ඕලෙවල් කරද්දිවත් ඒ ලෙවෙල් පලවෙනි පාර කරද්දිත් ලේසියකට පොතක් අතින් අල්ලපු එකෙක් නෙවෙයි මම. ඕ ලෙවෙල් කරන කාලේ නිතරම ස්කෝලේ බාහිර වැඩ. 10 වසරෙදි හැමදාම උදේ ඉඳන් බෑන්ඩ් ප්‍රැක්ටිස්. අම්මා කෑගද්දි කියන්නේ " හරි හරි ලබන අවුරුද්දෙනේ එක්සෑම්. 11වසර පටන් ගත්තහම පාඩම් කරන්න පටන් ගන්නම්. අනික ස්කොලෙන් අවුට් වෙලා මේවා කරන්න බෑනේ." ඔය වගේ ලොකු ටෝක්, ලොකු පාර්ට් දාලා ශේප් වෙනවා. කොහොමහරි 10 වසරත් ඉවරයි. කොල්ලා 11ටත් ආවා. ඒත් කිසිම වෙනසක් නෑ. සුපුරුදු දින චරියාව. මට මතක විදිහට 11 වසරේ පලවෙන වාරයේ භාගයක් යනකොට අපේ අම්මා ස්කෝලෙට ඇවිල්ලා මාව බෑන්ඩ් වැඩෙනුත් නවත්ත ගත්තා. හරිම ශෝක්. දැන් පාඩම් කරන්නෙත් නෑ. බෑන්ඩ් ගහන්නෙත් නෑ. අනිත් බාහිර වැඩ ටික ලෙසටම කරගෙන යනවා. අම්මා ඉඳලා හිටලා සද්ද දානවා. මම මට නෙවෙයි වගේ ඉන්නවා. අවුරුදු කාලෙට අවුරුදු උත්සව ලැහැස්ති කිරිලිද? වෙසක් කාලෙට කැරකෙන කූඩු ගහන ඒවද? මළගෙවල්, දානේ ගෙවල්, පිරිත් ගෙවල්, මඟුල් ගෙවල්, ඔය මෙකී නොකී සියළුම සමාජ සේවාද අකුරටම කරනවා. කෙරෙන්නෙ නැති එකම දේ තමයි පාඩම.
ඔය විදිහට ගිහින් දෙවනි වාරෙත් ඉවර වුනා. දැන් ඉතින් අන්තිම ලාස්ට් ෆයිනල් වාරේ. වෙනසක් නෑ. පන්ති නම් යනවා. ඒ ඇරෙන්න පාඩමක් නෑ. සැප්තම්බර් විතර වෙනකොට අම්මා කෑගද්දි කියනවා " හරි හරි මම නොවැම්බර් මාසෙම පාඩම් කරනවා. දෙසැම්බර්නේ එක්සෑම්. නොවැම්බර් මාසේ ඇති මට එක්සෑම් ගොඩ දාගන්න". එහෙම කීවට මොකද මට ඔක්තොම්බර් මාසේ සැරෙන් සැරේ උණ ගත්තා. ඔහොම ගිහින් නොවැම්බර් මාසේ පටන් අරන් සතියක් යද්දි දවසක් හවස් වරුවේ සහලෝලා උණ ගත්තා. දොස්තර ගාවට ගියහම වහාම මාව ඉස්පිරිතාලේ නවත්තන්න කීවා. ඔන්න ඉතින් එදා හවස මාව වරකපොල ඉස්පිරිතාලේ නැවැත්තුවා.රෑ ආවා ඩ්රැක්යුලා කෙනෙක්. ඇවිත් ඇද්දා මගේ ලේ කුප්පි දෙක තුනක්. කොහොමහරි කරන්න තිබ්බ ඔක්කොම පරීක්ෂණ ඉවර වෙලා පහුවදා දවල් තමයි ඒ පරීක්ෂණ වාර්තා හම්බවුනේ. මෙන්න බොලේ රීපොට් ටික අතේ තියාගෙන ආපු දොස්තර කීවා මාව කෑගල්ලට මාරු කරන්න කියලා. කෑගල්ලට මාරු කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අමාරු ලෙඩ්ඩු. මට උණ විකාරේ අස්සෙ තවත් උණ ගැනුනා. කතා බතා මුකුත් නෑ. කට්ටිය මාව දැම්මා ඇම්බියුලන්ස් එකේ. ඒකට පටවද්දී අපේ ගෙවල් ළඟ ත්‍රීවිල් පාර්ක් එකේ අයියා කෙනෙක් මාව දැකලා ගෙදරට කියලා තිබ්බා පණිවුඩේ. පණිවිඩේ ගෙදරට ලැබිලා තිබ්බා කෝල් එකකටත් වඩා වේගෙන්. පණිවිඩේ ගිය වේගය දැන ගත්තේ මම ඇම්බියුලන්ස් එකේ කෑගල්ලට යන ටිකට කසුන් අයියා කෑගල්ල ඉස්පිරිතාලෙට ඇවිල්ලා ඉන්නවා දැක්කහම. කොහොමහරි කසුන් අයියව දැක්කහම පොඩ්ඩක් හිතට සැහැල්ලුවක් දැනුනා. මට ඒ වෙනකොටත් සහලෝලා උණ. ඔන්න කෑගල්ල ඉස්පිරිතාලෙට කොල්ලව ඇතුල් කරා. ඇඳකටත් දැම්මා. ඊට පස්සේ තමයි තත්වය දරුණු වුනේ. සැරෙන් සැරෙට මට සිහි නැතිවෙන්න ගත්තා. මට මතක විදිහට සති දෙකක් විතර සැරෙන් සැරෙට සිහි එනවා යනවා. සේලයින්ම තමයි දිගටම. උණ අඩු වෙනකොට සිහි එනවා. ආයෙත් උණ වැඩි වෙච්ච ගමන් සිහි නෑ. කොහොමහරි ඔය සිහි එන වෙලාවට ඇහෙනවා කට්ටිය කතා වෙනවා මට ඩෙංගු කියලා. උණ විකාරෙන්ම මට මතක් වුනේ ඕලෙවෙල්. හත් ඉල්ලව්වේ මදැයි අන්තිමට පාඩම් කරන්න හිටියා. අනික ඒ දවස් වල ඩෙංගු හැදිලා මැරුණ අය ගැනත් නිතරම කනේ වැටුනා. මට හිතුනා මමත් මැරෙයි කියලා. ඕලෙවල් නොකරම එලොව යන්න ටිකට් එක එයි කියලා හිතුනා. බොරු කියන්නේ මොකටද මට හිතුනා පාඩම් කරනවට වඩා මැරිලා යන එකත් එක අතකට හොඳයි කියලා. කනක් ඇහෙන්න වෙන්නේ නෑනේ නැත්නම්... හික්ස්....
මම මාසයක් විතර ඉස්පිරිතාලේ හිටියා. පලවෙනි සති දෙක නම් සිහි නෑ. වුනේ මොනවද කියලා කිසිම නිච්චියක් නෑ. අනික දිගටම සේලයින්. එපාම කරපු වැඩේ ලේ ගන්න එක. දවසට තුන් පාරක් ලේ ගත්තා. ඒ ලේ ගත්ත තැන කටු ඇනලම කොස් කට්ටක් වගේ අන්තිමට. හැමදාම බ්ලඩ් ප්ලෙට් කවුන්ට් එක බැලුවා. ඒක අම්බානෙකම බැහලලු තිබ්බේ. මට මෙතුවක් කාලෙකට හැදිච්ච උණ වලින් හොඳම උණේ තමයි ඒක. ඉතින් මේ උණ මරගාතේ වැටිලා ඉන්නකොට ඕ ලෙවල් මතක් වුනේ ඒ නිසයි. මට මතක විදිහට මම ටිකට් කපාගෙන ගෙදර ආවේ ඕ ලෙවෙල් පටන් ගන්න තිබ්බ දවසේ. ඒත් වෙලාවට චන්ද කලබල නිසා එක්සෑම් කල් ගියා. ඒ නිසා ගොඩයට එක්සෑම් කරන්න සිද්ධවුනා. හැබැයි පාඩම් කරන්න, මහන්සි වෙන්න ඕනෙවුනේ නෑ. මොකද දොස්තරලා විශේෂෙන්ම කීවේ මහන්සි වෙන්න එපා කියලා. මටත් ඉතින් හොඳ පල්ලම. ඉස්පිරිතාලේ ඉන්නකොට ලැබුන අත්දැකීම් නම් අද ඊයේ වුනා වගේ මතකයි. ඒ ගැන ලියන්නත් ඕනේ. ඒත් ඔක්කොම ඔහේ දිගට ලියන්න ගියොත් කියවන්නත් එපා වෙනවනේ. ඒ නිසා ඒ ටික ඊළඟ පෝස්ට් එකට ලියනවා. කොහොම කොහොම හරි ගොඩයා ඕලෙවෙල් හොඳට පාස් හොඳේ......
ඔය හොඳට පාස් කිව්වට මං තරං නැ....:P
ReplyDeleteඋඹ එලොව ගිහින් මෙලොව අවා වගේ තියෙන්න අති. නේ
ReplyDelete@ Malya Cruise - හ්ම්ම්ම්.... ඒ වුනාට පාඩම් නොකර, අනිත් හැමදේමත් කරලා, අන්තිමට ඔළුව උස්සගන්න බැරුව විභාගෙත් නොලියා ඉන්න තැනට වැටුන මට ඒ ලැබුන ප්රථිඵලය, අද මම ඉන්න තැනට එන්න හොඳටම ප්‍රමාණවත්. මට කොහොමත් කවදාවත් තව කෙනෙක්ට වඩා වැඩියෙන් මුකුත් ඕනේ වුනේ නෑ. මට ඕනේ ප්‍රමාණයට මිසක්.... :)
ReplyDelete@ සඳුන් - අනිවාර්යයෙන් මචං. මම සම්පූර්ණයෙන්ම ඕලෙවල් ලියන අදහස නම් අත ඇරලා හිටියේ. මැරුණනම් හොඳයි කියලා හිතුනේ විභාගේ නිසා. අනිත් උන් ඒ කාලේ ඉඳන්ම පන්ති ගියාට පාඩම් කරාට මම ඒ මුකුත් කරලත් නෑනේ. ඊළඟ පාර ලියන්න හිත හදාගෙන හිටියේ. වෙලාවට එක්සෑම් කල් ගිය නිසා ගොඩ ගියා.
ReplyDeleteඅඩේ මූ පට්ට කොල්ලෙක් නේ. කෝමහරි විභාගෙත් ගොඩ දාගෙන. නියමයි !!
ReplyDeleteඉක්මනට ඔය උණ සනීප වේවා !
ReplyDeleteමාරම බඩුවක් නේ බලාගෙන ගියාම? අපේ ලොකුඅප්පච්චිට උණ හැදිලා ඉස්පිරිතාලේ ඉන්නකොට වතුර බොන්න කියල. මෙය වටේ ඉන්න ලෙඩ්ඩුන්ටත් වතුර බෙදනවා උණද අහ අහා මං යනකොට..
ReplyDeleteකොහොම හරි විබාගෙ ගොඩ දාගත්ත නෙ . . ඒකම මදැයි . . . .
ReplyDelete@ මධුරංග & ඕනේ අයියා - අනේ මන්ද විභාගේ ලියපු විදිහට ආපු රිසල්ට් ගැන මටම පුදුමයි. මගේ පන්තියේ උන් නම් කරකවලා අත ඇරියා වගේ. උන්ට කිසිම සුවර් එකක් නෑ මගේ රිසල්ට් ගැන. ඇයි හත් දෙයියනේ 10 වසරම පන්තියේ හිටියේ නැති එකා, වාර විභාගයකටවත් හරියකට උත්තර නොලීව මනුස්සයා හොඳට පාස් කීවාහම විශ්වාසකර හැකිද?? ඔය කීවට මටත් තාම සුවර් නෑ අප්පා...... :D
ReplyDelete@ ක්සැන්ඩර්|Xander - අප්පා ඉස්පිරිතාලේ ඉන්නකොට වෙච්ච වැඩ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්. අම්මෝ ආයේ නම් එහෙම කටු එපා......
ReplyDeleteඅප්පෝ....ඔයින් බේරුනා මැදැ.....හම්....විභාගේ ගොඩදාගත්තනම් ඉතින් අවුලක් නැ.....
ReplyDeleteඉක්යනට සනීප වෙන්න අයියා.....!!!
අප්පෝ....ඔයින් බේරුනා මැදැ.....හම්....විභාගේ ගොඩදාගත්තනම් ඉතින් අවුලක් නැ.....
ReplyDeleteඉක්යනට සනීප වෙන්න අයියා.....!!!
තනියම ඉන්න මිනිහෙකුට ලෙඩක් හැදුනාම තමයි රඟේ තේරෙන්නේ.. මම කාලයක් තනියම කොළඹ ගෙයක ජීවත් උනා. ඒ කාලේ මට ලෙඩක් හැදුනම මන් කාටවත් කියන්නේ නැහැ.කාටවත් කරදර නොකර ජීවත්වෙන ගතියක් මට තිබුනා. හැම දේම තනිවම විඳගන්නවා. ඒ විදිහට ඉඳලා මගේ හිත බොහොම සක්තිමත් උනා. තමුන්ට පිහිටවෙන්න කෙනෙක් නැහැ කියල තේරුනාම හිතට එනවා ශක්තියක්.. වැටුනොත් නැගිටින්න බැරි බව වැටහෙනවා. එතකොට හිත ශක්තිමත්වෙනවා මුහුණ දෙන්න..
ReplyDeleteඔබීය් දුවල දෙන්නය් ලංකාවට ගිහින් ඉන්න අතරෙ, මගෙ බයිසිකලේ කාර් එකක හැප්පිලා අතක් කැඩුන. එයාලට කිව්වෙ නැහැ, බැරි වෙලාවත් ආපහු ආවොත් මගෙ නිමාඩුව ඉවරනෙ කියල.(සික් ලීව් හිටිය මාසයක්)
ReplyDeleteP.S.
ගොඩයො, විභාගෙ ගොඩ දාගත්තෙ කොප්ප ගහල නේද? බය නැතුව කියහන්, මං කාටවත් කියන් නැහැ.
@ සිතුවිලි නිහඬයි - හ්ම්ම්ම්..... මමත් හිතුවේ සිහි නැතිව ඉන්න කාලේ එලොව යන්න ටිකට් එක ඇදෙයි කියලා..... අර කීවත් වගේ මදැයි ඔයින් බේරුණා.
ReplyDelete@ ලංකාප්‍රිය අයියා - අනිවාර්යයෙන්, තනියම ඉන්නකොට හැමදේම දරාගන්න වෙනවා. ටික කාලයක් යද්දි අපි ඒවට නිකම්ම හුරු වෙනවා. ලංකාවේ හිටිය නම් මම කීයටවත් උණ මරගාතේ කඩේ යන්නේ නැතිවෙයි. මෙහෙ ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ.
ReplyDelete@ ඔබා මාමා - අත කැඩුනද? කවුරුහරි කැඩුවද?? හික්ස්.... කොහොම වුනත් තනියම ඉන්නකොට ලෙඩ වුනහම ඕනෙම නෑ. ඔබා මාමාට ඕවා කියනවට වඩා හොඳයි පත්තරේ දානවා.
ReplyDeleteඑතකොට සිලබස් එක සේලයින් එකට දාලා දෙන්න ඇති නැත්නම් කොහොමද?
ReplyDeleteමටත් ඩෙංගු හැදිලා කොළඹ ඉස්පිරිතාලෙ හිටියනෙ අලුත් මිලෙනියම් එක ලබපු ගමන්. ආපහු හිටිය ගානට එන්න මාස ගානක් ගියා.
henryblogwalker the dude
@ සිලබස් එක සේලයින් එකට දාලා නෙවෙයි, මම නොදන්නවා වුනාට ඔය අන්තිම කාලේ ගිය පන්තිවල කරපු ප්‍රශ්න පත්‍ර වලට දාලා දීලා තිබිලද කොහෙද? මම ඕලෙවල් ලිවේ කොහොමද කියලත් පෝස්ට් එකක් ලියන්නම්. :D
ReplyDeleteඅප්පෝ සහෝ, ඒ දුක ගැන නම් කතා කරලා වැඩක් නෑ. මාස ගාණක් මටත් ගියා හිටිය තැනට ආපහු එන්න.
ස්තූතියි මේ පැත්තට ආවට.... :)
නර්ස් අක්කල ...බෙහෙත් එක්කම සිලබස් එක කොටල,වතුරෙන් දියකරල පුනීලෙකින් කටට වක් කරලද කොහෙද ගොඩය අයිය ගොඩ ගියේ.......
ReplyDeleteකෝම හරි ගොඩ ගියානේ.....අනේ වාසනාවන්.....
@ පිසාචයා - අනේ නෑ මල්ලි, අර අන්තිම කාලේ ගුරුවරු කරපු පුනරීක්ෂණ අභ්‍යාස වලටයි, ප්‍රශ්න පත්තර ටිකටයි, ඊට අමතරව අපේ අම්මාගේ කටේ බලේට ගියපු පන්ති දෙක තුනකටයි පින් සිද්ධ වෙන්නයි මම ගොඩ ගිහින් තිබුනේ.....
ReplyDelete