Sunday, May 1, 2011

කොල්ලා කාණුවේ......

පහුගිය ටිකේ ටිකක් වෙනස් පෝස්ට් ලියපු නිසා මේ සතියේ පොඩි වෙනසකට වෙච්ච සිද්ධියක් ලියන්න හිතුවා.  මේ කියන්න යන්නේ ඈත අතීතයේ සිද්ධ වෙච්ච ඇබැද්දියක්...  කොටින්ම කිවොත් ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ....... ඒ කාලේ කීවට මහා කාලයක් නෑ. මගේ මතකයේ හැටියට ඒ එකදාස් නවසිය අනූ නවය වසරයි. ඒ වසර නම් මරුම වසර. එකයි නවයේ ඒවම තුනක් තිබ්බා. අනික 20වෙනි ශත වර්ෂයේ කෙලවරටත් කිට්ටුයි. ඒවගෙන් වැඩක් නෑ. කොහොමෙන් කොහොම හරි අපිත් එතකොට නවය වසරේ. කියන්න හැදුවේ අපි එතකොට නවය වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෝ කියලා.

ඔන්‍න‍ නවය වසරදී ස්කොලෙන් අපිව විනෝද චාරිකාවක් එක්ක ගියා. ආ...... වැරදුනා. අපේ ගුරුවරු කීවේ ඒකට විනෝද චාරිකාවක් කියලා නෙවෙයිනේ ඒකට කීවේ අධ්‍යාපන චාරිකාවක්.  ඔය මොනවා කීවත් ඒ කාලේ අපිට  ඕනෑම ගමනක්  විනෝද චාරිකා තමයි. ගෙදර ඉඳන් ස්කෝලෙට යන එකත් විනෝද චාරිකාවක් කරගත්ත අපිට ඕවා මොනවද ? ස්කොලෙන් ගිය  හැම ගමනටම වගේ මේ ගමනටත් මට තිබුන ප්‍රශ්නේ තමයි පාන්දර ස්කෝලෙට යන එකයි. ගමන ගිහින් ආවට පස්සේ රෑ දෙගොඩහ ගෙදර එන එකයි. නවය වසර කියෙන්නේ ඉතින් අපි කිරි කජු කොල්ලොනේ. ගෙදරින් තනියම නම් රෑ එන්න දෙන්නේ නෑ. අම්මා විතරනේ හිටියේ. ඉතින් අම්මට තනියෙන් එන්නත් බෑනේ. අපේ ස්කොලෙයි ගෙදරයි අතර දුර කිලෝමීටර් 36ක්. ඔන්න අපේ අම්මා මාව එක්ක යන එකයි ආපහු එක්ක ගෙන එන එකයි අපේ ගෙදර වැඩවලට උදව් කරපු පියදාසට භාර දුන්නා.  පියදාසගේ පිහිටෙන් මමත් දෙයියනේ කියලා ගමන ගියා. අපේ ගෙවල් ළඟ ඉන්න කොඩ්ඩයි, මිතිලයයි දෙන්නත් ගියා, උන් දෙන්නා ගියේ තාත්තා එක්ක.

ගමන අහවර වෙලා ස්කෝලෙට කිට්ටු වෙද්දී රෑ 11 විතර වෙලා. ඒ වෙලාවට ඉතින් බස් එහෙම අඩුයි. මමයි පියදාසයි. මිතිලයයි, කොඩ්ඩයි, ජයසුරියයි උන් තුන් දෙනාගේ තාත්තලයි අපි කට්ටියම ඉන්නවා බස් එකක් එනකම්. සිද්ධිය වුනේ ඔය අතරේ. තාත්තලා වෙනම කතාවක් දාගෙන ඉන්න අතරේ අපි හතරදෙනා ගමන ගැනයි, එක එකාට වෙච්ච දේවල් ඕවා මේවා ගැන කතාව. කුරුණෑගල අවට ඉන්න අය නම් දන්නවා ඉස්සර දුර ගමන් සේවා බස් නැවතුම තිබ්බ තැන. කුරුණෑගල පොදු වෙළදපොල ඉස්සරහා ඔරලෝසු කනුව ලඟයි දුර සේවා බස් නැවතුම තිබ්බේ. ඔය ඔරලෝසු කනුව ළඟ හරි හරියට සුවිප් කූඩු තිබ්බා. දැන් නම් තියනවද දන්නේ නෑ. කොහොමත් දැන් එතන දුර සේවා නැවතුම නම් නෑ. ඊළඟ වැදගත් දේ තමයි බූ ඇල. කුරුණෑගල ටවුම පැත්තේ පස් පාගලා තියන උදවිය නම් අනිවාර්යයෙන් ඔය බූ ඇල ගැන දන්නවා. කුරුණෑගල නගරයේ සියලු අපද්‍රව්‍ය බැහැර කරන්න පාවිච්චි කරන වාරිමාර්ග ක්‍රමය තමයි බූ ඇල. ඔය බූ ඇලේ අතු ටවුන් එක පුරාම තියනවා. ඒවා වැඩිහරියක් ක්‍රොන්ක්‍රිට් ලෑලි දාලා වහලා තියෙන්නේ. ඔතන " බූ " වෙනුවට " ගූ " කියන අකුර පාවිච්චි කරත් ඒ හැටි වෙනසක් නෑ. ඔය අසිරිමත් බූ ඇලේ ශාඛාවක් යනවා ඔරලෝසු කනුව ඉස්සරහින්. වෙන මොකටවත් නෙවෙයි මාර්කට් එකේ කුණු ටික එකතු කරගන්න. හරි හරි ඒ විස්තරේ ඇති. කතාවට එමුකො.

ඔන්න පැය භාගයක් විතර ඉන්නකොට අපිට පොඩි හදිස්සියක් ඇති වෙනවා. සුළු දිය ප්‍රශ්නයක්. මහ රෑ ආයේ වෙන කොහෙවත් රිංගන්න ඕනේ නෑනේ. හතර දෙනාම තීරණය කරා  ඒ අහල පහල තිබ්බ සුවිප් කූඩු පිටිපස්සට ගිහින් වැඩේ කරගන්න. අර මම කිව ඇලේ ශාඛාව වහලා තියන ක්‍රොන්ක්‍රිට් ලෑලි උඩ තමයි ඔය සුවිප් කූඩු තිබ්බේ.  ඔන්න දැන් අපි හතර දෙනාම කයිය ගහ ගහ කූඩු අස්සෙන් රිංගනවා. මිතිලයා හිටියේ මගේ වම් අත පැත්තෙන්.  එක පාරටම මෙන්න මගේ වම් අත වගේ හිටපු මිතිලයා පොලව පලාගෙන අපාගත වුනා. කවුරුත් දැකලා නෑ නේද මිනිහෙක් පණ පිටින් අපාගත වෙනවා. මට අද වගේ මතකයි ඌ පොලව පලාගෙන ගිය හැටි. එක පාරටම කළුවර අස්සෙන් මූ පොලව ඇතුලට ගියා. අන්තිමටම වගේ මූ ඇඳගෙන හිටපු සුදු පාට ෂර්ට් එකත් නොපෙනී ගියා. තප්පර දශම ගානෙන් ජවනිකවම ඉවරයි. මම ඉක්මනට අනිත් උන් දෙන්නට කතා කළා. හිතාගන්න බෑ වුනේ මොකක්ද කියලා.

" මචං කොඩ්ඩා, ජයා, වරෙල්ලකෝ. අරූ නෑ බං.. අතුරුදහන් වුනා. මාත් එක්කමයි මූ හිටියේ. එක පාරටම පොලව පලාගෙන  වගේ ගියා " මම අනිත් උන් දෙන්නට ඒ ත්‍රාසජනක ජවනිකාව විස්තර කරනවා. ඒ අස්සේ හීනියට කෙඳිරිලි සද්දයක් එනවා. සද්දේ හින්දා ඔන්‍න‍ අපි තුන්දෙනා පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. කට්ට කරුවලේ අපිට යාන්තමට පෙනුනා අර බූ ඇලේ එක කොන්ක්‍රීට් ලෑල්ලක් නෑ කියලා. අපේ මිතිලයා අඩිය තියලා තියෙන්නේ එතනට. " අනේ තාත්තට කතා කරපල්ලා. අම්මෝ... ඉන්න බෑ. කකුල රිදෙනවෝ, බුදු අම්මෝ.... " මිතිලයගේ කෙඳිරිය දිගටම යනවා. හරියට ප්‍රයිවට් බස් එකක දාපු නන්ස්ටොප් කැසට් එකක් වගේ. කොඩ්ඩා දුවගෙන ගියා  මිතිලයාගේ තාත්තා හොයන්න. ඒ අතරේ මමයි ජයයි අරුගේ අත් දෙකෙන් අල්ලලා ගොඩට ගත්තා. අප්පා උගේ කුසුඹ.... පළාතේ ඉන්න බෑ. මම කිවේ ඒකයි  "බූ" කියන තැනට "ගූ" දැම්මත් වරදක් නෑ කියලා. ඊට වඩා මූ ගොඩ ගත්ත වෙලේ ඉඳං මොර දෙනවා අඩිය තියන්න බෑ කකුල රිදෙනවා කියලා. ඔක්කොම අස්සේ අපට හිනා වෙච්ච වැඩේට. අපි හිනාව නවත්තගන්න දඟලනවා. අපිට හිනා යන්න හිනා යන්න අරුගෙ ඇඬියාව වැඩි වෙනවා.

යාන්තම් මුගේ ඇඟේ ගෑවිලා තිබ්බ කුණු එහෙන් මෙහෙන් පත්තර පිටු ටිකක් අරගෙන පිහදැම්මා. කොහෙද ඒත් අර ගඳ නම් එහෙමමයි. මට හිතුන විදිහට නම්  හත් පාරක්වත් ඌව නාවන්න ඕනේ ගඳ යවන්න. මහා රෑ නාන්න තැන් හොයන්න කියලද ???  හිමිට පේන්න තිබ්බ ජරාව පිහිගෙන ඒ එක්කම ආපු ඉන්ටර් සිටි බස් එකකට මූවත් අමාරුවෙන් නග්ගගෙන අපි ගෙදර ආවා. මුළු බස් එකම ගඳයි. බස් එකේ හිටියේ අපි ඇරුනහම තව දෙතුන් දෙනෙක් නිසා  අවුල් වුනේ නෑ. අනිවා පහුවදා උදේම බස් එක සර්විස් කරන්න දාන්න ඇති...

උදේ ආරංචි වුනා මිතිලයාගේ කකුල පැනලා කියලා. මතක විදිහට ඌට මාස දෙකකට කිට්ටු වෙන්න ස්කොලේ යන්නත් බැරි උනා.කුණු කානුව උනත් බූ ඇල අඩි 5ක් 6ක් ගැඹුරුයි. ඕකට වැටිච්ච එකෙක්ට ලේසියෙන් අතක් පයක් බේරගන්නේ වෙන්නේ නෑ. අපිට නම් ඒ වෙලාවේ තිබ්බ අමාරුම වැඩේ තමයි ගඳ ඉවසන එක. තව අදටත් බූ ඇල ලඟින් යද්දී මට ඔය සිද්දිය මතක් වෙනවා. මොකද එදා තමයි මම ජීවිතේටම මිනිහෙක් පණ පිටින් අපාගත වෙන හැටි සජීවීව දැක්කේ.............................

22 comments:

  1. මන් නොදන්න බූ ඇල, 75 ඉඳන් 89 විතර වෙනකන් කුරුණෑගල සහ ඒ අවට තමය් පුතා රස්සාව කලේ. මේ අර තව සයිට් එකකත් ලියන ගොඩයමද? කොහොම වුනත් කි.මි. 36 ක් දුර කොහේ ඉඳන්ද පුතා කුරුණෑගලට ඉස්කෝලෙ ආවෙ?

    ReplyDelete
  2. හේ හේ හේ හේ..... ඔබා මාමා ඒ පැත්තේ හිටියා කියලා මම දන්නවා. මම ඉතින් ඔයා ලියන ඒවා කියවනවානේ..... මෙච්චර දවසක් ඔබා අයියේ කියලා කතා කලේ. පුතා කියපු නිසා ඔන්න අද ඉඳං ඔබා මාමා කියනවා :D . ඔව් ඔව්... ඔය කියන අහවල් සයිට් එකේ ලියන ගොඩයාම තමයි. හුටා 36ක් නෙවෙයි, 34යි මයේ හිතේ. කුරුණෑගල ඉඳං කොළඹ 6 පාරේ කොළඹ පැත්තට කිලෝමීටර් 34ක් විතර ආවහම හම්බවෙනවා අපේ ගම්මන්ඩිය..........

    ReplyDelete
  3. බස් එකේ කොන්දොස්තර මුකුත් කිව්වෙ නැද්ද? අනික ඉන්ටර් සිටි එකක.

    අහ් ඒකෙ ඉන්නෙත් මේ ගොඩයද? දැන්නෙ දන්නෙ.
    මම හිටියෙ 5 පාරෙ. හැබැයි කුරුණෑගල පැත්තෙ නම් නෙම්..

    ReplyDelete
  4. ඔය කියන්නෙ අලව්ව කිට්ටුවද? මම අලව්වෙත් වැඩ කළා කාලයක්. අලව්වෙන් තමා ලංගමින් සමු ගත්තෙ.

    ReplyDelete
  5. නෑ නෑ. මිනුවන්ගොඩ කිට්ටුව. :D

    හුටා, මම දැන්නෙ දැක්කෙ, ඔබ්සවර් (සීය :D) පර්ත් වල කොහෑ??

    ReplyDelete
  6. "අයිය" කියල තිබ්බ කෑල්ල හැලිල. සොරි වෙන්න ඕනෙ

    ReplyDelete
  7. @ ඔබා මාමා - මම වරකාපොල.

    @ තාරක - පිස්සුද බං ඌත් වේලි වේලි ආපු එකේ හත් අට දෙනෙක් කියෙනේ ඒ වෙලාවේ හැටියට ඌට ලොකු සෙනගක්.... අනික නග්ගගෙන ටිකක් වෙලා යද්දිනෙ වැඩේ පත්තුවෙන්නේ... තව කාරණයක් ඒ වෙලාවේ මිතිලයා කෙඳිරි ගාපු විදිහට කොච්චර ගඳ ගැහුවත් තරහාකාරයෙක්වත් ඌව වාහනයකින් බස්සන්නේ නෑ

    ReplyDelete
  8. @ තාරක ඩිල්ෂ@න,

    දැනුය් ප්‍රොෆයිල් එක බැලුවේ මේ මුනුපුරාගෙ, දන්නවද පර්ත් වල සෙවිල් ග්රෝව් කියල පළාතක්, අන්න ඒ පැත්තේ.

    ReplyDelete
  9. @ ඔබා මාමා - දිල්ශාන් හො‍ඳේ.
    එහෙම එකක් අහලම නෑනෙ. මමනම් ලඟදි මෙහාට මංගැච්චුවේ. සිටි එකේ ඉඳන් කොච්චරක් විතර දුර තියෙනවද?

    මමත් ඊයෙ තමා මාමාගෙ ප්‍රොෆයිල් එක දැක්කෙ.

    ReplyDelete
  10. ලංකාවෙ නං මගෙ ප්රොෆයිල් එක ලියවෙලා තියෙන්නෙ බ්ලොටින් පේපර් වල, මෙහෙත් වැඩි වෙනසක් නැහැ, පර්ත් ඉඳල කි. මි. 30 ක් විතර දුර මං ඉන්නෙ. යාලුවන්ගෙන්, කාර් එක රෙපෙයාර් කොරන ගැරේජ් එකෙන්, එහෙම අහල බලන්න සනත් කියල අන්කල් කෙනෙක් අඳුනනවද කියල, කව්රු හරි මගෙ ටෙලිෆෝන් නොම්මරේ දෙන්න බැරි නැහැ පුතාගෙ අවාසනාවට.

    ReplyDelete
  11. හි හී..
    අපි නම් සිටි එක කිට්ටුවම වගේ ඉන්නෙ.
    වැඩේ කියන්නෙ හොයනවා හොයනවා තාම හරි හමන් යාළුවෙක් හොයා ගන්න හම්බවුනේ නෑනෙ. :(

    ReplyDelete
  12. මම නම් ගාල්ලෙ.ඒ වුනාට අනුරාධපුරෙ යන ගමන් කුරුනෑගල ටවුන් එක දැකල තියෙනවා.
    ටිකක් ටිකක් මතකයි ඇලක්ද මොකක්ද තියෙනව.ඊට වඩා මං බැලුවෙ ගල උඩ තියෙන බුදු පිලිමෙ.‍රැට ඒක මාර ලස්සනයි.
    මුලින්ම අනුරාධපුරෙ යන්න කොලබින් නැග්ගෙ රෑ දොලහෙ බස් එකෙ.(ගලෙන්බිදුනුවැව).කුරුනෑගලට එනකොට දෙක වගෙ ඇති.අම්මෙ තිබුනු ලස්සන.

    ReplyDelete
  13. කුරුණෑගල මන් යන්නේ හැම අවුරුද්දෙම දෙසැම්බර්වල අනුරාධපුරේ යන ගමන් . වරකාපොල පහුකරනකොට මීට පස්සේ ගොඩය මල්ලි මතක් වෙයි.. ඔය කතාවේ යාළුවා වලේ වැටුනේ රෑකනේ .. මන් වැටුන මහා දවාලේ උඩ බලන් ගිහින් ඔයා ඉන්න සිංගප්පුරුවේ කානුවකට !වැටිච්ච එකේ ලැජ්ජාවයි කකුල හම ගිය එකේ වේදනාවටයි වැඩිය මට යාලුවන්ගේ හිනාවටයි යකා නැග්ගේ .. මන් කාණුවේ ..උන් හිනාවෙවී බලන් ඉන්නව් .. ටිකක් වෙලා යනකන් එකෙකුටවත් මොලේට ආවේ නැහැ මට තනියම උඩට එන්න බැහැ කියල..

    ReplyDelete
  14. @ සරත් ලංකාප්‍රිය & පිසාචයා,
    දැන් කොහොමද මන්ද ඉස්සර නං, කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට කිට්ටු වෙනකොට බස් වල නිදන් ඉන්න එවුන්ටත් ඇහැරෙනව බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන පබ්ලික් ටොය්ලට් එකේ ගඳට.

    @ තාරක, මේකට ඊමේල් කොරන්නකො, මගෙ contact නොම්මර දෙන්නන්.
    observer.blogreader525@gmail.com

    ReplyDelete
  15. @ පිසාචයා - මලයා මම මේ කියන කාලේ ඔය බුදු පිළිමේ හදන්නවත් හිතලා නෑ... උඹ කියන එක හරි මලේ.. කළුවට කලුවේ මුසලකමට තිබ්බ ඇතාගලට පුදුමාකාර ආලෝකයක් ගෙනාවා ඔය බුදු පිළිමේ... ටවුන් එකටත් අමුතුම සිරියාවක් ගෙනාවා.........

    @ ලංකාප්‍රිය - අප්පා අයියලාට එහෙමවත් අපිව මතක් වුනොත් ඒ ඇති. හැබැයි අපි ලංකාවේ ඉන්න කාලෙක නම් එහෙම මතක් වුනොත් අපේ පැලට ගොඩවෙලා කෑම වේලක් එහෙම නැත්නම් අඩුගානේ තේ උගුරක්‌ බීලා යන්න අමතක කරන්න එපා....
    අයියා ෂුවර් එකටම ලස්සන කෙල්ලෙක්ට ඇහැ දාගෙන තමයි මහා දවාලේ කාණුවේ වැටෙන්න ඇත්තේ.....

    ReplyDelete
  16. @ ඔබා මාමා - මගේ අප්පේ ඔය කියන්නේ සැහෙන පරණ බස් ස්ටෑන්ඩ් එක ගැන... මගේ අම්මෝ ඊට පස්සේ කොච්චර නම් දේවල් වෙනස් වුනාද ටවුමේ... මම නිවාඩුවට යන හැම පාරම මොකක් හරි එකක් අලුතින් අටවනවා..... හැබැයි ගඳ නම් දැන් කොහොමද දන්නේ නෑ......

    ReplyDelete
  17. අඩෝ ඔබා අයිය . . . දැං ඒ ගඳ නෑ හරිද . . ???
    ආ තව එකක් ඔබා අයිය කියපු සයිට් එකේ ගොඩය ඉස්සර ලිවුවෙ නම ටිකක් වෙනස් කරල.

    @ගොඩයා: බූ ඇලයි, ඔරලෝසු කනුවයි, ඇතා ගලේ බුදු පිලිමෙයි විතරයි නේ මේ කතාවෙයි කොමෙන්ට්ස් වලයි තියෙන්නෙ . . . කෝ කුරුනෑගල අනිත් ලෑන්ඩ් මාක් ටික ???
    උදාහරනයක් විදියට . . . . ගොන්සාල් සහ පුත්‍රයා . . . ජංගි වංගුව . . .
    අනිත් එක . . . අඩේ උඹ කුරුනෑගල මන ඉස්කෝලෙටද ගියේ ????

    ReplyDelete
  18. @ ඕනය,
    අපි නොදන්න ගොඩය, මං හිතන්නේ ඉස්සර wgodaya ම තමය්.
    බොට ග්රෑන්ඩ් එක, මැණිකෙ කැෆේ, ගම්මාලු ගහ,පල්ඩානෝ එක,රජපීල්ල, රන්තැටිය, Y .M .B A . එක තව කීයක් ලෑන්ඩ් මාර්ක් අමතක වෙලාද බොල. දැන් එක නෙමේ පරණ පැරමවුන්ට් එක චය්නීස් එක එහෙම උඹල දන්නෙවත් නැතුව ඇති. හප්පා කුරුණෑගල මනහර නගරය මතක් කොරනකොට.......කියල වැඩක් නැහැ බන්. හැබය් පිටින් එහෙ ගිය එවුන් ගෙන් එහෙන් කසාදෙකුත් කරනොගත්ත 1% ට විතර මං තුමාත් අහු වෙනවා.
    අර ගඳ ගැන ඕනෙ නං උඹලගෙ මාමගෙන් අහල බලපන්, පොර කාලයක් බස් ස්ටෑන්ඩ් O .I .C . හැටියටත් වැඩ කළා.

    ReplyDelete
  19. @ - ඕනයා - ඇන්ඩඅයියා ඔය නම් අපේ කාලේ වෙද්දී ටිකක් වෙන්න වෙනස් වෙලා. ඔය ලිස්ට් එකට සිටු මැදුර, බ්‍රයිට් බ්‍රාවෝ එක, බෝ ගහ ළඟ ප්‍රනාන්දු එක, තව ලිස්ට් එකක්ම තිබේ. ආ තව දෙයක් දෙන්නටම අමතක වුනා නේද රජපිහිල්ල උද්‍යානය ( අපේ සර් කෙනක් ඕකට කිවේ කම්පුඤාව කියලා. හරි වැඩ තිබ්බා ඔය පාර්ක්‌ එකේ ) මම ගියේ කුරුණෑගල බෞද්ධ, පිරිමි පාසලකට. ස්කොලේ නමත් රහතන් වහන්සේ නමක්ගේ. :)

    @ Observer - ඔබා අයියගේ මෙමරිය එලකිරිනේ. හරියටම හරි කියමුකෝ...... ඔයා 1% ගොඩටම මාවත් දාන්න එහෙනම්. අවුරුදු ගානක් කුරුණෑගල ගාටලත් මමත් අහුවුනේ නෑ.( ඉස්සහට නම් අහුවෙයිද දන්නේ නෑ )

    ReplyDelete
  20. යකෝ ඉතිං කුරුනෑගල උපං මමත් ඔය කියන 1% නෙව . . . . .

    @ඔබා අයිය: මම ලෑන්ඩ් මාක් දෙකක් දැම්මෙ උදාහරනෙකට විතරයි. පැරමවුන්ට් එක තාම තියනව . . . .

    @ගොඩයා: අඩේ උඹ මොන අවුරුද්දෙද බං අවුට් උනේ ????

    ReplyDelete
  21. මම අවුට් වුනේ 2004 ඇන්ඩයියේ.... ඔට්ටුයි උබට මට වඩා වයසයි................ :D

    ReplyDelete
  22. @ ඕනයා
    දැන් තියෙන පැරමවුන්ට් එකට මන් ගියා අවරුද්දකට විතර ඉස්සර. එක පීචන්,ඉස්සර එකේ කැරැක්ටර් එක අලුත් එකේ නැහැ,තියෙන තැනත් පොඩ්ඩක් වෙනස්.
    1% ට වැටුනෙ කුරුණෑගලින් ගෑනු දුන්නෙ නැති නිසා මිසක් ගන්න ට්‍රය් නොකරපු නිසා නෙමෙය් කියල කියන්න ලැජ්ජද?

    ReplyDelete