මම අද ලියන්න හිතුවා පොඩි කතාවක්. මේක මම කියවපු කතාවක්. කොහේ හරි මේ අන්තර්ජාලයේදී ඇහැගැටුන කතාවක්. හැබැයි ඒක කියවපු ගමන්ම මගේ හිතට බොහෝම තදින් කාවැදුනා. ඒනිසා ලියන්න හිතුණා. කියවපු අයත් ඇති. මට මතක විදිහට තමයි සිංහලට පෙරලන්නේ. වරදක් වුනොත් හිතකින් නොවේ.
ඔන්න දවසක් විශ්ව විද්‍යාලයක ආදි ශිෂ්‍යයෝ පිරිසක් තමන්ට උගන්නපු මහාචාර්යවරයෙක් බලන්න ගියාලු. මේ වෙනකොට හැමෝම හොඳ රස්සා කරන සමාජයේ වගකීමක් දරන අය. ඒත් ගියවෙලේ ඉඳන් කතාකරන්න ගත්තේ වැඩ කරන තැන්වල තියන ප්‍රශ්න, හිතට නිදහසක් නැති එක ගැන, නිතරම දැනෙන ආතතිය ගැන. මේ කතා ඔක්කෝම අහගෙන හිටපු මහාචාර්යවරයා සද්ද නැතුවම කුස්සියට ගිහින් ලොකු කොපි පෝච්චියක් හදාගෙන ආවා. පෝචිචිය සාලෙන් තියලා කට්ටියට කෝපි බොන්න එක එක විදිහේ කෝප්ප ගෙනත් තිබ්බා. එතන පෝසිලේන් කෝප්ප, බොහෝම මිල අධික කෝප්ප, ලස්සන කෝප්ප, වීදුරු කෝප්ප, ලාභ කෝප්ප, ලෝහ කෝප්ප, ඔය වගේ නානාප්‍රකාර කෝප්ප තියලා තිබ්බා. ඉතින් මහාචාර්යවරයා කීවා හැමෝටම ගිහින් කෝපි අරගන්න කියලා. එහෙම කියලා හැමෝම කෝප්ප වලට කෝපි දාගන්නකම් බලාගෙන හිටියා.හැමෝම උත්සහා කලේ ලස්සන කෝප්පයක්, පෙනුම තියන කෝප්පයක් ලබා ගන්න. කොටින්ම කීවොත් හැමෝටම ඕන උනේ හොඳම කෝප්පේ. මේ දිහා බලාගෙන හිටපු මහාචාර්යවරයා ඔන්න එතුමාගේ කටහඬ අවදි කලා.
" තමාට හොඳම දේ ගන්න උත්සහා කරන එක බොහෝම සාමාන්‍ය දෙයක්. හැබැයි මෙච්චර වෙලා ඔයාලා කියපු මැසිවිලි වලට, ප්‍රශ්න වලට හේතුවත් ඒකමයි. කෝප්පේ කොච්චර මිල උනත්, ලස්සන උනත් ඒකෙන් කෝපි එකේ රසය වැඩි වෙන්නේ නෑ. කොච්චර ගණන් උනත් සමහර කෝප්ප ඇතුලේ තියෙන්නේ මොනවද කියලාවත් පේන්නේ නෑ. ඇත්තටම ඔයාලාට ඕනේ උනේ කෝපි මිසක් කෝප්පේ නෙවෙයිනේ. එහෙම වුනත් ඔයාලා උත්සහා කලේ හොඳම කෝප්පෙට තමන්ගේ කෝපි එක දාගන්න. ඊට පස්සේ හිමින් සැරේ අනිත් අය ගත්ත කෝප්ප දිහා බලන්න පටන්ගත්තා. දැන් පොඩ්ඩකට අපි හිතමු ජීවිතේ කියන්නේ මේ කෝපි එක කියලා. එතකොට මේ රස්සාවල්, මිල මුදල්, සමාජ තත්වය මේ ඔක්කෝම තමයි කෝපි කෝප්පේ. කෝප්පේ කියන්නේ මේ ජිවිතේ අන්තර් ගතය රඳා පවත්වගන්න පාවිච්චි කරන මෙවලමක් විතරයි. ඒ කෝප්පෙට කවදාවත් බෑ ජිවිතේ කියන කෝපි එකේ රසය වැඩිකරන්න. සමහර වෙලාවට කෝප්පේ ගැන හිත හිත ඉන්න ගියහම අපට කෝපි එක රසවිඳින්න බැරි වෙනවා. අන්තිමට බලද්දී කෝපි එක නිවිලා. නිකන්ම විසිකරන්නයි වෙන්නේ. ඒ නිසා කෝප්පේ ගැන නොසිතා, ඒගැන වද නොවී, කෝපි එක රසවිඳින්න. කෝපි එකේ රසය ගැන හිතන්න.සන්තෝසෙන් ඉන්න මිනිස්සු ළඟ තියන හැමදේම හොඳම දේවල්, වටින දේවල්, ලස්සන දේවල් නෙවෙයි. හැබැයි ඒ මිනිස්සුන්ට ලැබෙන හැම දේම හොඳම දේවල් බවට පත් කරගන්නවා. සරලව ජීවත් වෙන්න. ලෝභ නැතුව ආදරේ කරන්න.දයාවෙන් සලකන්න. කාරුණිකව කතා කරන්න. ජිවිතේ තියන ප්‍රශ්න අඩු වේවි "
මේ කතාව කියවපු ගමන්ම ඒ විස්තරේ මගෙ හිතේ බොහොම ගැඹුරේ නැවතුනා. ජිවිතේ ගැන බොහෝම ගැඹුරු පාඩමක් බොහොම සරලව රසවත්ව කියලා දීලා තියන ලස්සන. ඇත්තටම කල්පනා කරලා බැලුවහම අපි කරන්නේ හොඳම කෝප්පෙට පොරකන එක. ඒ පොරය නිසා කෝපි එක රස විඳින්න අපට අමතක වෙලා. කොච්චර හොඳ දෙයක් ලැබුනත් ඒ සතුට හිතේ තියෙන්නේ මොන තරම් පොඩි වෙලාවක්ද?? ඊට පස්සේ තවත් නොලැබුන දෙයක් ගැන හිත හිත අපි දුක් වෙනවා. මේ රේස් එක දුවලා දුවලා හති වැටුන දවසට පොඩ්ඩක් හැරිලා බලන්න. අපිට මොනතරම් දේවල් ජීවිතෙන් මඟ ඇරිලා තියනවාද කියලා...... හැමෝටම කෝප්පේ ගැන හිතනවා වෙනුවට කෝපි එක රසවිඳින්න හිත් පහල වේවා කියලා ගොඩයා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යන්න අවසර. සැමට ජය !!!!
Soooo true... :))
ReplyDeleteyes, true...
ReplyDeletenice one and best of luck waruna....
This comment has been removed by the author.
ReplyDeleteyes ayya....
ReplyDeletereally...It is true.....!!!
thanks every one. so try to taste your coffee with out bothering about coffee cup.
ReplyDeleteඒක ඇත්ත, අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේටයි මිනිස්සු අවදානය යොමු කරන්නේ
ReplyDelete