිහින් කැරකි කැරකි එලියට යන්නේ නම් මහා ලොකු විනාසයක් කරන්න තමයි.



මෙයාව දැක්කෙ නම් පින්නවලදී. පුදුම දාංගලයක් තිබ්බේ.




පුංචි පවුල රත්තරන්




1. මෙන්න මෙයා පොටෝ ගහනවා.දාගන්න ඔනෙ මුණ.
2. නියපොතු වල හැටි විතරක්. කලින් කීවා නම් එනවා කියල නියපොතු එහෙම කපලා ලස්සනට ඉන්නවනේ.
3. අපොයි දෙයියනේ. මුණ හේදුවෙත් නෑ අද. හංග ගන්න ඕනේ මුණ.

වෙනසකටත් එක්ක රූප ටික දැම්මේ. මට හොඳයි කියලා හිතුන ටිකක් තමයි මේ දැම්මේ. තවත් පින්තුර ටිකක් තියනවා මූණු පොතේ. කැමති කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 

27 comments:

  1. නියමයි.යටින් ලියල තියන ඒවා ඊටත් වඩා නියමයි..:")

    ReplyDelete
  2. සිරා නේ මචන්... මොකක්ද කැමරා එක ?

    ReplyDelete
  3. නිර්මාණශීලි ප්‍රයත්නයක් මචො..එල

    ReplyDelete
  4. Malya - බොහොම ස්තූතියි නංගා :)

    පිස්සා පලාමල්ල - බොහොම ස්තූතියි මචන්. කැමරා එක නම් Canon 600D

    Raj - බොහෝම ස්තූතියි සහෝදරයා.....

    ReplyDelete
  5. නරකක් නම් ඇත්තේම නෑ..... නියම පොටෝ ටික

    ReplyDelete
  6. එල. හැබැයි අකුසල් සිත පහලවුනා.

    ReplyDelete
  7. නියම පිංතුර ටික ගොඩයො. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙකුගේ වගේ ඇත්තටම.

    ReplyDelete
  8. බීටා - බොහෝම ස්තූතියි මලේ. අඩුපාඩු ඇති, ඒත් පෙන්නේ නැතුව ඇති.

    ReplyDelete
  9. Harshana - බොහෝම ස්තූතියි සහෝදරයා

    පුසා - බොහෝම ස්තූතියි මචන්

    Observer - බොහෝම ස්තූතියි ඔබා මාමා. අනේ මම තාම එච්චර දියුණු නෑ.....

    ReplyDelete
  10. රාජ් - බොහෝම ස්තූතියි.... අන්න කියලත් පහල වෙලානේ. අකුසල් සිත් පහල කොරගෙන වැඩක් නැති නිසයි කිවේ. මොකෝ ලංකාවේ වගේ හක්ක පටස් තියනවා කියලද මෙහෙ... :)

    ReplyDelete
  11. මට නම් මේව දැක්කම අලුත් කෙනෙක් කියල හිතුනෙ නෑ.....වැඩේ එළ...

    ReplyDelete
  12. නියමයි මචං ෆොටෝ ටිකනම්.. අර කුරුල්ලගේ පින්තූරෙට තමයි මම වැඩියම ලයික්... කැමරාව මොකක්ද? ඒ ගැනත් ටිකක් කිවුවනම්.. මේ දවස වල මගෙත් විනෝදාංශේ ඕක තමයි...

    ReplyDelete
  13. මරු පින්තූර ටික !
    මෙහාට්ට යන්ඩ බැරි එකේ පින්තූර ටිකක්වත් දකින්න ලැබෙන එකට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  14. මටත් මරුවට අල්ලලා යන සබ්ජෙක්ට් එකක් ඔය. මරු පින්තුරු ටික. ප්‍රොෆෙෂනල් කොලිටි තියනවා. සුභපැතුම්.

    ReplyDelete
  15. අපුරුයි.. ඔහොම යමු ඔහොම යමු.. චායාරුප ශිල්පියෙක් හැටියට හොඳ අනාගතයක් තියෙනවා

    ReplyDelete
  16. හිතහොඳ පිස්සා - බොහෝම ස්තුතියි සහෝදරයා.

    දිනේෂ් - බොහෝම ස්තූතියි. මමත් ඒ පින්තුරේට ගොඩක් කැමතියි. කැමරාව නම් Canon 600D. 18-135mm Canon ලෙන්ස් එකක් සහ 70-300mm Tamron ලෙන්ස් එකක් පාවිච්චි කරනවා.

    ReplyDelete
  17. මධුරංග - බොහෝම ස්තූතියි සහෝදරයා...

    ක්සැන්ඩර් - බොහෝම ස්තූතියි... ඔය වචන වල වටිනාකම මිල කල නොහැක.

    ReplyDelete
  18. ලංකාප්‍රිය - බොහෝම ස්තූතියි අයියේ..... කාලයක් වීඩියෝ වැඩ කරලා තිබ්බ නිසා Videographer කෙනෙක් විදිහට අතීතයක් ඉතුරුවෙලා තියනවා. ඒත් නිශ්චල චයාරුපකරණය ගැන නම් මල පොතේ අකුරක් දන්නේ නෑ.... හැබැයි මම ගොඩාක් ආසකරන වැඩක් මේක. නිවාඩු වෙලාවට කැමරාවත් අරගෙන ඔහේ ඇවිදිනවා. බලමුකෝ අනාගතයේ මොනවා වෙයිද කියලා..... :)

    ReplyDelete
  19. කොමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි..... ඔය වචන වල වටිනාකමක් නෑ... ඒකිවේ අමිලයි.. මිල කරන්න බැරිතරම් මට වටිනවා.

    ReplyDelete
  20. ඔය " 70-300mm Tamron" ලෙන්ස් එක තමයිලු හොදම ලෙන්ස් එක.. මමත් ගන්න ඉන්නේ මගේ cannon D550 තියෙන්නේ 200mm වෙනක්න් විතරයි..

    ReplyDelete
  21. අඩෝ නියම පිංතූර ටික. අර අලිපැටිය ඉන්න එක තමා මට නැගලම ගියේ. ඵස්ඨයි . . . .!!!

    ReplyDelete
  22. දිනේෂ් - හොඳම එකද කියන්න නම් දන්නේ නෑ සහෝ.... මගේ බජට් එකට සෙට්වුන නිසා ගත්තා. හැබැයි 200mm තියන එකේ නරකද 300mm එක නැතුව 400mm,500mm වගේ එකකට ගියොත්. මට හිතෙනවා ලොකු වෙනස් නැතිවේවි කියල. මගේ අදහස.

    ReplyDelete
  23. ඕනයා - තැන්ක් යූ ඇන්ඩයියේ....

    ReplyDelete
  24. මට නම් ඔක්කොම වගේ පට්ට..සුපිරියි..

    ReplyDelete
  25. ChammA - බොහෝම ස්තූතියි සහෝදරයා....

    ReplyDelete