පිසාචයා ලියපු අපේ ගුරුතුමා පෝස්ට් එක කියවද්දි මට මතක් උනා තවත් සින්දුවක්. ඒ සින්දුවත් එක්කම මම මගේ අතීතයට ගියේ අසුරු සැනින්. සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා කියන සින්දුව අහලා ඇතිනේද හැමෝම. අහලා නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතන ඔබන්නකෝ. මේ සින්දුවේ විස්තර කරන පොඩි එකා තරම් නම් මම වාසනාවන්ත නෑ. මොකද මටත් ඉස්කෝලේ යන්න වුනේ පාසල් සේවයේ, පහු පහු වෙද්දි නම් බස් එකේ. මේ කියන පොඩි එකාට වගේ මට සොබාව සෞන්දර්යය රස විඳින්න ලැබුනේ නෑ. ඒත් මට 5 ශිෂ්‍යත්ව පන්ති යද්දි නම් ඒවාගේ පොඩි පොඩි අත්දැකීම් ලැබුනා. ඉතින් මේ සින්දුව ඇහෙන ගානේ මට මතක් වෙන්නේ පන්ති ගිය හැටි. ඒ මතකය ඇවිස්සුනු නිසා මට හිතුනා ඒ ගැන පොඩ්ඩක් ලියන්න.
මම ඒ කාලේ පොඩි එකා. දැනුත් ඉතින් මහ වයසක්යෑ..... අර කලින් පෝස්ට් එකක ලීවා වගේ අපේ අම්මා මට පන්න පන්න උගන්නන්න දැඟලුවේ නෑ. එහෙම කිවේ දැන් ඉන්න ගොඩක් දෙමව්පියෝ, පොඩි උන්ට තියන නිදහස සම්පූර්ණයෙන් දින, කාල වකවානු නැතුවම අහෝසි කරලනේ. අපේ අම්මා නම් එහෙම කලේ නෑ. සෙල්ලම් කරන්න යන්න නොදී එක වසරේ ඉඳන් මාව පන්ති ගානේ ඇදගෙන යන්න ලැහැස්ති වුනේ නෑ. මට පොඩි කාලේ පොඩි එකෙක් විදිහට ලැබෙන්න ඕන අත්දැකීම් ලැබෙන්න ඇරියා. අනිත් උන් 2 වසර 3 වසර ඉඳන් ශිෂ්‍යත්ව පන්ති ගියාට අම්මා ඒ කාලේ මට නිදහසේ ඉන්න දුන්නා. හැබැයි හතර වසර වෙද්දි මගේ පන්තියේ හිටපු ගොඩක් උන් පන්ති යනවා. මටත් ඔන්න පන්ති යන්න ඕනේ වුනා. ඒකාලේ පන්ති යනවා කියන්නේ ලොකු වැඩක්. ගිහින් කන්නේ අමුම අමු කට්ටක්. ඒ වුනාට ඒක හෙන ලොකු වැඩක්.
තාත්තා පිටරට නිසා අම්මට නංගිත් එක්ක මාව අරන් ඔය ඈත පන්තිවලට යන්න අමාරුයි. ඒ නිසා මාව දැම්මා අපේ ගමේම පන්තියකට. පියසීලි ටීචර්ගේ පන්තියට. ටීචර් පන්ති කලේ ටීචර්ලගේ ගෙදර. අපේ ගෙදර ඉඳන් ගම ඇතුලට කිලෝමීටර් එකහමාරක් දෙකක් යන්න ඕනේ. ගම ඇතුලේ නිසා ආරක්ෂාව හොඳයි. අම්මට පස්සෙන් ගිහින් බලන්න ඕනේ උනේ නෑ. ඔන්න හතර වසරේ මැදක් විතර වෙද්දි මම පන්ති යන්න පටන් ගත්තා. පයින් තමයි ගමන. අපරාදේ කියන්න බෑ පන්ති යන්න සෙට් එකකුත් හිටියා. සෙට් එකම අපේ ගේ ලඟින් යන්නේ. අපේ කොඩිකාරයත් පන්ති එනවා. ඌ එන්නේ තාත්තා එක්ක. තාත්තා ඌව බයිසිකලෙන් පන්තියට ගිහින් දානවා. කොඩිකාර කියන්නේ මාත් එක්ක 1 වසරේ ඉඳන් මේ දක්වාම ඉන්න එකෙක්. ඌ මගේ අතිජාත මිත්‍රයා උනත් තාත්තා එක්ක එන නිසා ඌව මඟ අරිනවා.මොකද අපි සෙට් එකට වැඩ තිබුනේ පන්තියට යන එන අතරමඟ. කොඩ්ඩගේ තාත්තට හරි පන්තියට එන වෙන කාගේ හරි දෙමව්පියෙක්ට මාට්ටු උනොත් අපේ වැඩ ඔක්කොම හබක්. අපිට ඔය තිබ්බ තිරිකිස් වැඩ නිසා තමයි මට අර සින්දුව ඇහෙද්දි පන්ති ගිය හැටි මතක් වෙන්නේ.
ඔන්න අපි සෙට් එකට උදේම පන්තියට යන අතරේ තියනවා ලොකු රාජකාරියක්. ඒ තමයි සංඛ්‍යාලේඛනයක් හදන්න. හතර වසරේ උන්නු කිරි කජු කොල්ලන්ට මොන සංඛ්‍යාලේඛනද කීවලු? සංඛ්‍යාලේඛනය වෙන මොකවත් ගැන නෙවෙයි, පාර දෙපැත්තේ වතුවල තියන රඹුටන් , අඹ, පේර, ජම්බු, ලොවි, වෙරළු....... මෙකී නොකී ගඩා ගෙඩි ගැන තමයි. කොකෝවා ගහකුත් තිබ්බා හොඳට මතකයි. උදේට ඔය හදන රිපෝට් එකේ හැටියට තමයි පන්ති ඇරුනහම වැඩ සිද්ධ වෙන්නේ. අනික ගිය සතියේ පන්ති එද්දි ගස් වල තිබ්බ පැහිච්ච නැති ගෙඩි ගැන එහෙමත් හොඳ මතකයක් සෙට් එකටම තිබ්බා. හොඳට ඉදුනු පේර, රඹුටන්, ජම්බු වගේ දෙයක් උදේ දැක්කොත් පන්ති ඇරෙනකම් කට්ටියට සිහි නෑ. පන්ති ඇරිච්ච ගමන් සෙට් එකම නවතින්නේ ගස් යට තමයි. අනිත් එක ඔය වතු වල අයිතිකාරයෝ ගෙඩි කැඩුවා කියලා ගහන්න බනින්න ආවේ නෑ. සමහර වෙලාවට අයිතිකාරයා දැක්කොත් අහලම කඩාගන්නවා. ලඳු ගානේ රිංගන්න හේතුවක් නැති උනොත් ඒ කිවේ කඩන්න තරමේ පැහිච්ච ඉදිච්ච ගඩා ගෙඩි නැති වුනොත් ඊළඟ වැඩේ තමයි ඇළකට බැහැලා මාළු අල්ලන එක. අපේ ගම මැද්දේ ලොකු වෙල්යායක් තියනවා. ඔය වෙල අයිනෙන් යන පොඩි ඇළට බැහැලා සිලි කවරයක් හොයාගෙන මාළු අල්ලනවා. ඔය මොන කෙලිය කරත් මම නම් ගමේ මිනිහෙක් දකී කියලා පට්ට බයේ තමයි ඉන්නේ. වෙන මොකවත් නෙවෙයි සමහර වෙලාවට මම ගෙදර එන්න කලින් මගේ වැඩ ගැන ගෙදරට සියළු විස්තර ඇතුව වාර්තාව ඇවිල්ලා. එදාට ඉතින් ඉඳලා ඉවරයි.
පහ වසරට ආවහම අම්මා මට බයිසිකලේ පන්ති යන්න දුන්නා. බයිසිකලේ කීවේ බාගේ බයිසිකලයක්. හැබැයි කොන්දේසි බර ගානක් දාලා තමයි අවසර දුන්නේ. හයියෙන් යන්න බෑ. ඩබල් දාලා යන්න බෑ. පැලවත්ත කන්දෙදි බැහැලා බයිසිකලය තල්ලු කරගෙන එන්න ඕනේ. ( පැලවත්ත කන්ද කියන්නේ පට්ටම බෑවුමක් ) මලාට බයිසිකලේ කන්දේ පදින්න නම් බෑ. එද්දි නම් පල්ලම. ආයේ මුකුත් නෑ වෙඩිල්ල වගේ එන්න පුලුවන්. පල්ලම ඉවර වෙන්නේ වෙල් යාය පටන් ගන්න තැනින්. ඒ එක්කම වංගුව. කොහොම කොහොම හරි අම්මා ඔය මොන කොන්දේසි දැම්මත් මම ඉතින් ඔය කරන්නේ නෑ කීව හැම දේම කොලා. පුදුම කරුමයක් කියන්නේ හැමදාම අම්මට ආරංචි වෙනවා මම කන්ද පල්ලමේ නැඟලා ආවහම. ඩබල් දාලා ආවාහම. මම ඒ දවස් වල ඔය කේලම් කියන එකා හොය හොය හිටියේ.හෙව්වේ ඌට ගහන්න එහෙම නෙවෙයි අනිත් දවසේ ඌට පෙන්නේ නැතිව එන්න. පුදුම තරහක් තිබුනේ ඌත් එක්ක.
දවසක් පන්තිය ඇරෙන්න කිට්ටුව වැස්සක් පටන් ගත්තා. ඉවරයක් නැතුව වහිනවා. වැස්සක තෙමෙනවා කියන එක මොනතරම් ආතල්ද? මම ඉතින් පොත් ටිකත් සිලිකවරයට දාගෙන ඕන එකක් කියලා බයිසිකලේ අරන් එලි බැස්සා. අර පල්ලමට කිට්ටු කරහම වැස්ස නිසා තල්ලු කරන් යන්නත් කල්පනා කරලා ආයෙත් වීරයා වගේ පැදගෙනම පල්ලම බැස්සා. පල්ලම කාලක් විතර ආවාහම බ්‍රේක් ගහලා බැලුවා. උදේ හොඳට වැඩ කරපු බ්‍රේක් හදිස්සියෙ අතුරුදහන් වෙලා. බ්‍රේක් වදින්නෙම නෑ. එහෙන් වැස්ස. මෙලො දෙයක් කල්පනා කරන්නවත් වෙලාවක් තිබුනේ නෑ. මම බුලට් එක වගේ කන්දපල්ලමේ එනවා. වෙල්යායට කිට්ටු උනහම හොඳට ඇස් දෙක තද කරලා වහගත්තා. හැඩල් එක හයියෙන් අල්ලගත්තා. එච්චරයි මතක. කොල්ලයි බයිසිකලෙයි දෙන්නම උඩින් ගිහින් නතර වුනේ වෙලේ. දඩ බඩ ගාලා නැඟිටලා බැලුවා කවුරුත් දැක්කද කියලා. වෙලේ හිටපු මි හරක් රංචුව ඇරෙන්න වැස්ස නිසා කවුරුත් අහල පහල නෑ. අතක් පයක් කැඩුනේ නෑ හොඳ වෙලාවට. ඇඟ පුරා මඩ, ගන්න සසරක් නෑ. මඩ පිටින් ගියොත් වැඩේ මාට්ටු නිසා වැස්සෙම ඇළට බැහැලා මඩ හෝදගෙන කොල්ලා ගෙදර ආවා. ඒත් වැස්සේ බයිසිකලේ ආපු නිසා හොඳට බැනුම් ඇහුවා. මේ සීන් එකට මං මෙච්චර කල් පබ්ලිසිටියක් දුන්නේ නෑ. ඒ කාලේ ඉතින් විලි ලැජ්ජාව නිසා කාටවත් සීන් එක කීවෙ නෑ. ඔන්න ඒකත් අද කීවා.
ඔන්න ඔහොමයි පුංචි පහේ ගොඩයා ශිෂ්‍යත්ව පන්ති ගියේ. පන්තියට වුනත් හෙනම ආතල් එකේ තමයි ගියේ. සමහරු ගොඩයට ශිෂ්‍යත්වය පාස් වෙන්න තරමේවත් ලකුණු ගන්න බෑ කියලා කියද්දි, පියසීලි ටීචර්ට පිං සිද්ධ වෙන්න ගොඩයා ශිෂ්‍යත්වේ හොඳට පාස් වෙලා ලොකු ඉස්කෝලෙකටත් ගියා. පන්තිය යන අතරමඟ මොන නාඩගම නැටුවත් පන්තියෙදි වැඩ ටික හොඳට කලා. ඒ පියසීලි ටීචර් බොහොම ආදරයෙන් කරුණාවෙන් උගන්නපු නිසා. අදටත් ලංකාවට යන වෙලාවට එතුමිය බලලා එනවා. මට අර සින්දුව ඇහෙනකොට ඔය පරණ සිද්ධි මතක් වෙනවා.අපි ඉතින් පන්තිය ගියත් ඒ අතරතුරෙත් කලේ කැලේ පැන්න එක, ගඩා ගෙඩි හොයපු එක, ඇළවල්වල දන්ඩි පැටව් අල්ලපු එක. ඒත් ඉතින් අද කාලේ පොඩි උන්ට නම් මෙහෙම අත්දැකීම් නෑ. උන්ව බඩට ආපු දවසේ ඉඳන් අම්මලා උන්ව පන්ති යවනවානේ. ඒ යවන්නෙත් ඉතින් ලොකු ලොකු පන්ති වලටනේ. අනික උන්ටත් ඉතින් වීඩියෝ ගේම්, කොම්පියුටර්, ෆෝන් වලින් තොර ලෝකයක් නෑ. තියන තරඟය නිසා පොඩි උන්ට උන්ගේ ළමා කාලය අහිමි වෙලා. හිතක් පපුවක් නැති, ගහ කොල, සතා සීපාවා තියා අම්මා තාත්තාවත් අඳුරන්නේ නැති පරම්පරාවක් බිහිවෙන එක ගැන එක අතකට පුදුමයකුත් නෑ. මොකද උන්ට ඒ දේවල් අඳුරගන්න වෙලාවක්, අවස්ථාවක් නෑනේ.............
ගොඩයාගේ වංහුං ලියන්න පටන්ගත්තේ මට හිතෙන හැමදේම ඔහේ ලියනවා කියලා හිතාගෙන..... රසබර සිද්ධීන්, දුක්බර සිදිධීන්, මෙලෝ රහක් නැති සිද්ධි, අහපු දේවල්, දැකපු දේවල්, හිතෙන දේවල්, කවි, කතා, මෙකී නොකී සියළුම දේවල් ඔහේ ලියනවා...... ලියන සමහර දේවල් මෙලෝ රහක් නැතිවෙයි. සමහර දේවල් රස වේවි...... හරියට අපේ ජිවිතේ වගේ.......
Saturday, April 9, 2011
Sunday, April 3, 2011
අවසාන මහා තරඟය............
මේ ලියන්න යන්නේ ඊයේ මැච් එක ගැන විචාරයක් එහෙම නෙවෙයි. කොහොමත් එහෙම ඒවා ලියන්න තරම් මම පොරක් නෙවෙයි. මැච් එක පැරදුනාට පස්සේ මොන විචාර දුන්නත් වැඩක් නෑනේ. මේ ලියන්න හදන්නේ මැච් එක බලන්න ගියපු මට ඇහුන, දැකපු දේවල් සහ මට හිතුන ඒවා. අනිතිම ලාස්ට් ෆයිනල් මැච් එක හින්දා මගේ යාළුවෝ සෙට් එකම කතා කලා එලියට ගිහින් මැච් එක බලන්න. ලංකාවේ ඉන්නවා වගේ නෙවෙයිනේ පිට ඉන්නකොට. කාමරේට වෙලා ඉන්ටර්නෙට් එකෙන් ඕක බලන එකේ කිසිම ගතියක් නෑනේ. ඉතින් කට්ටියම කතා කලා කොහේ හරි පබ් එකකට හරි රෙස්ටුවරන්ට් එකකට හරි ගිහින් මැච් එක බලමු කියලා. ගාණකට තට්ටු වුනත් කට්ටිය සෙට් වෙලා බියර් එකක් එක්ක තරඟය බලන එකේ ෆන් එක වැඩි නිසා මමත් හා කීවා.ඊයේ දවල් වෙනකම්ම යන්න තැනක් හෙව්වා. මෙහෙ ක්‍රිකට් පෙන්නන්නේ ගොඩක් වෙලාවට ඉන්දියන් පබ් වල. මොකද මෙහෙ ක්‍රිකට් ජනප්‍රිය නෑ. ගොඩක් තැන් වලට කතා කරහම ඒවා බුක් කරලා. අනික ඉන්දියන් පබ් වල ඉන්දියන් උන් පිරිලා. අපිට එහෙම තැනකට යන්න ඕන වුනෙ නෑ.
හවස් වෙද්දි එක එකා අදහස වෙනස් කරගෙන ඉතුරු වුන අපි පස් දෙනා ගියා රෙස්ටුවරන්ට් එකකට. මගේ ඉන්දියන් යාළුවෝ දෙන්නෙකුත් ආවා. හොඳ තැනක් ඕන නිසා කලින්ම ගියා.වැඩි කලබලයක් නෑ. අපි හිතුවා අවුලක් නැතිවෙයි කියලා. මෙන්න බොලේ ටිකකින් කඩාපාත් වුනේ නැත්ද ඉන්දියන් උන් 20ක් 30ක්. ලංකාවෙන් අපි පස් දෙනයි. ටිකකින් බලද්දි ඉන්දියන් උන් ඉන්නවා 40ක් විතර." අයියෙ සෙට් එකම ඉන්දියාවෙන් වගේ, අපි විතරයි ලංකාවෙන්, මාර ගේම නේද? කෑවොත් නම් ඇපත් නෑ. අනේ කොහොමහරි ගහපල්ලා." ඒ මාත් එක්ක ගියපු උන්. අනිත් කාරණය අපියි ඉන්දියන් උනුයි පෙනුමන් එක වගේ නිසා වාඩි වෙලා ඉන්න උන් ඔක්කොම ඉන්දියන්මද කියලා ෂුවර් නෑ. ඔන්න මැච් එක පටන් ගත්තා.
මැච් එක පටන් අරන් විනාඩි 3ක් 4ක් යද්දි තේරුනා වටේම ඉන්නේ ඉන්දියන් උන් කියලා. ඩිල්ශානුයි, තරංගයි දෙන්නම හිර වෙන්න වෙන්න උන් දෙවනත් වෙන්න කෑ ගහනවා. බෝලෙන් බෝලෙට චීයර් කරනවා. අපි 5 දෙනා හරියට හනුමන්තාගේ සේනාවට කොටු වෙච්ච රාවනාගේ කොල්ලො වගේ. කට ඇරගන්න චාන්ස් එකක් එනකම් බලාගෙන ඉන්නවා. අනික අපේ උන් ලංකාවේ ටී ෂර්ට් ඇඳගෙන ආවේ. ඉතින් උන් ඔක්කොම දන්නවා අපි ලංකාවෙන් කියලා. බෝලෙන් බෝලෙට අපි දිහා බලනවා, කෑ ගහනවා. අම්මෝ ඒ කෑ ගැහිල්ලෙන්, බැලිල්ලෙන් දැනෙන ප්‍රේෂර් එක විස්තර කරගන්න මට බෑ. මැච් ගහන උන්ට වඩා එතන බලන්න ගිය අපිට ප්‍රෙෂර්. උඹලට කියන්න මට එවෙලේ මතක් උනේ පිට්ටනිය මැද්දේ සෙල්ලක් කරන අපේ කොල්ලන්ට මොනතරම් පීඩනයක් ඇත්ද කියලා. අපිට මෙතන 40ක් 50ක් ඉඳලා මෙහෙම ඒක දැනෙනවා නම් දාස් ගානක් මැද්දේ ඉන්න අපේ කොල්ලන්ට කොහොමඇත්ද? අනිත් රටක එකෙක් දෙන චියර් එකක් වගේ නෙවෙයි මුන්ගේ චියර්. මුන් ඉතින් ෆිල්ම් එකක් බලලා අන්තිමට වීරයා මැරුනොත් ෆිල්ම් හෝල් එක ගිනිතියන ජාතියක්නේ. අපි 5 දෙනා හිතින් අනේ හතරක් ගහපන්, අනේ හතරක් ගහපන් කිය කිය හිටියා. 4 ගහපු ගමන් අපි 5 දෙනා කෑ ගහනවා. ඒත් කරුමෙට ඊයේ උන් හොඳට ෆීල්ඩ් කරා. ඉන්දියන් උන්ටත් පුදුමයි ඊයේ උන් ෆීල්ඩ් කරපු හැටි.මම හිතන්නේ ඉන්දියන් ටීම් එකේ උන් දන්නවා මැච් එක කෑවොත් කොහොමත් රටේ උන් උන්ගේ අඬු කඩනවා කියලා. ඉතින් නිකන්ම අඬු කඩාගන්නවට වඩා බෝලෙකට පැනලා අතක්, පයක් ගැලවුනත් දුක නෑ කියලා හිතාගෙනද කොහෙද උන් ඊයේ සෙල්ලම් කලේ. ඔහොම ඔහොම වෙලාව යද්දි ඔන්න මහේල ටික ටික නෙලන්න ගත්තා. අපිට මාර ආතල්. දැන් මොකෙක්වත් සද්ද නෑ. අපිට අමුතු විදිහේ කෝචොක් බැල්මවල් දාන්නෙත් නෑ.
අන්තිම බෝලටත් තිසර මල්ලි 6ක් ගැහුවා විතරයි අපිට පුදුම ආතල් එකක්. එතන හෙලවෙන්න කෑ ගහලා වටපිට බැලුවා. කලින් කෑගහපු උන්ගේ මූණු මැලවිලා. ඉන්දියන් සෙට් එකෙම තිබුන බලාපොරොත්තු හේදිලා තිබුනා. එ වගේම බලාපොරොත්තු අත ඇරගෙන තිබුන අපිට බලාපොරොත්තුවක් ලැබුනා. දැන් ඉතින් දෙවනි ඉනිම තමයි වැඩේ. ඔය අතරේ ඉන්දියන් එකෙක් අපිට ඉඳන් කියනවා " ඕක දිනුවේ නැත්නම් ටීම් එකට එලියට යන්න හම්බ වෙන්නේ නෑ. අනිවාර්යයෙන් කුඩු කරනවා ඔක්කොම. ඕක සචීන්ගේ ටවුන් එක. ඒ නිසා මේක කොහොමහරි දිනන්න ඕනේ. " කියලා. අපිට වඩා ඉතින් උන් දන්නවානේ උන්ගේ උන් ගැන. අනික අපිට මතකයි 96 සෙමි ෆයිනල් වෙලාවේ ඉන්දියන් උන් හැසිරුන විදිහ. කතාව බොරු වෙන්නත් බෑ. කොහොමත් අපිට දැන් දිනුවත් පැරදුනත් දුක නෑ. චාටර් ලකුණු ගානකට අපේ කට්ටියම අවුට් වෙලා චාටර් උනා නම් මොනවා උනත් හිතට දුකයිනේ.
ඔන්න දෙවනි ඉනිමත් පටන් ගත්තා. මාලිංගගේ පලවෙනි ඕවරෙන්ම එකෙක් ගියා. පට්ට ආතල්. ෆුල් සද්දයක් දාලා වටපිට බැලුවා. ඉන්දියන් උන්ගේ මූණු ඔක්කොම මල ගෙයක් වගේ කරගෙන. එහෙම ඉඳලා ඉඳලා හතරක් වැදුන ගමන් උන් කෑගහනවා මැච් එකම ගැහුවා වගේ. මොනවා උනත් ඉන්දියන් උන් මාලිංගට පට්ට බයයි. මාලිංග බෝල් කරද්දි කට්ටියම කට ඇරගෙන බලාගෙන ඉන්නේ. ඔහොම ඔහොම ඕවර් 30ක් විතර වෙනකම් ගියා. කට්ටියම දැන් සද්ද නෑ. මීයට පිම්බා වගේ. අපිවත් ඉන්දියන් උන්වත් කෑගහන්නේ නෑ. කාටවත් ෂුවර් නෑ මොනවා වෙයිද කියලා. මොනවා උනත් ඕවර් 45 ට විතර එනකම් මාරම ආතල්. අපි අනේ විකට් එකක්, අනේ විකට් එකක් කිය කිය ඉන්නවා. ඉන්දියන් උන් අනේ 4ක් අනේ 4ක් කිය කිය ඉන්නවා. මැච් එකේ හතලිස් පස්වෙනි ඕවරේට ආවට පස්සේ " මල්ලී මට නම් පේන විදිහට අද ඉන්දියන් උන්ට රෑ කෑමට සිංහ මස් වගේ. අපි පස් දෙනාවත් කන සීන් එකක් තියෙන්නේ. ලකුණු 274ක් ගහපු නිසා අපේ උන් මෙතනින් රෙදි ඇඳගෙන යන්න පුලුවන්. එහෙම නොවුනානම් යන්න වෙන්නේ කලිසම ගලවලා ඒකෙන් ඔලුව වහගෙන තමයි" එහෙම කියලා මම පරදින එක ගැන හිත හදාගත්තා. " නෑ ,නෑ බං අපි අද දිනනවා. දිනනවාමයි. තව ඕවර් 5ක් තියනවානේ. අනිවා ඊළඟ එකේ විකට් 2ක් යනවා. එතනින් එහාට ගේමම ගොඩ. " අපේ එකෙක් පරදින්න යනවා කියලා පිලිගන්න කැමතිම නෑ. ඒකත් එක අතකට හොඳයි. හොඳ හයියක්.
ඔන්න දෙයියනේ කියලා නුවන් කුලසේකරගේ ඕවරේට හතරේ දෙකක් නෙලුවා. පලාතම හෙලවෙන්න අරුන් කෑගහනවා. අපිට නම් ඇපත් නැත. ඊළඟ ඕවර් එකෙන් මැච් එක අපි පැරදුනා. කවුරුහරි දිනන්න තවත් කෙනෙක් පරදින්න ඕනේ. ඒත් පැරදුනත් මට දුකක් හිතුනේ නෑ. මොකද ඊට විනාඩි 15 කට කලින් ඉන්දියන් උන්ගේ මූණු දැක්කාහම අපි උන්ට හෙන ගේමක් දීලා පැරදුනේ කියලා පෙනුන නිසා. අනික අපිට උන්ට වගේ නෙවෙයි ජය පරාජය දෙකම දරාගන්න කොන්දක් තියනවා. සමහරවිට අපි දිනුවනම් අර කලින් ඉන්දියන් එකා කීවා වගේ උන්ගේ ටීම් එකටත් ගහලා අපේ කොල්ලන්ටත් ගහලා මොකක් හරි මෝඩ ආතල් එකක් ගන්න ඉඩ තිබ්බා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගන්නයි තියෙන්නේ. අපරාදේ කියන්න බෑ දිනලා, කෑ ගහලා ටික වෙලාවක් ගියාට පස්සේ සෙට් එක අපි ලඟට ඇවිත් " hey are you guys ok ? don't worry man. it was an amazing battle. your team did well. " කීවා. මොනවා උනත් ලඟට ඇවිත් කතා කරානේ. අපිත් ඉතින් හිතින් බැන බැන කට්ටියටම සුභ පතලා ආවා.
ඇත්තටම මට හිතෙන විදිහට නම් අපේ කොල්ලන්ට බනින්න දෙයක් නෑ. අළුත් මූණු කීපයක් එක්ක සංගයි, මහේලයි යම් කිසි දෙයක් කෙරුවා. උන්ගේ රටේ උන්ගේ මිනිස්සු මැද්දේ සෙල්ලම් කරද්දි තියන පීඩනය ගැන පොඩිහරි අදහසක් මට ආපු නිසයි මේ කියන්නේ, එහෙම පීඩනයක් එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. කොහොම උනත් දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මේක ලීවේ මගේ ජීවිතේ මෙහෙම අත්දැකීමක් ලැබුනේ ඊයේ නිසා. අනිත් හැම පාරම ලංකාවේ උන් එක්ක මැච් බැලුවේ. ඒ විස්තරේ නම් ඉවරයි. මම අද උදේ දැක්කා මැච් එක ඉවර වෙද්දිම ලංකාවේ ඉන්ධන මිල නැග්ගා කියලා ප්‍රවෘත්තියක්. මැච් පැරදුන හින්දා තමයි ඔය ගානෙන් වැඩි වුනේ දිනුවානම් අනිවා තවත් රුපියල්5ක් 10ක් එකතු කරනවා වැඩි කරපු ගානට. මොකද මැච් එකේ ජයග්‍රහනය සතියක් විතර යනකම් භුක්ති විඳිනකොට අපේ මිනිස්සුන්ට ඔය ගනන් හිලව් අමතක වෙනවානේ. දැන් ඉතින් වර්ල්ඩ් කප් එක ඉවරයි. පටි තද කරගෙන කප් එක ගහනකම් ජිවිත ක්‍රිකට් මැච් එක ගහන හැටි කල්පනා කරපල්ලා. මේ තියන පීඩනයත් එක්ක හයේ , හතරේ ඒවා නම් අපිට ජීවිතෙට ගහන්න බෑ. ඒ උනාට අඩුගානේ විකට් එක බේරගන්න උත්සහයක් ගමු................
Saturday, April 2, 2011
ඇහින්දාස් ගමන.........(අවසාන කොටස)
කලින් පෝස්ට් එකේ කීවනේ කොහොමද රාත්‍රිය ගත වුනේ කියලා. සීනි සම්බෝල ගෙනාපු භාජනයෙන් ඇඟ හෝදලා එකෙම ලූණු සම්බෝල හදලා පාන් කාලා තමයි කට්ටිය නින්දට වැටුනේ. එලිය වැටෙනවත් එක්කම කට්ටිය නැඟිට්ටා. " මචං උදේට නම් ටී එකක් ගහන්න ඕනේ. ඒක නැති වුනොත් නම් ඉතින් ලෝක චාටර් එකක් කන්න වෙන්නේ. බොඟක් දාගන්න ටී එකක් නැතුව නම් බෑ ඕං. උදේට නොකෑවත් ටී එකක් නම් ඕනේ." ඔන්න එකෙක් උදේ නැඟිට්ට ගමන්ම පටන් ගත්තා දවසේ ප්ලෑන් එක ගහන වැඩේ. කතාව ඇත්ත. ටී එකක් බොන වැඩේ ඒකමතිකව සම්මත වුනා. ඔය අස්සේ අපේ හලා මල්ලී " මේ වරුණ අයියේ, මට නම් උදේට බත් ඕනේ. උදේට බත් එකක් කෑවේ නැත්නම් දවසම ඇඟට පණ නෑ. මට ඔය පාන් රොඩු උදේට කාලා පුරුදු නෑ". මට මේ ටික ඇහුනා විතරයි උදේම කට්ට පැන්නා රතු ඉරටත් උඩින්. උදේට පාන් රොඩ්ඩක්වත් කාගන්න විදිහක් නැතුව මම මේ කල්පනා කරනවා. මූ මඟුලක් කතා කරනවා."දෙන්නම් තොට බත්" එහෙම හිතාගෙන " මල්ලී බත් තියා පාන්වත් උදේට කන්න බැරි සීන් එකක් තියෙන්නේ. උඹ කියන කතාවනම් ඇත්ත බං. අපි උනත් කැමතියි බත් කටක් කන්න. ඒත් කොරන්න දෙයක් නෑ. උදේට නම් බතුත් නෑ, පානුත් නෑ." කියලා මම කීවා. ඕක ඇහුනා විතරයි සෙට් එකම ඩිම්. " සිරාවටම අයියා උදේට මොකක්වත් කරගන්න බැරිද? මුකුත්ම නොකා ඉන්න අමාරුයි නේද? " කට්ටියගෙන්ම බර බරේ. මමත් ඉතින් ෆුල් සීරියස් එහෙම කීවට උදේටත් කට්ටිටම මොනවාහරි කන්න ගන්න හිටියේ. අනිත් කාරණය අපි නැවතිලා හිටියේ මුතියංගණය පංසල ඉස්සරහා තැනක. ඉන්න තැනක් හොයාගන්න කලින් පන්සලට ගොඩවුනාට ඒ ගොඩවුනේ පංසලේ නවතින්න පුළුවන්ද බලන්න මිසක් වන්දනා මාන කරන්න නෙවෙයිනේ. කලින් දවසෙත් ගියාට හිතේ තිබ්බේ නවතින්න තැනක් හොයන ප්‍රශ්නෙනේ. ඉතින් හැමෝටම උදේ පන්සලට යන්න උවමනාව තිබ්බා.
කට්ටියම උදේම මූණ කට හෝදගෙන නැවතිලා හිටිය තැන ආපහු දෙන්න කලින් හිස් බඩම පංසලට ගියා. උදේම මුතියංගනය වන්දනාමාන කරගත්ත උපාසක මහත්තුරු ටික ඒ අහල පහල කඩේකට ගියා ටී එකක් ගහන්න. ඒ වෙලාවේ බාපු උණු උණු කිඹුලා බනිස් තිබ්බා හෝටලේ. කට්ටියටම පාන් කන එක අමතක උනා. කිඹුලා බනිසකුයි ටී එකකුයි ගහමු කියලා යෝජනාවක් ආවා. කිඹුලා බනිසකුත් ඒ දවස් වල මහා ගානක් නෑ. ඒ නිසා ඔන්න යෝජනාව අනුමත වුනා. දැන් ඔන්න හැම එකාම කිඹුලා බනිසයි ටී එකයි ඕඩර් කලා. ඉසුරුවා හදිස්සියේම ඔළුව කහ කහා මම හිටිය තැනට ආවා. ඌ ඉතින් ඔළුව කහ කහා එනවා කියන්නේ ඌට මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. මූ ලඟට ඇවිත් ඔළුව කහන ගමන්ම " වරුණ අයියේ, මේ මට ටී එපා" . මම කල්පනා කරනවා මූ මේ මොකාටද එන්න හදන්නේ කියලා. දෙයියනේ කියලා කවදාවත් කෑම බීම එපා කියපු නැති එකාට හදිස්සියේ මොකක් වෙලාද?. " ම්හ්... ඇයි උඹට ටී බොන්න බැරි ? මොකෝ බඩේ අජීර්ණයක්වත්ද? ".
" අනේ නෑ වරුණ අයියේ , මම මේ කියන්න හැදුවේ මට ටී එපා. මට ටී එක වෙනුවට තව කිඹුලෙක් කන්න බැරිද? ටී එකේ ගානමයි යන්නේ. අවුලක් නෑ නේද? පට්ට බඩගිනියි බං." කියලා කියපි ඉසුරුවා. එක පාරටම කට්ටියටම හිනා ගියත්, මගෙ බඩ පපුවත් දාලා ගියා ඌ ඒ අහපු විදිහට. ඌ ඇත්තටම පට්ට බඩගින්නේ ඉඳලා තියෙන්නේ. "කාපන්, කාපන්. කිසිම අවුලක් නෑ. බඩ පුරවගන්නත් ඕනෙනෙ,"
ඔන්න කට්ටිය තේ බීලා ඇවිත් අවශ්‍ය කරන දේවල් කරගෙන පිටත් වෙන්න සූදානම. මමයි තවත් එකෙකුයි ගියා අන්කල්ට යතුට දෙන්න. ඒ අතරේ එක එකා එලියට ඇවිල්ලා අපි යතුර භාර දෙනකම් එලියට වෙලා ඉන්නවා. අන්කල්ට කතා කරහම ආවා එලියට. යතුර ගන්න ගමන්ම මෑන් සෙට් එක දිහාම හොඳට බැලුවා. " මේ ළමයි මට කීවේ ඉන්නේ දහ දෙනයි කියලනේ ? ඒත් මෙතන ඊට වඩා ඉන්නව නේද? " යකෝ වයසට ගියත් මනුස්සයගෙ පෙනීම හොඳයි. අපි නිකමටවත් හිතුවේ නෑ ඔය කේස් එක මාට්ටු වෙයි කියලා. " ආ... උන් දෙන්නයි බස් එකේ අයියයි නිදා ගත්තේ බස් එකේ. දැන් මේ ලැට් එකට යන්න ඕන වෙලයි ඔය අපිත් එක්ක ආවේ. අනික අන්කල් කාමරේ 10ට වඩා දාන්නත් බෑනේ. එහෙනම් අන්කල් උදව්වට බොහොම ස්තූතියි. ලොකු පිනක් අන්කල් කරගත්තේ. අපි ගිහින් එන්නම් එහෙනම්." කියලා සෙට් එකම නොසෑහෙන්න අන්කල්ට ස්තූති කරලා එතනින් මාරු වුනා. ඇත්තටම ඒ මනුස්සයා ඒ වෙලාවේ අපිට කලේ ලොකු උදව්වක්. එතනත් නැතිවුනා නම් පාරේ තමයි සෙට් එකම. බස් එකට නැග්ග ගමන් මාතෘකාව වුනේ ඊළඟට මොකෝ වෙන්නේ කියන එක. ඊයේ දවසත් කට්ටියට හරියට නාගන්න බැරි උන නිසා හැමෝටම හොඳට නාගන්න පුලුවන් පොට් එකකට යන්න ඕන කීවා. (කන්න නැති එකේ අඩු ගානේ නාන්නවත් හොඳට.)බණ්ඩාරවෙල යන ගමන නැවත්තුවා. මයියංගණය, හසලක හරහා රිවස්ටර්න් ( පිටවල පතනට ) යන්න තීරණය වුනා. තෙළගමු ඔයේ නාපු එකෙක් දන්නවා තියන ආතල් එක. ඒත් දැන් ඒ ආතල් එක අඩු වෙනවා මට හිතෙන විදිහට.ඔන්න මමත් මාතෘකාවෙන් පිට පනිනවා. රිවස්ටර්න් ගැන වෙන දවසක කතා කරමු.
උඩ වලව එහෙම ගිය උන් දන්නවා ඇති හසලකින් දාලා මාතලේට වැටෙන පාර. මයියංගනෙන් පස්සෙ ආයේ ටවුමක් නෑ. ඉතින් දවල්ට කන්න මොනවාහරි කන්න තියෙන්නේ මයියංගනෙන්. සුපුරුදු විදිහටම මේ වේලත් පාන් වලින් ගොඩ දාගමු කියලා තීරණය වුනා. දැන් වගේ නෙවෙයි මිනිස්සු ඒ කාලේ පාන් කෑවේ අඩුවට වේල පිරිමහ ගන්න. දැන් නම් ඉතින් පාන් කන්නත් හොඳ වත් පෝසත් කමක් තියෙන්න ඕනෙනෙ. ඉස්සර වගේ පොල් සම්බෝලයි පානුයි කන්න බෑ කියලයි ආරංචිය.. පොල් ගෙඩියටයි, පාන් රාත්තලටයි රුපියල් 120ක් විතර යනවලු. ඒ කතාවත් පැත්තකින් තියමුකො. එදා ඕං එකෙක්ට පාන් තුන් කාලක් වැටෙන විදිහට දවල්ට කන්න පාන් ගත්තා. බස් එකේ අයියට බත් එකක් අරන් දුන්නා. මොනවා උනත් ඔය කඳු අස්සේ සුක්කානම කරකවන්නයි, උඩ නැඟලා බ්‍රේක් ගහන්නයි ඌට හයිහත්තිය ඕනෙනෙ.
දවල් 12 විතර වෙද්දි අපි තෙළගමු ඔයට කිට්ටු කරා. කට්ටියම වතුරට පැන්නා. හවස 3 විතර වෙනකම් නෑවා. දන්නවනේ ඉතින් පැය ගාණක් නෑවට පස්සේ කොහොමද දැනෙන බඩගින්න කියලා. සෙට් එකටම පට්ටම බඩගිනියි. ඒත් එතන තිබ්බ විදිහට සෙට් එකටම එකට කන්න බෑ. මොකද පාන් කන්න ගෙනාපු හොඳි දාගන්න තිබ්බෙත් අර ලූණු සම්බෝල හදපු භාජනයම තමයි. කට්ටිය දෙකට බෙදිලා කට්ටියක් ඉසෙල්ලා කෑවා. එකෙක්ට පාන් තුන් කාලයි. ඔන්න පලවෙනි වටේ ඉවරයි. දැන් දෙවනි වටේ. එක පාරටම ගන්කේවලයා " කෝ යකෝ අපිට තියෙන්නේ පාන් බාගයයිනේ. තුන් කාලක් නෑ. බලපල්ලා කලින් කාපු උන් තුන් කාලක් කෑවට අපට බාගයයි. කෝ මේ පාන් ගේන්න ගියපු උන්? කවුද යකෝ පාන් කීයද කියලා ගණන් හදපු එකා ? මහ ලොකුවට මැත කරන්නේ. කොල්ලො 12 දෙනෙක්ට පාන් තුන්කාල ගානේ පාන් කීයක් ඕනෙද කියලා ගනන් හදාගන්න බෑ". ගන්කෙයට පට්ටම මල. ඌ පට්ටම සාධාරණයි. නිකමට හිතපල්ලා වේල් 2ක්ම පාන් රොඩ්ඩක්, බනිසක් කාලා හිටපු උන් පැය ගාණක් නාලා පට්ට්ම බඩගින්නේ කන්න ආවහම මල උපරිමෙනුත් උපරිමේට පනින්නවනේ. දැන් ඉතින් පාන් ගාන හදපු එකෙක්වත්, ගේන්න ගියපු එකෙක්වත් නෑ. ඒ ඔක්කොම කරලා තියෙන්නේ වෙන ට්‍රිප් එකක් ගිය වෙනම සෙට් එකක්.
අනිත් කේස් එක උන් ටිකට මොනවා හරි කන්න අරන් දෙන්නත් අඩුම තරමේ රත්තොටට යනකම් ඉන්න වෙනවා. ඒකත් පැයක දෙකක ගමනක්. වෙච්ච වැඩේට මටත් මාර අවුල්. එවෙලේ කෑගැහුවට ඒ කේස් එක එහෙම්මම ඉවරයි. මම ඒකයි කලිනුත් කීවේ රත්තරං පපු තිබ්බ කොල්ලො ටිකක් කියලා. වෙන එකෙක්ට නම් මරාගන්න ඒ වැඩේ හොඳටම ඇති. ඒත් අපේ ගන්කෙ " අවුලක් නෑ. උඹලා කෑවානේ. දැන් ඉතින් කාපුවා වමාරන්නද? හරි හරි. කාපු බීපුවා ගැන හිතලා, කතා කරලා වැඩක් නෑ. අපි මඟින් ටී එකක් ගහමු බඩගින්නට. මේ සීන් එක අමතක කරලා ගන්න ආව ෆන් එක ගමු ". පාන් සීන් එක එතනින් ඉවරයි.
කට්ටිය සෑහෙන දුරක් එනකම් කෑ ගහ ගහා පිස්සු කෙල කෙල ආවා. ඒත් ටික වෙලාවක් යද්දි එකෙක්ටවත් පණ නෑ. දවස් දෙකටම එකෙක්වත් හරියට බඩ පිරෙන්න කාලා නෑ. අපේ ගම් බිම් කිට්ටු වෙද්දි ඔන්න අතෙ තියන සල්ලි එකතු කලා. අම්මට සිරි දහතුන්දාස් පන්සිය ගාණක් ඉතුරුයි. මාරම ආතල්. දවස් දෙකම එක්දාස් පන්සීයකින් විතර ගොඩදාගෙන. බස් එකේ අයියගේ ගාණ පැත්තකට කරහම තවත් පන්සිය ගාණක් ඉතුරුයි. පටාස් ගාලා ඇල්ලුවා හෝටලයකට. කට්ටියම ආප්ප කාලා ටී එකක් එහෙම ගහලා ගෙවල් බලා ගියා. මම නම් ගේ ඇතුලට යන්නත් කලින්ම අම්මාට කියාගෙන ගියේ බත් බෙදන්න කියලා. බත් නැතුව ඇඟම අංඤකොරොස්වෙලා තිබුනේ. ඊට පස්සේ දවසේ බස් එකේ අයියා කතා කරලා මට රුපියල් 1500ක් ආපහු දුන්නා. ඌ ඩීසල් ගහලා ගණන් හැදුවට පස්සේ ඌට එකොලොස් දාස් පන්සීයක් ඇති කියලා සල්ලි ආපහු දුන්නේ. ෂුවර් එකටම ඌට දුක හිතෙන්න ඇති අපි ගැන.
හැමෝගෙම තත්වය තේරුම් අරන්, හැමෝගෙම අදහස් වලට ගරු කරලා, කාටවත් කරදරයක්, විපත්තියක් නොවෙන්න, අතේ සතේ නැතිව හරි, වේල් තුනම පාන් කාලා හරි අපි ගමන ගිහින් ආවා. මොනවා උනත් සෙට් එකම හිත සංතෝසෙන් ගිහින් ආවා. බඩ පිරුනේ නැති උනාට හිත පිරුනා. මේ ගමනට කට්ටිය නම දැම්මේ පාන් ට්‍රිප් එක කියලා. ට්‍රිප් එක ගිය මේ කොල්ලො සෙට් එක වගේ සෙට් එකක් නම් ආයේ ලොවෙත් හොයගන්න හම්බවෙන්නේ නෑ. අපි සෙට් වුනේ අපිට කිසිම වටිනාකම නැති කාලේ. සත පහක්වත් අපේ අතේ නැති කාලේ. හොඳ රස්සා, උපාධි, ලොකු ව්‍යාපාර මේ කිසිම දෙයක් නැති කාලේ. අපි එකතු වුනේ අපේ වටිනාකම් නිසා නෙවෙයි. අපි ඇත්තටම අපි නිසා. දැන් ඉතින් අපි එකතු කරගත්ත යම් යම් දේවල් නිසාත් යාළුවෝ ඇති වෙනවා. අපි ළඟ තියන ඒවා නැති වෙද්දි උන් ඉඳීද කියලා ෂුවර් නෑ. ඒත් මුන් සෙට් එක මට මුකුත්ම තිබ්බේ නැති කාලේ මාත් එක්ක හිටියා.දැන් ඉතින් තිබ්බත් නැතත් මාත් එක්ක උන් ඉන්නවා. ඒ ට්‍රිප් එක ගිය කොල්ලො ඔක්කොම අද හොඳ තැන් වල ඉන්නවා. නිතර හම්බ වෙන්න බැරි උනත් උන්ගේ හිත්වල එදා තිබ්බ බැඳීම තාමත් තියනවා. සමහර උන් නම් අවුරුදු ගාණකින් හම්බවෙලත් නෑ. හැමදේටම සල්ලි ඕනේ කියලා හිතපු උන් සෙට් එකක් උනානම් අපි සෙට් එක, අපට කවදාවත් මෙහෙම ආතල් එකක් ගන්න බැරි වෙනවා. මේ ගමන ගියේ දැනට අවුරුදු 6කට උඩදී, ඒත් මුළු ගමනම අද වගේ මතකයි.... හැබැයි ආයේ කවදාවත් මේ වගේ ගමනක් නම් යන්න බැරි වේවි................

Thursday, March 31, 2011
ඇහින්දාස් ගමන.........(දෙවෙනි කොටස)
ඕං ඉතින් අර පලවෙනි කොටසේ කීවා වගේ දැන් ගමනට කට්ටිය අහුලලා අහුලලා 12ක් හොයාගත්තා. දැන් ඉතින් ප්‍රශ්න ගොඩයි. " අඩේ වරුණ අයියේ, දැන් කොහොමද සල්ලි හොයාගන්නේ? අපි ළඟ නම් මහ ලොකු සල්ලියක් නෑ". ඒ එකෙක්. " මේ අපි එක දවසක රවුමක් ගහලා ආපහු යමුද? " තව එකෙක්.
"පිස්සු නම් කෙලින්න එපා. දවස් දෙකකට එලියට බැස්සේ. එක දවසකින් ගියොත් ගෙවල් වලටත් නෝන්ඩියි. අනික එනවා කියලා ආපු නැති උන්ටත් පේන්න එක්ක මේ ගමන දවස් දෙකක් කොහොම හරි යන්න ඕනේ. ෆුල්ම ෆුල් ආතල් එකකුත් ගන්න ඕනේ." ඒ තමයි බහුතරයකගේ හඬ. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වෙසෙන වීරෝධාර පුරවැසියන් හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කල යුතුයි. ඔන්න ඒ නිසා අපිත් බහුතර මතයට ඉඩ දුන්නා. ඕන කෙංගෙඩියක් වෙද්දෙන් කියලා අපි එලියට බැස්ස ගමන යන්න තීන්දු වුනා. මහ ලොකු සල්ලියකුත් නෑ කට්ටිය අතේ. පොඩි හරි සහනයකට තිබ්බේ බස් එකේ අයියා අපේ ෆිට් එකක්. ඌ අපිත් එක්ක හිතවත් වුනෙත් ට්‍රිප් ගිහිල්ලමයි. අපි යනවා කීවහම පොර ගෝලයෝ එක්ක ගෙන එන්නේ නෑ. ගෝලයෝ අපිම තමයි. අනිත් එක සල්ලි පස්සේ වෙලාවක හරි දෙන්න පුළුවන්. ඒත් අපිට එහෙම කරන්නත් හිතට හරි නෑ. දැන් කරන්න පුළුවන් මොනවාද කියලා කල්පනා කරනවා කට්ටියම.
එක එකා නානාප්‍රකාර ප්ලෑන් දෙනවා. මොනවා කරන්නත් කට්ටිය ළඟ කීයක් තියනවද කියලා බලන්න ඕනෙනේ. ඊට පස්සේ අතේ තියන ගානට ප්ලෑන් එක ගහන්න පුලුවන්නේ. කලින් වුනේ ප්ලෑන් එකේ හැටියට වියදම් කරන්න. දැන් කරන්නේ වියදමේ හැටියට ප්ලෑන් කරන එක. " හරි උඹලා ළඟ කීයක් තියනවද?? ඇත්තම කියපල්ලා බලන්න" . ඔන්න කට්ටිය වත්කම් හෙලිකොරන්න ගත්තා. ඒ වෙලාවේ හැටියට සල්ලි විතරක් නෙවෙයි, ගෙදරින් ගෙනාපු බත් එක, පාන් කෑල්ල, වතුර බෝතලේ පවා අපි ළඟ තිබුන වත්කම් වලට අයිතියි. ඔන්න වත්කම් හෙලි වුනා. යාන්තමට පහලොස්දාහක් විතර කට්ටිය ළඟ තියනවා දැන්. ඒ ඇරුනාහම කට්ටිය උදේට කන්න ගෙනාපු බත් පාර්සල් 8ක් විතර තිබුනා. පාන් කන්න ගෙනාපු සීනි සම්බොලයක් තිබුනා.ඉන්න කීයක් යයිද කියන්න කවුරුත් දන්නේ නෑ. අනිත් උන් වගේ ඉන්න තැන් හොයාගෙන බුක් කරගෙන ගමන් යන පුරුද්දක් අපිට තිබුනේ නෑ. ඒ නිසා ඉඳුම් හිටුම් වලටත් ටිකක් බර ගාණක් ඉතුරු කරගන්න ඕනේ. මෙන්න පලවෙනි සැලැස්ම. උදේට කන්න ගෙනාපු බත් පාර්සල් ටික දවල්ට කන්න තියාගන්නවා. එකෙන් දවල් කෑමට යන වියදම ගොඩ. ඊළඟට උදේට අර සීනි සම්බෝලෙත් එක්ක පාන් කනවා. උදේටත් පොඩි ගාණකින් කෑම ගොඩ. දැන් බොන එක ගැන නෝ කතා. හරියකට කන්නවත් බැරි එකේ බොන්න වෙන්නේ ඉතින් වහ තමයි. කට්ටියම බොන එක අමතක කරලා කෑමවේල ගැට ගහගන්න විදිහයි කල්පනා කරන්නේ.
රෑ කෑම ප්‍රශ්නේ පැත්තකට දාලා කට්ටියම කඩුගන්නාවේ නවත්තලා උදේට කෑවා. ඊළඟට පුළුවන් උපරිම ෆන් ( මේවා වතුර විතරක් බීලා ගත්ත ෆන් ) එකත් අරගෙන ඔන්න බදුල්ල පැත්තට කිට්ටු කරා. දුන්හිඳ බලන්න යන්න කලින් අපි ළඟ තිබ්බ එක බත් එකක් බස් එකේ අයියට දීලා ඉතුරු ටික අපි 12 දෙනාම බෙදාගෙන කෑවා. කිසිම අවුලක් නෑ. කොහොමහරි දුන්හිඳටත් කිට්ටු කරා. අපේ ගමනේ වැදගත්ම තැනක්නේ. කට්ටිය ඉතින් පල්ලෙහාට බැහැලා අර ලිස්සන ගල් උඩ එහෙට පනිනවා, මෙහෙට පනිනවා. පින්තූර ගන්නවා. එකම වැඩයි. ගන්න ආපු ආතල් එක උපරිම ගන්නවා.හැබැයි පින්තූර ගන්නේ නම් ආපු නැති උන්ට පෙන්නන්න. මොකද පින්තුරෙට කෑවේ මොනවද කියලා වැටෙන එකක්යෑ. නොකා නොබී හිටියා කියලා පින්තූරෙන් හොයන්න කියලද? කොහොමහරි දුන්හිඳෙන් විසිවෙන දූවිලි වගේ වතුර බින්දු වලින් කූල් වෙච්ච සෙට් එක හවස් වෙද්දි බදුල්ලට කිට්ටු කරා.
කට්ටිය දුන්හිඳ ඇල්ල ළඟ..............
දැන් ඉතින් රෑට ලඟින්න තැනක් හොයන්න ඕනේනෙ. අනේ අපේ බස් එකේ අයියා බස් එක මුතියංගනේ පන්සල කිට්ටුව නැවත්තුවා. අපේ උන්ට බස් එක බලාගන්න කියලා පොර පයින් බස් එකේ අපි දෙතුන් දෙනෙක් එක්ක බදුල්ල ටවුම වටේ කැරකෙනවා අඩුවට තැනක් හොයන්න. පොර මුලින්ම අපිව එක්කන් ගියේ ගෙදරකට. වයසක අන්කල් කෙනෙක් තමයි ගෙදර ඉන්නේ.ඒ ගෙදර එක කෑල්ලක් එන මිනිස්සුන්ට ඉන්න දෙනවා. 10කට ඉන්න පුළුවන්. ගාන 1500යි. හොඳටම ගාණ වැඩියි. අපේ අතේ සතේ නෑනේ. විශ්‍රාම ශාලාවල් බැලුවා. ඒවට කිට්ටු වෙන්න බෑ. හෝටල් කාමර ගිනි ගනන්. ඇත්තම කීවොත් මහ ගාණක් නෑ. ඒත් වෙලාවේ හැටියට අපිට ඒවත් ගිනි ගණන්.
අපේ බස් අයියා කීවා " මල්ලි ආයෙත් ගිහින් අර අන්කල්ව හම්බ වෙමු. පොර හවසට ෂොට් එකක් දාගන්නවා. ඊට පස්සේ අනිවා අඩුවට ගන්න පුළුවන් එතන". "කොහොමද ෂුවර් එකටම කියන්නේ? දෙන්න බෑ කීවොත් මොකද කරන්නේ ??" ඒ මම. "නෑ නෑ මල්ලි , මම ඉතින් මාසෙට දෙතුන් පාරක් ට්‍රිප් එනවානේ. මම දන්නවා මෑන් ගැන තව පාරක් ට්‍රයි එකක් දෙමු. නැත්නම් බස් එක පාර අයිනක නවත්තලා බස් එකේ නිදාගමු." අයියා කීවත් වගේ බස් එකේ පෙරලි පෙරලි නිදා ගන්න ඉඩ තියනවා. ඒත් ඉතින් උදේට අහවල් රාජකාරි කරගන්නේ කොහොමද? ඒකනේ ගැටලුව.ආයෙත් ගියා ඕං අර පොට් එකට. අපිට සද්ද වහලා ඉන්න කියලා බස් එකේ අයියා ටෝක් දෙනවා. " උදව්වක් දෙන්න අන්කල්. අපිත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවනේ" ඒ අයියා. " පුතා 1000ට දෙන්නම් ඊට අඩුව නම් බෑ. " ඔන්න අන්කල්ගේ උත්තරේ. මූ කීව කතාව ඇත්තනේ. 1500 කීව එක දැන් දාහයි. " එහෙම නෙවෙයි අන්කල් 750ට දෙන්න. රෑ හිටියා, උදේම ගියා. ස්පොර්ට් එකක් දෙන්නකො අන්කල්." මේ යකා තවත් ගාණ බස්සවන්න ට්‍රයි එක. "මොකක්ද පුතා, 1000 කියන්නේ 10 දෙනාට අයිස් ක්‍රීම් කන්න යන සල්ලිනේ. ඊටත් වඩා මොනවා අඩු කරන්නද? " අන්කල් අයිස් ක්‍රීම් කන්න කතා කරනවා. අපිට මේ වතුරවත් පෙවෙන්නේ නැති ගාන. " බස් එක කැඩිලා මඟදී දහදාහක් විතර ගියා අන්කල් ගොඩ දාගන්න. දැන් කරගන්න දෙයක් නැතිව ඉන්නේ. උදව්වක් දෙන්න අන්කල්" අපේ බස් එකේ අයියා ටෝක් කරලා කරලා ඔන්න ගාන 800ට බැස්සුවා.
කට්ටියම ඔන්න එතනට සෙට් වුනා. දවස් දෙකක් උනාට එකෙක් ඇරෙන්න අනිත් උන් කවුරුවත් බෙඩ් ශීට් එකක්, ටෝච් එකක් එහෙම ගෙන්නල්ලා තිබුනේ නෑ. හැමදාම වගේ ගොඩාක් දුර දිග කල්පනා කරන අපේ හලා නම් ටෝච් එකක්, පිහියක්, ඉටිපන්දම්, බෙඩ් ශීට් එහෙම ගෙනල්ලා තිබ්බා. තැන දහ දෙනෙක්ට උනාට එක බාත් රූම් එකයි. බාත් රූම් කීවට එකෙත් ටැප් එකක් විතරයි තිබ්බේ. දැන් අපේ උන්ට ඇඟ හොදගන්න ඕනේ. බාල්දියක්, කෝප්පයක් වගේ කිසිම දෙයක් තිබුනේ නෑ. පටස් ගාලා මතක් උනා සීනි සම්බෝල දාගෙන ආපු භාජනේ. අර එලිෆන්ට් හවුස් ලීටර් 2 හිස් ටබ් එකක්. ගත්තා ඒක හෝදලා. එකා එකා එකෙන් ඇඟ හොදනවා. එකෙක්ට පැය කාලක්වත් අඩුම යනවා. ටැප් එකෙන් වතුර අර භාජනේට පුරවනවා, ඇඟට හලා ගන්නවා.ඔය ක්‍රමේට ඉතින් ඇඟ තෙමෙනවා විතරයි.
" අඩෝ වරුණ අයියේ, දැන් කොහොමද රෑට කෑම ප්‍රශ්නේ? " ඔන්න මුලින්ම ඇඟ හෝදගෙන ආපු උන් දෙතුන් දෙනාගේ පලවෙනි ප්‍රශ්නේ. " පාන්ම තමයි මල්ලි, නැතුව ඉතින් මේ තියන ගාණට ෆයිඩ් රයිස් කන්නද?" මගේ උත්තරේ. "හරි බං පාන් කන්නත් මොනවා හරි තියෙන්න ඕනෙනේ. මොනවත් එක්කද කන්නේ? දහ දෙනාටම හොඳි ගෙන්නත් සෑහෙන ගාණක් යනවා." ඔන්න එතන හිටිය උන් ගනන් හදලා බලලා අඩුවෙන්ම කන්න පුලුවන් පානුයි ලූණු සම්බෝලයකුයි කියලා තීරණය කලා. හලාගේ පිහිය තියන නිසා සම්බෝලයක් හදන එක අවුලක් නෑ. කට්ටිය පිටත් කරලා පානුයි ලූණුයි ගේන්න මමත් ගියා පොඩ්ඩක් ඇඟ තෙමාගන්න.
කට්ටිය ලොකු බොබ්බයි ලූණු ගෙඩි දෙක තුනකුයි, මිරිස් කුඩු, ලුණු, අමු මිරිස් කරල් ටිකකුයි පානුයි අරන් ආවා. මුන් මිරිස් කුඩු එහෙම කොහෙන් ගෙනාවද මන්ද? " මචං දැන් මොකෙද අපි මේ ලූණු සම්බෝලේ හදන්නේ? මේක ෂෝපින් කවරෙකට දාල හදන්නද? භාජනයක් නැතිව මොකේ හදන්නද? " අර කීවත් වගේ කාටවත් පත්තු නොවිච්ච ප්‍රශ්නයක් තමයි උට පත්තු වුනේ. " අයියෝ භාජනේ ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් හිටපල්ලා මම භාජනයක් ගේන්නම්." එහෙම කීවේ අන්තිමටම ඇඟ හෝදගෙන ආපු එකා. ඌ පටාස් ගාලා ගිහින් අපි ඇඟ හෝදපු අයිසි ක්‍රීම් භාජනේ ගෙනාවා. " වෙන භාජනයක් නෑ නාපු එකම තමයි කෑමටත් ගන්න වෙන්නේ. මේකේ සම්බෝල හදලා කන්න අකමැති එකෙක් ඉන්නවා නම් බඩගින්නේම බුදියගනින්." එහෙම කියලා අරූ භාජනේ විසි කලා අපි ඉන්න පැත්තට. ඌරන්ට මොන සෞඛ්‍යද? අගේට සෙට් එකම ලූණු සම්බෝලයි පානුයි කෑවා. කාලා ටවුම පැත්තේ ගිහින් අර කාසි දාලා කතාකොරන කනු වලින් ආපු නැති උන් දෙතුන් දෙනෙක්ට මහ රෑ කෝල් ගත්තා. කේන්තියටත් එක්ක උන්ව ඇහැරවලා, බයිට් එහෙම කරලා කට්ටියම ඇවිත් වැටුන වැටුන තැන්වල නිදා ගත්තා. අන්තිම දවසේ විස්තරේ ඊළඟ පොස්ට් එකෙන්....

බදුල්ලට යන අතර මඟ.........
මතු සම්බන්ධයි.....

Sunday, March 27, 2011
ඇහින්දාස් ගමන.........(පලවෙනි කොටස)
කට්ටියම අහලා ඇතිනේ ඇවිද්ද පය දහස් වටී කියලා කතාවක්. හැබැයි මට නම් හිතෙන්නේ ඇවිද්ද පය කෝටියක් විතර වටිනවා කියලා. ඇයි දෙයියනේ දැන් කාලේ දාහට කොහෙද වටිනාකමක්. මමත් ඉතින් ඔය කියමන දොහොත් මුදුනින් පිලිගන්න කැමති මනුස්සයෙක්. මිනිහෙක්ට ඇවිදලා කරලා රටේ ලෝකේ දේවල් බලන්න පුළුවන් නම් මොනතරම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? ඒවා ඉතින් පොතෙන් පතෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් නොවෙයිනේ. මේ කියන්න යන්නෙත් එහෙම පාඩමක් ගැන තමයි. මමත් ඉතින් මට පුළුවන් හැම වෙලාවෙම ඇවිදින්න කැමති මිනිහෙක්. අකුරටම ඔය කියමන පිළිපදින්න මනාපයි. කොටින්ම කීවොත් එක තැනක ඉන්න පුලුවන් එකෙක් නෙවෙයි.අපිට ඉතින් ඔය උ.පෙ ඉවර වුනාට පස්සේ මාස 4ක් 5ක් නිකන් ඉන්න කාලයක් හම්බවුනානේ. මට නම් අපරාදේ කියන්න බෑ අවුරුදු 2ක් විතර නිකන් ඉන්න හම්බ වුනා. මම ඔය කාලේ පුළුවන් තරම් ඇවිද්දා. අඩුම ගානේ සති 2කට සැරයක්වත් කොහේ හරි ගියා. කොහේ හරි කීවේ කන්දක්, වනාන්තරයක්, ඇළක් දොළක්, දිය ඇල්ලක්, සිද්ධස්ථානයක්, අපේ මුතුන් මිත්තන් කොරපු වැඩ වල නටබුන්, ඔය වගේ තැනක්. හැබැයි අනිත් තැන් වලට වඩා කැළෑ, කඳු, දිය ඇලි නම් පේන්න බෑ. ගියපු ගමන් ගැන විස්තර මම හිතන්නේ වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන්.
මම ඒ කාලේ දෙවනි පාර උ.පෙ ලියලා .මම දෙවනි පාර ලියද්දි මාත් එක්ක පන්ති ගිය පලවෙනි පාර උ.පෙ ලියපු මල්ලිලා සෙට් එකක් හිටියා. අපරාදේ කියන්න බෑ රත්තරං කොල්ලො සෙට් එකක්. ඔය සෙට් එකේ තුන් හතර දෙනෙක් දැම්මා යෝජනාවක් දුන්හිඳ ඇල්ල එහෙම බලාගෙන බදුල්ල, බණ්ඩාරවෙල, නුවර එළියේ පැත්තේ රවුමක් ගහමු කියලා. ගමන දවස් 2ක්. මටත් ඉතින් ආයේ ඇවිදිනවා තරම් දෙයක් නෑනේ. මමත් යෝජනාව සම්මත කරා. කට්ටියට කතා කරාට පස්සේ 26ක් සෙට් උනා. මම ඉතින් බය නැතුව අර බාග බස් ( බේබි රෝසා ) එකක් කතා කලා. 26ක් ඉන්න එකේ 3ක් 4ක් ආවේ නැතත් අවුලක් නෑ 20 වඩා ඒත් ඉන්නවානේ.මමයි මිථිලයයි තමයි දෙවනි පාර උ.පෙ කරපු උන් දෙන්නෙක්ට හිටියේ. අනිත් සෙට් එකම අපි දෙන්නට වඩා අවුරුද්දක් බාල උන්.යන්න කලින් බජට් එකත් හැදුවා, මොකද සල්ලි කීයක් විතර යයිද කියලත් හැමෝටම කියන්න ඕනෙනේ. අනික ඉතින් ඒ කාලේ ගොඩක් උන් ගෙදරින් දෙන කීයකින් හරි මාටියා ගහලා තමයි ඔය වගේ ගමනක් යන්න එන්නේ. කාටවත් එහෙමයි කියන්න යහමින් සල්ලි තිබුනේ නෑ. ඔන්න බජට් එක හැදුවාහම එකෙක් දාහක්, එක්දාස් පන්සීයක් ගෙනාවහම ඇති කියලා තීරණය වුනා. 25ක් ආවොත් විසි පන්දාහක්. මතක විදිහට බස් එකට දහ තුන් දාහයි. ඉතිරි දොලොස්දාහෙන් 25කට කෑමට සහ ඉන්න යන වියදම ගොඩදාගන්න පුළුවන්. බීමට යන වියදම් වෙනම. මොකද බොන්නේ නැති උන් එහෙමත් ඉන්නවානේ.
ඔක්කොම හරි. ඔන්න හෙට උදේ තමයි ගමන යන්නේ. මෙන්න රෑ එනවා පණිවුඩ. එක එකාට යන්න බෑ කියලා. දැන් යන්න ඉන්න ගාන 20ටත් අඩු වෙලා. මොන දේ උනත් දැන් ලැහැස්ති වෙච්ච ගමන නවත්තනේ නෑ කියලා හිතාගෙන හිටියේ. කට්ටියටම පාන්දර 5.30 වෙද්දි එන්න කියලා තිබුනේ. සමහර උන් මහ පාන්දරත් කෙටි පණිවුඩ එවනවා එන්න විදිහක් නෑ කියලා. උදේ වෙද්දි කීයක් එනවද මටම ෂුවර් නෑ. මොනවා වුනත් ඉසුරු මල්ලි නම් කුකුලත් වඩාගෙනම අපේ ගෙදර ආවා. ඕන අධෝ මුඛයක් සත 10යි කියලා මමයි ඉසුරුවයි ආවා පාරට. බස් එක ඇවිල්ලද බලන්න. මෙන්න ටිකක් වෙලාවකින් බස් එක එනවා.බස් එකට ගොඩ වුනා විතරයි මට ඇඬුනා. බස් එකටම හෙන්රියා විතරයි.
" මල හත් ඉලව්වේ...ඈ බං දැන් මේ බස් එකේ යන්නේ අපි තුන් දෙනා විතරද?කෝ දැන් එනවා කීව අනිත් උන්. මේ විදිහට ඉතින් උඹටයි මටයි බදුල්ලට යනකම් බස් එක ලෝඩ් කරන්න තමයි වෙන්නේ. "
" නෑ නෑ වරුණ අයියේ, නාරදයි, හලයි, දෙලයි, මිථිලයයි ඉන්නවා. උන් සෙට් එක කල්පයාගේ ගෙදරින් බස්සලා ආවේ. කල්පයාගේ ගෙදරින් බර බරේ. ඌව ගෙදරින් මුදවා ගැනීමේ මහා මෙහෙයුමට ෆෝ මෑන් ටීම් එක හලලා ආවේ. කොහොම හරි කල්පයාව ඇදගෙන එන්නම් කීවා. අපිට මෙතන්ට වෙලා උන් එනකම් ඉන්න කීවා. "
හෙන්රියාගේ ඒ උත්තරෙන් නම් මට පොඩි සැනසීමක් ලැබුනා.හලා කියන්නේ අපේ හල්වල මල්ලි. දෙලා කියන්නේ දෙල්ගොල්ල මල්ලි. කල්පයා කියන්නේ ඉපදෙච්ච දවසේ ඉඳන් මාත් එක්ක ඉන්න එකෙක්. මොකද ඒකා අපේ තාත්තාගේ හොඳම යාළුවාගේ පුතා. මගේම මල්ලි හා සමානයි. ගියපු සෙට් එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න තිබ්බනම් හොඳයි. ඒත් විස්තරේ තවත් දිග වෙනවා එහෙම වුනොත්. ඔන්න දැන් යාන්තම් 8ක් ඉන්නවා. දුෂන්ත මල්ලිත් හංදියට එන්නම් කීවා. ඔන්න 9යි. ඇල්බා පාරට වෙලා ඉන්නවා කීවා. දැන් 10යි. අප්පා 25ක් එනවා කීව ගමනට දැන් ඉන්නේ 10යි. දාහ ගානේ එකතු කරලා බස් එකේ ගාණවත් ගෙවන්න බෑ. ඔන්න ටික වෙලාවකින් කල්පයාවත් අරගෙන අපේ ෆෝ මෑන් ටීම් එකත් හන්දියට කිට්ටු කලා. දුෂා මල්ලිත් ආවා. තවත් එකෙක් හරි දෙන්නෙක් හරි එකතු කරගන්න තමයි දැන් කට්ටියගේ ප්ලෑන් එක.කොළඹ නුවර පාරේ ටික දුරක් යද්දි හම්බ වෙනවා අපේ දිගාගේ ගෙදර. ඌට දිගා කියන්නේ උගේ දිග වැඩි නිසා. මිටි එකෙක් එහෙම උගේ මූණ දිහා බලාගෙන ටික වෙලාවක් කතා කලොත් අනිවා අර මිටි එකාගේ බෙල්ල උළුක් වෙනවා. කොහොමහරි ඔන්න දිගාගේ නොහොත් අපේ ගන්කේවල මල්ලිගේ ගෙදරට කිට්ටු වුනා. ආයෙත් ඔන්න බැස්සුවා අපේ ටීම් එකක්. මම බස් එකට වෙලා තවත් කවුරු හරි හොයාගන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. කට්ටිය යද්දි ගන්කෙ මල්ලි නිදිලු. උන්ගේ අම්මවයි තාත්තවයි ශේප් කරලා ඌව ඇහැරවගෙන, ලැහැස්ති කොරගෙන කට්ටියට දිගාව බස් එකට කැන්දගෙන එන්න විනාඩි 20ක් විතර ගියා. ඔන්න දැන් 11ක් ඉන්නවා.
ඊළඟට ගන්න තියෙන්නේ බබුලාව. ඌ නම් ගමන යන්න එනවා කියලා තිබ්බේ. ඒත් අන්තිමට උගෙන් කිසිම ආරංචියක් නැති වුනා. ඌත් ඉන්නේ කොළඹ නුවර පාරේ. හැබැයි ගන්කේ මල්ලිලාගේ ගෙවල් වගේ පාර අද්දර නෙවෙයි. පාරෙන් හැරිලා ගම ඇතුලට සෑහෙන දුරක් යන්න ඕන. ඔන්න කට්ටිම ආවා උගේ වැයික්කියට. මිනිහා පේන්න නෑ. මමයි, තවත් එකෙකුයි බැස්සා. අපි දන්නෙත් නෑ උගේ ගෙවල් වලට යන්න. ගිහිල්ලා කතා කරා හන්දියේ හිටපු ත්‍රී වීලර් අයියට. පොරට විස්තරේ කීවහම පොර ගෙදර දන්නවා. එතන්ට රුපියල් 100ක් ඕනේ කීවා. ආයෙත් කල්පනා කරනවා. රුපියල් 100ක් වියදම් කරගෙන ගෙදර ගිහිල්ලත් ඌ හිටියේ නැත්නම් සල්ලිත් නෑ ඌත් නෑ. වෙලාවෙ හැටියට වෙන කරන්න දේකුත් නෑ. ඔන්න ඔහේ ඕනෙ දෙයක් කියලා අපි ගියා.
අපේ වෙලාව හොඳයි. ගිහින් බලද්දි කොල්ලා ගෙදර. අපිව දැක්කා විතරයි බබුලා " ආ අයියේ ඇයි මේ හද්දිසියේ ?? " කියලා අහපි. අපිට ඇපත් නැත. " ඇයි බං උඹට පණිවිඩයක් එව්වා නේද අද අපි ට්‍රිප් එකක් යනවා කියලා. හම්බුනේ නැත්ද? " මම එහෙම ඇහුවාහම මූ කියනවා " ආ........ ඒ අදද?? මම හිතාගෙන හිටියේ හෙට කියලා. මල කෙලියයි. මම අද ගිහින් කොණ්ඩේ එහෙම කපාගෙන හෙට යන්න ලැහැස්ති වෙන්න හිටියේ. " ඒ උත්තරේට අපි දෙන්නාට අඬන්නද? හිනා වෙන්නද වත් තේරුනේ නැති උනාට ඌ එහෙම කියපු ගමන් හිනා ගියා. " හරි හරි දැන් යමන්, ආයේ කොණ්ඩ කපන්න ඕනේ නෑ. මඟුල් ගෙදර නෙවෙයිනේ යන්නේ."
"එහෙනම් අයියේ මට පැය බාගයක් ඕනේ. මුකුත්ම ලැහැස්ති කරලා නෑ. මම මූණ හොදලත් නෑ. දැන් කට්ටියම ඇවිල්ලද? මල කෙලියයි මං හින්දා පරක්කු උනා කියලා පලු යන්න බැනුම් අහගන්න වෙනවා. කී දෙනෙක් ඉන්නවද? " මුගෙන් ප්‍රශ්න පත්තරයක්ම හම්බ උනා.
" කට්ටියම ඉන්නවා. 20ක් විතර ඉන්නව නේද බං? " උදේම පත බේගලක් බෑවා. තනියම බොරුවට කර ගහන්න බැරි හින්දා අනිත් එකාවත් සම්මාදන් කරගත්තා.
" කමක් නෑ පොඩ්ඩක් පරක්කු උනාට උඹ ලැහැස්තිවෙයන්. ඇල්බත් බලාගෙන ඉන්නවා මඟ. පුළුවන් ඉක්මණට ලැහැස්ති වෙයන්කො "එහෙම කියලා බබුලට ගන්න ඕන දේවල් ලිස්ට් එකත් මතක් කලා.. බබුලාගේ අක්කත් දඩ බඩ ගාලා ඌට අවශ්‍ය කලමනා ලැහැස්ති කරලා දුන්නා. ඌව ත්‍රී වීල් එකට දාගෙන මඟක් ආවට පස්සෙයි අපිට වෙලා තියන සන්තෑසිය ඌට කීවේ.

ඔය වෙද්දි වෙලාව 8ත් පහු වෙලා. අනේ අපේ ඇල්බා පාන්දර 5.30 ඉඳන් හංදියේ. හංදියේ හිටපු උන්ගේ ගමේ සෙට් එක ටික ටික මූව බයිට් එකටත් ගන්න සූදානම අපි ඒ හරියට කිට්ටු වෙද්දි. ඇයි හත් දෙයියනේ ලේසි පාසු කට්ටක්ද පාන්දර ඉඳන් උදේ 8.30 විතර වෙනකම් පාරට වෙලා බලා ඉන්නවා කියන එක. අනේ ඔන්න එතනට කිට්ටු වෙද්දි ඇල්බා මල්ලි ඉන්නවා. අච්චර කට්ටක් කාලත් උගේ මූණේ නෙවෙයි තරහා ලකුණක් වත් තිබුනේ. හැමදාම වගේ උගේ ලස්සන පනාව දාගෙන නැග්ගා ඌත් බස් එකට. ඔන්න දැන් 12යි.යාන්තමට සූ ගාලා 12ක් ඉන්නවා මුළු බස් එකටම. ඔන්න ඔහොමයි අපි කට්ටියම ඇහින්දේ ගමනට. ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම් විසි පන්දාහක් වියදම් කරන්න ප්ලෑන් කරපු ගමන කොහොමද දහතුන් දාහකින් ගියේ කියලා. මොනවා වුනත් ඒ ගමන අපි පුදුම විදිහට විනෝද වුනා. කොල්ලන්ගේ පපු හොඳ නිසා මිසක් නැත්නම් කවදාවත් එහෙම ගමනක් නම් යන්න වෙන්නෙ නෑ. කතාව මතු සම්බන්ධයි.............
Tuesday, March 22, 2011
මනුස්සකමයි අපේ මිනිස්සුයි...........
මට අපේ මිනිස්සුන්ගේ අගේ වැඩියෙන්ම දැනුනේ මේ නන්නාඳුනන සංකර රටවල් වල කරක් ගහන්න වුනාට පස්සෙයි. කරුමෙ කියන්නේ අපේ රටේ එවුන් හදන්නෙත් මෙහෙ ඉන්න ආතක් පාතක් නැති උන් දිහා බලාගෙන උන් පස්සේ යන්නනෙ. අපේ මිනිස්සුන් ගැන ගොඩයට දැනුනු දේවල් වලින් ටිකක් හරි ලියන්න තමයි අද මේ උත්සහය.
මම මෙහෙට පාත් වුනාට පස්සේ තේරුණ දෙයක් තමයි මෙහෙට ලංකාවෙන් ආපු අපේ කොල්ලො කෙල්ලො වැඩිදෙනෙක් කොළඹ අවට.ඒ නිසාද මන්ද මට මගෙයි උන්ගෙයි අතර වෙනසක් තේරුණා. එහෙම මාත් එක්ක හිටපු එකෙක් මගෙන් දවසක් පුදුම ප්‍රශ්නයක් ඇහුවා. මම ඉතින් කතාව එකෙන්ම පටන් ගන්නවා. හැබැයි කොලුවා මේ කතාව ඇහුවේ වැරදි අදහසකින් නෙවෙයි.
" මචං කොහොමද උඹලගේ ගම? කොහොමද මිනිස්සු එහෙම? "
මම මොන ලෝකෙ මොන රටේ කරක් ගැහුවත් මගේ රට, මගේ ගම, මගේ ගෙදර වගේ තැනක් තවත් කොහෙන්ද? මම ඉතින් මගේ ගම ගැන බොහොම වර්ණනා සහිතව විස්තරේ කීවා.
" ඒ උනාට මචං ගම් වල මිනිස්සු හරියට ඕපා දූප හොයනවා නේද? "
ඔන්න දැම්ම ටිකක් විතර අනවශ්‍ය ප්‍රශ්නයක්. මිනිහට ඉතින් හොඳ උත්තරයක් දුන්නා. එහෙනම් ඒ උත්තරෙන්ම මමත් කතාව පටන් ගන්නවා.
ඇයි දෙයියනේ ගමේ මිනිස්සු විතරද ඕපා දූප හොයන්නේ?දැන් ඔය නගරයෙන් ආව කියලා කියන උඹ කරෙත් ඕපා දූප හොයන එක නෙවෙයිද ගමේ මිනිස්සු ගැන ? නගරේ අය ඉතින් හොයන්නේ ගොසිප්. ගමේ අපි හොයන්නේ ඕපා දූප. හැබැයි උදේට ගෙදරින් එලියට බහිද්දි ගමේ මිනිහෙක් හම්බවුනහම කට පුරා හිනාවෙලා " දැන්ද යන්නේ? " " අද පරක්කු වෙලාද? " එහෙම නැත්නම් " කොහෙද යන්නේ? " කියලා අහන්නේ ඒ මිනිස්සුන්ට ඕප දූප හොයන්න තියන උවමනාවටත් වඩා තියන මනුස්සකමටයි කියලා මට හිතෙන්නේ. අනික උදේම මූණේ හිනා පොදක් නැති , මූසල පෙනුමක් තියන එකෙක් මුලිච්චි වෙනවට වඩා මම නම් දස දහස්වතාවක් කැමතියි අර වගේ ප්‍රශ්නයක් එක්ක සිරියාවන්ත හිනා මූණක් දකින්න. මුළු දවසම සන්තෝසෙන් පටන් ගන්න පුළුවන්.ඒත් ඉතින් මේ කරුම රටේ මට එහෙම අවස්ථාවක් නැත. උදේත්, හවසත් කිසිම හැඟීමක් නැති, මූණේ හිනා තියා ලේ කඳුලක් නැති මූණු තමයි දකින්නේ. එහෙම දකින ගානේ මට මතක් වෙන්නේ මගේ ගමේ අහිංසක මිනිස්සුන්ගේ මූණේ පිරිනු හිනාව. මොනාවා නැතත් ඒ මිනිස්සු ගාව මනුස්සකම තිබුනා. ඒත් මගේ නගරයේ යාළුවාගෙන් දැන ගත්තා නගරයේ ඒ සම්බන්ධතා සීමිතයි කියලා. අනික අපේ මිනිස්සු ගාව පුදුමාකාර ගති ගුණ තිබුනා.
ඉස්සර අපේ ගම් වල මලගෙයක් උනහම ඒ ගෙදර මිනිස්සුන්ට එන අයට කෑම බීමෙන් සංග්‍රහ කරනවා තියා ඒ ගැන හිතන්නවත් උවමනා වුනේ නෑ. ඒ වැඩ ටික ඉබේම කෙරුන. නිකන් ඉබේ කෙරුනා නෙවෙයි. අහල පහල උදවිය, ගමේ මරණාධාර සමිතිය, පන්සලේ හාමුදුරුවෝ, මේ අයගේ මුල් වීමෙන් තමයි ඒ සියළු දේවල් කෙරුනේ. ඒත් දැන් නම් කේටරින් සර්විස් වලින් තමයි ඒ කටයුතු කෙරෙන්නේ කියලා ආරංචියක් ආවා. අරුමයක් නෙවෙයි. දැන් මිනිස්සුන්ට තව කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න කාලයක් නෑ. එහෙම කාලය අනිත් අය වෙනුවෙන් වියදම් කරොත් රේස් එක පරාදයි. අනේ දෙයියනේ මුන්ට අමතක වෙලානේ ඔය රේස් එක දිව්වට අන්තිමට වෙන්නේ මැරෙන එක කියලා. අනේ ඉතින් එදාට ඔය දුවලා ගොඩ ගහපු දේවල් ඔක්කොම දාලා යන්න වෙනවා කියලා හැමෝටම අමතකයි. අන්න එදාට කවුද උඹලාගේ මල කඳවල් ළඟ තනිරකින්න ඉන්නේ?? එහෙම මිනිස්සු ළඟ තනිරකින්නවත් මිනිස්සු ඉතුරු නෑ. මේක මගේ තාත්තගේ යාළුවෙක් කියපු කතාවක්. මේ මෑතකදී ඒ අන්කල්ලා වැඩ එහෙම ඇරිලා ඇවිල්ලා මල ගෙදරක ගිහින් රෑ 11ට විතර. යද්දි මිනියත් ගේ ඇතුලේ තියාගෙන කට්ටියම දොරත් වහගෙන නිදිලු. ගෙදර උදවිය විතරයි මලගෙදර. අපේ ගම් වල නම් මම ගමේ හිටිය කාලේ එහෙම දේවල් උනේ නෑ. හැබැයි දැන් දැන් සිද්ධ වෙනවද දන්නේත් නෑ.
අනික ගම් වල අපි කවදාවත් කෑම ගෙදර ඉන්න අයගේ ගානටම උයන්නේ නෑ. හැමදාමත් පොඩ්ඩක් හරි වැඩියෙන් උයනවා. ඒ මොකද කෑම කන වෙලාවට කෙනෙක් ආවොත් කෑම ටිකක් නොදී යවන සිරිතක් අපි ළඟ නැති නිසා. ඒ වෙලාවට ආපු කෙනෙක්ට කන බත්පත හරි දෙන්න ගමේ මිනිස්සු පුරුදු වෙලා තිබුනා. ඒ විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්න තැන කවදාවත් අපි මොනම කෑමක් වත් තනියම කෑවේ නෑ. පුළුවන් විදිහට බෙදාගෙන කෑවා. අල්ලපු ගෙදර විශේෂ කෑමක් හැදුවනම් එකෙන් කොටසක් අපිටත්, අපි මොනවා හරි හැදුවනම් ඒ කෑමෙන් කොටසක් අනිත් ගෙදරටත් ලැබුනා. අම්මට අසනීප වුනා කියලා කඩෙන් කෑම ගෙන්න ඕන වුනේ නෑ අපිට. එවගේ වේලාවට කෑම බීම විතරක් නෙවෙයි අනිත් උදව් පදව් පවා අඩුවක් නැතුව ලැබුනා.මේ ඔක්කොම අපේ මිනිස්සුන්ගේ තිබුනු මනුස්සකම නිසා නෙවෙයිද? ලියනවානම් මොනතරම් දේවල් තියනවද? එක ලිපියකින් නම් ඒවා ඔක්කොම ලියන්න බෑ. නවතින්න කලින් අපේ ගමේ මිනිස්සුන්ගේ තිබුන තවත් අපූරු සිරිතක් ලියන්නම්. ඉස්සර වෙල් යායක් ළඟින් යද්දි වෙලේ කවුරුහරි වැඩ කරනවා නම් මොන තරම් අව්වක උනත් වැස්සක උනත් ඒ මනුස්සයාට පෙනි පෙනී කුඩයක් හරි තොප්පියක් හරි දාගෙන කවුරුවත් යන්නේ නෑ. මොන ගිනිමද්දහනක, මොන ජගතෙක් උනත් අර වෙලේ වැඩ කරන මනුස්සයා නොපෙනී යනකම් කුඩේ දිග අරින්නේවත් එහෙම නැත්නම් තොප්පියක් දාගන්නේවත් නෑ. මොකද ඒ? අපි කන බත අපට ලබාදෙන්න අර මනුස්සයා දහදුක් විඳිනකොට අපි සුවසේ යන එක අපේ මිනිස්සු පිළිකුල් කලා. ඒ මනුස්සයාට ගරු කිරීමක් විදිහට අපේ මිනිස්සුත් අව්වේම එහෙම නැත්නම් වැස්සෙම ගියා. අපේ මිනිස්සු හිතුවා ඒ මනුස්සයා ඉස්සරහ සුව පහසු ඇතුව යන එක මනුස්සකමට කරන නින්දාවක් කියලා. බලන්න අපේ මිනිස්සු කොච්චර සංවේදීද කියලා ඒ කාලේ. අද නම් කවුරුත් එහෙම කරනවා තියා එහෙම දෙයක් ගැන අහලාවත් නැතුව ඇති. ඒ තරම් වටින ගතිගුණ තමයි අපි මේ නැති කරගන්න හදන්නේ.

මනුස්සයාත් තිරිසනාත් අතර තියන එකම පරතරය තමයි මනුස්සකම. මනුස්සකම නැතිවුන දාට මිනිස්සුයි තිරිසනුන් අතරයි පරතරයක් නැති වෙනවා. ඒ කියන්නේ මිනිස්සුත් තිරිසන්නු වෙනවා කියන එක. ප්‍රවෘත්ති එහෙම බැලුවහම ඒ දේ සිද්ධවෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද අපිට වැඩිපුර අහන්න වෙන්නේ තිරිසන් වැඩ නිසා. සමහර දේවල් තිරිසන් සතෙක්වත් නොකරන වැඩ. මේ දේවල් ලීවේ අපේ මිනිස්සුන්ගේ තිබ්බ ලස්සන, අව්‍යාජ, සංවේදි ගති ගුණ විනාශ වෙනවා බලන්න ඉන්න තියන අමාරුවට සහ නොමිනිසුන් බහුතරයක් ජීවත් වෙන රටක ජීවිතේ ගෙවද්දී දැනෙන අපහසුව නිසා. කියවපු කෙනෙක්ට අපේ මනුස්සකම ගැන දෙපාරක් හිතන්න හිතුනා නම් ගොඩයාට ඒ හොඳටම ඇති. මනුස්සකමට ජය වේවා !!!
පතනෙමි ඔබට දිගුආයුෂ, සැප, සුවය
අද මගේ දයාබර මෑණියන්ගේ ජන්ම දිනය. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක වෙන්කලා.
ඔබගේ ලොවේ නැත තිබුනේ ඔබට ඉඩක්
ඒ ඉඩකඩත් අපහට වෙන් කරපු කතක්
විඳි දුක් ගැහැට හෙලු කඳුලැලි නැතේ නිමක්
අම්මේ ඔබෙ ගුණ ගැයුමට සොයමි මඟක්
සිරුරේ දුවපු රුධිරය කිරි කර පෙව්වා
ඔබ කුසගින්නේ හිඳ බත් පත මට කැව්වා
මම මේ දියත වසනා දෙවියන් සෙව්වා
අම්මේ ඔබ තුළින් මම දෙවියන් දුටුවා
සැරවැර කලත් දුටුවිටදී අමන ගති
ඔබ ගුණ කඳට සීමාවක් ඉමක් නැති
ඒ ගුණ ගයා පුද දෙන්නට ඔබට තුති
සොයනෙමි වදන් තාමත් මා සතුව ඇති
ඇදගෙන ඇවිත් අපි යොමුකර යහ මඟට
අපයන ගමන දුටු ඔබෙ හද පිරි සතුට
දුටුවා අම්මෙ නැඟි කඳුලින් ඔබේ නෙතට
ඒ තුටු කඳුළු සැනසුම විය මගේ හිතට
අම්මේ අදයි ඔබ ඉපදුන ඒ දිනය
ආඩම්බරයි දුටු විට ඔබගේ දිවිය
ලැබගෙන මගේ ආයුෂ සහ සිත සවිය
පතනෙමි ඔබට දිගුආයුෂ, සැප, සුවය
(ප.ලි - මේක පෝස්ට් කරන වෙලාව වෙද්දි නම් උපන් දිනය අද නෙවෙයි ඊයේ. 21/03 )
Sunday, March 20, 2011
අපේ මිනිහෙක් සහ පිට මිනිහෙක්......
ත්‍රීවිල් ගැන ලීවේ මට වෙච්ච සිද්ධියක් නිසානේ. ඔන්න එහෙනම් ත්‍රීවිල් මතක් වෙච්ච සිද්දිය ලියන්නයි යන්නේ. සිද්දි එකක් නෙවේ දෙකක් සම්බන්ධයි. ඔන්න ඉතින් කතාවට බහිමුකො. මම ඉතින් මගේ රටෙන් පිටවෙලා මේ අනුන්ගේ රටකනේ කරක් ගහන්නේ. මෙහේ ආව කාලේ ඉතින් පිස්සු වගේ. මෙහෙ ඉන්න උන්ගේ මූණේ හිනාවක් තියා ලේ කඳුලක් නෑ. නිකන්ම නිකන් හිස් බැල්මක් විතරයි තියෙන්නේ. ලංකාවේ අපේ මිනිස්සුනේ මූණුවල තිබ්බ මනුස්සකම, ලෙන්ගතු හිනාව අතරේ ජිවිතේ ගෙවපු මට මුන්ගේ මූණු දකිද්දී එන කේන්තියට මෙහෙ උන්ට හොම්බට 2ක් 3ක් නෙවෙයි 100ක් 200ක් ඇනලත් මදියි කියලා හිතුනා. දැන් නම් ඉතින් ඒක පුරුදු වෙලා. ඒ හැටිම ගානක් නෑ. පිටරට විස්තරේම මෙතන කියන්න බෑ. කියන්න ඕන උනේ අපේ මිනිස්සුන්ට වගේ මනුස්සකමක් මෙහෙ උන්ට නෑ කියලා. හැබැයි අතරින් පතර රත්තරන් හදවත් තියන මිනිස්සුත් ඉන්නවා. එහෙම අය ඉතින් රත්තරං වගේම දුර්ලභයි.
ඔන්න ඉතින් මේ ළඟදී දවසක මමයි මගේ යාළුවෙකුයි පොඩි හදිස්සි වැඩකට යන්න ටැක්සි එකක් ගත්තා. අපි යන්න ඕනේ තැන නම විතරයි දන්නේ. ඒවගේ වෙලාවට ටැක්සියේ පිහිටම තමයි. මෙහෙ ඉතින් ත්‍රී වීලර් නෑනේ. අඩුගාණට ලංකාවේ වගේ ඔය හදිස්සි වැඩ කරගන්න බෑ. අත දාලා නවත්ත ගත්තා වාහනයක්. දෙන්නම නැඟලා ඩ්‍රැයිවර් අන්කල්ට යන්න ඕනේ තැන කීවා. පිටි පස්සේ අපි දෙන්නා කයියක් දාගෙන යනවා. මෙන්න මේ මනුස්සයා එක පාරටම වාහනය පාර අයිනේ නැවැතුවා.
" මෙතනද ඒ තැන? කෝ එහෙම බෝඩ් එකක් වත් නෑනේ" ඒ ප්‍රශ්නේ මගෙන්.
" මට සමාවෙන්න, මම මේ පැත්තට සෑහෙන කාලෙකින් ඇවිල්ලා නෑ. මම හිතුවේ ඔය කියන තැන මෙතන කියලා. ඒත් මට වැරදුනා. ප්‍රශ්නයක් නෑ. මම මීටර් එක නවත්තන්නම්. මෙතන්ට විතරක් ගෙවන්න. මම කොහොමහරි ඉක්මණට ඔය තැනට ගිහින් දාන්නම්.සමාවෙන්න." ඔන්න උත්තරේ.
එහෙම කියපු මනුස්සයා අපි ආවට වඩා දුරක් රවුම් ගහලා කොහොමහරි තැන හොයලා දුන්නා. අපිට තේරුණා මේ වැඩෙන් ටැක්සි අන්කල්ට සෑහෙන පාඩුයි කියලා. ඉතින් මම කීවා
" මීටර් එක වැඩ කලේ නැති උනාට කමක් නෑ. තව කීයක් හරි ගන්න" කියලා.
මොකද ඒ ගමන පාර දැනගෙන ආවත් ඊට වඩා ගාණක් ගෙවන්න වෙනවා. අනික මේ මනුස්සයාගේ මනුස්සකමට සහ අවංකකමට මට හිතුණේ නෑ අර ගාණ විතරක් දීලා බහින්න. ඒත් අපි වැඩිපුර දුන්න සතයක් වත් ගත්තේ නෑ. එවෙලෙත් කීවේ
" කමක් නෑ. මම නිසා ඔයාලට පරක්කු උනා. ඒ ගැන සමාවෙන්න. මගේ වැරැද්ද. මම තැන හරියටම දන්නේ නැතුව ඔයාලාව වාහනේට දාගත්තා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මම බොහොම සතුටින් මේ ගාන ගන්නේ."
මෙහෙ මිනිහෙක්ගෙන් කලාතුරකින් ලැබෙන වචන ටිකක් ඔය.
මට මේක සුවිශේෂි සිද්ධියක් උනේ මම මේ රටේ අවුරුදු 3ක් 4ක් ගත කරලා තියනවා. මෙච්චර කාලෙකට හම්බවුන මිනිස්සු අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මිනිස්සු මිසක් මේ වගේ මිනිස්සු හම්බවුනේ හරිම අඩුවෙන්. අනේ ඉතින් අපි දෙන්නත් අර මනුස්සයාට ස්තූති කරල වැඩේට යන ගමන් මිනිහට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරා. ඒවගෙම පොඩ්ඩක් පරක්කු උනත් හිත සතුටින් අවශ්‍ය තැනට ගියා.
ඔය සිද්ධිය එක්කම මට ත්‍රී විලර් එක මතක් වුනා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. අපේ මිනිහෙක්ගේ මනුස්සකම නිසා. මම ගිය පාරට කලින් ලංකාවට ගිය වෙලාවක නොදන්න පලාතක එක්තරා ආයතනයකට යන්න ඕන උනා මගේ වැඩකට. බස් එකෙ මඟක් ගිහින් බස් වැඩිය දුවන්නේ නැති අතුරු පාරක යන්න තිබුන නිසා ත්‍රීවිලර් එකක නවත්ත ගත්තා. තැන කීවහම මිනිහත් ගමන පටන් ගත්තා. හැබැයි යන පාරවල් වල හැටියට මේ මනුස්සයා රවුමක්ද ගහන්නේ කියලත් හිතුනා. මම ඇහුවත් එක්ක. ඒත් මනුස්සයා නෙවෙයි ගනන් ගත්තේ. නොදන්න පලාත් වල ත්‍රීවීල් අයියලාට සද්ද දාන්නත් බෑනේ. කොහොමහරි සෑහෙන වෙලාවක් අරන් සෑහෙන දුරක් ගියා. අවශ්‍ය තැනට ගිහින් බැස්සුවා ගාණ හරියටම මතක නෑ. හැබැයි 200 පැනලා. ආපු දුරේ හැටියට කමක් නෑ කියලා හිතාගෙන මමත් දුන්නා. අනික ලංකාවේ ඔය ගාස්තු මාස 6න් 6යට සංශෝධනය වෙනවානේ. කවුද ඉතින් ගනන් හරියට දන්නේ. සල්ලි දීලා මම මගේ වැඩේට ගියා.
වැඩේ අහවර කරගෙන ආපහු ප්‍රධාන පාරට එන්නත් එතනින් වෙන ත්‍රීවීලර් එකක් කුලියට ගත්තා. අනේ මේ මනුස්සයා වෙන මොකක්ද පාරකින් බොහොම ඉක්මනට මාව පාරට ගෙනත් දැම්මා. ඒ විතරක් නෙවෙයි ගාන 80යි. මට යකා නැග්ගා. සල්ලි හින්දා මිනිස්සු කරන වැඩ. වැඩිපුර කීයක් හරි ගන්න ඕන උනානම් අර මිනිහ කෙටි පාරෙන් ගිහින් මගෙන් 150ක් ගත්තනම් මට දුකක්වත් කේන්තියක් වත් නෑ. මොකද මගේ වෙලාව හරි ඉතිරි වෙනවා. මේ මිනිහා මගේ වෙලාවත් කාලා, සල්ලිත් ගත්තේ. අනේ මන්ද ඉස්සර නම් අපේ රටේ මිනිස්සු ළඟ පුදුමාකාර මනුස්සකමක්, ලෙන්ගතුකමක් තිබුනා. හැබැයි මම නිවාඩුවට එන හැම පාරම මට දැනෙන්නේ අපේ මිනිස්සු ළඟ තිබුන ඒ රත්තරං ගතිගුණ සල්ලි කොලවලට දවසින් දවස වැහෙනවා කියලා.
අපේ මිනිස්සුනේ ගතිගුණවල අගය තේරුණේ පිටරටක පිට මිනිස්සුත් එක්ක ජීවිතේ ගත කරන්න පටන් ගත්තහම. ඒත් අපේ මිනිස්සුන්ගේ වටිනාකම අපේ මිනිස්සුම අඩු කරගන්න හදන එක ගැන නම් මට පුදුම කේන්තියක් සහ දුකක් දැනෙන්නේ. ඒ වෙනස රටින් පිට කාලයක් ඉඳලා රටට එද්දී හොඳටම දැනෙනවා. ලංකාවෙත් හැමෝම දැන් රේස් එක දුවන්න පටන් අරන්. හැබැයි ඔය රේස් එකෙන් පස්සේ අපට ඉතුරු වෙන්නේ හති විතරයි. මේ සිද්දි දෙක ලීවේ අපේ විනාශ වෙන මනුස්සකම ගැන තියන කැක්කුම නිසා. ඒ කැක්කුම තදින් දැනෙනවා අපේ මිනිස්සුන්ගෙන් වෙන් උනහම. ඒත් එකම කාරණයකදී අපේ මිනිහෙක් මට දක්වපු ප්‍රතිචාරයයි, පිට මිනිහෙක් මට දක්වපු ප්‍රතිචාරයයි අතර තියන දුර. මේ වගේ මිනිස්සු අතරේ තාමත් අපේ රටේ මනුස්සකමින් පිරුනු උතුම් හදවත් තියන උදවිය ජීවත් වෙනවා. එකේ සැකයක් නෑ. ඊළඟ ලිපිය අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන. අනේ දෙවියනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මුදල් හොයන්න මිසක් මුදල් හොයන්න ජීවත්වෙන්න හිත් නොදේවා...........

Saturday, March 19, 2011
රට වටේට දුවන්නේ රෝද තුනේ වාහනේ..............
හදිස්සියේම රෝද තුනේ වාහනය ගැන මතක් වුනා. රෝද තුන ගැන මතක්වුනේ මට වෙච්ච වැඩක් නිසා. රෝද තුන එහෙම නැත්නම් ත්‍රීවීල් එක, වීල් එක, ට්‍රයිෂෝ එක, තවත් නානාප්‍රකාරා නම් වලින් හඳුන්වන ත්‍රීරෝද රිය වෙනුවෙන් මේ පෝස්ට් එක. ඊළඟ පෝස්ට් එක වෙච්ච වැඩේ ගැන.
ඔය ත්‍රීවීල් එක මුලින්ම ලංකාවේ තිබිලා තියෙන්නේ 1893. ඔය උඩ තියෙන්නේ ඒ කාලේ ට්‍රයිෂෝ එකේ පින්තූරයක්. ඊට අවුරුදු 90කට විතර පස්සේ තමයි අපේ රටේ ත්‍රී වීල් එක ප්‍රසිද්ධ වුනේ. බජාජ් සමාගමෙන් ත්‍රීවීල් හදන්න පටන් අරන් තියෙන්නේ 1959. ඒත් ඇංජිම පිටිපස්සට ඇවිල්ල තියෙන්නේ 1977. ඔය වාහනේ කොළඹට ඇවිල්ලා ඒ කාලේ කොළඹ ටැක්සි විදිහට පාවිච්චි කරපු මොරිස් මයිනර් එකට බඩේ පහර ගහන්න පටන් අරන් තියෙන්නේ 1980න් පස්සේ. 1980 අග වෙද්දි ත්‍රී වීල් එක ලංකාවේ සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. මොන දේ වුනත් මුල මතක තියෙන්න ඕනෙනේ. ඒ නිසයි මුලින්ම මුල මතක් කලේ.දැන් නම් ඉතින් ත්‍රී වීල් එක ලංකාවේ අපිට එදිනෙදා ජිවිතේට නැතිවම බැරි දෙයක් වෙලා.
රෝද තුනේ වාහනය ගැන කතන්දර නම් අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඉතින් ඔය ත්‍රී වීල් පාර්ක වල ඉන්න සමහරු ලොකු චණ්ඩිනේ. මේ සිද්ධියත් එහෙම චණ්ඩින්ට වෙච්ච දෙයක්. තැනනම් කියන්නේ නෑ. එක්තරා හංදියක තියන කඩමණ්ඩියකට ගියා මම දවසක් හවසක බඩු ගන්න. ඒ හංදියෙත් ත්‍රී වීල් 15ක් 20ක් තියනවා. මම බඩු ගන්න අතරේ එක පාරටම ආවා සුදු වෑන් එකක්. ඇවිල්ලා පාර මැද්දේම නැවැත්තුවා. වෑන් එකෙන් කොහොමහරි 15ක් විතර බැස්සා. බැස්සේ කඩු, පොලු, චේන් එහෙම අරගෙන. ඒ කීවේ බොහොම හොඳට සන්නද්ධ වෙච්ච ගැන්සියක්. බැහැලා එකෙක් නම් 4ක් 5ක් කිය කිය කෑ ගහනවා. " අඩෝ ----, ------, ------, ------ උඹලා හෙන චන්ඩිද? කෝ තොපි? කොහෙද හැංඟුනේ, බැහැපියව් එලියට. කපනවා කෑලි කෑලි....බ්ලා බ්ලා බ්ලා........" බොරු කියන්න ඕනේ නෑනේ. මමත් පොඩ්ඩක් ගැස්සුනා. ඔය අස්සේ මම කඩේට ගොඩ වෙනකොට ත්‍රී වීල් එකකට වෙලා හිටපු එකෙක් කඩේ අයිනට වෙලා පත්තරේ බලනවා. මට හොඳටම විශ්වාසයි ඒ යකා ඊට විනාඩියකට කලින් ත්‍රීවීල් එක ඇතුලේ හිටියේ කියලා. තව එකෙක් කඩේ මුදලාලිගෙන් බඩු ගන්නවා. අනිත් එකා කෙලින්ම කඩේ ඇතුලේ. මේ කට්ටියම හැබැයි ත්‍රී වීල් එලවන අය. කඩේ මුදලාලිටත් හිනා. කඩේ හිටපු අපිටත් හිනා. මහා ලොකු චන්ඩි සෙට් එක සී සීකඩ. පස්සේ හොයලා බැලුවහම මේ අය 3, 4 දෙනෙක් එහා ගමක කොල්ලො දෙන්නෙක් පාර්ක් එකට ආවහම මොකක් හරි එකකට හොඳටම ගහලා. එකේ රීටන් එක තමයි ඒ ඇවිල්ලා තිබ්බේ. අනේ ඉතින් මම කල්පනා කලේ ගමට ආපු උන් දෙන්නෙක්ට ගහන්න හයිය තිබ්බ උන් ගමට 15ක් විතර ආවහම හැංඟිලා. කියන්න ඕන වුනේ ඔය රෝද තුනත් එක්කම අපේ රටේ අමුතුම සංස්කෘතියක් බිහිවුනා. පාර්ක් සංස්කෘතිය. හැබැයි හැරිලා බැලුවහම ලැබුන හොඳ දේවල් වලට වඩා නරක දේවල් වැඩියි වගේ.
මම අර චන්ඩි සිද්ධිය ලීවේ ත්‍රීවිල් පාර්ක් වල ඉන්න සමහර උදවිය චණ්ඩි කියලා පෙන්නන්න ආසයි. එහෙම පෙන්නපු එක තමයි කලින් සිද්ධියටත් හේතුව. මම කියන්නේ නෑ ත්‍රීවීලර් එලවන හැම මිනිහම චන්ඩියෙක් වෙන්න හදනවා කියලා. මම දන්න සමහර අය ඉන්නවා බොහොම හොඳ මිනිස්සු. රෝද තුනේ රස්සාවට රස්සාවක් විදිහට සලකන, ගරු කරන, වගකීමෙන් ඒ රස්සාව කරන මිනිස්සු. ඒ වගේ රියැදුරන් හොඳට දියුණු වෙලා ඉන්නවා. හැබැයි මෑතකදී මම දැකපු දෙයක් තමයි මේ රස්සාව විනෝදෙට කරන කොට්ඨාශයකුත් ඉන්නවා. ලංකාවට ගිය වෙලාවක මම ත්‍රීවීල් එකක් ගත්තා. ත්‍රී විල් එකක් ගත්තා කීවේ මම ත්‍රීවිල් එකක් ගත්තා නෙවෙයි. ත්‍රීවීල් එකක හයර් එකක් ගියා. අම්මෝ ඒ ගිය යෑම මතක් වෙනකොටත් ඇඟේ මයිල් කෙලින් වෙනවා. කොච්චර කීවත් මනුස්සයාට හිමින් යන්න අමතක වෙනවා. හයියෙන් ගියත් කමක් නෑ පාරේ හරියට. යන්නෙත් පාරේ නෙවෙයි. ත්‍රීවීල් එක ඉතින් හයිය වහනයක් නෙවෙයිනේ. මොකේක වැදුනත් කුඩු තමයි.
අපේ ගමේ මුලින්ම ත්‍රී වීල් පාර්ක් එකේ ත්‍රීවිල් තියාගෙන හිටියේ 2ක් හෝ 3ක්. ඒ අයත් මැදිවියේ එහෙම නැත්නම් වයසක උදවිය. ඉතින් ඒ කාලේ බය නැතුව ගමනක් ගියා. හැබැයි දැන්නම් පාර්ක් එකේ ත්‍රීවීලර් 40ක් 50ක් තියනවා. ඒත් ගමනක් යන්න සුදුසු මනුස්සයෙක් හොයන්න නම් ඉතින් සෑහෙන වෙලාවක් යනවා. හේතුව සමහර අය ඉන්නේ බීලා, සමහරුන්ට ලයිසන් නෑ. සමහරු එලවන්නේ ත්‍රීවීල් නෙවෙයි ජෙට්. ඒ අයත් එක්ක යද්දි වෙනම ජිවිත රක්ෂණයක් අරන් යන්න ඕනේ. සමහර අය තැනකට ගිහින් ඉන්න දන්නේ නෑ. ඔය වගේ ප්‍රශ්න ගොඩයි.
තව දෙයක් මම දැක්කා ඔය ත්‍රීවිල් පාර්ක් සංස්කෘතියේ. ගමේ හරියට O\L, A\L පාස් වෙන්න වාසනාව නොලැබුන හැමෝම ත්‍රීවිල් එකක් අරන් පාරට එනවා.එහෙම එන ගොඩක් අයට හොයලා බැලුවහම ලයිසන් නෑ. ඉතින් උදේ ඉදන් පාරට වෙලා ඉඳලා හවසට ගෙදර යනවා. ඔය තරම් ඉතින් මිනිස්සු ත්‍රීවිල් වල ගමන් යනවද කියලත් සැකයි. මොකද දැන් ලංකාවේ තියන ආර්ථිකයට පිං සිද්ධ වෙන්න මම හිතන්නේ නෑ මිනිස්සුන්ට නිතරම ත්‍රී විල් වල යන්න හයියක් තියනවා කියලා. ඔය වැඩෙන් වෙන්නේ අර රටේ අනිත් ක්ෂේත්‍ර වලට උවමනා වෙන තරුණ ශ්‍රමය නැතිවෙන එක. ඉස්සරනම් බොහොමයක් දෙනා O\L, A\L වලින් පස්සේ වෘත්තීය පුහුණු ගැන උනන්දු වුනා. ඒ නිසා රටේ හැම ක්ෂේත්‍රයටම තරුණ ජවය ගලාගෙන ගියා. ඒත් මේ රෝද තුන නිසා රටේ තරුණ පරම්පරාව කම්මැලි වෙලා කියලා ගොඩයට හිතෙනවා. ඒ විතරක් නෙවෙයි. හයර් ලැබෙන්නේ නැතිවුනහම මේ අය කොහොමහරි සල්ලි හොයන්න බලනවා. පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ ප්‍රවෘත්ති ගැන. මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා ජාවාරම්, මැරකම්, වංචා, දූෂණ, මේ හැම දෙයක් පස්සෙම ඔය රෝද තුන ගෑවුන අවස්ථා ඕනතරම් තියනවා.
මේ දේවල් මතක් වුන නිසා සහ කල්පනා වුන නිසා ලීවා. ඇත්තටම රෝද තුන නිසා වෙච්ච රසබර සිද්ධි ගොඩක් ගොඩයා ළඟ තියනවා. බලමු ඉස්සරහට වෙලාවක් ලැබුනහම ලියන්න. ඇත්තටම ත්‍රීරෝද රථය ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා. විශේෂයෙන් දුප්පත් මනුස්සයෙක්ට. පෝසත් මිනිස්සුන්ටනම් ඉතින් වාහන තියනවා. ඒත් දුප්පත් මිනිහෙක්ට අසනීපයකට, හද්ස්සියකට පිහිටට එන්නේ රෝද තුන තමයි. ඔය ඉතින් පෝසත් මිනිස්සුන්ටත් අසරණ වුන වෙලාවට පටස් ගාලා රෝද තුන මතක් වෙනවා. ඒතරම් අපිට සමීප මේ සේවය ඇයි බැරි මීට වඩා ක්‍රමවත් සහ ආරක්ෂාකාරී සේවයක් කරන්න. අපිට පුළුවන් උනොත් මේ රියදුරු මහත්වරුන්ගේ සහ වාහනයේ තත්වය පරීක්ෂා කරන්න සහ මේ සේවයට ප්‍රමිතියක් දෙන්න මට හිතෙනවා මේ සේවයේ වටිනාකම වැඩිවෙයි කියලා. අවසාන වශයෙන් අව්වේ, වැස්සේ, දහවලේ, මහ රැයේ රෝද තුන උඩ ජීවිතේ ගත කරන, අවංකව තමන්ගේ සේවය ආරක්ෂාකාරීව මහජනයාට සපයන තමන්ගේ රැකියාව සේවයක් විදිහට හිතන අපේ ට්‍රයිෂෝ මහත්වරුන්ට එහෙම නැත්නම් අපේ ත්‍රීවිල් අයියලාට සහ මල්ලිලාට ගොඩයාගේ කෘතඥතාවය.

Tuesday, March 15, 2011
සොබා දහම ඇයි මේ ????
සැහෙන කාලෙකින් ලියන්න වෙලාවක් හම්බවුනේ. ලියන්න දේවල් නම් ඕනතරම්. දවසින් දවස මොන මොනවාහරි එකතු වෙනවා. ඒත් මේ ටිකේම හැමදෙනාගෙම මාතෘකාව වෙලා තියෙන්නේ ජපානය, සුනාමි සහ භූමි කම්පා. ඊයේ මගේ යාළුවෙක් මේ ගැන මාත් එක්ක සෑහෙන වෙලා කතා කලා. ඒ නිසා මටත් ඒ ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා. පොඩ්ඩක් නම් නෙවෙයි ලියනවා නම් සති ගණන් මාස ගණන් ලියන්න දේවල් තියනවා.

සිකුරාදා ඉඳලා මගේ යාළුවා ජපානෙට වෙලා තියෙන විපත්තිය ගැන හොයනවා, ප්‍රවෘත්ති බලනවා. ඇත්තටම හරිම කණගාටුදායක තත්වයක්. මොන රටේ මොන ජාතිය වුනත් මිනිස්සුනේ. දෙවනි ලෝක යුද්දෙන් පස්සේ ජපානේ මුහුණ දුන්න ඛේදනීයම සිද්ධිය තමයි මේ. මොකද ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ නම් කමකුත් නෑ. මේක ගහෙනුත් වැටිලා ගොනත් ඇනලා අහල පහල හිටපු උන්ගෙන් ගුටිත් කෑවා වගේ. මම එහෙම කීවේ භූමි කම්පාවෙන් වෙච්ච කරදර අස්සේ සුනාමි ආවා. ඒ විපත්ති අස්සෙන් න්‍යෂ්ටික බලාගාරෙකුත් පුපුරලා. සමහර අය කියනවා ජපානේ මිනිස්සු සොබා දහමට කරපු කරදර නිසාලු ඔය දේවල්. ඔය විස්තර බලන අතරතුරේ මගේ යාළුවා අහනවා " ඇයි සොබා දහම මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ??? මොනතරම් ජීවිත කන්දරාවක් නැති වෙලාද ??? " කියලා. ඉතින් ඔය ප්‍රශ්නේත් එක්ක ගොඩයාට හිතුණ දේවල් ලියලා තියනවා. කාට නැතත් කවදාහරි මට අමතක වුනොත් කියවලා මතක් කරගන්න පුළුවනේ.
මිනිස්සු වුන අපිට ස්වාභාවික විපතක් වුන වෙලාවට හැමෝම අහන කියන දෙයක් තමයි "ඇයි සොබා දහම අපිට මෙහෙම කරන්නේ?? අනේ දෙවියනේ ඇයි මෙහෙම කරන්නේ " කියලා. මට ඒත් හිතුනා මිනිස්සු වෙච්ච අපි සොබා දහම අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය ලබා දෙනකොට, තිබහට පිරිසිදු වතුර ටික දෙනකොට, කුසගින්නට ආහාර දෙන කොට ඇයි ඇහුවේ නැත්තේ ඇයි අපිට මේවා දෙන්නේ කියලා?? ඇයි ඇහුවේ නැත්තේ දෙවියන්ගෙන් අපිට මේවා දෙන්නේ ඇයි කියලා. මම දන්නවා සමහරු නම් ඇත්තටම ඒ ලබාදුන්න දේවල් වෙනුවෙන් සොබාදහමට ස්තූතිවන්ත වුනා. ඒත් සමහරුන්ට නම් ස්තූති කරනව තියා සොබා දහම කියලා දෙයක් ගැන මතකයක්වත් තිබුනේ නෑ. ලබාදුන්න දේවල් වලින් ගන්න පුළුවන්වටත් වඩා ප්‍රයෝජන ගත්තා මිසක් බහුතරයකට ගහ කොල, සතා සීපාවා, ඇළ දොළ, පරිසරය ගැන කිසිම හැඟීමක් තියා එහෙම දෙයක් තිබ්බද නැද්ද කියලවත් අවබෝධයක් තිබුනේ නෑ. හැබැයි විපතකදි නම් අපිට ඒ හැම දෙයක්ම සහ දෙවියන් බුදුන් ඉක්මනට මතක් වෙනවා. මම මේ ලියන්නේ මට හිතෙන දේවල්. සමහරවිට වැරැදි වෙන්නත් පුළුවන්. මට හිතෙනවා මිනිස්සු වෙච්ච අපිට වැරදුන ලොකුම තැන තමයි අපිත් පරිසරයේ කොටසක් කියලා අමතක කරපු එක. එහෙම අමතක කරපු අපිට හිතුණා කාර්මික දියුණුවත් එක්කම අපිට හැමදෙයක්ම පාලනය කරන්න පුළුවන් කියලා.
එහෙම හිතපු අපි අපිට ඕනෑ විදිහට පරිසරය, සොභා දහම් චක්‍රය වෙනස් කරන්න පටන් ගත්තා. අපි පුදුමාකාර විදිහට දියුණුවුනා. මොනතරම් තාක්ෂණික මෙවලම් පහුවුන අඩසියවස තුළදී නිර්මාණය වුනාද ? අපි ඒ ලබපු දියුණුවෙන් පුදුම වුනා, උද්දාමයට පත්වුනා. ඒත් අපි හැමෝටම සොබා දහම ගැන අමතක වුනා. ඒ ගැන පොඩ්ඩක් හරි හිතන්න පටන් ගත්තේ පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙද්දි, පොලවට උහුල ගන්න බැරි තරම් වැහැලා ගංවතුර එද්දි, මිනිස්සුන්ට නොයෙකුත් ලෙඩ රෝග වැඩිවෙද්දී, ඕසෝන් ස්ථරය දියවෙලා අහිතකර කිරණ පොලවට වැටෙද්දි, කොටින්ම කීවොත් අපි අමාරුවේ වැටිලා නහය ළඟටම එරුනට පස්සේ. ඊට පස්සේ ඔන්න අපි සොබා දහම විනාශකරලා හොයාගත්ත තාක්ෂණයෙන් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පටන් ගත්තා. හැබැයි දන්න විදිහටනම් මේවාට තාමත් හරිහමන් උත්තර නෑ. ඔක්කොම තියෙන්නේ පැලැස්තර උත්තර. කොහොම වුනත් මට හිතෙන්නේ නම් අපි ස්තාලය වහන්න හදන්නේ අස්සයා පැනල ගිහින් අවුරුදු ගාණකට පස්සේ. එහෙම වෙලත් අපි තාමත් උත්සහ කරන්නේ ස්තාලය වහන හැටි හොයාගන්න. වහන්න නම් මේ කපේදි බැරි වෙයි. ලෝක විනාශ ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න වාද කරන්න ඕනේ නෑ. අපේ ලෝකේ අපිම විනාශ කරන්න පටන් අරගෙන ගොඩක් කල්. ඉදිරි පරම්පරාවට තියෙන්නේ අවසාන කරන එක විතරයි.
ජපානේ විඳින්නේ ඒ අය කරපු දේවල් වලට වන්දි කියලා කියන හැමෝටම කියන්න තියෙන්නේ ජපානෙට විතරක් නෙවෙයි නුදුරු අනාගතේදී හැමෝටම අත්වෙන ඉරණම ජපානයේ ඉරණමට සමානයි.හැම රටක්ම සීග්‍රයෙන් පරිසරය විනාශකරගෙන යන විදිහට වැඩිකල් යන්න කලින් හැමෝටම පිලිවෙලින් අවස්ථාව ලැබේවි. ගොඩක් දුක තියෙන්නේ අපේ රටේ තාමත් පරිසරය, සොබා දහම බේරගන්න ඉඩ ප්‍රස්තාව තිබිලත් ඒ ගැන උනන්දුවක් අපිට නැති එක ගැන. පරිසරයේ තිබ්බ සමතුලිතතාවය මම හිතන්නේ නෑ මිනිහෙක්ට තේරුම් අරගෙන නිර්මාණය කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ තරම්ම ඒ චක්‍රය, ඒ සමතුලිතතාව සංකීර්ණයි. ඒ සමතුලිතතාවය කඩලා බිඳලා, අනලා දාලා දැන් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවට කිසිම ප්‍රයෝජනයක් නම් ලැබෙන්නේ නෑ. හේතුව මම විශ්වාසකරන විදිහටනම් දෙවියන් කියන්නෙත් මේ ස්වභාවධර්මයේ, මේ පරිසරයේම කොටසක්. ඉතින් ඒ සොබාදහමේ තිබුන බැමි ලිහිලා, අග මුල මාරු කරලා ඇනුවට පස්සේ මම නම් හිතන්නේ නෑ කිසිම මනුස්ස හෝ අමුනුස්ස බලවේගයකට ඒ දේ හරිගස්සන්න පුළුවන් වෙයි කියලා.
මිනිස්සු විදිහට අපි පරිසරයට, සොබා දහමට කරපු අකටයුතුකම්, දූෂණ, මැරකම්, වංචා, මේ හැම දේකටම අපිට වන්දි ගෙවන්න වෙන එක ගැන සොබාදහමට චෝදනා කරලාවත්, අවලාද කරලාවත් මැසිවිලි නගලාවත් ප්‍රයෝජනයක් නෑ. අපි ශබ්දය දූෂණය කරපු විදිහට සොබාදහමට තවදුරටත් අපේ මැසිවිලි ඇහෙන්න විදිහක් නෑ. අපි වාතය, ජලය, දූෂණය කරපු විදිහට, ගහ කොල, සතා සීපාවා විනාශ කරපු විදිහට සොබා දහමට අපේ දුක් කරදර පේන්න විදිහකුත් නෑ. මිනිස්සු වෙච්ච අපි විසින් ස්වභාව ධර්මය අබාධිත කරලා අහවරයි. දැන් ඉතින් දෙස් දෙවොල් තියලා වැඩක් නෑ. අපි සලකපු විදිහට තමයි දැන් අපිට සැලකුම් ලැබෙන්නේ.සමහරවිට ලෝකවිනාශය කල් දාගන්න අපිට මහන්සි වුනොත් බැරි වෙන එකක් නෑ. ඒත් අපි ඇවිල්ලා තියන දුරේ හැටියට ඊට වඩා දෙයක් කරන එක ගැන මගේ විශ්වාසයක් නම් නෑ. මට දුක සොබා දහම මේ කිසිම දෙයක් දන්නේ නැති අසරණ සතා සීපාවටත් අපිට බෙදන හැන්දෙන්ම බෙදන එක ගැන. මොකද මේ දේවල් හැමදේකටම වගකියන්න ඕනේ බුද්ධිමත්ම සත්තු කොට්ඨාශය වෙච්ච අපි නිසා.........

Subscribe to:
Posts (Atom)