හා හාපුරා කියලා ගොඩයා දැම්මේ කවියක් ඔන්න. හැබැයි ඉතින් කවියක් පොස්ට් කෙරුවට මම කවියෙක්වත්, ලේඛකයෙක්වත් නෙවෙයි. තනියම ඉන්නකොට ගොඩයට හිතුණා ලියන්න. එහෙම ලියන්න හිතුණ එක ගැන විශේෂයෙන් අන්තිම පේලියේ කට්ටියටත්, කස්සටත් ස්තූති කරන්න ඕනේ. තනියම පාළුවේ ඉන්නකොට ඉස්සර අන්තිම පේලියට ගොඩවුනා. මමත් මගේ ජිවිතේ වැඩි කාලයක් අන්තිම පේලියේ ගත කරපු මිනිහෙක්. ඒ නිසා අන්තිම පේලිය අල්ලලා ගියා. ටික කාලයක් යද්දි පොස්ට් එක දෙක අන්තිම පේලියට ලීවා. කොහොමහරි අන්තිම පේලියේ කට්ටිය දුන්න තල්ලුව නිසා දිගටම ලියන්න හිතුණා. දිගටම ලීවා. හැබැයි අන්තිම පේලියේ කට්ටිය (මමත් ඇතුළුව ) පෝස්ට් එකක් කියවන්න එන්නේ හිනාවෙන්න බලාගෙන. හිනා යන්නේ නැති, මෙලෝ රහක් නැති පෝස්ට් එකක් දැම්මොත් අන්තිම පේලියේ කට්ටියට පොඩ්ඩක් අවුල්. එහෙම අවුල්වෙන එක සාධාරණයි. මොකද කට්ටිය එතන්ට එන්නේ හිනා වෙන්නනේ. ඉතින් ඔය සීමාවල් නිසා මට හිතුණා මගේම බ්ලොග් එකක් ලියන්න. කොහොම වුනත් නැවත වතාවක් අන්තිම පේලියට බොහොම ස්තූතියි.
දැන් ඉතින් මටම කියලා පොඩි ඉඩක් සයිබර් ලොකේ තියන නිසා සීමා මායිම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ලියන්න හිතාගෙන ඉන්නේ. මේ පොඩි ඉඩකඩේ මගේ ජිවිතේ මම මුහුණ දුන්න රසබර සිද්ධීන්, දුක්බර සිදිධීන්, මෙලෝ රහක් නැති සිද්ධි, අහපු දේවල්, දැකපු දේවල්, කවි, කතා, මෙකී නොකී සියළුම දේවල් වෙලාවක් හම්බවෙන විදිහට ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම කියවන අයටත් ලියන්න පුලුවන්. මේ පොස්ට් එක ලීවේ ගොඩයා මේ සයිබර් අවකාශයේ මොනවද ලියන්න යන්නේ සහ ඇයි ලියන්නේ කියලා හැමොටම පොඩි අදහසක් දෙන්න. ලියන දේවල් වල අඩුපාඩු කියවන ඔබතුමන්ලා විසින් පෙන්වාදෙනවානම් මමබොහොම මනාපයි. එහෙමනම් ඉතින් අවසර. නිවාඩු පාඩු තියන වෙලාවකට මේ පැත්තේ ඇවිත් ගොඩයාගේ වං හුං පොඩ්ඩක් බලලා යන්න කියලා හැමොටම ආරාධනා කරනවා. ගිහින් එන්නම්. සැමට ජය !!!!
No comments:
Post a Comment