සැහෙන කාලෙකින් ලියන්න වෙලාවක් හම්බවුනේ. ලියන්න දේවල් නම් ඕනතරම්. දවසින් දවස මොන මොනවාහරි එකතු වෙනවා. ඒත් මේ ටිකේම හැමදෙනාගෙම මාතෘකාව වෙලා තියෙන්නේ ජපානය, සුනාමි සහ භූමි කම්පා. ඊයේ මගේ යාළුවෙක් මේ ගැන මාත් එක්ක සෑහෙන වෙලා කතා කලා. ඒ නිසා මටත් ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා. පොඩ්ඩක් නම් නෙවෙයි ලියනවා නම් සති ගණන් මාස ගණන් ලියන්න දේවල් තියනවා.
සිකුරාදා ඉඳලා මගේ යාළුවා ජපානෙට වෙලා තියෙන විපත්තිය ගැන හොයනවා, ප්‍රවෘත්ති බලනවා. ඇත්තටම හරිම කණගාටුදායක තත්වයක්. මොන රටේ මොන ජාතිය වුනත් මිනිස්සුනේ. දෙවනි ලෝක යුද්දෙන් පස්සේ ජපානේ මුහුණ දුන්න ඛේදනීයම සිද්ධිය තමයි මේ. මොකද ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ නම් කමකුත් නෑ. මේක ගහෙනුත් වැටිලා ගොනත් ඇනලා අහල පහල හිටපු උන්ගෙන් ගුටිත් කෑවා වගේ. මම එහෙම කීවේ භූමි කම්පාවෙන් වෙච්ච කරදර අස්සේ සුනාමි ආවා. ඒ විපත්ති අස්සෙන් න්‍යෂ්ටික බලාගාරෙකුත් පුපුරලා. සමහර අය කියනවා ජපානේ මිනිස්සු සොබා දහමට කරපු කරදර නිසාලු ඔය දේවල්. ඔය විස්තර බලන අතරතුරේ මගේ යාළුවා අහනවා " ඇයි සොබා දහම මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ??? මොනතරම් ජීවිත කන්දරාවක් නැති වෙලාද ??? " කියලා. ඉතින් ඔය ප්‍රශ්නේත් එක්ක ගොඩයාට හිතුණ දේවල් ලියලා තියනවා. කාට නැතත් කවදාහරි මට අමතක වුනොත් කියවලා මතක් කරගන්න පුළුවනේ.
මිනිස්සු වුන අපිට ස්වාභාවික විපතක් වුන වෙලාවට හැමෝම අහන කියන දෙයක් තමයි "ඇයි සොබා දහම අපිට මෙහෙම කරන්නේ?? අනේ දෙවියනේ ඇයි මෙහෙම කරන්නේ " කියලා. මට ඒත් හිතුනා මිනිස්සු වෙච්ච අපි සොබා දහම අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය ලබා දෙනකොට, තිබහට පිරිසිදු වතුර ටික දෙනකොට, කුසගින්නට ආහාර දෙන කොට ඇයි ඇහුවේ නැත්තේ ඇයි අපිට මේවා දෙන්නේ කියලා?? ඇයි ඇහුවේ නැත්තේ දෙවියන්ගෙන් අපිට මේවා දෙන්නේ ඇයි කියලා. මම දන්නවා සමහරු නම් ඇත්තටම ඒ ලබාදුන්න දේවල් වෙනුවෙන් සොබාදහමට ස්තූතිවන්ත වුනා. ඒත් සමහරුන්ට නම් ස්තූති කරනව තියා සොබා දහම කියලා දෙයක් ගැන මතකයක්වත් තිබුනේ නෑ. ලබාදුන්න දේවල් වලින් ගන්න පුළුවන්වටත් වඩා ප්‍රයෝජන ගත්තා මිසක් බහුතරයකට ගහ කොල, සතා සීපාවා, ඇළ දොළ, පරිසරය ගැන කිසිම හැඟීමක් තියා එහෙම දෙයක් තිබ්බද නැද්ද කියලවත් අවබෝධයක් තිබුනේ නෑ. හැබැයි විපතකදි නම් අපිට ඒ හැම දෙයක්ම සහ දෙවියන් බුදුන් ඉක්මනට මතක් වෙනවා. මම මේ ලියන්නේ මට හිතෙන දේවල්. සමහරවිට වැරැදි වෙන්නත් පුළුවන්. මට හිතෙනවා මිනිස්සු වෙච්ච අපිට වැරදුන ලොකුම තැන තමයි අපිත් පරිසරයේ කොටසක් කියලා අමතක කරපු එක. එහෙම අමතක කරපු අපිට හිතුණා කාර්මික දියුණුවත් එක්කම අපිට හැමදෙයක්ම පාලනය කරන්න පුළුවන් කියලා.
එහෙම හිතපු අපි අපිට ඕනෑ විදිහට පරිසරය, සොභා දහම් චක්‍රය වෙනස් කරන්න පටන් ගත්තා. අපි පුදුමාකාර විදිහට දියුණුවුනා. මොනතරම් තාක්ෂණික මෙවලම් පහුවුන අඩසියවස තුළදී නිර්මාණය වුනාද ? අපි ඒ ලබපු දියුණුවෙන් පුදුම වුනා, උද්දාමයට පත්වුනා. ඒත් අපි හැමෝටම සොබා දහම ගැන අමතක වුනා. ඒ ගැන පොඩ්ඩක් හරි හිතන්න පටන් ගත්තේ පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙද්දි, පොලවට උහුල ගන්න බැරි තරම් වැහැලා ගංවතුර එද්දි, මිනිස්සුන්ට නොයෙකුත් ලෙඩ රෝග වැඩිවෙද්දී, ඕසෝන් ස්ථරය දියවෙලා අහිතකර කිරණ පොලවට වැටෙද්දි, කොටින්ම කීවොත් අපි අමාරුවේ වැටිලා නහය ළඟටම එරුනට පස්සේ. ඊට පස්සේ ඔන්න අපි සොබා දහම විනාශකරලා හොයාගත්ත තාක්ෂණයෙන් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පටන් ගත්තා. හැබැයි දන්න විදිහටනම් මේවාට තාමත් හරිහමන් උත්තර නෑ. ඔක්කොම තියෙන්නේ පැලැස්තර උත්තර. කොහොම වුනත් මට හිතෙන්නේ නම් අපි ස්තාලය වහන්න හදන්නේ අස්සයා පැනල ගිහින් අවුරුදු ගාණකට පස්සේ. එහෙම වෙලත් අපි තාමත් උත්සහ කරන්නේ ස්තාලය වහන හැටි හොයාගන්න. වහන්න නම් මේ කපේදි බැරි වෙයි. ලෝක විනාශ ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න වාද කරන්න ඕනේ නෑ. අපේ ලෝකේ අපිම විනාශ කරන්න පටන් අරගෙන ගොඩක් කල්. ඉදිරි පරම්පරාවට තියෙන්නේ අවසාන කරන එක විතරයි.
ජපානේ විඳින්නේ ඒ අය කරපු දේවල් වලට වන්දි කියලා කියන හැමෝටම කියන්න තියෙන්නේ ජපානෙට විතරක් නෙවෙයි නුදුරු අනාගතේදී හැමෝටම අත්වෙන ඉරණම ජපානයේ ඉරණමට සමානයි.හැම රටක්ම සීග්‍රයෙන් පරිසරය විනාශකරගෙන යන විදිහට වැඩිකල් යන්න කලින් හැමෝටම පිලිවෙලින් අවස්ථාව ලැබේවි. ගොඩක් දුක තියෙන්නේ අපේ රටේ තාමත් පරිසරය, සොබා දහම බේරගන්න ඉඩ ප්‍රස්තාව තිබිලත් ඒ ගැන උනන්දුවක් අපිට නැති එක ගැන. පරිසරයේ තිබ්බ සමතුලිතතාවය මම හිතන්නේ නෑ මිනිහෙක්ට තේරුම් අරගෙන නිර්මාණය කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ තරම්ම ඒ චක්‍රය, ඒ සමතුලිතතාව සංකීර්ණයි. ඒ සමතුලිතතාවය කඩලා බිඳලා, අනලා දාලා දැන් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවට කිසිම ප්‍රයෝජනයක් නම් ලැබෙන්නේ නෑ. හේතුව මම විශ්වාසකරන විදිහටනම් දෙවියන් කියන්නෙත් මේ ස්වභාවධර්මයේ, මේ පරිසරයේම කොටසක්. ඉතින් ඒ සොබාදහමේ තිබුන බැමි ලිහිලා, අග මුල මාරු කරලා ඇනුවට පස්සේ මම නම් හිතන්නේ නෑ කිසිම මනුස්ස හෝ අමුනුස්ස බලවේගයකට ඒ දේ හරිගස්සන්න පුළුවන් වෙයි කියලා.
මිනිස්සු විදිහට අපි පරිසරයට, සොබා දහමට කරපු අකටයුතුකම්, දූෂණ, මැරකම්, වංචා, මේ හැම දේකටම අපිට වන්දි ගෙවන්න වෙන එක ගැන සොබාදහමට චෝදනා කරලාවත්, අවලාද කරලාවත් මැසිවිලි නගලාවත් ප්‍රයෝජනයක් නෑ. අපි ශබ්දය දූෂණය කරපු විදිහට සොබාදහමට තවදුරටත් අපේ මැසිවිලි ඇහෙන්න විදිහක් නෑ. අපි වාතය, ජලය, දූෂණය කරපු විදිහට, ගහ කොල, සතා සීපාවා විනාශ කරපු විදිහට සොබා දහමට අපේ දුක් කරදර පේන්න විදිහකුත් නෑ. මිනිස්සු වෙච්ච අපි විසින් ස්වභාව ධර්මය අබාධිත කරලා අහවරයි. දැන් ඉතින් දෙස් දෙවොල් තියලා වැඩක් නෑ. අපි සලකපු විදිහට තමයි දැන් අපිට සැලකුම් ලැබෙන්නේ.සමහරවිට ලෝකවිනාශය කල් දාගන්න අපිට මහන්සි වුනොත් බැරි වෙන එකක් නෑ. ඒත් අපි ඇවිල්ලා තියන දුරේ හැටියට ඊට වඩා දෙයක් කරන එක ගැන මගේ විශ්වාසයක් නම් නෑ. මට දුක සොබා දහම මේ කිසිම දෙයක් දන්නේ නැති අසරණ සතා සීපාවටත් අපිට බෙදන හැන්දෙන්ම බෙදන එක ගැන. මොකද මේ දේවල් හැමදේකටම වගකියන්න ඕනේ බුද්ධිමත්ම සත්තු කොට්ඨාශය වෙච්ච අපි නිසා.........
Machan, you still have that amazing hidden talent in you...
ReplyDeleteThis reflect a quality of an Editorial...
Keep up the good work.
shathika atta lokka matat hithune ooka ahala oya tikama tama mata hithunata vada dahs gunayak vatina vidiyata ee tika kiyala tiyenava .....digatama liyanna..
ReplyDeleteWell said ayya...nicely written...
ReplyDeleteඅන්තිමේ කියල තියෙන ටිකනම් සහතික ඇත්ත මල්ලි... ඒත් ප්‍රශ්නේ, මනුසතාට තෙරෙන්නෙ නැති එකයි...
ReplyDeleteඅපේ ජපන් මිත්‍රයෝ අහිංසක සත්තුන්ට දෙන වද හිංසා ගැන ග්‍රීන්පීස් තනිවම සටනේ.. තල් මස්සු මෝරු මරනවා හිතු හැටියට. ඒ විතරක් නෙවෙයි මෝරු අල්ලලා වරල් කපාගෙන මුහුදට විසි කරනවා වද විඳලා මැරෙන්න.. පන පිටින් සත්තු කනවා.. සතා පන පිටින් ඉඳිද්දී කෑලි කපාගෙන කනවා..පන පිටින් බැදල කනවා.. කොච්චර ලෝකෙම කෑගැහුවත් ජපානේ නෑ අහන්නේ .. ඒ තරම් අහිංසක විදිහට සොබා දහම ඒ අයට පාඩම් කියා දෙන්නේ නැතිබවයි පෙනෙන්නේ.
ReplyDeleteස්තූතියි හැමෝටම.
ReplyDelete@ ලංකාප්‍රිය අයියා: සහතික ඇත්ත අයියා. සතෙක් මරලා කන එක වගේ නෙවෙයි සතෙක් පණ අදිනවා බලබල කන එක. ඒ නිසා ඉතින් ඒවට අනිවාර්යයෙන් රිටන් එක ලැබෙනවා. කොහොමත් ඉතින් අපි වපුරන දේ තමයි අන්තිමට අස්වැන්න විදිහට ලැබෙන්නේ. අපි මේ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නේ නැත්නම් ජපානෙට විතරක් නෙවෙයි පරිසරයට කරන අපරාධ වලට වැඩිකල් නොගිහින් අනිවාර්යයෙන් අපි හැමෝටමත් වන්දි ගෙවන්න වෙනවා.