Saturday, April 2, 2011

ඇහින්දාස් ගමන.........(අවසාන කොටස)

කලින් පෝස්ට් එකේ කීවනේ කොහොමද රාත්‍රිය ගත වුනේ කියලා. සීනි සම්බෝල ගෙනාපු භාජනයෙන් ඇඟ හෝදලා එකෙම ලූණු සම්බෝල හදලා පාන් කාලා තමයි කට්ටිය නින්දට වැටුනේ.  එලිය වැටෙනවත් එක්කම කට්ටිය නැඟිට්ටා.    " මචං උදේට නම් ටී එකක් ගහන්න ඕනේ. ඒක නැති වුනොත් නම් ඉතින් ලෝක චාටර් එකක් කන්න වෙන්නේ. බොඟක් දාගන්න ටී එකක් නැතුව නම් බෑ ඕං. උදේට නොකෑවත් ටී එකක් නම් ඕනේ."    ඔන්න එකෙක් උදේ නැඟිට්ට ගමන්ම පටන් ගත්තා දවසේ ප්ලෑන් එක ගහන වැඩේ. කතාව ඇත්ත. ටී එකක් බොන වැඩේ ඒකමතිකව සම්මත වුනා. ඔය අස්සේ අපේ හලා මල්ලී " මේ වරුණ අයියේ, මට නම් උදේට බත් ඕනේ. උදේට බත් එකක් කෑවේ නැත්නම් දවසම ඇඟට පණ නෑ. මට ඔය පාන් රොඩු උදේට කාලා පුරුදු නෑ". මට මේ ටික ඇහුනා විතරයි උදේම කට්ට පැන්නා රතු ඉරටත් උඩින්. උදේට පාන් රොඩ්ඩක්වත් කාගන්න විදිහක් නැතුව මම මේ කල්පනා කරනවා. මූ මඟුලක් කතා කරනවා."දෙන්නම් තොට බත්" එහෙම හිතාගෙන " මල්ලී බත් තියා පාන්වත් උදේට කන්න බැරි සීන් එකක් තියෙන්නේ. උඹ කියන කතාවනම් ඇත්ත බං. අපි උනත් කැමතියි බත් කටක් කන්න. ඒත් කොරන්න දෙයක් නෑ. උදේට නම් බතුත් නෑ, පානුත් නෑ." කියලා මම කීවා. ඕක ඇහුනා විතරයි සෙට් එකම ඩිම්. " සිරාවටම අයියා උදේට මොකක්වත් කරගන්න බැරිද? මුකුත්ම නොකා ඉන්න අමාරුයි නේද? " කට්ටියගෙන්ම බර බරේ. මමත් ඉතින් ෆුල් සීරියස් එහෙම කීවට උදේටත් කට්ටිටම මොනවාහරි කන්න ගන්න හිටියේ. අනිත් කාරණය අපි නැවතිලා හිටියේ මුතියංගණය පංසල ඉස්සරහා තැනක. ඉන්න තැනක් හොයාගන්න කලින් පන්සලට ගොඩවුනාට  ඒ ගොඩවුනේ පංසලේ නවතින්න පුළුවන්ද බලන්න මිසක් වන්දනා මාන කරන්න නෙවෙයිනේ. කලින් දවසෙත් ගියාට හිතේ තිබ්බේ නවතින්න තැනක් හොයන ප්‍රශ්නෙනේ. ඉතින්  හැමෝටම උදේ පන්සලට යන්න උවමනාව තිබ්බා.

කට්ටියම උදේම මූණ කට හෝදගෙන නැවතිලා හිටිය තැන ආපහු දෙන්න කලින් හිස් බඩම පංසලට ගියා. උදේම මුතියංගනය වන්දනාමාන කරගත්ත උපාසක මහත්තුරු ටික ඒ අහල පහල කඩේකට ගියා ටී එකක් ගහන්න. ඒ වෙලාවේ බාපු උණු උණු කිඹුලා බනිස් තිබ්බා හෝටලේ. කට්ටියටම පාන් කන එක අමතක උනා. කිඹුලා බනිසකුයි ටී එකකුයි ගහමු කියලා යෝජනාවක් ආවා. කිඹුලා බනිසකුත් ඒ දවස් වල මහා ගානක් නෑ. ඒ නිසා ඔන්න යෝජනාව අනුමත වුනා. දැන් ඔන්න හැම එකාම කිඹුලා බනිසයි ටී එකයි ඕඩර් කලා. ඉසුරුවා හදිස්සියේම ඔළුව කහ කහා මම හිටිය තැනට ආවා. ඌ ඉතින් ඔළුව කහ කහා එනවා කියන්නේ ඌට මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. මූ ලඟට ඇවිත් ඔළුව කහන ගමන්ම " වරුණ අයියේ, මේ මට ටී එපා" . මම කල්පනා කරනවා මූ මේ මොකාටද එන්න හදන්නේ කියලා. දෙයියනේ කියලා කවදාවත් කෑම බීම එපා කියපු නැති එකාට හදිස්සියේ මොකක් වෙලාද?. " ම්හ්... ඇයි උඹට ටී බොන්න බැරි ? මොකෝ බඩේ අජීර්ණයක්වත්ද? ".
 " අනේ නෑ වරුණ අයියේ , මම මේ කියන්න හැදුවේ මට ටී එපා. මට ටී එක වෙනුවට තව කිඹුලෙක් කන්න බැරිද? ටී එකේ ගානමයි යන්නේ. අවුලක් නෑ නේද? පට්ට බඩගිනියි බං." කියලා කියපි ඉසුරුවා. එක පාරටම කට්ටියටම හිනා ගියත්, මගෙ බඩ පපුවත් දාලා ගියා ඌ ඒ අහපු විදිහට. ඌ ඇත්තටම පට්ට බඩගින්නේ ඉඳලා තියෙන්නේ. "කාපන්, කාපන්. කිසිම අවුලක් නෑ. බඩ පුරවගන්නත් ඕනෙනෙ,"

ඔන්න කට්ටිය තේ බීලා ඇවිත් අවශ්‍ය කරන දේවල් කරගෙන පිටත් වෙන්න සූදානම. මමයි තවත් එකෙකුයි ගියා අන්කල්ට යතුට දෙන්න. ඒ අතරේ එක එකා එලියට ඇවිල්ලා අපි යතුර භාර දෙනකම් එලියට වෙලා ඉන්නවා. අන්කල්ට කතා කරහම ආවා එලියට. යතුර ගන්න ගමන්ම මෑන් සෙට් එක දිහාම හොඳට බැලුවා. " මේ ළමයි මට කීවේ ඉන්නේ දහ දෙනයි කියලනේ ? ඒත් මෙතන ඊට වඩා ඉන්නව නේද? " යකෝ වයසට ගියත් මනුස්සයගෙ පෙනීම හොඳයි. අපි නිකමටවත් හිතුවේ නෑ  ඔය කේස් එක මාට්ටු වෙයි කියලා. " ආ... උන් දෙන්නයි බස් එකේ අයියයි නිදා ගත්තේ බස් එකේ. දැන් මේ ලැට් එකට යන්න ඕන වෙලයි ඔය අපිත් එක්ක ආවේ. අනික අන්කල් කාමරේ 10ට වඩා දාන්නත් බෑනේ. එහෙනම් අන්කල් උදව්වට බොහොම ස්තූතියි. ලොකු පිනක් අන්කල් කරගත්තේ. අපි ගිහින් එන්නම් එහෙනම්." කියලා සෙට් එකම නොසෑහෙන්න අන්කල්ට ස්තූති කරලා එතනින් මාරු වුනා. ඇත්තටම ඒ මනුස්සයා ඒ වෙලාවේ අපිට කලේ ලොකු උදව්වක්. එතනත් නැතිවුනා නම් පාරේ තමයි සෙට් එකම. බස් එකට නැග්ග ගමන් මාතෘකාව වුනේ ඊළඟට මොකෝ වෙන්නේ කියන එක. ඊයේ දවසත් කට්ටියට හරියට නාගන්න බැරි උන නිසා හැමෝටම හොඳට නාගන්න පුලුවන් පොට් එකකට යන්න ඕන කීවා. (කන්න නැති එකේ අඩු ගානේ නාන්නවත් හොඳට.)බණ්ඩාරවෙල යන ගමන නැවත්තුවා. මයියංගණය, හසලක හරහා රිවස්ටර්න් ( පිටවල පතනට ) යන්න තීරණය වුනා. තෙළගමු ඔයේ නාපු එකෙක් දන්නවා තියන ආතල් එක. ඒත් දැන් ඒ ආතල් එක අඩු වෙනවා මට හිතෙන විදිහට.ඔන්න මමත් මාතෘකාවෙන් පිට පනිනවා. රිවස්ටර්න් ගැන වෙන දවසක කතා කරමු.

උඩ වලව එහෙම ගිය උන් දන්නවා ඇති හසලකින් දාලා මාතලේට වැටෙන පාර. මයියංගනෙන් පස්සෙ ආයේ ටවුමක් නෑ. ඉතින් දවල්ට කන්න මොනවාහරි කන්න තියෙන්නේ මයියංගනෙන්. සුපුරුදු විදිහටම මේ වේලත් පාන් වලින් ගොඩ දාගමු කියලා තීරණය වුනා. දැන් වගේ නෙවෙයි මිනිස්සු ඒ කාලේ පාන් කෑවේ අඩුවට වේල පිරිමහ ගන්න. දැන් නම් ඉතින් පාන් කන්නත් හොඳ වත් පෝසත් කමක් තියෙන්න ඕනෙනෙ. ඉස්සර වගේ පොල් සම්බෝලයි පානුයි කන්න බෑ කියලයි ආරංචිය.. පොල් ගෙඩියටයි, පාන් රාත්තලටයි රුපියල් 120ක් විතර යනවලු. ඒ කතාවත් පැත්තකින් තියමුකො. එදා ඕං එකෙක්ට පාන් තුන් කාලක් වැටෙන විදිහට දවල්ට කන්න පාන් ගත්තා. බස් එකේ අයියට බත් එකක් අරන් දුන්නා. මොනවා උනත් ඔය කඳු අස්සේ සුක්කානම කරකවන්නයි, උඩ නැඟලා බ්‍රේක් ගහන්නයි ඌට හයිහත්තිය ඕනෙනෙ.

දවල් 12 විතර වෙද්දි අපි තෙළගමු  ඔයට කිට්ටු කරා. කට්ටියම වතුරට පැන්නා. හවස 3 විතර වෙනකම් නෑවා. දන්නවනේ ඉතින් පැය ගාණක් නෑවට පස්සේ කොහොමද දැනෙන බඩගින්න කියලා. සෙට් එකටම පට්ටම බඩගිනියි. ඒත් එතන තිබ්බ විදිහට සෙට් එකටම එකට කන්න බෑ. මොකද පාන් කන්න ගෙනාපු හොඳි දාගන්න තිබ්බෙත් අර ලූණු සම්බෝල හදපු භාජනයම තමයි. කට්ටිය දෙකට බෙදිලා කට්ටියක් ඉසෙල්ලා කෑවා. එකෙක්ට පාන් තුන් කාලයි. ඔන්න පලවෙනි වටේ ඉවරයි. දැන් දෙවනි වටේ. එක පාරටම ගන්කේවලයා " කෝ යකෝ අපිට තියෙන්නේ පාන් බාගයයිනේ. තුන් කාලක් නෑ. බලපල්ලා කලින් කාපු උන් තුන් කාලක් කෑවට අපට බාගයයි. කෝ මේ පාන් ගේන්න ගියපු උන්? කවුද යකෝ පාන් කීයද කියලා ගණන් හදපු එකා ? මහ ලොකුවට මැත කරන්නේ. කොල්ලො 12 දෙනෙක්ට පාන් තුන්කාල ගානේ පාන් කීයක් ඕනෙද කියලා ගනන් හදාගන්න බෑ". ගන්කෙයට පට්ටම මල.  ඌ පට්ටම සාධාරණයි. නිකමට හිතපල්ලා වේල් 2ක්ම පාන් රොඩ්ඩක්, බනිසක් කාලා හිටපු උන් පැය ගාණක් නාලා පට්ට්ම බඩගින්නේ කන්න ආවහම මල උපරිමෙනුත් උපරිමේට පනින්නවනේ. දැන් ඉතින් පාන් ගාන හදපු එකෙක්වත්, ගේන්න ගියපු එකෙක්වත් නෑ. ඒ ඔක්කොම කරලා තියෙන්නේ වෙන ට්‍රිප් එකක් ගිය වෙනම සෙට් එකක්.

අනිත් කේස් එක උන් ටිකට මොනවා හරි කන්න අරන් දෙන්නත් අඩුම තරමේ රත්තොටට යනකම් ඉන්න වෙනවා. ඒකත් පැයක දෙකක ගමනක්. වෙච්ච වැඩේට මටත් මාර අවුල්. එවෙලේ කෑගැහුවට ඒ කේස් එක එහෙම්මම ඉවරයි. මම ඒකයි කලිනුත් කීවේ රත්තරං පපු තිබ්බ කොල්ලො ටිකක් කියලා. වෙන එකෙක්ට නම් මරාගන්න ඒ වැඩේ හොඳටම ඇති. ඒත් අපේ ගන්කෙ " අවුලක් නෑ. උඹලා කෑවානේ. දැන් ඉතින් කාපුවා වමාරන්නද? හරි හරි. කාපු බීපුවා ගැන හිතලා, කතා කරලා වැඩක් නෑ. අපි මඟින් ටී එකක් ගහමු බඩගින්නට. මේ සීන් එක අමතක කරලා ගන්න ආව ෆන් එක ගමු ". පාන් සීන් එක එතනින් ඉවරයි.

කට්ටිය සෑහෙන දුරක් එනකම් කෑ ගහ ගහා පිස්සු කෙල කෙල ආවා. ඒත් ටික වෙලාවක් යද්දි එකෙක්ටවත් පණ නෑ. දවස් දෙකටම එකෙක්වත් හරියට බඩ පිරෙන්න කාලා නෑ. අපේ ගම් බිම් කිට්ටු වෙද්දි ඔන්න අතෙ තියන සල්ලි එකතු කලා. අම්මට සිරි දහතුන්දාස් පන්සිය ගාණක් ඉතුරුයි. මාරම ආතල්. දවස් දෙකම එක්දාස් පන්සීයකින් විතර ගොඩදාගෙන. බස් එකේ අයියගේ ගාණ පැත්තකට කරහම තවත් පන්සිය ගාණක් ඉතුරුයි. පටාස් ගාලා ඇල්ලුවා හෝටලයකට. කට්ටියම ආප්ප කාලා ටී එකක් එහෙම ගහලා ගෙවල් බලා ගියා. මම නම් ගේ ඇතුලට යන්නත් කලින්ම අම්මාට කියාගෙන ගියේ බත් බෙදන්න කියලා. බත් නැතුව ඇඟම අංඤකොරොස්වෙලා තිබුනේ. ඊට පස්සේ දවසේ බස් එකේ අයියා කතා කරලා මට රුපියල් 1500ක් ආපහු දුන්නා. ඌ ඩීසල් ගහලා ගණන් හැදුවට පස්සේ ඌට එකොලොස් දාස් පන්සීයක් ඇති කියලා සල්ලි ආපහු දුන්නේ. ෂුවර් එකටම ඌට දුක හිතෙන්න ඇති අපි ගැන.

හැමෝගෙම තත්වය තේරුම් අරන්, හැමෝගෙම අදහස් වලට ගරු කරලා, කාටවත් කරදරයක්, විපත්තියක් නොවෙන්න, අතේ සතේ නැතිව හරි, වේල් තුනම පාන් කාලා හරි අපි ගමන ගිහින් ආවා. මොනවා උනත් සෙට් එකම හිත සංතෝසෙන් ගිහින් ආවා. බඩ පිරුනේ නැති උනාට හිත පිරුනා. මේ ගමනට කට්ටිය නම දැම්මේ පාන් ට්‍රිප් එක කියලා. ට්‍රිප් එක ගිය මේ කොල්ලො සෙට් එක වගේ සෙට් එකක් නම් ආයේ ලොවෙත් හොයගන්න හම්බවෙන්නේ නෑ. අපි සෙට් වුනේ අපිට කිසිම වටිනාකම නැති කාලේ. සත පහක්වත් අපේ අතේ නැති කාලේ. හොඳ රස්සා, උපාධි, ලොකු ව්‍යාපාර මේ කිසිම දෙයක් නැති කාලේ. අපි එකතු වුනේ අපේ වටිනාකම් නිසා නෙවෙයි. අපි ඇත්තටම අපි නිසා. දැන් ඉතින් අපි එකතු කරගත්ත යම් යම් දේවල් නිසාත් යාළුවෝ ඇති වෙනවා. අපි ළඟ තියන ඒවා නැති වෙද්දි උන් ඉඳීද කියලා ෂුවර් නෑ. ඒත් මුන් සෙට් එක මට මුකුත්ම තිබ්බේ නැති කාලේ මාත් එක්ක හිටියා.දැන් ඉතින් තිබ්බත් නැතත් මාත් එක්ක උන් ඉන්නවා.  ඒ ට්‍රිප් එක ගිය කොල්ලො ඔක්කොම අද හොඳ තැන් වල ඉන්නවා. නිතර හම්බ වෙන්න බැරි උනත් උන්ගේ හිත්වල එදා තිබ්බ බැඳීම තාමත් තියනවා. සමහර උන් නම් අවුරුදු ගාණකින් හම්බවෙලත් නෑ. හැමදේටම සල්ලි ඕනේ කියලා හිතපු උන් සෙට් එකක් උනානම් අපි සෙට් එක,  අපට කවදාවත් මෙහෙම ආතල් එකක් ගන්න බැරි වෙනවා. මේ ගමන ගියේ දැනට අවුරුදු 6කට උඩදී, ඒත් මුළු ගමනම අද වගේ මතකයි.... හැබැයි ආයේ කවදාවත් මේ වගේ ගමනක් නම් යන්න බැරි වේවි................

12 comments:

  1. හැමෝටම යාලුවෝ කියලා කියන්න බැහැ අයියා..එ අතින් ඔයාගේ යාලුවෝ සුපර්..ලග හිටීයත් නැතත් හැමදාම එ මතකය,එ බැදිම් මතක තියා ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද..

    ReplyDelete
  2. මැක්සා . . . . මොනහා බේබද්දෙක් උනත් මම තාම කැමති අරක්කු නැතුව ට්‍රිප් යන්න . . . අරක්කු ආතල් තමයි ඒත් අරක්කු එක්ක ට්‍රිප් ගියොත් ට්‍රිප් ආතල් එක නැති වෙනව.
    මගෙත් තියනව ලෝ ඉකොනොමි සංචාර කීපයක් . . . මම ටිකක් පහුවෙලා දාන්නං . . .

    ReplyDelete
  3. පලයන් ඇන්ඩියා බොරු නොකිය.. උඹ යන ට්‍රිප් අරක්කු නැතුව ! හා හා.. කසියා අරන් යන්නේ නේද ?
    ගොඩය මල්ලි කතාව කොච්චර ආතල් උනත් මට උඹත් එක්ක මාර තරහක් ආව. ඒ මොකද උඹ කිඹුලා බනිස් මතක් කරලා මගේ හිත හොඳටම අබිලික් කලා.. චික් ඒ මදිවට ආප්ප ගැනත් කිවුව. මගේම එකවුන්ට් එකෙන් මට රෝස් පානුයි පොල් සම්බෝලයි කට්ට කරෝල හොදියි මතක් වුණා.. ශිහ්.. ලියන්නේ නෑ හොඳ කොමෙන්ට් එකක්.. කතාවේ ඉතිරි හරිය මගේ ඔලුවට යන්නේ නෑ දැන්.. මතක් වෙන්නේ ඕවමයි

    ReplyDelete
  4. අවුරුදු හයකට පස්සෙ...
    මන් කොනක ඉදන් පටන් ගන්නම්කෝ..
    ඈල්බා රජරට විශ්වවිදයාලේ තොරතුරු තාක්ශණ උපාදියක් හදාරනව..
    දෙලා කසාදයක් එහෙම බෑදලා කඩ්යක්,රස්සාවක් කරනව..
    ගන්කෙ(දිගා) ඈමරිකාවේ අහස් යාත්‍රා තාක්ශණ උපාදියක් හදාරනව..
    හලා ඌව වෙල්ලස්ස විශ්වවිදයාලේ තොරතුරු තාක්ශණ උපාදියක් හදාරනව.
    ඉස්සා තොරතුරු තාක්ශණ අන්ශයෙන් රස්සාවක් කරනව.
    කෑලෑ මහත්තය ඉන්ජිනේරු විදයාව පිලිබද ජාතික ඩිප්ලෝමාව හදාරනව..
    බබුලා එන්ගලතේ වෙදය උපාදියක් හදාරනවා..
    හෙන් රියා පේරාදෙනිය විශවවිදයාලයේ ඉන්ජිනේරු උපාදිය හදාරනවා..
    මිථිලයා මොරටුව විශවවිදයාලයේ තොරතුරු තාක්ශණ උපාදියක් හදාරනව..
    නාසුවා කෑලණිය විශවවිදයාලයේ වෙදය උපාදියක් හදාරනවා..
    කල්පයා රුහුණ විශවවිදයාලයේ ඉන්ජිනේරු උපාදිය හදාරනවා..
    මේක ලියන ගොඩයා සින්ගප්පූරුවේ මයික්‍රෝ චිප් හදන කොම්පනියක මිකෑට්‍රොන්ක් ඉන්ජිනේරුවෙක්.

    අපි තාමත් පුලු පුලුවන් හෑටියට මොන වෑඩ තිබුන්ත් හම්බෙනවා..මෙහ නෑති අයව සයිබර් අවකාශයේදි හම්බෙලා කතා කරනවා.අපේ මිත්‍ර කම් තාමත් එහෙමයි..

    ReplyDelete
  5. @ නිම්ශා - සහතික ඇත්ත නංගී. අපිට හැමෝටම යාළුවෝ කියන බෑ. ඒත් සමහර මිනිස්සු අපේ ජිවිතේට කිට්ටු වෙලා කාලයක් ගත වෙනකම් උන් යාළුවෝද නැත්ද කියලා අඳුරගන්න බෑ. මට නම් එහෙම එවුන් ඕනතරම් හම්බවෙලා තියනවා. උන් හින්දා ඉල්ලන් ටින් කිරි ගාගත්ත වෙලාවලුත් අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ වගේම මේ වගේ එළකිරි කොල්ලොත් සෑහෙන්න හම්බවෙලා තියනවා. උන්ව නම් මැරෙනකම් අමතක වෙන්නේ නෑ. ඒ බැඳීම්, මතක අපි කොහෙ හිටියත් මැරෙනකම් අපි ළඟ තියනවා.

    ReplyDelete
  6. @ ඕනයා - සිරා කතාව, ඇන්ඩයියට කියන්න අපි අරක්කු එක්ක ගමන් ගියහම, ගියේ කොහේද?, දැක්කේ මොනවද?, බැලුවේ මොනද? කියන එක එච්චර මීටර් එකක් නෑ. මීටර් වෙන්නේ වමනේ දාපු උන් ගැන, වෙරි වෙලා පිස්සු කෙලපුවා ගැන, වෙරි හින්ඳවන්න දෙහි අතුල්ලපුවා ගැන. කොටින්ම කීවොත් අරක්කු ගැන තමයි වැඩිපුර මීටර්. ඇවිල්ලා බලද්දි ට්‍රිප් ආතල් වලට වඩා අරක්කු ආතල් දීලා...........

    @ ලංකාප්‍රිය අයියා - ඈ බං අයියේ.... උඹ දන්නවානේ මමත් උඹේ බෝට්ටුවේම කියලා.උඹට කියවලා ඔච්චර අවුල නම් මේ මුළු සීන් එකම මතක් කර කර ලියපු මට කොහොමද කියලා පොඩ්ඩක් හිතපන්කෝ. ඕක ලියද්දි ලංකාවේ හෝටල්වල ෂෝ කේස් ඇතුලේ ඉන්න උණු උණු කිඹුල්ලු එතකොට අර කඩේ ඉස්සරහට වෙලා ආප්ප ලිප්, කොත්තු තැටිය තියාගෙන ඉන්න ආප්ප බාස්ලා එහෙම මැවි මැවි පෙනුනා මට. ලංකාවට ගියහම ඇරියසුත් අල්ලනවා කියලා හිතහදාගෙන කොමෙන්ට් කෑල්ලක් දාපන් අයියා........

    ReplyDelete
  7. @ ඕනයා කලින් කොමෙන්ට් එකේ කියන්න අමතක වුනා. මේක තමයි අපි අඩුම වියදමින් ගිය ගමන. බස් එකේ ගාන ඇරුණහම කොල්ලො 12 දෙනාට දවස් දෙකටම ගියේ රුපියල් එක්දාස් පන්සීයක් විතර. කොහොමහරි එකෙක්ට 150ක් ගියේ නෑ දවස් දෙකට. කොහොමද මැනේජ්මන්ට් පාර? දාපන් දාපන් කතා ටික ඇන්ඩයියේ, ලෝ බජට් කියන්නේ දුක අස්සේ රස ලෝකයක්.

    @ කල්ප - අප්පටසිරි ඔය දිග ඇරලා තියෙන්නේ පටන්දරයම. ඔන්න ඔය ගියපු කොල්ලො අද ඉන්න තැන්. මරු අප්ඩේට් එක. හැබැයි පුතෝ මම නම් ඉංජිනේරුවෙක් නෙවෙයි. මම නිකන්ම නිකන් තාක්ෂණවේදියෙක් විතරයි. මොනවා කලත්, කොහෙ හිටියත් මුන් කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙනවා කියලා නම් ෂුවර්. තැන්ක්යූ කල්ප මල්ලි සෙට් එකේ ස්ටේටස් අප්ඩේට් කලාට.

    ReplyDelete
  8. The spirit of frendship..!!!sometimes it z far beyond than d word friendship,isn't it ayya???That z hw d real friends are...memories vl b 4ever...

    ReplyDelete
  9. දැන් කන කට්ට තමා පස්සෙ ආතල් විදියට රස විඳින්න පුලුවන්...
    නියමම සෙට් එකක්.

    ReplyDelete
  10. @ dharmasirilcs - yaa nangi. actually these friends are just like my own brothers. those memories with them will be forever.

    @ තාරක - සහතික ඇත්ත. කට්ට කන්න කන්න පස්සෙ දැනෙන ආතල් එක දෙගුණ තෙගුණ වෙනවා.
    මේ සෙට් එක ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ.

    ReplyDelete
  11. @කල්ප: ඒ . . . උඹ ලාස්ට් රෝ එකට ලියනව නේද . . . ????

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete