දිනෙන් දින ගොඩ ගැසෙන
කිසිදාක නිම නොවෙන
දුක කඳුළ රැගෙන එන
පැතුම් මලු පොදි බඳින
නැතිදාක ඒ පැතුම්
හිස් වේවි අප සිතුම්
පතන විට දේ උතුම්
යමක් සිදුවෙයි නැවුම්
නොදැන තම සීමාව
ඇති කරන් ආසාව
හඹා යන මායාව
නවතීවි ශෝකීව
සිතා දෙවරක් හොඳින්
පතමු පැතුමන් සිතින්
සැමගෙ සුභ සිහිනයන්
පතමි ඉටුවන ලෙසින්
No comments:
Post a Comment